විද්‍යා අංශයජීව විද්‍යාව5.6.5 - ජීවීන්ගේ විවිධ සංවේද ව්‍යුහවල ක්‍රියාකාරිත්වය ගවේෂණය කරයි.

5.6.5 – ජීවීන්ගේ විවිධ සංවේද ව්‍යුහවල ක්‍රියාකාරිත්වය ගවේෂණය කරයි.

 

මානව සංවේදක ව්‍යූහ හා ක්‍රියාකාරීත්වය

1. සංවේදක ප්‍රතිග්‍රාහකයක් යනු කුමක්ද?

    • බැහැරින් ලබා ගන්නා උත්තේජනයේ ශක්තිය, වෙනස් වන පටල විභවයක් බවට‍ පරිවර්තනය කර, ඒ සංවේදක සංජානනය හා අර්ථකථනය සදහා ක්‍රියා විභවයක් ලෙස මධ්‍ය ස්නායු පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් සහිත, විශිෂ්ට උත්තේජයක් හඳුනා ගැනීම සදහා විශේෂණය වූ ව්‍යූහයන්.

 

2. සංවේදී ප්‍රතිග්‍රාහකයක් විය හැකි දේ මොනවද?

    • විශේෂිත සෛලයක්
    • ඉන්ද්‍රිය‍ක්
    • උප සෛලීය ව්‍යූහයක්

 

3. සංවේදක ප්‍රතිග්‍රාහක වල මුලික ලක්ෂණ මොනවද?

    • විශිෂ්ට සංවේදක ලබා ගැනීමට විශේෂණය වූ ව්‍යූහයකි.
    • උත්තේජය දේහලී අගයේ හෝ ඊට වැඩි තත්වයේ පවතින්නේ නම් ඒ උත්තේජය හඳුනා ගනී.
    • උත්තේජයේ ශක්තිය පටල විභව ශක්තිය බවට පරිවර්තනය කර අවසානයේදී ක්‍රියා විභවය ලෙස සම්ප්‍රේෂණය කිරීමට සලසයි.
    • සැම අවස්ථාවකදීම ස්නායු පද්ධතියට සම්බන්ධව පවතී.
    • උත්තේජක ශක්තිය ක්‍රියා විභවය බවට පරිවර්තනයේදී සංවේදක සංඥාව ශක්තිමත් කිරීම හෙවත් ප්‍රවර්ධනය කළ හැකිය.
    • උත්තේජනය වීම නොකඩවා සිදුවන විටදී බොහෝ සංවේදක ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අඩු කිරීම.

 

4. සංවේදක අනුවර්තනය යනු කුමක්ද?

    • උත්තේජනය වීම නොකඩවා සිදුවන විටදී බොහො සංවේදක ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අඩු කිරීමයි.

 

5. සංවේදී ප්‍රතිග්‍රාහක වර්ග මොනවාද?

    • රසායනික ප්‍රතිග්‍රාහක
    • තාප ප්‍රතිග්‍රාහක
    • ප්‍රකාශ ප්‍රතිග්‍රාහක
    • යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක
    • වේදනා ප්‍රතිග්‍රාහක

 

6. ප්‍රතිග්‍රාහක වල ක්‍රියාව කෙටියෙන් සදහන් කරන්න.

    • සමස්ථිතිය පවත්වා ගැනීමට දේහයේ අභ්‍යන්තර හා බාහිර තත්ත්ව පිළිබඳව මධ්‍ය ස්නායු පද්ධතිය වෙත දැන්වීම.

 

7. රසායනික ප්‍රතිග්‍රාහක ප්‍රතිචාර දක්වන්නේ කුමන වෙනස්වීම් වලට ද?

    • ශරීරයේ සිදුවන රසායනික උත්තේජනයන්ට.

 

8. රසායනික ප්‍රතිග්‍රාහක උත්තේජනය වීමට තිබිය යුතු ප්‍රධාන අවශ්‍යතාව කුමක්ද?

    • රසායනික ද්‍රව්‍යය ජලයේ ද්‍රාවණය වී තිබිය යුතුවේ.

 

9. ප්‍රධාන රසායනික ප්‍රතිග්‍රාහක වර්ග දෙක කුමක්ද?

    • රස ප්‍රතිග්‍රාහක
    • ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක

 

10. ප්‍රධාන රස වර්ග පහ නම් කරන්න.

    • පැණි රස
    • ඇඹුල් රස
    • ලුණු රස
    • තිත්ත රස
    • උමාමි රස

Realistic tongue with basic taste areas tasting Vector Image

 

11. රස ප්‍රතිග්‍රාහක ලෙස විශේෂණය වී ඇත්තේ කුමන සෛල වර්ගයක්ද?

    • දිවේ අපිච්ඡද සෛල

 

12. පහත රුපයේ 1,2,3,4 යන කොටස් නම් කරන්න.

    1. රස රෝම
    2. ආධාරක සෛල
    3. රස සෛල
    4. ස්නායු තන්තු

Sensory Organ - Tongue (taste) - SSDS SCIENCE2014/5775

 

13. රසාංකුරයක සමන්විත වන අංග මොනවාද?

    • රස සංවේදක සෛල
    • ආධාරක සෛල
    • සංවේදී ස්නායු අන්ත

 

14. ආඝ්‍රාණ සංවේදක සෛල ලෙස විශේෂණය වූ සෛල වර්ගය කුමක්ද?

    • ස්නායු සෛල

 

15. ආඝ්‍රාණ සංවේදක සෛල පිහිටා ඇත්තේ නාසයේ කුමන ප්‍රදේශයේද?

    • නාසයේ ඉහළ ප්‍රදේශයේ ඇති නාස් කුහර පියස්සේ ඇති අපිච්ඡද සෛල අතර

 

16. ආඝ්‍රාණ සංවේදක සෛල උත්තේජනය වීමෙන් ලැබෙන ආවේග ගමන් කරන්නේ මොළයේ කුමන කොටසටද?

    • ආඝ්‍රාණ බල්බයට

 

17. තාප ප්‍රතිග්‍රාහහක යනු?

    • උණුසුම හා සීතල හදුනා ගැනීමට විශේෂණය වූ උෂ්ණත්ව සංවේදී ප්‍රතිග්‍රාහහකයි.

 

18. ශරීර අභ්‍යන්තර උෂ්ණත්ව හඳුනා ගන්නේ කුමන ප්‍රතිග්‍රාහහක මගින්ද?

    • හයිපොතැලමසයේ ඇති තාප ප්‍රතිග්‍රාහහක

 

19. සමෙහි ඇති උෂ්ණත්ව ප්‍රතිග්‍රාහහක මොනවාද? ඒ එකිනෙක මගින් සංවේදනය කරන තත්ව මොනවාද?

    • ක්‍රවුස් අන්ත බල්බ – සිසිලස (අඩු උෂ්ණත්ව)
    • රෆිනි දේහාණු – උණුසුම (වැඩි උෂ්ණත්ව)
    • නිදහස් ස්නායු අන්ත – අඩු හා වැඩි උෂ්ණත්ව

 

20. මිනිසාගේ පවතින ප්‍රධාන ප්‍රකාශ ප්‍රතිග්‍රාහහක සෛල ආකාර මොනවාද?

    • යෂ්ටි හා කේතූ සෛල

 

21. යෂ්ටි මගින් සංවේදනය කරන්නේ කුමක්ද?

    • කළු සුදු ලෙස රාත්‍රී කාලයේ දෘෂ්ටිය ලබාදීම.

 

22. කේතූ මගින් හඳුනා ගන්නා වර්ණ මොනවාද?

    • රතු
    • නිල්
    • කොළ

 

23. යාන්ත්‍රික ප්‍රතිග්‍රාහහක මගින් සංවේදනය කරන තත්වයන් මොනවද?

    • පීඩන
    • ස්පර්ශ
    • ඇදීම්
    • චලන
    • ශබ්ද

 

24. යාන්ත්‍රික ප්‍රතිග්‍රාහහක බහුලම අවයවය කුමක්ද?

    • සම

Sense Organs On The Skin. Skin Layers And Principal Cutaneous.. Royalty  Free Cliparts, Vectors, And Stock Illustration. Image 40159362.

 

25. එහි අඩංගු ස්පර්ශයන් හදුනා ගැනීමට විශේෂණය වූ ප්‍රතිග්‍රාහහක මොනවද? ඒවායින් සංවේදනය කරන සංවේදනයන් මොනවාදැයි සදහන් කරන්න.

    • මිස්නර් දේහාණු – කුඩා පීඩන/ සියුම් පීඩන
    • මර්කල් මඩල – සියුම් ස්පර්ශ
    • නිදහස් ස්නායු අන්ත

 

26. සමේ ගැඹුරේ පිහිටි විශාල පීඩන වලට සංවේදී පීඩන ප්‍රතිග්‍රාහහක නම් කරන්න.

    • පැසිනියන් දේහානු

 

27. සමේ පවතින කම්පන ප්‍රතිග්‍රාහහක දෙකක් නම් කරන්න.

    • පැසිනියන් දේහාණු
    • මිස්නර් දේහාණු

Can you name all of the human senses? - Quora

 

28. කනේ ඇති ධ්වනි කම්පන ප්‍රතිග්‍රාහහකය නම් කර එහි පිහිටීම විස්තර කරන්න.

    • ඇතුළු කනේ කෝටි අවයවයේ පිහිටි සුවිශේෂී රෝම සෛල
    • ඇතුළු කනේ කෝටි අවයවයේ

 

29. ගුරුත්වය හඳුනා ගන්නේ කුමන ප්‍රතිග්‍රාහහකය මගින්ද?

    • ඇතුළු කනේ ආලින්ද නාලයේ ඇති රෝම සෛල

 

30. අර්ධ චක්‍රාකාර නාලවල ඇති රෝම සෛල මගින් හඳුනා ගන්නේ කුමක්ද?

    • හිසේ චලන

 

31. වේදනා ප්‍රතිග්‍රාහහක මගින් හදුනා ගන්නා උත්තේජ මොනවද?

    • ඉහළ පීඩන
    • උෂ්ණත්ව
    • පටකවලට හානි සිදුවන සමහර රසායනික ද්‍රව්‍

 

32. පටක හානිය හඳුනා ගන්නේ කුමක් මගින්ද?

    • ශරීරයේ විවිධ ස්ථාන වල ඇති විශේෂ ස්නායු අන්ත මගින්

Sensory Systems for Orientation (Part Two) The Ears and Nerves

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet