8.2.1 – ලෝකයේ ප්‍රධාන බියෝම පිළිබඳ අන්වේෂණය කිරීම

 

  1. බියෝමයක් යනු කුමක්ද?
    • යම් විශේෂ පරිසරයකට අනුවර්තන සහිත ප්‍රමුඛ වෘක්ෂලතාදිය පදනම් කර ගනිමින් වර්ගීකරණය කරනු ලබන විශාල භූගෝලීය ප්‍රදේශය කි.

බියෝම

 

2. යම්කිසි ප්‍රදේශයක කුමන ආකාරයක බියෝමයක් පැවතිය හැකි ද යන්න තීරණය කරනු ලබන සාධක මොනවාද?

    • ප්‍රදේශයේ භූගෝලීය ලක්ෂණ
    • ප්‍රදේශයේ දේශගුණය

 

3. බියෝමයක වෙසෙන ප්‍රජාවන් අනුවර්තනය වී ඇති ලක්ෂණ මොනවාද ?

    • බියෝමයේ දේශගුණය
    • බියෝමයේ භූ ලක්ෂණ
    • බියෝමයේ පාංශු තත්ත්වය

 

4. ප්‍රධාන භෞමික බියෝම කීයද? ඒ මොනවාද?

  •  
    • 8 යි
    • නිවර්තන වනාන්තර
    • සැවානා
    • කාන්තාර
    • තුන්ද්‍රා
    • චැපරාල්
    • සෞම්‍ය කලාපික තෘණ භූමි
    • සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර
    • උතුරු කේතුධර වනාන්තර

විවිධ බියෝමවල ගෝලීය ව්‍යාප්තිය

 

5. නිවර්තන වනාන්තර ව්‍යාප්තව ඇති ප්‍රදේශ මොනවාද?

  •  
    • නිරක්ෂයට සමීපව මෙන්ම උප නිවර්තන ප්‍රදේශ වලටද විහිදී ඇත.

ව්‍යාප්තිය

 

6. නිවර්තන වනාන්තර වර්ග කීයද? ඒ මොනවාද?

  •  
    • 2 යි
    • නිවර්තන වැසි වනාන්තර
    • නිවර්තන වියළි වනාන්තර

නිවර්තන වැසි වනාන්තර

නිවර්තන වියළි වනාන්තර

 

7. නිවර්තන වනාන්තර වල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය දක්වන්න.

    • නිවර්තන වර්ෂා වනාන්තර වල 2000 – 4000 mm
    • නිවර්තන වියළි වනාන්තර වල 1500 – 2000 mm (වියළි වනාන්තර වල ඍතුමය වර්ෂාපතනයක් සමග මාස 6-7 කැපී පෙනෙන වියළි කාලයක් ඇත)

 

8. නිවර්තන වනාන්තර වල උෂ්ණත්ව පරාසය දක්වන්න.

    • නිවර්තන වැසි වනාන්තර : 25 ° C – 29 ° C
    • නිවර්තන වියළි වනාන්තර : 25 ° C – 33 ° C

 

9. නිවර්තන වැසි වනාන්තර වල දක්නට ලැබෙන ශාක ස්තර මොනවාද?

  •  
    • නෙරු ස්තරය
    • වියන් ස්තරය
    • උප වියන් ස්තරය
    • යටි ස්තරය (පදුරු හා විශාල අකාෂ්ඨීය ශාක)
    • බිම් ස්තරය (කුඩා අකාෂ්ඨීය ශාක, හතු, වියළි ශාක සුන්බුන්)

වැසි වනාන්තරයක ශාක ස්තරීභවනය

 

10. නිවර්තන වැසි වනාන්තරයක දැකිය හැකි ශාක මොනවාද?

  •  
    • සදාහරිත ශාක
    • අපි ශාක

අපි ශාක බහුල ශාක කඳක්

සදාහරිත ශාක වැස්ම

 

11. නිවර්තන වියළි වනාන්තර වල දැකිය හැකි ශාක මොනවාද?

  •  
    • කටු සහිත පදුරු
    • මාංශල ශාක
    • සදාහරිත ශාක
    • පතනශීලි ශාක

කටු සහිත පදුරු ශාක

සදාහරිත ශාක හා පතනශීලී ශාක

මාංශල ශාක

 

12. නිවර්තන වනාන්තර වල ප්‍රමුඛ සතුන් කවුරුන්ද?

  •  
    • ක්ෂීරපායි විශේෂ
    • ආත්‍රෝපෝඩා විශේෂ (මිලියන 5-30 අතර සංඛ්‍යාවක් ඇත)

 

13. සැවානා ව්‍යාප්තව ඇති ප්‍රදේශ මොනවාද?

  •  
    • නිරක්ෂයට සමීප ප්‍රදේශ සහ උප නිවර්තන ප්‍රදේශ

සැවානා වල ව්‍යාප්තිය

 

14. සැවානා වල වාර්ෂික වර්ෂාපතනය කොපමණද?

    • 300 mm – 500 mm පමණ

        (මාස 8-9 ආසන්න කාලයක් පුරා විහිදෙන වියළි කාලයක් ඇත.)

 

15. සැවානා වල සාමාන්‍ය උෂ්ණත්ව පරාසය කොපමණද?

    •  
    • 24 °C – 29 °C පමණ

        (නමුත් උපනිවර්තන ප්‍රදේශය තුළ ඍතුමය විචලනය වීම් සිදුවිය හැකි බැවින් එම කලාපයේ මෙම උෂ්ණත්ව පරාසය වෙනස් විය හැක.)

 

16. සැවානා වල ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණය කුමක්ද?

  •  
    • උස්වූ තෘණ වැස්මක් තුළ විසිරුණු ශාක දරා සිටින භූදර්ශනය

 

17. සැවානා වල ශාක එම පාරිසරික ලක්ෂණ වලට අනුවර්තනය වී ඇත්තේ කෙසේ ද?

  •  
    • වියළි කාලය තුළ වියළීමට ලක් වූ තෘණ පහසුවෙන් ගින්නට ගොදුරු වන බැවින් සැවානා හි තෘණ නියංවලට ඔරොත්තු දීමට අනුවර්තනය වී ඇත.
    • ජල හිගයට ඔරොත්තුදීමට තෘණ වලට හා ශාක වලට ඉතා හොඳ භූගත සම්බන්ධතාවයක් ඇත.
    • උත්ස්වේදනය අවම කිරීමට කුඩා පත්‍ර දරන ශාක ඇත.
    • ශාක භක්ෂකයන්ගෙන් ආරක්ෂා වීමට කටු දරන දේහ සහිත කුඩා පැළෑටි තෘණ වැස්මේ ඇත.
    • ඍතුමය වැසි නව තෘණ වර්ධනය දිරිගන්වන අතර එමගින් ශාක භක්ෂකයින්ගේ පරිභෝජනය නිසා වූ ජෛව ස්කන්ධ හානිය පූරණය කරයි.

ශක්තිමත් භූගත සම්බන්ධතා සහිත ශාක හා තෘණ

කටු සහිත පදුරු

උත්ස්වේදනය අවම කිරීමට අනුවර්තනය වූ බෙඔබැබ් ශාකය

 

18. සැවානාහි ජීවත් වන සත්ත්ව වර්ග මොනවාද?

  •  
    • බොහෝ කෘමීන්
    • සිංහයන්
    • සීබ්‍රාවන්
    • අලියන්

අමතරව තවත් ක්ශීරපායී විශේෂ

සිංහයන්

වේයන් (ප්‍රධාන වශයෙන් සිටින කෘමී වර්ගයයි)

ජිරාෆ්

සීබ්‍රා

අලියන්

චීටා

 

19. සැවානා තෘණ භූමි වලට එල්ල වී ඇති තර්ජන මොනවාද?

  •  
    • මානව ජනාවාසීකරණය නිසා මිනිසා ගවයන් ඇතිකිරීම හා සතුන් දඩයම් කිරීම නිසා ක්ෂීරපායි ගහනය අඩු වීම.
    • මිනිසා විසින් සිදුකරන ගිනි තැබීම් තෘණ වැස්ම පවත්වා ගැනීමට උපකාරී වුවත් එමගින් ශාක වර්ධනය යටපත් විය හැක.

මිනිසා විසින් සිදුකරන ගිනි තැබීම්

ක්ෂීරපායීන් දඩයම් කිරීම

 

20. කාන්තාර බියෝමයේ ව්‍යාප්තිය දක්වන්න.

  •  
    • උතුරු හා දකුණු අක්ෂාංශ 30 ° ආසන්නයේ හෝ මහද්වීප මධ්‍යයේ නිවර්තන හෝ සෞම්‍ය කලාපීයව ව්‍යාප්තව ඇත.

කාන්තාරවල ව්‍යාප්තිය

 

21. කාන්තාර බියෝම වලට උදාහරණ දක්වන්න.

  •  
    • සහරා කාන්තාරය
    • ගෝබි කාන්තාරය

ගෝබි කාන්තාරය

සහරා කාන්තාරය

 

22. කාන්තාර බියෝමයක සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කොපමණද?

    • 300 mm ට අඩුය.

 

23. කාන්තාර බියෝමයේ උෂ්ණත්ව විචලනය කෙසේ වේද?

    • උෂ්ණ කාන්තාර වල උෂ්ණත්වය 50°C ඉක්මවන අතර ශීත කාන්තාර වල එය – 30°C ට වඩා පහළ යයි.

 

24. උෂ්ණත්වයට හා ජල හිගයට ඔරොත්තු දීමට කාන්තාර ශාක දක්වන අනුවර්තන මොනවාද?

  •  
    • මාංසල ශාක දේහ සහිත වීම. (ඉයුෆෝබියා හා පතොක්)
    • බොහෝ ශාක ප්‍රභාසංස්ලේෂණයේ C4 මාර්ගය දක්වයි.
    • පදුරු වල ගැඹුරු මුල් ඇත.
    • තාපය හා වියළීම දරා ගැනීමේ හැකියාව ඇත.
    • පත්‍ර පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය ක්ෂීණ වීම
    • කණ්ඨක/ කටු තිබීම
    • පත්‍ර තුළ විෂ තිබීම
    • ගිලුණු පුටිකා තිබීම

කාන්තාර බියෝමයේ වැඩෙන මාංසල පත්‍ර සහිත කටු සහිත ශාක

කටු සහිත ශාක

ඉයුෆෝබියා ශාකය

කාන්තාර ශාක වල විහිදුණු ගැඹුරු මුල්

කාන්තාර බියෝමයේ වැඩෙන තවත් ශාක

 

25. කාන්තාර බියෝමයේ හමුවන සත්ත්ව වර්ග මොනවාද?

  •  
    • කුහුඹුවන්
    • ගෝනුස්සන්
    • කෘන්තකයින් (මීයන් වැනි සතුන්)
    • සර්පයන්
    • කටුස්සන්
    • කුරුමිණියන්
    • පක්ෂීන්

(නිශාචර සත්ත්ව විශේෂ බහුල වන අතර,ජල සංරක්ෂණය මෙම සතුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයකි. උදාහරණ ලෙස, ඇතැම් සතුන් බීජ වල ඇති කාබෝහයිඩ්‍රේට් බිද හෙලීමෙන් ලැබෙන ජලයෙන් පමණක් ජීවත් වේ.)

ජල සංරක්ෂණයට අනුවර්තනය වූ කුහුඹු විශේෂයක්

 

26. චැපරාල් ව්‍යාප්තව ඇති ප්‍රදේශ මොනවාද?

  •  
    • උතුරු ඇමෙරිකාව
    • චිලී
    • ස්පාඤ්ඤය
    • දකුණු ප්‍රංශය
    • දකුණු අප්‍රිකාව වැනි මධ්‍ය අක්ෂාංශ වෙරළබඩ ප්‍රදේශ වල.

චැපරාල් හි ව්‍යාප්තිය

 

27. චැපරාල් බියෝමයේ වාර්ෂික වර්ෂාපතනය කොපමණද?

    • 300 mm – 500 mm අතර වේ.

 

28. චැපරාල් බියෝමයෙහි සාමාන්‍ය උෂ්ණත්ව පරාසය කොපමණද?

  •  
    • සාමාන්‍යයෙන් 10 ° C – 12 ° C වන අතර එය 40 ° C දක්වා ඉහළ නැගිය හැක. (චැපරාල් වලට වැසි සහිත ශීත ඍතුවක් හා වියළි ගිම්හානයක් ඇත.)

 

29. චැපරාල් බියෝමයේ භූ දර්ශනය කෙසේ වේද?

  •  
    • දර්ශීය වශයෙන් සමන්විත වන්නේ කුරු වනාන්තර හා පදුරු වලිනි .ඒවා අතර පැතිරුණු තෘණ සහ පැළෑටිවලින් සමන්විත අකාෂ්ඨීය වෘක්ෂලතා ඇත.

 

30. චැපරාල් බියෝමය ළැව්ගිනි වලට නිතර ලක්වේ. එමෙන්ම එහි නියං සමයක් පවතී මේ සදහා චැපරාල්හි ශාක අනුවර්තන මොනවාද?

  •  
    • ගිනි ගැනීමකට පසුව පමණක් බීජ ප්‍රරෝහණය වේ.
    • ගින්නට ප්‍රතිරෝධී මුල් තිබීම
    • ගින්නට ප්‍රතිරෝධී මුල් තුළ සංචිතව ඇති ආහාර ගින්නෙන් පසුව යළි පැළ හට ගැනීමට භාවිතා වේ.
    • ඉක්මනින් නැවත පැළ හට ගැනීම නිසා ගින්නෙන් නිදහස් වූ පෝෂක පැළ වල වර්ධනයට ලබාගත හැක.
    • කාෂ්ඨීය ශාක වල දැඩි, සදාහරිත පත්‍ර නියං කාලය තුළ නොනැසී සිටීමට ශාකයට ආධාර කරයි.

දැඩි නියං සමයට ඔරොත්තුදෙන හා ගින්නෙන් විනාශවීම වැළැක්වීමට වූ ගැඹුරු මූල පද්ධති

චැපරාල් හි ලැව්ගිනි

ගින්නකට පසුව නැවත වැඩෙන ශාක

 

31. චැපරාල් බියෝමයේ සිටින සත්ත්ව විශේෂ මොනවාද?

  •  
    • මුවා, එළුවා (ලෑටිගාන්නෝ)
    • කුඩා ක්ෂීරපායි විශේෂ
    • ඇම්ෆිබියාවන්
    • පක්ෂීන්
    • උරගයින්
    • කෘමී විශේෂ

චැපරාල්හි වෙසෙන සතුන්

 

32. චැපරාල් බියෝමය ක්ෂීණ වීමට හේතු මොනවාද?

    • මානව ජනාවාසකරණය
    • නාගරීකරණය
    • කෘෂිකාර්මික පරිවර්තන

 

33. සෞම්‍ය කලාපික තෘණ භූමි වල ව්‍යාප්තිය කෙසේද?

  •  
    • වනාන්තර හා කාන්තාරවලට යෝග්‍ය දේශගුණ තත්ත්වවලට අතරමැදි දේශගුණයක් සහිත ප්‍රදේශවල ව්‍යාප්තව ඇත.

සෞම්‍ය කලාපික තෘණ භූමි ව්‍යාප්තිය

 

34. සෞම්‍ය කලාපීය තෘණ භූමි වලට උදාහරණ මොනවාද?

  •  
    • උතුරු ඇමරිකාවේ ප්‍රෙයරී
    • යුරේශියාවේ ස්ටෙප්ස්
    • ආජන්ටිනාවේ පැම්පාස්

ස්ටෙප්ස් තෘණ භූමිය

ප්‍රෙයරී තෘණ භූමිය

පැම්පාස් තෘණ භූමිය

 

35. සෞම්‍ය කලාපික තෘණ භූමි වල සාමාන්‍ය දේශගුණික තත්ත්වයන් පිළිබඳ දක්වන්න.

    • ආවර්තිත නියං කාල සහිත අතර වර්ෂණය ඉතාම ඍතුමය වේ. මෙම තෘණ භූමිවල සාපේක්ෂව වියළි ශීත ඍතු හා තෙත් ගිම්හාන සහිතය.සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 300 mm – 1000 mm අතර වේ.

 

36. මෙම තෘණ භූමි වල සාමාන්‍ය උෂ්ණත්වයන් කොපමණ වේද?

    • ශීත ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය – 10 ° C ට වඩා පහළ යන අතර,
    • ගිම්හානයේ එය 30 ° C පමණ වේ.

 

37. සෞම්‍ය කලාපික තෘණ භූමි වල ප්‍රමුඛ ශාක තෘණ වේ. මෙම තෘණ වල උස අනුව ප්‍රෙයරි වර්ග කීයද? ඒ මොනවාද?

    •  
    • 3 යි
      1. උස් තෘණ (2 cm – 200 cm)
      2. මිශ්‍ර තෘණ
      3. මිටි තෘණ

 

 

38. සෞම්‍ය කලාපීය තෘණ භූමි බියෝමයේ දක්නට ලැබෙන ස්වභාවික ආපදාව කුමක්ද?

  •  
    • ලැව්ගිනි

තෘණ භූමි වල ලැව්ගිනි

 

39. සෞම්‍ය කලාපික තෘණ භූමි බියෝමයේ ජීවත් වන සතුන් කවුරුන්ද?

  •  
    • අශ්වයන්
    • ප්‍රෙයරි බල්ලන්

ප්‍රෙයරි බල්ලන්

අශ්වයන්

 

40. උස් තෘණ ප්‍රෙයරි තෘණ භූමි මේ වන විට අන්තරායට ලක් වූ ස්වභාවික පරිසර පද්ධතියකි. ඊට හේතුව කුමක්ද ?

  •  
    • ඒවා සම්පූර්ණයෙන් ම වාගේ කෘෂිකර්මාන්තයට හා ගොවිපළ බවට පරිවර්තනය කර තිබීම.

ගොවිපළක් බවට පත් කළ තෘණ භූමියක්

 

41. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර වල ව්‍යාප්තිය කෙසේ වේද?

  •  
    • උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශවල ව්‍යාප්ත වී ඇත.

සෞම්‍ය කලාපීය වනාන්තර බියෝම වල ව්‍යාප්තිය

 

42. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර වල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කොපමණද?

  •  
    • 700 mm – 2000 mm

       (සැලකියයුතු ප්‍රමාණයක වර්ෂණයක් වර්ෂය මුළුල්ලේ ලැබෙන්නේ ගිම්හානයේදී වර්ෂාව ලෙසත් ශීත ඍතුවේ හිම ලෙසත්ය.)

 

43. මෙම බියෝමයේ සාමාන්‍ය උෂ්ණත්ව පරාසය කුමක්ද?

  •  
    • 0°C – 35°C

        (ශීත ඍතුවේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය 0°C වන අතර ගිම්හානයේ එය 35°C දක්වා ඉහළ යා හැකිය. උණුසුම්, ආර්ද්‍ර ගිම්හානය ශාක වර්ධනයට හිතකර වේ.)

සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර වල ඍතු භේදය

උණුසුම් ගිම්හානයක වනාන්තරයක දර්ශනයක්

 

44. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරයක ශාක වැස්ම පිළිබඳ දක්වන්න.

    • ප්‍රමුඛ ශාක වැඩි වශයෙන් පතනශීලි වේ.
    • ශාක සිරස් ස්තර ලෙස සැකසීමක් දැකිය හැක. (ස්තරීභවනය)
    • අපිශාක ස්වල්පයක් පමණක් හමුවේ.

 

45. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරයක ශාක වැස්මේ දැකිය හැකි ස්තර මොනවාද?

    • සංවෘත වියන් ස්තරය
    • යටි ප්‍රස්තර ශාක ස්තරය
    • පදුරු ස්තරය
    • පැළෑටි ස්තරය

සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරයක ස්තරීභවනය

 

46. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර වල දැකිය හැකි සත්ත්ව වර්ග මොනවාද?

  •  
    • ක්ෂීරපායි විශේෂ (බහුලය)
    • පක්ෂී විශේෂ

ක්ෂීරපායින්

පක්ෂීන්

 

47. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර වල වෙසෙන සතුන් දේශගුණය සඳහා දක්වන අනුවර්තන මොනවාද?

    • ක්ෂීරපායින් සතු ශිශිරතරණය කිරීමේ හැකියාව.
    • පක්ෂීන් සතු පර්යටනය කිරීමේ හැකියාව.

 

48. මෙම බියෝමයට එල්ල වී ඇති තර්ජන මොනවාද?

  •  
    • ගස් කැපීම
    • කෘෂිකර්මාන්තය සදහා එළි කිරීම
    • මානව ජනාවාසකරණය

වන විනාශය

 

49. උතුරු කේතුධර වනාන්තර බියෝමය හෙවත් ටයිගා බියෝමයේ ව්‍යාප්තිය කෙසේද?

  •  
    • පෘථිවියේ විශාලතම බියෝමය වන මෙය ආක්ටික් තුන්ද්‍රාවේ සිට පහළට පළල් පටියක් ලෙස විහිදී ඇත.

කේතුධර වනාන්තර බියෝමයේ ව්‍යාප්තිය

 

50. කේතුධර වනාන්තර බියෝමයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කොපමණද?

    • 300 mm – 700 mm පමණ වේ.

(ආවර්තිත නියංකාලද සුලබ ය)

 

51. කේතුධර වනාන්තර බියෝමයේ සාමාන්‍ය උෂ්ණත්ව පරාසය කොපමණද?

    • (ශීත ඍතුව) -50°C සිට 20°C (ගිම්හානය) දක්වා පරාසයක විචලනය වේ.

 

52. උතුරු කේතුධර වනාන්තර වල ප්‍රමුඛ ශාක කේතුධර ශාක වේ. කේතුධර ශාක වලට උදාහරණ 3 ක් දෙන්න.

  •  
    • ෆර්
    • පයින්
    • සයිප්‍රස්

පයින්

සයිප්‍රස්

ෆර්

 

53. ශීත දේශගුණයෙන් හා හිම පතනය වීමෙන් ශාක විනාශ වීම වැළැක්වීමට ඇති අනුවර්තන මොනවාද?

    • කේතුධර ශාක වල කේතු හැඩය හිම එක් රැස් වී අතු කඩා වැටීම වළකයි.
    • මෙම ශාක වල ඉදිකටු හැඩැති පත්‍ර මගින් අධික උත්ස්වේදනය අවම කරයි.

 

54. කේතුධර ශාක බියෝමයේ පදුරු හා පැළෑටි විවිධත්වය, සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර වලදීට වඩා අඩු වීමට හේතුව කුමක්ද?

    • අවක්ෂේපනයේ හා උණුසුම් උෂ්ණත්වයේ සීමා සහිත බව

 

55. කේතුධර වනාන්තර බියෝමයේ සුලබව හමුවන ක්ෂීරපායින් නම් කරන්න.

  •  
    • දුඹුරු වලසා
    • උතුරු ඇමෙරිකානු ගෝනා (moose)
    • සයිබීරියානු කොටියා

දුඹුරු වලසා

ඇමෙරිකානු ගෝනා (moose)

සයිබීරියානු කොටියා

 

56. කේතුධර වනාන්තර බියෝමයට එල්ලවී ඇති තර්ජන මොනවාද?

  •  
    • ඇතැම් කාල වල ක්ෂණික කෘමී ආක්‍රමණය එල්ලවී ප්‍රමුඛ ශාක මරා දැමීම
    • දැව පිණිස ගස් කැපීම අනතුරුදායක මට්ටමකින් සිදුවීම

කෘමී ආක්‍රමණය නිසා විනාශ වන කේතුධර ශාක

ගස් කැපීම

කෘමී ආක්‍රමණ නිසා විනාශවු ශාක

 

57. තුන්ද්‍රා බියෝමයේ ව්‍යාප්තිය දක්වන්න.

  •  
    • ආක්ටික් ප්‍රදේශයේ විශාල වර්ග ප්‍රමාණයක පැතිරී ඇත. පෘථිවි භූමි ප්‍රමාණයෙන් 20% ක් මීට අයත් වේ.

තුන්ද්‍රා බියෝමයේ ව්‍යාප්තිය

 

58. තුන්ද්‍රා ආකාර දෙකකි. ඒ මොනවාද?

  •  
    • ඇල්පයින් තුන්ද්‍රාව
    • ආක්ටික් තුන්ද්‍රාව

ඇල්පයින් තුන්ද්‍රාව

ආක්ටික් තුන්ද්‍රාව

 

59. ආක්ටික් තුන්ද්‍රාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කොපමණ වේද?

    • 200 mm – 600 mm පමණ

 

60. ඇල්පයින් තුන්ද්‍රාවේ සාමාන්‍ය වර්ෂාපතනය කොපමණ වේද?

    • 1000 mm ට වඩා වැඩි වර්ෂණයක් ලැබේ.
    • (බොහෝ තුන්ද්‍රා වලට ඉතා අඩු ජල ආදානයන් (input) වර්ෂණයක් ලෙස ලැබෙන නිසා එවායේ පස තෙතමනය සහිත විය හැකිය. ඊට හේතුව එවන් ශීත දේශගුණ වලදී වාෂ්පීභවනය සුළු වශයෙන් සිදුවීම හා මිදුණු පස මගින් ජලය ගැඹුරට බැස යාම වැළැක්වීම යි.)

 

61. තුන්ද්‍රා වල සාමාන්‍ය උෂ්ණත්ව පරාසය කෙසේ වේද?

    • ශීත ඍතුවේදී උෂ්ණත්වය -30°C ට වඩා පහළ බහින අතර ගිම්හානයේ උෂ්ණත්වය – 10°C ට වඩා අඩුවේ.

 

62. තුන්ද්‍රාවේ දක්නට ලැබෙන ශාක වර්ග මොනවාද?

  •  
    • තෘණ සහ forbs
    • පදුරු
    • කුඩා අකාෂ්ටීය ශාක
    • මීට අමතරව පාසි, ලයිකන දක්නට ලැබේ.

තුන්ද්‍රාවෙ හමුවෙන ශාක හා පාසි වර්ග

 

63. තුන්ද්‍රා බියෝමයේ ඇති නිත්‍යතුහින ස්ථරය මගින් කුමක් සිදුවේද?

  •  
    • ශාක මුල් වල වර්ධනය සීමා කරයි.

නිත්‍ය තුහින ස්තරය (permafrost)

 

64. තුන්ද්‍රා බියෝමයේ දක්නට ලැබෙන සතුන් කවරහුද?

  •  
    • කැරිබු පිනිමුවා (පර්යටන)
    • Musk oxen (නිත්‍ය වාසීන්)
    • විලෝපික වෘකයන්
    • නරියන්
    • වලසුන්
    • ගිම්හානයේ කූඩු සාදන පර්‍යටන පක්ෂීන්

විලෝපික වෘකයන්

පර්යටන පක්ෂීන්

Musk oxen

නරියන්

කැරිබු පිනිමුවා

 

65. තුන්ද්‍රා බහුලව භාවිතා වන්නේ කුමක් සඳහාද?

  •  
    • ඛණිජ සහ තෙල් නිස්සාරණයට

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet