මානව කංකාල පද්ධතිය හා සම්බන්ධ සංකූලතා හා අසාමාන්‍යතා.
1. මානව කංකාල පද්ධතිය හා සම්බන්ධ සංකූලතා හා අසාමාන්‍යතා කිහිපයක් පහත දැක්වේ. ඒවාට හේතු සහ එහි සංකූලතා සඳහන් කරන්න.
i. අස්ථි වෛවර්වය (ඔස්ටියෝපොරෝසිස්)
හේතු :
-
-
-
- ප්‍රධානතම හේතුව අස්ථි තැම්පත් වීමේ වේගය ඉක්මවා අස්ථි ප්‍රතිශෝෂණය වීමය.
- හෝමෝන අසමතුලිතතා
- කැල්සියම් අඩු බව
- පාරිසරික සාධක
සංකූලතා :
-
-
-
- සන්ධි චලන හැකියාව අඩු වීම
- අස්ථි වේදනාව
- අස්ථි බිඳීම්
- අස්ථි වල වර්ධන අසාමාන්‍යතා
https://www.nof.org/patients/what-is-osteoporosis/
ii. ඔස්ටියෝ ආතරයිටිස් (අස්ථි පර්වදාහය)
iii. මඬල ලිස්සීම (slipped disc)
හේතු :-
-
-
-
- දණහිස් වලින් නොනැමී අධික බර එසවීම
සංකූලතා :-
-
-
-
- දුර්වලතාවයක් හෝ තුවාලයක් ඇති වූ විට කශේරුකා මඬලේ අභ්‍යන්තර කොටස බාහිරින් ඇති මුදුව තුළින් පිටතට නෙරා ඒමේදී සුෂුම්නාව තෙරපීමට ලක් වුවහොත් හානි වූ ස්නායුව දිගේ වේදනාව හා හිරිවැටීම් ඇති වේ.
2. මානව කංකාල පද්ධතියේ දැකිය හැකි ප්‍රධාන සන්ධි වර්ග, ඒවායේ මූලික චලන ආකාර හා උදාහරණ දක්වන්න.
i. ගෝලකුහර සන්ධි :-
-
-
- චලන ආකාර : සම්මින්ජන, ප්‍රසර්ජන, අභිනයන, අපනයන, භ්‍රමණය, පරිනයනය
- උදාහරණ : උරහිස් සන්ධිය, උකුල් සන්ධිය
ii. අසව් සන්ධි :-
-
-
- චලන ආකාර : සම්මින්ජනය, ප්‍රසර්ජනය
- උදාහරණ : වැලමිට සන්ධිය, වලලුකර සන්ධිය, දණහිස් සන්ධිය, පතුලේ හා අත්වල ඇඟිලි වල ඇඟිලි පුරුක් සන්ධි
iii. විවර්තන සන්ධි :-
-
-
- චලන ආකාර : භ්‍රමණය
- උදාහරණ : හිස භ්‍රමණය
3. කංකාල පේශී පටක වල ව්‍යුහමය ලක්ෂණ සඳහන් කරන්න.
-
- දිගු සිලින්ඩරාකාර සෛල වේ.
- බහු න්‍යෂ්ටිකය.න්‍යෂ්ටි සෛල පටලයට ආසන්නව පිහිටයි.
- විලේඛ දරයි
- ශාඛනය වී නැත
4. කංකාල පේශී පටක වල කෘත්‍යමය ලක්ෂණ සඳහන් කරන්න.
-
- ඉච්ඡානුග දේහ චලන ඇති කරයි.
- ස්නායුජන්‍ය වේ
- පහසුවෙන් විඩාවට පත්වේ
- රිද්මයානුකූල චලන නොපෙන්වයි
5. විලේඛ යනු මොනවාද?
-
- අන්වීක්ෂයෙන් නිරීක්ෂණයේදී කංකාල පේශී සෛලයේ ඇති සාකොමියර සැකැස්ම මගින් ඇති වන පේශී සෛලයේ මාරුවෙන් මාරුවට පවතින ලා පැහැති හා තද පැහැති ප්‍රදේශයි.
6. පේශි පටකයේ මූලික කෘත්‍යමය ලක්ෂණ 4 මොනවාද?
-
- උද්දීප්‍යතාව : උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම හා උත්තේජ ප්‍රතිග්‍රාහක හැකියාව
- සංකෝච්‍යතාව : සංකෝචනය හෝ කෙටි වීමට ඇති හැකියාව
- විතන්‍යතාව : ඉහිල් වීමට හෝ සංකෝචනය වීමට ඇති හැකියාව
- ප්‍රත්‍යස්ථතාව : සංකෝචනය හෝ ඉහිල් වීමෙන් පසු මුල් පිහිටීමට පැමිණීමේ හැකියාව
7. සාකොමියරක් යනු කුමක්ද?
-
- විලිඛිත පේශී සෛලයක ඇති z රේඛා දෙකකට මැදි වූ සිහින් සහ ඝනකම් සූත්‍රිකා මගින් සෑදුනු පුනරාවර්තී සංකෝචක ඒකකයයි.
8. සාකොමියරක ව්‍යුහය කෙටියෙන් විස්තර කරන්න.
-
- Z රේඛාව සාකොමියරයේ සීමාවයි.
- සිහින් සූත්‍රිකා z රේඛාවට සම්බන්ධ වේ
- ඝන සූත්‍රිකා සාකොමියරයේ මධ්‍ය ප්‍රදේශයේ M රේඛාවට සම්බන්ධ වේ
- පේශී කෙඳිත්ත අක්‍රිය අවස්ථා වලදී ඝන හා සිහින් සූත්‍රිකා අර්ධ ලෙස අතිපිහිත වී පවතී
- සාකොමියරක අග සිහින් සූත්‍රිකා පමණක් ඇත
- මධ්‍ය පෙදෙසේ ඝන සූත්‍රිකා පමණක් ඇත
- මෙම සිහින් සහ ඝන සූත්‍රිකා සැකසී ඇති ආකාරය කංකාල පේශි සෛල සංකෝචන වලදී කෙටි වීමට හා ඉහිල් වීමට හා නැවත පෙර තත්ත්වයට පැමිණීමට ආධාර වේ
- සාකොමියරයෙන් ඇති කරන යාන්ත්‍රික කෘත්‍ය සඳහා ඇක්ටින් හා මයොසීන් ප්‍රෝටීන දායක වේ
9. කංකාල පේශී චලනයේ මූලික යාන්ත්‍රණය සඳහන් කරන්න.
-
- ප්‍රධාන වශයෙන් ඉච්ඡානුග වන අතර එය දෛහික ස්නායු පද්ධතිය මගින් පාලනය වේ
- උත්තේජනය වූ විට කංකාල පේශියේ තනි පේශී සෛල කෙටි වේ
- එසේ වන්නේ සාකොමියරය කෙටි වීම මගින් වන අතර එමගින් මුලු පේශියම සංකෝචනය වේ.
- පේශි සංකෝචන චලන වලට පරිවර්තනය වීම සඳහා පේශි සන්ධානය වී ඇති අස්ථි අවශ්‍ය වේ
- අස්ථි වලට සවි වී ඇති ඛණ්ඩරා ඇදීම පේශි සංකෝචනය මගින් සිදු වේ
- මෙහිදී එම පේශිය කෙටි වන අතර එමගින් අස්ථිය හෝ අවයව කොටස චලනය වේ
- ස්නායු ආවේගය නැවතුන විටදී පේශී සංකෝචනය වීමෙන් පසු පෙර පැවති දිගටම නැවත පැමිණේ
10. විලිඛිත පේශී සංකෝචනය පිලිබඳ නූතන ආකෘතිය වන සර්පණ සූත්‍රිකා වාදය විස්තර කරන්න
-
- මෙම සිද්ධාන්තයට අනුව කංකාල පේශී සෛලයක් සංකෝචනය වන විට සෑම සාකොමියරකම ඇති ඝන හා සිහින් සූත්‍රිකා එක මත එක ලිස්සා යයි
- එවිට සාකොමියරයේ අන්ත දෙකෙහිම ඇති z රේඛා එකිනෙක ලං වෙමින් සාකොමියරය කෙටි වේ
- පේශී සෛල කෙටි වේ
- සාකොමියරයේ සූත්‍රිකා කාණ්ඩ 2 සාපේක්ෂව නියත දිගකින් යුතුව පවතී
- පේශි සෛල වල සිහින් ඇක්ටින් සූත්‍රිකා ඇදීම සිදු කරන හා පේශී සංකෝචනයට ඉවහල් වන චාලක ප්‍රෝටීනය මයොසින් වේ
- සෑම මයොසීන් අණුවක්ම වලිග පෙදෙසකින් හා හිස පෙදෙසකින් සමන්විතය
- ඝන සූත්‍රිකා වල මේ වලිග පෙදෙස එකට මිටියක් ලෙසද එයින් පැන නගින හිස් ලෙසද දිස්වේ
- සිහින් සූත්‍රිකා ඇක්ටින් අණුවලින් සෑදී ඇති අතර මයොසීන් අණුවල හිස් සඳහා බන්ධන ස්ථානද දරයි
- මයොසීන් හිස් වලට ATP අණු සමගද බැඳීමට හැකියාව ඇත
- එසේ වන්නේ ඒවා අඩු ශක්ති තත්ත්වයක පවතින විටය
- ATP, ADP හා පොස්ෆේට් අණු බවට ජල විච්ඡේදනය වීමේදී ශක්තිය පිටවන අතර එවිට මයොසින් හිස ඉහල ශක්ති මට්ටමකට ලඟා වේ
- මයොසීන් හිස, ඇක්ටින් වල මයොසීන් හිස් සඳහා ඇති බන්ධන ස්ථානයට හරස් සේතු මගින් බැඳේ
- ඉන්පසු ADP සහ පොස්ෆේට් නිදහස් කරමින් මයොසීන් හිස නැවත අඩු ශක්ති මට්ටමට පැමිණේ
- එවිට සාකොමියරයේ මධ්‍ය දෙසට සිහින් තන්තු ඇදෙන අතර සාකොමියරය කෙටි වේ
- නව ATP අණුවක් මයොසීන් හිසට බැඳුනු විට හරස් සේතු බිඳ වැටී මයොසීන් හිස ඇක්ටින් වලින් ගැලවී යයි
- ඉන්පසු නැවත නව හරස් සේතු සෑදීමේ චක්‍රයක් ආරම්භ වේ
- මෙසේ බන්ධනය වීම් හා නිදහස් වීම් ගණනාවක් නැවත නැවත සිදුවීම මගින් පේශිය සංකෝචනය වේ
- මේ ක්‍රියාවලිය පේශී සෛලයේ සෑම පේශී කෙඳිත්තකම මුලු දිග ඔස්සේ සිදුවේ
- සාකොමියරයේ මධ්‍යයට පැමිණි සිහින් සූත්‍රිකා, මයොසීන් හිස් බැඳීම සඳහා නව ස්ථාන නිරාවරණය කරයි
- මුළු ක්‍රියාවලිය මගින්ම පේශී සෛලයක ඇති සිහින් සහ ඝන සූත්‍රිකා එක මත එක ලිස්සා යමින් Z රේඛා ළං කරමින් සාකොමියරය කෙටි කරයි
- එක් ඝන සූත්‍රිකාවක මයොසීන් හිස් ගණනාවක් දැකිය අතර එක් තත්පරයකදී මේ හිස් සෑම එකක්ම හරස් සේතු සාදයි
11. පේශී සංකෝචනයේදී Ca2+ අයන වල වැදගත්කම සඳහන් කරන්න
-
- මයොසීන් හිසට ඇක්ටින් සූත්‍රිකා සමඟ සම්බන්ධ වීමට ඒවායේ බන්ධන ස්ථාන නිරාවරණය කරන්නේ Ca2+ අයන වල ක්‍රියාව මගිනි.