විද්‍යා අංශයජීව විද්‍යාව5.2.2 - මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය (II කොටස)

5.2.2 – මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය (II කොටස)

පාඩමේ සටහන Download කරගන්න.

 

මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය 

 

කුඩා අන්ත්‍රය තුළ සිදු වන රසායනික ජීරණය

1.කුඩා අන්ත්‍රයෙන් ආමාශයට ආමලසය ලැබීමට හේතු වන්නේ කුමන චලන ද?

  • ක්‍රමාකුංචන චලන

 

2.ආමලසය කුඩා අන්ත්‍රය තුළට යැවීම යාමනය වන්නේ කුමන ව්‍යුහය මගින්ද?

  • ආලාර වක්‍ර පිධානය මගින්

 

3.කුඩා අන්ත්‍රය තුළදී ආමලසය මිශ්‍ර වන්නෙ කුමක් සමඟ ද?

  • ආන්ත්‍රික බිත්තියේ ඇති ග්‍රන්ථිවල ස්‍රාවයන්
  • අග්න්‍යාශයේ හා අක්මාවේ ස්‍රාවයන්

 

4.ආන්ත්‍රික බිත්තියේ ඇති ග්‍රන්ථි මගින් ස්‍රාවය කරන එන්සයිම මොනවාද?

  1. ඩයිසැකරයිඩේස
  2. ඩයිපෙප්ටිඩේස
  3. කාබොක්සිපෙප්ටිඩේස
  4. ඇමයිනෝපෙප්ටිඩේස
  5. නියුක්ලියොටයිඩේස
  6. නියුක්ලියොසයිඩේස හා පොස්ෆොටේස්.
    • සමහර එන්සයිම කුහරයට ස්‍රාවය කරන අතර අනෙකුත් එන්සයිම අපිච්ඡදයේ මතුපිට පෘෂ්ඨයට බැඳී පවතී.
    • ග්‍රහනියේ ඇති අපිච්ඡදය මෙලෙස ජීරණ එන්සයිම ගණනාවක් ස්‍රාවය කරයි.

 

5.ග්‍රහනිය මගින් ස්‍රාවය කරන හෝර්මෝන මොනවාද?

  • කොලිසිස්ටොකයිනීන් (CCK)
  • සික්‍රටීන්

 

6.කොලිසිස්ටොකයිනීන් හා සික්‍රටීන් වල කෘත්‍ය කුමක්ද?

  • අග්න්‍යාශයික යුශ හා පිත නිදහස් කිරීම උත්තේජනය කිරීම.

 

7.අග්න්‍යාශයික යුෂයේ අඩංගු එන්සයිම මොනවාද?

  1. ට්‍රිප්සීන්
  2. කයිමොට්‍රිප්සීන්
  3. අග්න්‍යාශයික ඇමයිලේස්
  4. අග්න්‍යාශයික බොක්සිපෙප්ටිඩේස්
  5. අග්න්‍යාශයික නියුක්ලියේස් 
  6. අග්න්‍යාශයික ලයිපේස්

 

8.මීට අමතරව අග්න්‍යාශයික යුෂයේ අඩංගු වන ද්‍රව්‍ය මොනවාද?

  • බයිකාබනේට

 

9.අක්මාව මගින් ස්‍රාවය කරන පිත ග්‍රහනියට නිදහස් කරන තුරු ගබඩා කර තබන්නේ කුමන අවයවයේද?

  • පිත්තාශයේ

 

10.පිතෙහි අඩංගු වන්නේ මොනවාද?ඒවායේ කෘත්‍ය මොනවාද?

  • පිත් ලවණ
  • ඒවා මඟින් මේදය තෛලෝදකරණය කරන අතර එය මේද ජීරණයට හා අවශෝෂණයට උදවු වේ.

 

11.කාබෝහයිඩ්‍රේට ජීරණය සිදු වන ආකාරය දක්වන්න

  • අග්න්‍යාශයික ඇමයිලේස් මගින් පොලිසැකරයිඩ ඩයිසැකරයිඩ බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි.
  • ආන්ත්‍රික ඩයිසැකරයිඩේස මගින් ඩයිසැකරයිඩ, මොනොසකරයිඩ බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි.

 

12.ප්‍රෝටීන ජීරණය සිදු වන ආකාරය දක්වන්න

  • අග්න්‍යාශයික ට්‍රිප්සීන් හා කයිමොට්‍රිප්සීන් මගින් කුඩා පොලිපෙප්ටයිඩ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි.
  • අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස මගින් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ, කුඩා පෙප්ටයිඩ හා ඇමයිනෝ අම්ල බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි.
  • ආන්ත්‍රික අපිච්ඡදය මගින් ස්‍රාවය කරන ප්‍රෝටියේස් (ඩයිපෙප්ටිඩේස, කාබොක්සිපෙප්ටිඩේස හා ඇමයිනෝපෙප්ටිඩේස) මගින් කුඩා පෙප්ටයිඩ, ඇමයිනෝ අම්ල බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි.

 

13.මේදය ජීරණය වන ආකාරය දක්වන්න

  • මේද ජීරණය ආරම්භ වන්නේ කුඩා අන්ත්‍රයේ දීය.
  • පිත් ලවණ මගින් මේද තෛලෝදකරණය කරයි.
  • ඉන්පසු අග්න්‍යාශයික ලයිපේස් මගින් මේදය, මේද අම්ල,ග්ලිසරෝල් හා මොනොග්ලිසරයිඩ බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි.

 

14.නියුක්ලෙයික් අම්ල ජීරණය සිදු වන ආකාරය දක්වන්න

  • නියුක්ලෙයික් අම්ල ජීරණය ආරම්භ වන්නේ කුඩා අන්ත්‍රයේ දීය.
  • අග්න්‍යාශයික නියුක්ලියේස් DNA හා RNA, නියුක්ලියෝටයිඩ බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි .
  • අවසානයේදී කුඩා අන්ත්‍රය මඟින් නිදහස් කරන නියුක්ලියොටයිඩේස්,නියුක්ලියොසයිඩේස් හා පොස්ෆොටේස් මගින් නියුක්ලියෝටයිඩ, නයිට්‍රජනීය භෂ්ම,සීනි හා පොස්ෆේට බවට පත් කිරීම උත්ප්‍රේරණය කරයි.

 

 

 

කුඩා අන්ත්‍රයේ දී සිදු වන අවශෝෂණය

15.ඵලදායී අවශෝෂණය සදහා අනුවර්තන ලෙස ආන්ත්‍රික බිත්තියේ පෘෂ්ඨ වර්ගඵලය වැඩිකර ගැනීමට එහි පවතින දැකිය හැකි ව්‍යුහමය විකරණයන් මොනවාද?

  • ඝන ස්ථිර නැමුම්
  • අංගුලිකා නම් ආන්ත්‍රික බිත්තියේ ඇති ඇඟිලි බඳු නෙරුම්
  • ක්ෂුද්‍ර අංගුලිකා නම් අංගුලිකාවල අපිච්ඡද සෛලවල ඇති ඇඟිලි වැනි අන්වීක්ෂීය නෙරුම් (මේවා ආන්ත්‍රික කුහරයට නිරාවරණය වී පවතින අතර බුරුසුමය පෙනුමක් ලබා දෙයි.)

 

 

16.අපිච්ඡදය හරහා පෝෂක පරිවහනය සක්‍රිය හෝ අක්‍රිය ලෙස විය හැක.උදාහරණ දෙන්න.

  • ෆ්රක්ටෝස් – පහසු කළ විසරණය මගින්
  • ඇමයිනෝ අම්ල, කුඩා පෙප්ටයිඩ,විටමින් හා බොහෝ ග්ලූකෝස් අණු – සක්‍රීය පරිවහනයෙන්.

 

17.ඉන්පසු මෙම පෝෂක දේහය පුරා බෙදා හරින ආකාරය දක්වන්න.

  • පෝෂක අපිච්ඡද සෛලවල සිට අංගුලිකා තුළ ඇති රුධිර කේශනාලිකාවලට පරිවහනය කෙරේ.
  • මෙම රුධිර කේශනාලිකා යාකෘතික ප්‍රතිහාර ශිරාව සෑදීමට අභිසාරී වේ.
  • මේ පෝෂක යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාවට රැගෙන යයි.
  • අක්මාවේ සිට මේ පෝෂක පිරි රුධිරය පටකවලට පරිවහනය කරයි.

 

18.මේද ජීරණයේ සමහර ඵල අවශෝෂණය වෙනස් මාර්ගයක් ඔස්සේ සිදු වේ.එය පැහැදිලි කරන්න

  • මේද අම්ල හා මොනොග්ලිසරයිඩ ක්ෂුද්‍ර අංගුලිකා හරහා සෛලය තුළට ඇතුලු වේ.
  • සෛලය තුළදී ඒවා එක් වී ට්‍රයිග්ලිසරයිඩ නැවත ඇති වේ.
  • මේ ට්‍රයිග්ලිසරයිඩ, කයිලොමයික්‍රෝන නම් වූ ජලයේ ද්‍රාව්‍ය කුඩා ගෝලිකා තුළට අන්තර්ගත වේ.
  • ඉන්පසු මේ කයිලොමයික්‍රෝන පයෝලස නාලිකාවට පරිවහනය කෙරේ.
  • ඉන්පසු පයෝලස නාලිකාවේ සිට වසා හරහා රුධිර වාහිනීවලට ඇතුළු වේ.
  • ඉන්පසු මෙම කයිලොමයික්‍රෝන සංසරණ පද්ධතිය ඔස්සේ දේහය පුරා පරිවහනය වේ.

 

 

19.පෝෂක අවශෝෂණයට අමතර කුඩා අන්ත්‍රයේ දී අවශෝෂණය කරන ද්‍රව්‍ය මොනවාද?

    • ජලය හා අයන

(සිරුරට දිනකදී ලබා ගන්නා ජලය ප්‍රමාණට (2L) අමතරව, ජීරණ යුෂයෙන් තවත් ජලය (7L) කුඩා අන්ත්‍රයට එකතු කෙරේ. මේ ජලයෙන් වැඩි කොටසක් ආස්‍රැතියෙන් නැවත අවශෝෂණය කෙරේ.)

 

 

 

මහා අන්ත්‍රය

20.ආහාර මාර්ගයේ අවසාන කොටස වන මහා අන්ත්‍රය බෙදිය හැකි ප්‍රදේශ 3 මොනවාද?

  • මහාන්ත්‍රකය
  • උණ්ඩුකය
  • ගුද මාර්ගය

 

 

21.කුඩා අන්ත්‍රය මහා අන්ත්‍රයට සම්බන්ධ වන්නේ කුමන සන්ධියකින්ද?

  • T හැඩැති සන්ධියකින් (සන්ධියේ එක් බ‍ාහුවක් උණ්ඩුකය වන අතර අනෙක මහාන්ත්‍රකය වේ.)

 

22.උණ්ඩුකය යනු කුමක්ද?

  • කුඩා පැසක් වැනි ව්‍යුහයකි.
  • උණ්ඩුකයේ උණ්ඩුකපුච්ඡය නම් වූ ඇඟිල්ලක් වැනි නෙරුමක් ඇත.
  • මේවා විශාල වශයෙන් ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්නා සත්ත්වයන්ට වැදගත් වේ.
  • ජීරණය නොවූ ද්‍රව්‍ය ක්ෂුද්‍රජීවීන් මගින් පැසීමට උණ්ඩුකය යොදා ගනී.

 

23.මහාන්ත්‍රකයේ කෘත්‍ය මොනවාද?

  • ජලය ප්‍රතිශෝෂණය සම්පූර්ණ කරයි.
  • ක්ෂුද්‍ර ජීවීන් ආධාරයෙන් සමහර විටමින් B සංකීර්ණ, විටමින් K හා ෆෝලික් අම්ල සංශ්ලේෂණය.
  • මල (තන්තු වැනි ජීරණය නොවූ ද්‍රව්‍ය අඩංගු වේ) ක්‍රමාකුංචනය මගින් ගුද මාර්ගය දෙසට ගමන් කරවීම.

 

 

24.ගුද මාර්ගයේ කෘත්‍යන් මොනවාද?

  • බැහැර කරන තෙක් මල ගබඩා කරයි.
  • ගුද මාර්ගය හා ගුදය අතර පවතින වක්‍ර පිධාන දෙක හේතුවෙන් මල ගමන් කිරීම යාමනය කරයි.
  • මහාන්ත්‍රය තුළ ප්‍රබල සංකෝචනයන් මල පහ කිරීම ක්‍රියාරම්භ කරයි.

 

 

 

 

අග්න්‍යාශය

 

25.අග්න්‍යාශය ගැන කෙටි සටහනක් ලියන්න

1.අග්න්‍යාශය ළා අළු පැහැති ග්‍රන්ථියකි.

2.එහි පළල් හිසක්, දේහයක් හා පටු වලිගයක් ඇත.

 

3.අග්න්‍යාශයේ හිස ග්‍රහනි වක්‍රය තුළ පිහිටා ඇත.

4.අග්න්‍යාශය බහිරාසර්ග හා අන්තරාසර්ග ග්‍රන්ථියකි.

5.අග්න්‍යාශයේ බහිරාසර්ග කොටස අනුඛණ්ඩිකා විශාල සංඛ්‍යාවකින් සමන්විතයි.

6.මේ අනුඛණ්ඩිකා කුඩා බදරිකාවලින් සමන්විත වන අතර ඒවායේ බිත්තිය ස්‍රාවී සෛලවලින් සමන්විත වේ.

7.එක් එක් අනුඛණ්ඩිකා ඉතා කුඩා ප්‍රනාලවලට සම්බන්ධ අතර එම ප්‍රනාල එකතු වීමෙන් අවසානයේදී අග්න්‍යාශයික ප්‍රනාලය සෑදේ.

 

8.මේ අග්න්‍යාශයික ප්‍රනාලය පොදු පිත්ත ප්‍රනාලය සමග සම්බන්ධ වී යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය සාදයි.

9.මෙය ග්‍රහනියේ මධ්‍ය ලක්ෂ්‍යයේදී එය තුළට විවෘත වේ.

10.අග්න්‍යාශයේ බහිරාසර්ග කොටස අග්න්‍යාශයික යුෂය ස්‍රාවය කරයි.

11.අග්න්‍යාශයික යුෂයේ සංඝටක ලෙස

        1. බයිකාබනේට
        2. කාබෝහයිඩ්‍රේට ජීරක එන්සයිම (අග්න්‍යාශයික ඇමයිලේස)
        3. අග්න්‍යාශයික ලයිපේස
        4. නියුක්ලියේස්
        5. ප්‍රෝටීන ජීරක එන්සයිමවල අක්‍රිය ආකාර(ට්‍රිප්සිනෝජන් හා කයිමොට්‍රිප්සිනෝජන්) අඩංගු වේ.

12.මේ අක්‍රිය එන්සයිම ග්‍රහනියේ කුහරයට ස්‍රාවය වීමත් සමගම සක්‍රිය එන්සයිම(ට්‍රිප්සීන් හා කයිමොට්‍රිප්සීන) බවට පරිවර්තනය කෙරේ.

13.අග්න්‍යාශයේ අන්තරාසර්ග කොටස සමන්විත වන්නේ ලැන්ගහැන් දීපිකා වලිනි.

14.මේවා විශේෂණය වූ සෛල සමූහයකින් යුක්ත වේ.

15ඒවාට ප්‍රනාල නැත.

16.ලැන්ගහැන් දීපිකා ග්ලූකගන් හා ඉන්සියුලින් යන හෝමෝන ස්‍රාවය කරයි.

17.ඒවා ග්ලූකෝස් සමස්ථිතියට දායක වේ.

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet