08. පාරිසරික ජීව විද්‍යාව08.05 පරිසරය හා ජෛව විවිධත්ව සංරක්ෂණය8.5.1. පරිසර හා ජෛව විවිධත්ව සං‍රක්ෂණ ක්‍රම ගවේෂණය කරයි

8.5.1. පරිසර හා ජෛව විවිධත්ව සං‍රක්ෂණ ක්‍රම ගවේෂණය කරයි

ජෛව විවිධත්ව සංරක්ෂණය

  1. ජෛව විවිධත්ව සං‍රක්ෂණයේ ප්‍රධාන අරමුණ කුමක්ද?

    • සංරක්ෂණ ක්‍රියාදාමයේ ප්‍රධානතම අරමුණ ජීවී විශේෂ උපරිම සංඛ්‍යාවක දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීමයි.
    • වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති ජීවී විශේෂ විශේෂයෙන් සුරැකිය යුතු අතර, ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය නොකඩවා පවත්වා ගෙන යෑම හා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා පියවර ගත යුතුය.

 

2.  ජෛව විවිධත්ව සං‍රක්ෂණ ආකාර නම් කර, ඒවාට උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න.

  1. ස්ථානීය සංරක්ෂණය

    • මෙහි දී ජීවී විශේෂයේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ප්‍රජනනය ස්වාභාවික වාසස්ථානයේ දී තහවුරු කෙරේ.
    • මූලික වශයෙන් විශාල ගහනයක් සහ ප්‍රමාණවත් වූත් උචිත වූත් වාසස්ථාන තිබෙන බවට වග බලා ගත යුතු ය.
    • උදා : යාල සහ මින්නේරිය වැනි ජාතික වනෝද්‍යාන හා කන්නෙළිය, පිදුරුතලාගල වැනි වන රක්ෂිත

(යාල ජාතික වනෝද්‍යානය)

(යාල ජාතික වනෝද්‍යානයේ සිටින සතුන්)

(මින්නේරිය ජාතික වනෝද්‍යානය)

(කන්නෙළිය වන රක්ෂිතය)

(පිදුරුතලාගල වන රක්ෂිතය)

  2. විතැන් සංරක්ෂණය

    • විශේෂය ස්වාභාවික වාසස්ථානයෙන් ඉවතට ගෙන, නොනැසී ජීවත් වන සේත්, ප්‍රජනනය තහවුරු වන සේත් වෙනත් ස්ථානයක දී රැක බලා ගැනීම මෙහි දී සිදු වේ.
    • විතැන් සංරක්ෂණයේ ප්‍රධාන කාර්යභාරය ඉටු කරන්නේ ප්‍රධාන වශයෙන් සත්ත්වෝද්‍යාන සහ උද්භිද උද්‍යාන මගිනි.
    • උදා :- කැස්බෑ රැකුම් හල් හා පින්නවල අලි අනාථාගාරය

(පින්නවල අලි අනාථාගාරය)

(කැස්බෑ රැකුම් හල්)

 

කැස්බෑ රැකුම් හලක්..↓

 

පින්නවල අලි අනාථාගාරය..↓

 

3.පරිසර සං‍රක්ෂණයට අදාල සම්මුති නම්කර ඒවා හඳුන්වන්න.

  1.CITES (1975)

    • මෙම සම්මුතියේ අරමුණ වන්නේ වන සතුන්ගේ අං සහ සම් වැනි නිදර්ශක සහ සම්පූර්ණ ශාක හෝ ශාක කොටස් අන්තර්ජාතික වෙළෙඳාම මගින්, ඒවායේ පැවැත්මට තර්ජනයක් නොවන බව තහවුරු කිරීමයි.
    • CITES ට අනුව ඇතැම් ජීව විශේෂ අපනයනය සඳහා (ලේඛනගත කළ පරිදි) පෙර අනුමැතිය සහ අපනයන බලපත්‍ර ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
    • මෙහි දී අපනයන බලපත්‍රයක් ප්‍රදානය කරනු ලබන්නේ එම විශේෂය අපනයනයෙන් එහි පැවැත්මට හානියක් නොවේ නම් පමණි.

                   උදා :- ශ්‍රී ලංකාවේ කොටියාගේ සම

                           Cycas ශාකය – මඩු

(Cycas – මඩු ශාකය)

(ශ්‍රී ලංකාවේ කොටියාගේ සම)

2.ජෛව විද්‍යාත්මක විවිධත්ව සම්මුතිය (CBD – 1992)

    • මෙමගින් ජෛව විවිධත්ව සංරක්ෂණයේ සියලු අංග ආවරණය කෙරේ.
    • මෙහි ප්‍රධාන අරමුණු වන්නේ,
        1. ජෛව විද්‍යාත්මක විවිධත්වය සංරක්ෂණය.
          • උදා :-
            • ප්‍රවේණික ද්‍රව්‍ය සංරක්ෂණය
            • ජීවී විශේෂ සංරක්ෂණය
            • පරිසර පද්ධති සංරක්ෂණය

            b. ජෛව විද්‍යාත්මක විවිධත්වයේ තිරසාර භාවිතය.

          • උදා :-
            • අධි පරිභෝජනය පාලනය කිරීමට සීමා පැනවීම.

            c. ප්‍රවේණික සම්පත් නිසා ලැබෙන ප්‍රතිලාභ සාධාරණ හා සමානාත්මතාවෙන් යුතුව බෙදා ගැනීම.

          • උදා :-
            • ඝට්ටනයකින් තොරව ප්‍රවේණික ද්‍රව්‍ය රටවල් අතර හුවමාරු කර ගැනීම.

3. රැම්සාර් සම්මුතිය/ තෙත්බිම් සඳහා සම්මුතිය (1971)

    • තෙත්බිම් සඳහා වූ සම්මුතිය රැම්සාර් සම්මුතිය නම් වේ.
    • මෙම සම්මුතිය මඟින් තෙත්බිම් සහ ඒවායේ ඇති සම්පත් සංරක්ෂණය සහ නැණවත් පරිහරණය සඳහා රාමුවක් සපයයි.
    • ලංකාවේ රැම්සාර් තෙත්බිම් ලෙස ප්‍රකාශ කළ තෙත්බිම් 6 කි.
      1. මාඳු ගඟ
      2. වන්කාලෙයි
      3. විල්පත්තුව
      4. ආනවිලුන්දාව
      5. බූන්දල
      6. කුමන

(ආනවිලුන්දාව)

(බූන්දල)

(කුමන)

(මාඳු ගඟ)

(වන්කාලෙයි)

(විල්පත්තුව)

4. නැව් මඟින් සිදු වන දූෂණය වැළැක්වීමේ අන්තර්ජාතික සම්මුතිය (මාපෝල් සම්මුතිය / MARPOL – 1973)

    • ක්‍රියාන්විත මගින් හෝ අහම්බෙන් හෝ සිදු වන, නැව් මගින් සාගර පරිසරය දූෂණය වැළැක්වීම අරමුණු කරගත්, ප්‍රධාන අන්තර් ජාතික සම්මුතියයි.
    • මෙම සම්මුතියේ අරමුණ වන්නේ,
    • තෙල් සහ වෙනත් හානිකර ද්‍රව්‍ය වලින් වන සමුද්‍ර දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට උත්සාහ ගැනීමෙන් හා එබඳු ද්‍රව්‍යවල අහම්බෙන් සිදු වන විසිරුම් අවම කිරීම මගින් සාගර පරිසරය ආරක්ෂා කිරීමයි.

5. මොන්ට්‍රියල් ප්‍රඥප්තිය (1989)

    • ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය වලට අදාළව ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීමට අන්තර්ජාතික පිළියම් සහිතව සැකසූ කෙටුම්පතකි.
    • මෙහිදී ඕසෝන් ස්ථරය ක්ෂය වීමට වගකිව යුතු ද්‍රව්‍ය ගණනාවක් නිපදවීම අදියරෙන් අදියරට ඉවත් කිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කර ඇත.

6. කියෝතෝ සම්මුතිය (1977)

    • දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය (UNFCCC) හා බැඳුණු අන්තර්ජාතික ගිවිසුමකි.
    • හරිතාගාර වායු (GHGs) විමෝචනය ඉලක්ක මට්ටම කරා අඩු කිරීමට එහි පාර්ශ්වකරුවන් එකඟ කරවා ගැනීමට එය කැප වී ඇත.
    • 2012 දෝහා කටාර්හි දී ” කියෝතෝ සම්මුතිය සඳහා දෝහා සංශෝධනය ” ගොඩනඟා ගන්නා ලදී.
    • එම වගකීමට බැඳුණු කාලය තුළ (2013 – 2020) පාර්ශවකරුවන් හරිතාගාර වායු විමෝචනය අවම වශයෙන් 18% කින් අඩු කිරීමට කැපවී ක්‍රියා කර ඇත.

7. බාසල් සම්මුතිය

    • අනතුරුදායක අපද්‍රව්‍ය දේශ සීමා හරහා පරිවහනය හා බැහැර කිරීම පාලනය සහ මේවා මඟින් මානව සෞඛ්‍යයට හා පරිසරයට සිදු වන හානිකර බලපෑම් වලින් ආරක්ෂා කිරීම සඳහා මෙමගින් කටයුතු කරයි.
    • එහි විෂයපථය මඟින් අනතුරුදායක අපද්‍රව්‍ය ලෙස පුළුල් පරාසයක අපද්‍රව්‍ය සලකා බැලේ.

           උදා :- • සම්භවය හෝ සංයුතිය, ඒවායේ ලක්ෂණ මත පදනම් කරගත් අපද්‍රව්‍ය.

                    • ලෙඩ් (Pb), මර්කරි (Hg) වැනි බැර ලෝහ අඩංගු අපද්‍රව්‍ය.

                    • රෝගකාරක අඩංගු රෝහල් අපද්‍රව්‍ය.

 

රැම්සාර් සම්මුතිය පිළිබඳව……

 

බාසල් සම්මුතිය පිළිබඳ….

 

ශ්‍රී ලංකාවේ පාරිසරික නීති පද්ධතිය සහ ප්‍රතිපත්ති

  • පරිසරය ආරක්ෂා කිරීම, සංරක්ෂණය සහ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇත.
  • ඒ අනුව ශ්‍රී ලංකා රජය පරිසර සංරක්ෂණය ඉලක්ක කර රීති සහ ප්‍රතිපත්ති රැසක් ප්‍රකාශයට පත් කර ඇත
  • ඒවා රැසක් කාලයෙන් කාලයට සංශෝධනය කරමින් යාවත්කාලීන කරයි.

4. නීති පද්ධතියක් යනු කුමක්ද? 

    • නීති පද්ධතියක් යනු රෙගුලාසි මාලාවක් වන අතර, ඒවා උල්ලංඝනය කළ හොත් පාර්ශ්වකරුවන්ට දඬුවම් පමුණුවනු ලැබේ.

 

5. පාරිසරික නීති පද්ධතියේ ඇති ප්‍රතිපත්ති යනු මොනවාද?

    • ප්‍රතිපත්ති යනු පාර්ශ්වකරුවන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් මාලාවකි.
    • ඒවා ක්‍රියාත්මක නොකළ ද දඬුවම් පමුණුවනු නොලැබේ.

6. ශාක හා සත්ත්ව ආරක්ෂණ ආඥා පනත (FFPO) පිළිබඳව පහදන්න.

    • 1937 අංක 2 දරන ආඥා පනත සහ පසුව සිදු කළ සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ වන ජීවීන් සහ ශාක වලට ආරක්ෂාව සපයනු ලැබේ.
    • ජාතික වනෝද්‍යාන, වන පිවිසුම්, දැඩි ස්වාභාවික රක්ෂිත සහ අභය භූමි, ක්‍රියාත්මක කිරීම හා කළමණාකරණය ශාක හා සත්ත්ව ආරක්ෂණ ආඥා පනතෙන් සිදුවේ.
    • මේ නීති බලාත්මක කිරීමට වගකිව යුතු අධිකාරිය වන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. (DWLC)

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet