විද්‍යා අංශය5.6.5 - ජීවීන්ගේ විවිධ සංවේද ව්‍යුහවල ක්‍රියාකාරිත්වය ගවේෂණය කරයි

5.6.5 – ජීවීන්ගේ විවිධ සංවේද ව්‍යුහවල ක්‍රියාකාරිත්වය ගවේෂණය කරයි

මානව සංවේදක ව්‍යූහ හා ක්‍රියාකාරීත්වය

  1. සංවේදක ප්‍රතිග්‍රාහකයක් යනු කුමක් ද?

    • බැහැරින් ලබා ගන්නා උත්තේජනයේ ශක්තිය වෙනස් වන පටල විභවයක් බවට‍ පරිවර්තනය කර ඒ සංවේදක සංජානනය හා අර්ථකථනය සදහා ක්‍රියා විභවයක් ලෙස මධ්‍ය ස්නායු පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් සහිත , විශිෂ්ට උත්තේජයක් හදුනා ගැනීම සදහා විශේෂණය වූ ව්‍යුහයන්



  2. සංවේදී ප්‍රතිග්‍රාහකයක් විය හැකි දේ මොනවා ද?

    • විශේෂිත සෛලයක්
    • ඉන්ද්‍රියක්
    • උප සෛලීය ව්‍යුහයක්



  3. සංවේදක ප්‍රතිග්‍රාහක වල මුලික ලක්ෂණ මොනවා ද?

    • විශිෂ්ට සංවේදක ලබා ගැනීමට විශේෂණය වූ ව්‍යුහයකි.
    • උත්තේජය දේහලී අගයේ හෝ ඊට වැඩි තත්වයේ පවතින්නේ නම් ඒ උත්තේජය හදුනා ගනී.
    • උත්තේජයේ ශක්තිය පටල විභව ශක්තිය බවට පරිවර්තනය කර අවසානයේදී ක්‍රියා විභවය ලෙස සම්ප්‍රේෂණය කිරීමට සලසයි.
    • සැම අවස්ථාවකදීම ස්නායු පද්ධතියට සම්බන්ධව පවතී.
    • උත්තේජක ශක්තිය ක්‍රියා විභවය බවට පරිවර්තනයේදී සංවේදක සංඥාව ශක්තිමත් කිරීම හෙවත් ප්‍රවර්ධනය කල හැකිය.
    • උත්තේජනය වීම නොකඩවා සිදුවන විටදී බොහෝ සංවේදක ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අඩු කිරීම.



  4. සංවේදක අනුවර්තනය යනු කුමක් ද?

    • උත්තේජනය වීම නොකඩවා සිදුවන විටදී බොහො සංවේදක ප්‍රතිචාර දැකිවීමේ හැකියාව අඩු කිරීමයි.



  5. සංවේදී ප්‍රතිග්‍රාහක වර්ග මොනවා ද?

    • රසායනික ප්‍රතිග්‍රාහක
    • තාප ප්‍රතිග්‍රාහක
    • ප්‍රකාශ ප්‍රතිග්‍රාහක
    • යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක
    • වේදනා ප්‍රතිග්‍රාහක



  6. ප්‍රතිග්‍රාහක වල ක්‍රියාව කෙටියෙන් සදහන් කරන්න.

    • සමස්ථිතිය පවත්වා ගැනීමට දේහයේ අභ්‍යන්තර හා බාහිර තත්ත්ව පිළිබඳ ව මධ්‍ය ස්නායු පද්ධතිය වෙත දැන්වීම.



  7. රසායනික ප්‍රතිග්‍රාහක ප්‍රතිචාර දක්වන්නේ කුමන වෙනස්වීම් වලට ද?

    • ශරීර සිදුවන රසායනික උත්තේජනයන්ට



  8. රසායනික ප්‍රතිග්‍රාහක උත්තෙජනය වීමට තිබිය යුතු ප්‍රධාන අවශ්‍යතාව කුමක් ද?

    • රසායනික ද්‍රව්‍ය ජලයේ ද්‍රාවණය වී තිබිය යුතුවේ.



  9. ප්‍රධාන රසායනික ප්‍රතිග්‍රාහක වර්ග දෙක කුමක් ද?

    • රස ප්‍රතිග්‍රාහක
    • ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක



  10. ප්‍රධාන රස වර්ග පහ නම් කරන්න.

    • පැණි රස
    • ඇබුල් රස
    • ලුණු රස
    • තිත්ත රස
    • උමාමි රස



  11. රස ප්‍රතිග්‍රාහක ලෙස විශේෂණය වී ඇත්තේ කුමන සෛල වර්ගයක් ද?

    • දිවේ අපිච්ඡද සෛල



  12. පහත රුපයේ 1, 2, 3, 4 යන කොටස් නම් කරන්න.



    1. රස රෝම

    2. ආධාරක සෛල

    3. රස සෛල

    4. ස්නායු තන්තු



  13. රසාංකුරයක සමන්විත වන අංග මොනවා ද?

    • රස සංවේදක සෛල
    • ආධාරක සෛල
    • සංවේදී ස්නායු අන්ත





  14. ආඝ්‍රාණ සංවේදක සෛල ලෙස විශේෂණය වුන සෛල වර්ගය කුමක් ද?

    • ස්නායු සෛල



  15. ආඝ්‍රාණ සංවේදක සෛල පිහිටා ඇත්තේ නාසයේ කුමන ප්‍රදේශයේ ද?

    • නාසයේ ඉහල ප්‍රදේශයේ ඇති නාස් කුහර පියස්සේ ඇති අපිච්ඡද සෛල අතර



  16. ආඝ්‍රාණ සංවේදක සෛල උත්තේජනය වීමෙන් ලැබෙන ආවේග ගමන් කරන්නේ මොලයේ කුමන කොටසට ද?

    • ආඝ්‍රාණ බල්බයට



  17. තාප ප්‍රතිග්‍රාහක යනු?

    • උණුසුම හා සීතල හදුනා ගැනීමට විශේෂණය වූ උෂ්ණත්ව සංවේදී ප්‍රතිග්‍රහකයි.



  18. ශරීර අභ්‍යන්තර උෂ්ණත්ව හදුනා ගන්නේ කුමන ප්‍රතිග්‍රාහක මගින් ද?

    • හයිපොතැලමසයේ ඇති තාප ප්‍රතිග්‍රාහක



  19. සමෙහි ඇති උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක මොනවාද ? ඒ එකිනෙක මගින් සංවේදනය කරන තත්ත්ව මොනවා ද?

    • ක්‍රවුස් අන්ත බල්බ – සිසිලස [අඩු උෂ්ණත්ව ]
    • රෆිනි දේහාණු – උණුසුම [වැඩි උෂ්ණත්ව]
    • නිදහස් ස්නායු අන්ත – අඩු හා වැඩි උෂ්ණත්ව



  20. මිනිසාගේ පවතින ප්‍රධාන ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල ආකාර මොනවා ද?

    • යෂ්ටි හා කේතූ



  21. යෂ්ටි මගින් සංවේදනය කරන්නේ කුමක් ද?

    • කළු සුදු ලෙස රාත්‍රී කාලයේ දෘෂ්ටිය ලබාදීම.



  22. කේතූ මගින් හදුනා ගන්නා වර්ණ මොනවා ද

    • රතු
    • නිල්
    • කොළ



  23. යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක මගින් සංවේදනය කරන තත්ත්වයන් මොනවා ද?

    • පීඩන, ස්පර්ශ, ඇදීම්, චලන, ශබ්ද



  24. යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක බහුලම අවයවය කුමක් ද?

    • සම



  25. එහි අඩංගු ස්පර්ශයන් හදුනා ගැනීමට විශේෂණය වූ ප්‍රතිග්‍රාහක මොනා ද? ඒවායින් සංවේදනය කරන සංවේදනයන් මොනවාදැයි සදහන් කරන්න.

    • මිස්නර් දේහාණු -කුඩා පීඩන /සියුම් පීඩන
    • මර්කල් මඩල- සියුම් ස්පර්ශ
    • නිදහස් ස්නායු අන්ත



  26. සමේ ගැඹුරේ පිහිටි විශාල පීඩන වලට සංවේදී පීඩන ප්‍රතිග්‍රාහක නම් කරන්න.

    • පැසිනියන් දේහානු



  27. සමේ පවතින කම්පන ප්‍රතිග්‍රාහක දෙකක් නම් කරන්න.

    • පැසිනියන් දේහාණු
    • මිස්නර් දේහාණු



  28. කනේ ඇති ධ්වනි කම්පන ප්‍රතිග්‍රාහකය නම් කර එහි පිහිටීම විස්තර කරන්න.

    •  
    • ඇතුළු කනේ කෝටි අවයවයේ පිහිටි සුවිශේෂී රෝම සෛල
    • ඇතුළු කනේ කෝටි අවයවයේ



  29. ගුරුත්වය හදුනා ගන්නේ කුමන ප්‍රතිග්‍රාහකය මගින් ද?

    • ඇතුළු කනේ ආලින්ද නාලයේ ඇති රෝම සෛල



  30. අර්ධ චක්‍රාකාර නාලවල ඇති රෝම සෛල මගින් හදුනා ගන්නේ කුමක් ද?

    •  
    • හිසේ චලන



  31. වේදනා ප්‍රතිග්‍රාහක මගින් හදුනා ගන්නා උත්තේජ මොනවා ද?

    • ඉහල පීඩන
    • උෂ්ණත්ව
    • පටකවලට හානි සිදුවන සමහර රසායනික ද්‍රව්‍ය



  32. පටක හානිය හදුනා ගන්නේ කුමක් මගින් ද?

    • ශරීරයේ විවිධ ස්ථාන වල ඇති විශේෂ ස්නායු අන්ත මගින්

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom