ජාන තාක්ෂණයේ උපකරණ, ශිල්පක්‍රම හා ක්‍රමවේද
1.DNA පිටපත් සෑදීම සිදු කළ හැකි ක්‍රම දෙක කුමක්ද?
- ක්ලෝනකරණය භාවිත කරමින් ජීවස්ථව (In vivo)
- පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (PCR) භාවිතා කරමින් නාළස්ථව (In vitro)
DNA විසංගමනය
2.ජාන තාක්ෂණයේ ආරම්භක පියවර ලෙස සැළකිය හැක්කේ කුමක්ද?
- දායක සෛලයක සම්පූර්ණ ගෙනෝමයෙන් ඉලක්ක DNA අනුක්‍රමයක්වි සංගමනය
3.සංශුද්ධ කළ DNA වල භාවිත මොනවාද?
- DNA වල ව්‍යුහය හා රසායනය අධ්‍යනය
- DNA ප්‍රෝටීන අන්තර්ක්‍රියා පිරික්සීම
- DNA දෙමුහුම්කරණය සිදු කිරීම
- DNA අනුක්‍රම නිර්ණය
- බොහෝ ප්‍රවේණික අධ්‍යන සිදු කිරීම
- ජාන ක්ලෝණකරණය සිදු කිරීම
4.DNA විසංගමනයේ මූලික මූලධර්ම හා ප්‍රධාන පියවර වන්නේ මොනවාද?
- සමජාතීයකරණය හෝ සෛල බිඳ දැමීම
- DNase නිෂේධනය
- නියුක්ලියෝප්‍රෝටීන සංකීර්ණ විඝටනය
- අපවිත්‍රකාරක ඉවත් කිරීම
- DNA අවක්ෂේපණය
- DNA සමග එන්සයිම ක්‍රියාකරවීම
5.සූ න්‍යෂ්ටික සෛලයක හා ප්‍රාග් න්‍යෂ්ටික සෛලයක ප්‍රධානව DNA ඒකරාශී වී ඇති ස්ථාන මොනවාද?
- සූ න්‍යෂ්ටික සෛල – න්‍යෂ්ටිය
- ප්‍රාග් න්‍යෂ්ටික සෛල – නියුක්ලියෝඩය
6.DNA විසංගමනයේදී භාවිත කරන එන්සයිම මොනවාද?
- සීමා එන්ඩොනියුක්ලියේස් එන්සයිම
- DNA ලයිගේස්
- DNA පොලිමරේස්
- රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්
7.DNA විසංගමනයේ පලමු පියවර ලෙස නිදහස් කර ගැනීම සදහා අනුගමනය කරන ක්‍රියාවලි මොනවාද?
- ඇඹරීම හෝ සමජාතීයකරණය මගින් යාන්ත්‍රිකව සෛල ජීර්ණය.
- ලයිසොසයිම් වැනි එන්සයිම මගින් බැක්ටීරියා සෛල බිත්ති බිඳ හෙලීම.
8.DNase නිෂේධනය කළ යුත්තේ ඇයි?
- සෛල බිද දැමූ පසු DNA ඩිඔක්සිරයිබොන්යුක්ලියේස් (DNase) වැනි එන්සයිම සමග ගැටුනහොත් DNA හායනය විය හැකි නිසා.
9.DNase නිෂේධනය කරන ආකාරය කුමකද?
- නියුක්ලියේස් ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ලෝහ අයන ඉවත් කිරීමට නඛරීයකාරක එකතු කිරීම මගින්
10.නියුක්ලියෝප්‍රෝටීන සංකීර්ණ විඝටනය සදහා (DNA ප්‍රෝටීන අන්තර්ක්‍රියා බිද දැමීම සඳහා) භාවිත කරන්නේ මොනවාද?
- SDS
- ෆීනෝල්
- ප්‍රෝටියෝලිටික එන්සයිම
11.DNA අවක්ෂේපණය සඳහා භාවිත කරන්නේ මොනවාද?
- ශීත ( සෙල්සියස් 0) එතනෝල්
12.එම අවක්ෂේපය නැවත ස්වාරක්ෂක ද්‍රාවණයක දියකිරීමෙන් බලපොරොත්තු වන්නේ කුමක්ද?
- DNase රහිත RNase සමග සීමිත පිරියමකින් RNA ඉවත් කිරීම.
13.සීමා එන්ඩොනියුක්ලියේස් එන්සයිමයේ ක්‍රියාව කුමක්ද?
- DNA වල විශිෂ්ට අනුක්‍රමයක් හඳුනා ගෙන එම නිෂ්චිත ස්ථාන වලින් හෝ ඒ අසලින් DNA කැපීම.
14.DNA අනුක්‍රමයක් කපන ස්ථානය හඳුන්වන්නේ කුමන නමකින්ද?
15.E.coli ප්‍රභවය වන සීමා එන්ඩොනියුක්ලියේස් එන්සයිමය කුමක්ද?
16.DNA ලයිගේස් වල කාර්යය කුමක්ද?
- ප්‍රතිසංයෝජිත DNA අණුවක් ලබා ගැනීම සඳහා වෙනස් ප්‍රභව වලින් ලබා ගත් කැපූ DNA ඛණ්ඩ පොස්ෆොඩයිඑස්ටර් බන්ධනයක් සාදමින් එකිනෙක සම්බන්ධ කිරීම.
17.ජාන තාක්ෂණ්යේදී වඩාත් සුලබව භාවිත වන DNA සම්බන්ධ කරන එන්සයිමය කුමක්ද?
18.එම එන්සයිමයේ ප්‍රභවය කුමක්ද?
19.DNA ලයිගේස් වල ක්‍රියාව රූප සටහන්කින් දක්වන්න.
20.DNA පොලිමරේස් එන්සයිමයේ කාර්යය කුමක්ද?
- වර්ධනය වන DNA දාමයක, අච්චු දාමයට අනුපූරක ඩිඔක්සිරයිබොනියුක්ලියෝටයිඩ එකතු කිරීම එනම් DNA පිටපත් කිරීම.
21.වඩාත් පුළුල්ව භාවිත කරන DNA පොලිමරේස් වර්ගය හා එහි ප්‍රභවය දක්වන්න.
- Taq DNA පොලිමරේස්
- Thermus aquaticus තාපකාමී බැක්ටීරියාව
-
DNA පොලිමරේස් වල ක්‍රියාව
22.රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිමයේ ක්‍රියාව කුමක්ද?
- mRNA අච්චුවක් මත අනුපූරක DNA සෑදීම.
ඇගරෝස් ජෙල විද්‍යුතාගමනය
23.විද්‍යුතාගමනය යනු කුමක්ද?
- විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ඒවායේ සචලතාවයට අනුකූලව විශාල ආරෝපිත අණු (DNA, RNA, ප්‍රෝටීන වැනි )වෙන් කිරීමේ ශිල්ප ක්‍රමයයි.
24.විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල චලනය වන අණුවක වේගය රඳා පවතින සාධක මොනවාද?
- අණුවේ ශුද්ධ ආරෝපණය
- අණුවේ ප්‍රමාණය
25.ජෙලි පූරකය තුල ඇති කුඩා සිදුරු ඔස්සේ අණු චලනය වේ. මෙහි වාසි මොනවද?
- අණුවල චලනය සීමා වේ.
- ප්‍රමාණයට අනුව අණු වෙන් වේ.
26.DNA මෙම ක්‍රමයෙන් වෙන් කිරීමේදී එම අණු වෙන් වීම ඒවායේ ප්‍රමාණය මත රඳා පවතින්නේ ඇයි?
- DNA සැලකූ විට ශුද්ධ ආරෝපණය අණුවේ දිග මත රඳා පවතින නිසාය.
27.ඇගරෝස් ජෙල යනු කුමක්ද? එහි අඩංගු මහා අණු වර්ගය කුමක්ද?
- මුහුදු පැළෑටි වර්ගයකින් ලබා ගන්නා සංශුද්ධ කල ඒගාර්ය. එහි අඩංගු වන්නේ පොලිසැකරයිඩය.
28.DNA අණු ආකර්ෂණය වන්නේ ඇනෝඩය දෙසටද, කැතෝඩය දෙසටද?
29.ඇගරෝස් ජෙල විද්යුතාගමන උපකරණය භාවිතා කරන ආකාරය පැහැදිලි කරන්න.
- පළමුව උපකරණයේ, ජෙලය ස්වාරක්ෂකයක් තළ තබන්න.
- ජෙලයේ අන්ත දෙකෙහි ඇනෝඩය සහ කැතෝඩය තබන්න.
- විදුලි ජනකයක් භාවිතයෙන් විදුලිය සපයන්න.
30.මෙලෙස වෙන් කර ගත් DNA නිරීක්ෂණය කරන්නේ කෙසේද?
- DNA එතීඩියම් බ්‍රෝමයිඩ් වලින් වර්ණ ගන්වා UV ආලෝකයට නිරාවරණය කළ විට නිරීක්ෂණය කළ හැක.
DNA ඒෂණ හා දෙමුහුම්කරණය
31.DNA ඒෂණයක් යනු කුමක්ද?
- දෙමුහුම්කරණය මඟින් අනුපූරක නියුක්ලියෝටයිඩ අනුක්‍රමයක් අනාවරණය සඳහා භාවිත වන තනි දාම සළකුණු කල DNA ඛණ්ඩයයි.
32.DNA දාමයක් සළකුණු කිරීම යනු කුමක්ද?
- තවත් DNA දාමයක් අනාවරණය කර ගැනීමට හැකි වන ලෙස , එම DNA දාමය විකරණය කිරීමයි.
33.සළකුණු කිරීමේ ක්‍රමවේද මොනවාද?
- විකිරණශීලී සමස්ථානික අන්තර්ගත කිරීම.
- ඒෂණයේ ව්‍යුහයට ප්‍රතිදීප්ත අණුවක් එක් කිරීම.
34.ඒෂණය සමඟ දෙමුහුම් කිරීමට ප්‍රථම ද්වීදාම DNA අණු දුස්වාභාවීකරණය කළ යුත්තේ ඇයි?
- තනි දාම DNA කොටසට අනුපූරක තනි දාම DNA හෝ RNA සමඟ පමණක් දෙමුහුම් විය හැකි නිසාය.
35.ඇගරෝස් ජෙලය මත ඇති දුස්වාභාවී කළ පටි ජෙලයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදය හඳුන්වන නම කුමක්ද? එය කෙටියෙන් පැහැදිලි කරන්න.
- ක්‍රමවේදය Southern Blotting ක්‍රමවේදයයි.ජෙලය මත ඇති පටි මෙම ක්‍රමය මඟින් nitrocellulose හෝ nylone පෙරහන් පටල මතට මාරු කිරීම සිදු කරයි.
36.ඉන්පසු ඉලක්ක නියුක්ලියෝටයිඩ අනුක්‍රමණය සොයා ගන්නේ කෙසේද?
- පළමුව සළකුණු කළ ඒෂණ පෙරහන් පටල මතට එකතු කර සස්වාභාවීකරණය වීමට ඉඩ සලස්වයි.පටලයට තිර වී ඇති අනුපූරක අනුක්‍රමයකට පමණක් ඒෂණය තදින් බැඳේ.එම පටලය සේදූ විට ඉලක්ක අනුක්‍රමය සහිත පටියට බැඳුනු ඒෂණ හැර අනෙක් ඒෂණ ඉවත් වේ.
- ඒෂණය විකිරණශීලීව සළකුණු කර ඇති විට පටලයේ ස්වයං විකිරණ ලේඛ ශිල්පය මඟින්ද, ප්‍රතිදීප්ත වර්ණක මඟින් සළකුණු කර ඇති විට පාරජම්බුල කිරණ මඟින්ද හඳුනා ගත හැක.
ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
37.ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යනු කුමක්ද?
- ප්‍රවේණික ප්‍රතිසංයෝජනයේ විද්‍යාගාර ක්‍රමවේද භාවිතා කරමින්වෙනස් ප්‍රභව වලින් DNA ගත් එකට එකතු කර, ස්වභාවයේ හමු නොවන අනුක්‍රමයක් නිර්මාණයක්, එනම් ප්‍රතිසංයෝජිත DNA අණුවක් නිර්මාණය කිරීමේ තාක්ෂණයයි.
38.ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ පදනම කුමක්ද?
- රසායනික මට්ටමේදී සියලු ජීවීන් එක සමාන ප්‍රවේණි කේතයක් දරන බැවින් බැක්ටීරියාවක, ශාකයක, හෝ සත්ත්වයෙකු යන කවරෙකු තුළ එය ප්‍රකාශ වුවද එකම ජානයක් එකම පොලිපෙප්ටයිඩයකට කේතය සැපයීමයි.
39.නව ප්‍රවේණික සංකලන වලට වටිනාකමක් ලැබෙන ක්ෂේත්‍ර මොනවාද?
- විද්‍යාව
- වෛද්‍ය විද්‍යාව
- කෘෂිකර්මාන්තය
- කර්මාන්ත
- පාරිසරික භාවිත
40.ප්‍රතිසංයෝජිත DNA අණුවක් සෑදීමේදී භාවිත වන සියලු ශිල්ප ක්‍රම අනුපිළිවෙලින් සඳහන් කරන්න.
- වෙනස් ප්‍රභව වලින් DNA විසංගමනය.
- විසංගත කළ DNA සීමා එන්සයිම මඟින් සීමිත ජීර්ණය.
- ජෙල විද්‍යුතාගමනය මඟින් DNA ඛණ්ඩ වෙන් කිරීම.
- අවශ්‍ය නියුක්ලියෝටයිඩ අනුපිළිවෙල සහිත නිවැරදි ඛණ්ඩ ඒෂණ භාවිතයෙන් හඳුනා ගැනීම.
- බහුවිධ ප්‍රභව වලින් ලබා ගත් DNA ඛණ්ඩ DNA ලයිගේස් මඟින් සම්බන්ධ කිරීම.
41.සෛල තුලට DNA ලබා ගැනීමට ධාරක සෛල ප්‍රතිරෝධයක් දක්වයි.එය ජීවී පැවැත්ම සඳහා වැදගත් වන්නේ ඇයි?
- ආක්‍රමණික DNA සාමාන්‍යයෙන් හානිකර ප්‍රවේණික වෙනස්වීම් වලට හේතු වන බැවිනි.
42.අවම වශයෙන් ධාරක සෛල කීපයකට හෝ පිටපතක් ලැබීම තහවුරු කිරීමට පිටපත් විශාල ගණනක් අවශ්‍ය වේ. ඒවා ගුණනය කල හැකි ආකාර මොනවාද?
- PCR මඟින් නාලස්ථ ගුණනය
- DNA ක්ලෝනකරණය
DNA ක්ලෝනකරණය
43.DNA ක්ලෝනකරණය යනු කුමක්ද?
- ධාරක සෛලයේ DNA ප්‍රතිවලිත යාන්ත්‍රණය භාවිතා කරමින් සජීවී ධාරක සෛලයක් තුළදී අවශ්‍ය DNA පිටපත් සෑදීමේ ක්‍රියාවලියයි.
44.DNA ක්ලෝනකරණයට ලක්කරන DNA කොටසේ Ori ස්ථානයක් පැවතීමේ වැදගත්කම කුමක්ද?
- එවිට එම DNA වලට වර්ණදේහීය DNA වලින් ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාව ලැබේ.
වාහක
45.DNA වාහක යනු කුමක්ද?
- ඉලක්ක DNA අණු ගුණනය හෝ ක්ලෝනීකරණය සඳහා ධාරකයා තුළට ගෙනයන යානාවන් ලෙස ක්‍රියා කරන ස්වයං ප්‍රතිවලිත විය හැකි අණු වේ.
46.ක්ලෝන වාහක යනු කුමක්ද?
- DNA ක්ලෝනකරණය සඳහා භාවිතා වන වාහක
47.ප්‍රතිසංයෝජිත වාහකයක් වන්නේ කුමක්ද?
- DNA ක්ලෝනකරණයට භාවිතා වන වාහකය ආගන්තුක DNA දරන විට
48.ප්‍රතිසංයෝජිත වාහකයක් සෑදීමේදී භාවිතා කරනු ලබන ප්‍රධාන එන්සයිම වර්ග 2 මොනවාද?
49.ප්‍රතිසංයෝජිත වාහකයක් සෑදීමේ පියවර දක්වන්න.
-
- ප්‍රයෝජනවත් ජානය සීමා එන්සයිමයක් මගින් කපා ගැනීම
- වාහකයද එම සීමා එන්සයිමය මගින් කපා ගැනීම
- දෙවර්ගයම මිශ්‍ර කිරීම හා සමෝධානිත වීම සදහා තැබීම
- DNA ලයිගේස් භාවිතා කර එකට බැදීමට සැලැස්වීම
50.ක්ලෝනීකරණ ස්ථානයක් යනු කුමක්ද?
- වාහකය තුළ ඇති ක්ලෝනීකරණය කළ යුතු DNA නිවේෂණය කරනු ලබන ස්ථානයයි .
51.වාහකයක තිබිය යුතු ප්‍රධානතම ලක්‍ෂණ මොනවාද?
- Ori ස්ථාන පැවතීම
- සීමා එන්සයිම කිහිපයක් සඳහා අදාළ DNA අනුක්‍රම පැවතීම
වාහක වර්ග හා ඒවායේ වෙනස්කම්
52.බැක්ටීරියා ධාරක සෛල සඳහා වාහක ලෙස භාවිතා කරන්නේ මොනවාද?
- ප්ලාස්මිඩ
- බැක්ටීරියා භක්‍ෂක
53.සූන්‍යෂ්ටික පද්ධති වල වාහක ලෙස භාවිතා කරන්නේ කුමක්ද?
- යීස්ට් සෛල තුළ ඇති ප්ලාස්මිඩ (යීස්ට් කෘතිම වර්ණදේහ)
54.යීස්ට් සෛල තුළ ඇති ප්ලාස්මිඩ වර්ණදේහ ලෙස හඳුන්වන්නේ ඇයි?
- ඒවා සෙන්ට්‍රොමියර අනුක්‍රම දරයි. එම නිසා රේඛීය වූ විට වර්ණදේහ ලෙස ක්‍රියා කරයි
- සෛල විභාජනයට හා ස්වාධීනව ප්‍රතිවලිත වීමට උදව් වන ස්වයංපාලක ප්‍රතිවලිත අනුක්‍රම (ARS) දරයි
-
55.පරිණාමනය යනු කුමක්ද?
- ධාරකයකුගේ වටපිටාවෙන් බහිර්ජන්‍ය DNA ඔවුන්ගේ ප්ලාස්ම පටලය ඔස්සේ කෙලින්ම ඇතුළු කර ගැනීම සහ ප්‍රවේණික වෙනස් වීමක් ප්‍රතිඵල කරමින් ඒකාබද්ධ කර ගැනීමයි
56.වාහක ලෙස බැක්ටීරියා භක්‍ෂක යොදාගැනීමේ වාසිය කුමක්ද?
- එවා ආසාදන යාන්ත්‍රණය මගින් වාහකය ධාරක සෛල තුළට නිවේශනය කරන බැවින් පරිණාමනයේ අකාර්‍යක්‍ෂමතාව මගහැරේ
57.වාහක ලෙස YAC භාවිතා කිරීමේ වාසි මොනවාද?
- YAC විශාල බැවින් ඒවා භාවිතා කරමින් DNA විශාල ප්‍රමාණයක් පිටපත් කළ හැකි වීම
- YAC සූන්‍යෂ්ටික පද්ධති තුළ ක්‍රියා කිරීම
58.ක්ලෝනකරණ වාහකයක ප්‍රධාන අරමුණ කුමක්ද?
- ජීවස්ථ පද්ධතියක් තුළ DNA පිටපත් කිරීම
59.සෛලවල පරිණාමනය ඉතා අකාර්යක්ෂම ක්‍රියාවලියකි.නමුත් බැක්ටීරියා භක්ෂක භාවිතයෙන් එම ගැටලුව මගහරවා ගත හැක්කේ ඇයි?
- බැක්ටීරියා භක්ෂක ආසාදන යන්ත්‍රනය මගින් වාහකය ධාරක සෛල තුළට නිවේෂණය කළ හැකි වීම.
60.බැක්ටීරියා ධාරකය හා ප්ලාස්මිඩ වාහකය භාවිත කරමින් ප්‍රයෝජනවත් ජානයක් ක්ලෝනකරණය කළ පසු ප්‍රයෝජනවන් ජානයේ/ප්‍රතිසංයෝජිත DNA වල පිටපත් ලබා ගැනීමට අනුගමනය කරන පියවර දක්වන්න.
- ධාරක සෛල එකතු කරගැනීම හා එම සෛල ජාරණය මගින් වාහක නිදහස් කර ගැනීම.
- වාහක ප්ලාස්මිඩ විසංගමනය හා DNA ඛණ්ඩ විසංගමනය
- මුලින්ම භාවිත කළ සීමා එන්සයිමය මගින්ම DNA කැපීම මගින් DNA ඛණ්ඩ යළි ලබා ගැනීම.
- විසංගත කරගත් ප්‍රතිසංයෝජිත DNA ඇගරෝස් ජෙලයක් මත විද්‍යුතාගමනය මගින් අණාවරනය කර වෙන් කර ගැනීම.
සලකුණු ජාන භාවිතය
61.සලකුණු ජාන ලෙස සුලබව භාවිතා කරන්නේ කුමක්ද?
- ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන
62.සලකුණු ජාන වරණීය සලකුණු ලෙස හැඳින්වෙන්නේ ඇයි?
- ඒවා පරිණාමනයට ලක්වූ සෛලවල වර්ධනයට පමණක් ඉඩ සලසන බැවින්
63.සලකුණු ජානයක ක්‍රියාව කෙටියෙන් පැහැදිලි කරන්න.
- ධාරක සෛල විශේෂ ප්‍රතිජීවකයකට සංවේදී වන අතර එම ප්‍රතිජීවකය අඩංගු වන මාධ්‍යයක වර්ධනය නොවේ වාහකයා ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී ජාන රැගෙන යන බැවින් පරිණාමනය වූ සෛල එම මාධ්‍යය තුළ වර්ධනය වේ.
DNA ඇතුළු කිරීමේ පද්ධති
64.ජාන තුවක්කු DNA ඇතුළු කිරීමේ පද්ධතියක් ලෙස යොදා ගන්නේ කෙසේද?
- ප්‍රයෝජනවත් DNA වල පිටපත් විශාල සංඛ්‍යාවක් මගින් රත්‍රං වැනි බැරලෝහ වල කුඩා අංශු ආලේප කර එම අංශු ඉහළ ප්‍රවේග වලින් පරිණාමනය විය යුතු සෛල තුළට විදීම
65.පාරසාදනය යනු කුමක්ද?
- DNA ඇතුළු කිරීමේ පද්ධතියකි.
- බැක්ටීරියා භක්ෂක මගින් ධාරක සෛල ආසාදනය කිරීමේ හැකියාව මත රදා පවතී.
- ශාක හා සතුන් ආසාදනය කරන වෛරස, ආගන්තුක DNA සෛල තුළට ඇතුළු කිරීමේ වාහක ලෙස යොදා ගනී.
- ප්‍රයෝජනවත් ජානය, විකරණයට ලක් කළ වෛරස ජිනෝමයට සමෝධානිත කර ප්‍රෝටීන කැප්සිඩය තුළට අසුරයි.
- එහි සාමාන්‍ය ආසාදන ක්‍රියාවලියේදී ප්‍රතිසංයෝජිත DNA සෛල තුළට සම්ප්‍රේෂණය කරයි.
66.පාරසාදනය, පරිණාමනයට වඩා කාර්යක්ෂම වන්නේ ඇයි?
- බැක්ටීරියා භක්ෂක වාහකයාගේ ප්‍රෝටීන කැප්සිඩය, ප්‍රතිසංයෝජිත DNA ආරක්ෂා කිරීම.
- බැක්ටීරියා භක්ෂක මගින් ධාරක සෛල ආසාදනය කිරීමේ හැකියාව යොදා ගැනීම.
67.පරිණාමනයට ලක් වූ සෛලයක් යනු කුමක්ද?
- ධාරකයාට වටපිටාවෙන් බහිර්ජන්‍ය DNA
- තම ප්ලාස්ම පටලය හරහා කෙළින්ම ඇතුළු කර ගැනීම සහ
- ප්‍රවේණික වෙනස්වීමක් ප්‍රතිඵල කරමින් ඒකාබද්ධ කරගත් සෛලයක්
- එනම් ආගන්තුක DNA අඩංගු සෛලයකි.
68.පරිණාමනයේදී ප්‍රයෝජනවත් DNA වල පිටපත් විශාල සංඛ්‍යාවක් ධාරක සෛල සමග මිශ්‍ර කරන්නේ ඇයි?
- සෛල තුළට ලබා ගැනීමේ කාර්යක්ෂමතාව ඉතා අඩු බැවින්
69.T-DNA/ හුවමාරුක DNA යනු කුමක්ද?
- Agrobacterium Ti ප්ලාස්මිඩයේ ඛණ්ඩයක් වන අතර
- ගඩුවක් සෑදීම ප්‍රේරණය කරන ජාන හා ප්‍රචණ්ඩතාව ආශ්‍රිත ලක්ෂණ දරයි.
- ශාක අර්බුදයේ හෝ ගඩුවේ සෛල වල ජිනෝමයට T-DNA මාරු වී
- එම ශාක සෛල ප්‍රවේණිකව පරිණාමනයට ලක් වූ සෛල බවට පත් කරයි.
70.T-DNA නිරායුධ කිරීම පියවර ලෙස දක්වන්න.
- T-DNA හි ඇති ප්‍රචණ්ඩතා ජාන ඇතුළු බැක්ටීරියා ජාන බහුතරයක් ඉවත් කර
- T-DNA හි වම් හා දකුණු සීමා අනුක්‍රම 2ක අතර අවකාශයට
- ප්‍රයෝජනවත් ජාන නිවේශනය කළ පසු
- නිවිශ්ට ජාන සහිත විකරණය කළ T-DNA
- තම ආසාදනය කිරීමේ හැකියාව මගින් ශාක සෛල තුළට ප්‍රයෝජනවත් ජාන මුදා හරී.
- ප්‍රචණ්ඩතා ජාන T-DNA වලින් ඉවත් කර ඇති බැවින් ශාක සෛල රෝගී නොවේ.මෙය T-DNA නිරායුධ කිරීමයි.
71.Agrobacterium මගින් ශාක ආසාදනය වීමේ ප්‍රතිඵල මොනවාද?
- ශාකය මත අර්බුදයක් සෑදෙන අතර
- බැක්ටීරියා එය තුළ ජීවත් වේ
- මෙය “මුදුන් ගඩු රෝගය“ යි.
- අර්බුද සෛල Agrobacterium ප්ලාස්මිඩයේ ඛණ්ඩයක් මගින් ප්‍රවේණිකව පරිණාමනය වේ.
DNA පුස්තකාල
72.DNA පුස්තකාල ආකාර දක්වන්න.
- ජීනෝම පුස්තකාල
- C-DNA පුස්තකාල
73.ජිනෝම පුස්තකාල යනු කුමක්ද?
- සමස්ථ ජිනෝමික DNA වලින් එකිනෙකට වෙනස් ඛණ්ඩ ප්‍රචාරණය කළ හැකි ක්ෂුද්‍ර ජීවී රෝපණ එකතුවකි.
74.ට්‍රාන්ස්ක්‍රිප්ටෝමයක් යනු කුමක්ද?
75.C- DNA පුස්තකාල සෑදීමට අවශ්‍ය එන්සයිම මොනවාද?
- රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්
- DNA පොලිමරේස්
- DNA ලයිගේස්
- සීමා එන්ඩොනියුක්ලියේස්
76.ජිනෝම DNA පුස්තකාල සාදා ගන්නා ආකාරය පියවර ලෙස දක්වන්න.
- යාන්ත්‍රික බල හෝ සීමා එන්සයිම මගින් ජිනෝමය අහබු කැබලි වලට කපා ගැනීම
- ජිනෝමයේ ප්‍රමාණය මත රදා පවතිමින් සෑදෙන වෙනස් අනුක්‍රම ක්ලෝනකරණ වාහක හෝ ප්‍රතිසංයෝජිත වාහක තුළට සමෝධානිත කරයි
- බැක්ටීරියා ධාරකයන්ට පරිණාමනය කරයි
- ධාරක සෛල සුදුසු මාධ්‍යයක රෝපණය කර පරිණාමනය වූ සෛල හා නිවේශකය දරන පරිණාමනය වූ සෛල වෙන් කර ගනී
- සියලු ගණාවාස විසංගත කර වෙන් වෙන්ව රෝපණය කළ විට එම ගණාවාසවල එකතුව ජිනෝම DNA පුස්තකාල වේ.
77.C-DNA පුස්තකාල සාදා ගන්නා ආකාරය පියවර ලෙස දක්වන්න.
- m-RNA විසංගත කර , රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිම භාවිතයෙන් අනුපූරක DNA දාමය බවට ප්රතිවර්තී ප්‍රතිලේඛනය කර
- DNA පොලිමරේස් මගින් ප්‍රථම DNA අච්චුව මත දෙවන DNA දාමය ප්‍රතිවලිත කර ද්විත්ව දාම c-DNA ලබා ගැනීම
- සීමා එන්සයිම මගින් c-DNA අහබු කැබලි වලට කපා ගැනීම
- සෑදෙන වෙනස් අනුක්‍රම ක්ලෝනකරණ වාහක හෝ ප්‍රතිසංයෝජිත වාහක තුළට සමෝධානිත කරයි
- බැක්ටීරියා ධාරකයන්ට පරිණාමනය කරයි
- ධාරක සෛල සුදුසු මාධ්‍යයක රෝපණය කර පරිණාමනය වූ සෛල හා නිවේශකය දරන පරිණාමනය වූ සෛල වෙන් කර ගනී
- සියලු ගණාවාස විසංගත කර වෙන් වෙන්ව රෝපණය කළ විට එම ගණාවාසවල එකතුව c-DNA පුස්තකාල වේ.
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.