විද්‍යා අංශයජීව විද්‍යාව7.1.3 - විකෘති වල අණුක පදනම විභාග කරයි.(I කොටස)

7.1.3 – විකෘති වල අණුක පදනම විභාග කරයි.(I කොටස)

 

 

විකෘති

 

1.විකෘතියක් යනු,

  • ජීවියෙකුගේ ජිනෝමයට අයත් නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලක ස්ථිර වෙනස්වීමකි.

 

2.ජීවියෙකුගේ රූපාණුදර්ශය මූලිකව රඳා පවතින්නේ,

  • DNA තුළ ගබඩා වී ඇති ප්‍රවේණික තොරතුරු මත.

 

3.ජීවියෙකුගේරූපානුදර්ශයේ අවසන් ප්‍රතිඵලය යනු,

  • ප්‍රවේණිය හා පරිසර බලපෑම් අතර අන්තර්ක්‍රියාවේ ප්‍රතිඵලයකි.

 

4.විශේෂයක ජීවීන් අතර දැකිය හැකි රූපනුදර්ශී ප්‍රභේදනවල ප්‍රභවය වන්නේ,

  • විකෘති

 

5.විකෘතියක බලපෑම,

  • උදාසීන, වාසිදායක හෝ හානිකර විය හැක.

 

6.පහත ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව දක්වන්න

“හානිකර බලපෑමක් සහිත විකෘති නියත වශයෙන්ම මාරක වේ”.

  • අසත්‍ය වේ.
  • හේතුව – හානිකර විකෘති මාරක හෝ මුල් රූපනුදර්ශයට වඩා හිතකර බවින් අඩු විය හැකිය.

 

7.විකෘති, ජාන විකෘති හා වර්ණදේහ විකෘති ලෙස වර්ග කරනු ලබන්නේ,

  • ප්‍රවේණික ද්‍රව්‍ය තුළ සිදුකළ වෙනස්කම්වල පරිමාණය මත පදනම්ව.

 

වර්ණදේහ විකෘතිImage result for chromosomal mutations

 

ජාන විකෘති.Image result for gene Mutations

 

 

ජාන විකෘති.

8.ජාන විකෘතියක් යනු,

  • නියුක්ලියෝටයිඩ යුගළක් හෝ යුගළයකට වඩා වැඩි ගණනක සහභාගීත්වයෙන් ජානයක DNA අනුක්‍රමයෙහි සිදුවන ස්ථිර වෙනස් වීමකි. මේවා කුඩා පරිමාණ විකෘති වේ.

 

9.විකෘති ජනනය කිරීමට හේතුවන සාධක වන්නේ,

  • විකෘතිකාරක

 

10.ස්වයංසිද්ධ ජාන විකෘති සදහා බලපාන ප්‍රධාන සාධකය,

  • DNA ප්‍රතිවලිතයේදී සිදුවන දුලබ දෝෂ.

 

11.විකෘති ජනනය කිරීමේ ඉහළ හැකියාවක් ඇති බාහිර කාරක ප්‍රධාන වර්ග දෙක,

  • භෞතික කාරක
  • රසායනික කාරක

 

12.විකෘතිජනක භෞතික කාරක,

  • X කිරණ
  • UV කිරණ

 

13.පිළිකාකාරක විකෘතිකාරක ලෙසද විකෘතිකාරක පිළිකාකාරක ලෙසද සලකන්නේ,

  • පිළිකා ජනනයට හේතුව ද විකෘති වන නිසාවෙනි.

 

14.එක් නියුක්ලියෝටයිඩ යුගලක පමණක් සිදුවන ස්ථිර වෙනස් වීමක්,

  • ලක්ෂ්‍ය විකෘතියකි.

 

15.ජාන විකෘති ප්‍රධාන වර්ග තුන,

  • ආදේශය
  • නිවේෂණය
  • ලෝපය

 

16.ආදේශය යනු,

  • ජානයක එක් නියුක්ලියෝටයිඩ යුගළක් තවෙකක් සමග මාරු වීම.

 

17.නිවේෂණය යනු,

  • ජානයකට එක් නියුක්ලියෝටයිඩ යුගළක් හෝ වැඩි ගණනක් එකතු වීම.

 

18.ලෝපය යනු,

  • ජානයකින් එක් නියුක්ලියෝටයිඩ යුගළක් හෝ වැඩි ගණනක් ඉවත් වීම.

 

Image result for gene mutations types

 

19.”ආදේශය යනු ලක්ෂ්‍ය විකෘතියකි.” මෙම ප්‍රකාශය සත්‍යද? අසත්‍යද?

  • සත්‍ය වේ.
  • හේතුව:- ආදේශයකදී සිදුවන්නේ එක් නියුක්ලියෝටයිඩ යුගළක් වෙනත් යුගළක් මඟින් ආදේශ වීමයි.

 

20.ආදේශයක් නිසා සිදුවිය හැකි විකෘති ආකාර තුන,

  1. නිහඬ විකෘති
  2. අපගතාර්ථක විකෘති
  3. නිරර්ථක විකෘති

 

Image result for gene mutations types

 

21.ඇතැම් ආදේශ නිහඬ විකෘති බවට පත් වන්නේ,

  • එකම ඇමයිනෝ අම්ලය කෝඩෝන එකකට වඩා වැඩි ගණනකින් කේතනය වන නිසා. (ත්‍රික කෝඩෝනයක තෙවෙනි අක්ෂරය වොබ්ල් අක්ෂරයක් වන නිසා එය වෙනත් අක්ෂරයක් මගින් ආදේශ වුවද එකම ඇමයිනෝ අම්ලයට කේතය සැපයිය හැකිය.)

 

22.ආදේශයක් ලෙස සිදුවන අපගතාර්ථක විකෘතියකදී සිදුවන්නේ,

  • පොලිපෙප්ටයිඩ දාමයක එක් ඇමයිනෝ අම්ලයක් වෙනස් වීම නිසා එහි ප්‍රාථමික ව්‍යුහයේ අර්ථය මද වශයෙන් වෙනස් වීමයි.

 

23.ප්‍රෝටීනයක කෘත්‍යමය ආකාර දෙක වන්නේ,

  • තෘතීක ව්‍යුහය
  • චාතූර්ථ ව්‍යුහය

 

24.”අපගතාර්ථක විකෘති ලෙස සිදුවන ආදේශයක් නිසා ප්‍රෝටීනයක කෘත්‍යමය ආකාර කෙරෙහි සෑමවිටම බලපෑම් ඇති වේ.” මෙම ප්‍රකාශය සත්‍යද? අසත්‍යද?

  • අසත්‍ය වේ.
  • හේතුව:- ආදේශයකදී අපගතාර්ථක විකෘතියක බලපෑම වාසිදායක, අනර්ථදායක හෝ උදාසීන විය හැකිය. එම නිසා තෘතීක චාතූර්ථ ව්‍යුහ කෙරෙහි බලපෑමක් වීමට හෝ නොවීමට හැකිය.

 

25.අදේශයක් ලෙස සිදුවන නිරර්ථක විකෘතියකදී සිදුවන්නේ,

  • ඇමයිනෝ අම්ලයට කේතය සපයන කෝඩෝනය නැවතුම් කෝඩෝනයක් බවට පරිවර්තනය වීමෙන් ප්‍රෝටීන සංස්ලේෂණය ප්‍රාග් සමාප්තියකට ලක් වීම නිසා මුල් දාමයට වඩා කෙටි පොලිපෙප්ටයිඩ දාමයක් ලැබීම.

 

26.ආදේශයකදී ජානයේ දිග වෙනස් නොවීමට හේතුව,

  • ආදේශයකදී සිදුවන්නේ ජානයක එක් නියුක්ලියෝටයිඩ යුගළක් වෙනත් යුගළක් මගින් ආදේශ වීමකි.
  • එම නිසා එහේදී නියුක්ලියෝටයිඩ සංඛ්‍යාව වෙනස් නොවන බැවින් ජානයේ දිග වෙනස් නොවේ.

 

27.රාමු විස්ථාපිත විකෘතියක් යනු,

  • නියුක්ලියෝටයිඩයක හෝ නියුක්ලියෝටයිඩ යුගළක සිදුවන නිවේෂණය හෝ ලෝපය නිසා විකෘතිය වූ ලක්ෂ්‍යයට පසුව වැරදි කෝඩෝන කියවීම සිදුවේ.
  • එනම් කියවීමේ රාමුව විස්තාපනය වේ.එවැනි විකෘති රාමු විස්තාපන විකෘති නම් වේ.

 

28.රාමු විස්තාපන විකෘති සමාප්ති කෝඩෝනයට ඉතා සමීපව සිදු නොවුන හොත් ඇති විය හැකි බලපෑම්,

  • දිගින් දිගටම වැරදි කෝඩෝන කියවීම නිසා විශාල අපගතාර්ථයක් සිදුවීමෙන් සෑදෙන පොලිපෙප්ටයිඩ දාමය අර්ථ රහිත වීම.
  • මුල් අනුක්‍රමණයේ නැති නව නැවතුම් කෝඩෝනයක් හදුන්වා දීම නිසා නිරර්ථක විකෘතියක් සිදු වී පරිවර්තනය අවසන් වීම.

Image result for frameshift gene mutations

 

29.නිවේෂණය හෝ ලෝපය ත්‍රිකයක හෝ ත්‍රික ගුණකයක සිදු වූ විට,

  • කියවීමේ රාමුව විකෘතිය සිදු වූ ලක්ෂ්‍යයට වහාම පසුව මුල් කියවීමේ රාමුව බවට පත් වේ. එම නිසා මුල් අනුක්‍රමයට වඩා ඇමයිනෝ අම්ලයක් හෝ කීපයක් එකතු වීම හෝ ඉවත් වීම සිදුවේ.

 

30.ත්‍රිකයක හෝ ත්‍රික කෝඩෝනයක නිවේෂණය හෝ ලෝපය නිසා ඵලය වූ නව පොලිපෙප්ටයිඩයේ ක්‍රියකාරීත්වය රඳා පවතිනුයේ,

  • විකෘතියට ලක් වූ ප්‍රදේශයේ එහි නිවැරදි නැවීම සඳහා වන බලපෑම මත.

 

 

 

 

වර්ණදේහ විකෘති

31.අසාමාන්‍ය වර්ණදේහ සංඛ්‍යාවක් නිසා හෝ අසාමාන්‍ය ව්‍යුහය නිසා ක්ෂීරපායින් තුළ දැකිය හැකි සංකූලතා වන්නේ,

  • ස්වයංසිද්ධ ගබ්සා සිදු වීම.
  • විවිධ විකසන ආබාධ ඇති වීම.

 

32.වාසිදායක වර්ණදේහ විකෘති දැකිය හැකි අවස්ථාවක් සඳහා නිදසුනක් වන්නේ,

  • ශාකවල ඇතැම් වර්ණදේහ විකෘති වාසිදායක ප්‍රභේදන හට ගැන්වීම.

 

33.වර්ණදේහවල ව්‍යුහය වෙනස් වීම නිසා හට ගන්නා විකෘති ආකාර 4 වන්නේ,

  • ලෝපය
  • පරිසංක්‍රමණය
  • ද්විකරණය
  • ප්‍රතිලෝමය

 

34.ඉහත දැක්වූ එක් එක් වර්ණදේහ විකෘති ආකාරය කෙටියෙන් හඳුන්වන්න.

  • ලෝපය – වර්ණදේහයේ ඛණ්ඩයක් නැති වීම.
  • පරිසංක්‍රමණය – එක වර්ණදේහයක කොටසක් වෙනත් එක් වර්ණදේහයකට මාරු වීම.
  • ද්විකරණය – වර්ණදේහයක කොටසක් එහි සමජාත වර්ණදේහයට මාරු වීම.
  • ප්‍රතිලෝමය – වර්ණදේහ බහුවේ කොටසක දිශානතිය වෙනස් වීම.

 

 

 

 

35.ඉහත වර්ණදේහ විකෘති ආකාර අතරින් බොහෝ විට මාරක වන විකෘති අකාරය වන්නේ,

  • ලෝපය

 

36.ලෝපය බොහෝ විට මාරාන්තික වන්නේ ඇයි?

  • වර්ණදේහයක කොටසක් නැති වූ විට ජාන කිහිපයක් ඉවත් වන බැවින්.

 

37.වර්ණදේහ සංඛ්‍යාව වෙනස් වීම නිසා ඇති වන විකෘති ආකාර දෙක වන්නේ,

  • විෂමගුණකතාව
  • බහුගුණකතාව

 

38.ඒවා හඳුන්වන්න.

  • විෂමගුණකතාව – 
    • සෛලයක් තුළ වර්ණදේහ එකක් වැඩිපුර හෝ එකක් අඩුවෙන් පිහිටීමේ තත්ත්වය.

 

 

  • බහුගුණකතාවය- 
  • සෛලයක් තුළ සම්පූර්ණ වර්ණදේහ කට්ටලයක්ම වැඩිපුර පැවතීම නිසා ගුණක මට්ටම වැඩි වීමේ තත්ත්වයයි.

 

39.ඌනනයේදී විෂමගුණකතාව සිදු විය හැකි අකාර දෙක දක්වන්න.

  • ඌනනය I දී සමජාත වර්ණදේහවල අසාමාන්‍ය සැකසුම නිසා එක් යුගලක වර්ණදේහ දෙකම එක ධ්‍රැවයකට සංක්‍රමණය වීම මගින්.
  • ඌනනය II දී වර්ණදේහයක වර්ණදේහාංශ වෙන් නොවී ප්‍රතිවිරුද්ධ ධ්‍රැව කරා සංක්‍රමණය වීම මගින්.

 

 

40.නිර්විසම්බන්ධය ලෙස හඳුන්වන්නේ,

  • ඌනනයේ දී වර්ණදේහ යුගලකට හෝ යුගල්වලට වෙන් වීමට ඇති නොහැකියාව.

 

41.විෂමගුණකතාවයේ ආකාර දෙක වන්නේ,

  • ඒකදේහතාවය (වර්ණදේහ 2n-1 තත්වය)
  • ත්‍රිදේහතාවය (වර්ණදේහ 2n+1 තත්වය)

 

Image result for 2n-1 genetics

 

42.ත්‍රිගුණකයක් (3n) ප්‍රතිඵල විය හැකි අවස්ථාවකට නිදසුනක් වන්නේ,

  • අසාමාන්‍ය ද්විගුණ අණ්ඩයක් සංසේචනය වීම.

 

43.චතුර්ගුණකයක් (4n) ප්‍රතිඵල විය හැකි අවස්ථාවකට නිදසුනක් වන්නේ,

  • පළමු අනූනන විභාජනයෙන් පසුව 2n යුක්තාණුව විභාජනය නොවීම.

 

44.ඉහළ ගුණක මට්ටම් සහිත ශාක සඳහා නිදසුන් වන්නේ,

  • ත්‍රිගුණක(3n) – කෙසෙල්
  • ෂඩ්ගුණක(6n) – තිරිඟු
  • අෂ්ඨගුණක(8n) – ස්ට්‍රෝබෙරි

 

Image result for 6n wheat genetics

 

Image result for 3n banana and 2n banana

 

Image result for 8n strawberry genetics different

 

45.බහුගුණකතාව නිරීක්ෂණය කර ඇති පෘෂ්ඨවංෂීන් වන්නේ,

  • මත්ස්‍යයන් හා උභය ජීවින් ස්වල්ප දෙනෙක්

Image result for polyploide animals

 

 

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet