පාඩමේ සටහන Download කරගන්න.
ප්‍රතිශක්තිය
1.ප්‍රතිශක්තිය යනු කුමක්ද?
- තුවාලයකට, ආක්‍රමණකාරී ව්‍යාධිජනකයන්ට හා ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව දේහය තුළ ඇති ආරක්ෂණ යන්ත්‍රණය හේතුවෙන් ඇති වන ප්‍රතිරෝධී තත්ත්වය.
2.ආසාදක රෝග හට ගැනීමට හේතුකාරක වන ව්‍යාධිජනකයන් කවුරුන්ද?
-
- ඇතැම් බැක්ටීරියා
- වයිරස
- දිලීර
3.දේහයට ආගන්තුක ලෙස හඳුනා ගත් ද්‍රව්‍ය මොනවාද?
- පරාග කණිකාවල ඇති රසායනික සංඝටක
- නොගැළපෙන රුධිර සෛල
- බද්ධ කරන ලද පටක කොටස්
4.මේ ආගන්තුක ආක්‍රමණවලට එරෙහිව ක්‍රියා කරමින් සත්ත්ව ශරීරයට ආරක්ෂාව සලසන්නේ?
5.ඒ සඳහා පද්ධතියට තිබිය යුතු හැකියාව කුමක්ද?
- ආරක්ෂණ ප්‍රතිශක්ති ප්‍රතිචාර ආරම්භ කිරීමට දේහය තුළ දී ආගන්තුක සෛල/ අංශුවලින් (තමන්ගේ නොවන) තම දේහ සෛල (ස්වයං) වෙන් කර හඳුනා ගැනීම.
6.ප්‍රතිශක්ත ප්‍රතිචාර ප්‍රධාන කාණ්ඩ 2 කුමක්ද?
- සහජ ප්‍රතිශක්තිය
- අනුවර්තී ප්‍රතිශක්තිය
සහජ ප්‍රතිශක්තිය
7.සහජ ප්‍රතිශක්තිය යනු කුමක්ද?
- පුළුල් පරාසයක ව්‍යාධිජනකයන් සහ ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව සහජ දේහ ආරක්ෂණ මඟින් ලබා දෙන ශීඝ්‍ර ප්‍රතිචාර ඔස්සේ, දේහය තුළ සිදු වන හානියට සහ රෝගවලට ප්‍රතිරෝධී වීමේ හැකියාව.
8.සහජ ප්‍රතිශක්තියේ ලක්ෂණ මොනවාද?
- ව්‍යාධිජනකයන් කාණ්ඩයකට පොදු වූ ලක්ෂණ මත ඔවුන් හඳුනා ගැනීම හා ඒ සඳහා ආරක්ෂණ ප්‍රතිචාර දැක්වීම.
- විශිෂ්ට ආක්‍රමණිකයන්ට විශිෂ්ට ප්‍රතිචාර දැක්වීමක් නොමැති අතර, ආරක්ෂණ යාන්ත්‍රණ ක්‍රියාකාරි වීම ආක්‍රමණිකයාගේ වර්ගය මත රඳා නොපවතින එකම ආකාරයට සිදු වේ. මේ නිසා සහජ ප්‍රතිශක්තිය විශිෂ්ට නොවන ආරක්ෂණ යාන්ත්‍රණයක් වේ.
- ව්‍යාධිජනක හා ආගන්තුක ආක්‍රමණවලට එරෙහි ක්‍ෂණික නමුත් පොදු ආරක්ෂාවක් සලසා දෙයි.
- පෘෂ්ඨවංශිකයන්ට මෙන් ම අපෘෂ්ඨවංශීන්ට ද සහජ ප්‍රතිශක්තිය දක්නට ඇත.
9.සහජ ප්‍රතිශක්තිය ආකාර 2 මොනවාද?
- බාහිර බාධක (බාහිර ආරක්ෂණය/ බාධක ආරක්ෂණය)
- අභ්‍යන්තර විශිෂ්ට නොවන ආරක්ෂණය (අභ්‍යන්තර ආරක්ෂණය)
10.බාහිර ආරක්ෂණය/ සහජ ප්‍රතිශක්තියේ බාධක ආරක්ෂණය යනු කුමක්ද?
- බාහිර බාධක මඟින් ව්‍යාධිජනකයන්ට හා ආගන්තුක ද්‍රව්‍ය වලට දේහය විනිවිද ගොස් ඇතුළු වීමට ඇති ඉඩකඩ අසුරා ලයි. එය පළමු පෙළ ආරක්ෂණය ලෙස සලකනු ලබයි.
11.බාහිර ආරක්ෂණ ආකාර මොනවාද?
- සමෙහි හමුවන බාහිර ආරක්ෂණ හෝ බාධක
- ශ්ලේෂ්මල පටලය
- විවිධ අවයව නිකුත් කරන ස්‍රාවයන්
12.භෞතික බාධක ලෙස ක්‍රියා කරන බාහිර ආරක්ෂණ මොනවාද?
- සමෙහි හමුවන බාහිර ආරක්ෂණ හෝ බාධක
- ශ්ලේෂ්මල පටලය
- විවිධ අවයව නිකුත් කරන ස්‍රාවයන්
13.රසායනික බාධක ලෙස ක්‍රියා කරන බාහිර ආරක්ෂණ මොනවාද?
- අවයව නිකුත් කරන ස්‍රාවයන්
14.මිනිස් සම සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණයට දායක වන ආකාරය කුමක්ද?
- ඉතා සමීපව ඇසිරුණ කෙරටිනීභූත සෛල ස්තර ගණනාවකින් සමන්විත අතර මේවා ක්‍ෂුද්‍රජීවීන්ට දේහයට ඇතුළු වීමට එරෙහි සැලකිය යුතු භෞතික බාධකයක් ලෙස ක්‍රියා කරයි.
- අපිචර්මයේ සෛල වරින් වර ඉවත් කිරීම මඟින් සම මතුපිට සිටින ක්‍ෂුද්‍රජීවීන් ඉවත් කිරීමක් ද සිදු වෙයි.
15.ශ්ලේෂ්මල පටල සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණයට දායක වන ආකාරය කුමක්ද?
- දේහය තුළ ඇති විවිධ කුහරමය ව්‍යුහ ආවරණය කරමින් බොහෝ ක්‍ෂුද්‍රජීවීන් ඇතුල් වීමට එරෙහි භෞතික බාධකයක් ලෙස ක්‍රියා කරයි.
- ශ්ලේෂ්මල පටලය නිපදවන ශ්ලේෂ්මල මඟින් ක්‍ෂුද්‍රජීවීන් හා වෙනත් අංශු රඳවා ගනු ලබයි.
- ශ්වසන මාර්ගයේදි, පක්ෂ්මධර අපිච්ඡදයේ ඇති පක්ෂ්ම මඟින් ශ්ලේෂ්මලය හා ඕනෑම හසුකරගත් ද්‍රව්‍යයක් ඉහළට තල්ලු කරනු ලබයි.
- කැස්ස හා කිවිසුම් මඟින් ශ්ලේෂ්මල චලනය හා රඳවා ගත් ව්‍යාධිජනකයන් දේහයෙන් පිටතට යැවීම වේගවත් කරනු ලබයි.
- මෙමඟින් එම ද්‍රව්‍ය පෙණහැලි වෙතට ඇතුළු වීම වළක්වයි.
16.දේහයේ ශ්ලේෂ්මල පටල දැකිය හැකි ස්ථාන මොනවාද?
- ශ්වසන මාර්ගයේ ආස්තරණය
- මුත්‍ර මාර්ගයේ ආස්තරණය
- ආහාර මාර්ගයේ ආස්තරණය
- ප්‍රජනක මාර්ගයේ ආස්තරණය
17.දේහ ස්‍රාව වර්ග මොනවාද?
- කඳුළු
- ඛේටය
- ශ්ලේෂ්මල
- ස්වේද ස්‍රාවය
18.දේහ ස්‍රාව සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණයට දායක වන ආකාරය කුමක්ද?
- සමේ සහ ශ්ලේෂ්මල පටලවල මතුපිට අපිච්ඡද පෘෂ්ඨය ආරක්ෂා කිරීමට උදවු කරයි. කඳුළු ඇසට ක්‍ෂුද්‍රජීවීන්ගෙන් හා උද්දීපකවලින් ආරක්ෂාව සපයයි.
- කඳුළු නිරන්තරයෙන් ඇස සේදීමට ලක් කරමින්, ක්‍ෂුද්‍රජීවීන් තනුක කිරීමත්, ඇසේ මතුපිට තැන්පත් වීමත් වළක්වමින් ඇස ආරක්ෂා කරයි.
- බේටය මුඛයේ පෘෂ්ඨයේ සිටින ක්‍ෂුද්‍රජීවීන් සේදීමට ලක් කරමින් මුඛය තුළ ක්‍ෂුද්‍රජීවීන් ඝනාවාසීකරණය අඩු කරවයි.
- ශ්ලේෂ්මල ස්‍රාවයන් නිරාවරණය වන විවිධ අපිච්ඡද නැහැවීමට ලක් කරමින්, අඛණ්ඩ සේදීම් ක්‍රියාවලිය මඟින් බැක්ටීරියා සහ දිලීර වැනි ක්‍ෂුද්‍රජීවි ගහන තනුක කිරීමත්, ඝනාවාසීකරණය නිෂේධනයක් කරයි.
- කඳුළු, බේටය, ස්වේද ස්‍රාවය සහ ශ්ලේෂ්මල වැනි ස්‍රාවයන්හි අඩංගු වන ලයිසොසයිම් නමැති එන්සයිමය මඟින් ඇතැම් බැක්ටීරියාවන්ගේ සෛල බිත්ති විනාශ කරයි.
- ආමාශයික යුෂයේ ඇති අම්ලය මඟින් ආමාශය තුළ ආම්ලික පරිසරයක් ඇති කරමින් බොහෝ බැක්ටීරියාවන් හා ආහාර ද්‍රව්‍ය සමඟ අධිග්‍රහණය වූ බැක්ටීරියා ධූලක විනාශ කරනු ලබයි.
- සමේ ස්වේද හා ස්නේහ ස්‍රාවි ග්‍රන්ථිවල ස්‍රාවයන් මඟින් සමට ආම්ලික බවක් ලබා දෙමින් බැක්ටීරියා වර්ධනය වීම වළක්වයි.
19.සහජ ප්‍රතිශක්තියේ අභ්‍යන්තර ආරක්ෂණය යනු කුමක්ද?
- ව්‍යාධිජනකයන් මිනිස් සිරුරේ ඇති බාහිර ආරක්ෂණ බාධකවලට අයත් සම හා ශ්ලේෂ්මල පටල විනිවිද ගොස් දේහය තුළට ඇතුළු වීමට උත්සාහ කරන විට දෙවන පෙළ ආරක්ෂණය ක්‍රියාත්මක වෙයි. ව්‍යාධිජනකයන් වැනි ආගන්තුක කාරක හඳුනා ගන්නේ ඒවායේ පවතින අණු සමඟ එම ප්‍රතිග්‍රාහක අණු විශිෂ්ට ලෙස බැඳීම මඟින් අණුක මට්ටමේ හඳුනා ගැනීමත් සිදු කිරීමෙනි.
20.සහජ ප්‍රතිශක්තියේ අභ්‍යන්තර ආරක්ෂණ ආකාර මොනවාද?
- භක්‍ෂක සෛල
- ස්වාභාවික නාශක සෛල
- ප්‍රදාහක ප්‍රතිචාර
- ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රෝටීන
21.භක්‍ෂක සෛල යනු කුමක්ද?
- ක්‍ෂුද්‍රජීවීන්, ආගන්තුක අංශු හා සෛල සුන්බුන් අධිග්‍රහණයටත් ඒවායේ අන්තඃසෛලීය ජීර්ණය හා විනාශ කිරීමටත් හැඩගැසුණ විශේෂිත සෛල
22.මිනිසාගේ ඇති ප්‍රධානතම භක්‍ෂක සෛල වර්ග 2 මොනවාද?
23.භක්‍ෂක සෛල අභ්‍යන්තර ආරක්ෂණයට දායක වන ආකාරය කුමක්ද?
- ආගන්තුක කාරකවල සංඝටක හා අංශු හඳුනා ගැනීමට භක්‍ෂක සෛල සතු ප්‍රතිග්‍රාහක අණු යොදා ගනියි.
- ආසාදනයට ලක් වූ පටක මඟින් නිදහස් කරන සංඥා මඟින් ආසාදිත ස්ථානය වෙතට සංසරණය වන රුධිරයේ ඇති නියූට්‍රොෆිල පළමුවෙන් ආකර්ෂණය වෙයි.
- ඉන්පසු නියූට්‍රොෆිල මඟින් ආසාදිත ව්‍යාධිජනකයන් අධිග්‍රහණය කර විනාශ කරනු ලබයි.
24.මහා භක්‍ෂාණු යනු කුමක්ද?
- විශාල සහ ප්‍රබල භක්‍ෂක සෛල වර්ගයකි.
25.ස්වාභාවික නාශක සෛල යනු කුමක්ද?
- වසා සෛල වර්ගයක් වේ.
- විශිෂ්ට නොවන ආරක්ෂණ යන්ත්‍රණයට දායක වේ.
26.ස්වාභාවික නාශක සෛල පවතින ස්ථාන මොනවාද?
- රුධිරයේ
- ප්ලීහාව, වසා ගැටිති වැනි ඇතැම් පටක හෝ අවයව
27.ස්වාභාවික නාශක සෛල අභ්‍යන්තර ආරක්ෂණයට දායක වන ආකාරය කුමක්ද?
- ඒවාට සෛල මතුපිට ඇති අසාමාන්‍ය අණු වර්ග හඳුනා ගෙන මරා දැමිය හැකි ය. (උදා: වයිරස ආසාදිත දේහ සෛල හා සමහර පිළිකා සෛල).
- ස්වාභාවික නාශක සෛල මේ අසාමාන්‍ය සෛල පරිග්‍රහණය නොකරන අතර, අසාමාන්‍ය සෛලවල මතුපිටට සම්බන්ධ වන විට ඒවා විනාශ කළ හැකි රසායන ද්‍රව්‍ය මුදා හැර, ඒවා විනාශයට ලක් කරමින් වයිරස හා පිළිකාව තව දුරටත් පැතිර යෑම වළක්වයි.
ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රෝටීන
28.ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රෝටීනවල කාර්යය කුමක්ද?
- රුධිරයේ හා අන්තරාල තරලයේ අඩංගු ඇතැම් ප්‍රෝටීන සහජ ආරක්ෂණ ඇති කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවීන්ට ඍජුව පහර දීම හෝ ඔවුන්ගේ ප්‍රජනනයේදී අනපේක්ෂිත ලෙස පහරදීම සිදු කිරීම.
29.ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රෝටීන සඳහා නිදසුන් දෙන්න.
- ඉන්ටෆෙරෝන්
- අනුපූරක ප්‍රෝටීන
30.ඉන්ටෆෙරෝන් ස්‍රාවය වන්නේ මොනවායින්ද?
- වෛරස මඟින් ආසාදනය වූ දේහ සෛල වලිනි.
31.ඉන්ටෆෙරෝන් වල බලපෑම කෙටියෙන් පහදන්න.
- ආසාදනයට ලක් නොවූ ධාරක සෛල වල ආරක්ෂාව සඳහා
- වෛරස වල ප්‍රතිවලිතයට බලපෑම් ඇති කර නිශේධනය සඳහා,
- එම සෛල වලින් ප්‍රතිවෛරස ප්‍රෝටීන ස්‍රාවය වීම උත්තේජනය කරයි.
- මීට අමතරව මහාභක්ෂාණු සක්‍රිය කිරීමද සිදු කරයි.
32.අනුපූරක ප්‍රෝටීන යනු මොනවාද?
- රුධිර ප්ලාස්මාවේ හා ප්ලාස්මපටල වල පවතින සාමාන්‍යයෙන් අක්‍රිය ප්‍රෝටීන කාණ්ඩයකි.
33.අනුපූරක ප්‍රෝටීන වල ක්‍රියාව කෙටියෙන් සඳහන් කරන්න.
- ක්ෂුද්‍රජීවී සෛල මතුපිට පවතින විවිධ ද්‍රව්‍යය හමුවේ සක්‍රිය වී, ජෛව රසායනික ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ආක්‍රමණික සෛල බිඳ දැමීම සිදු කරයි.මේවා මඟින් භක්ෂසෛලතාවය සහ ප්‍රදාහක ප්‍රතිචාරයද ඉහළ නංවයි.
ප්‍රදාහක ප්‍රතිචාරය
34.ප්‍රදාහක ප්‍රතිචාරය යනු කුමක්ද?
- ක්ෂුද්‍රජීවී ආසාදනයක් හෝ පටක තුවාල වීමක් මඟින් ක්‍රියාරම්භ වන පටක හානියකට දේහය තුළ ඇති වන සහජ ප්‍රතිශක්ති ආරක්ෂණ ප්‍රතිචාරයයි.
35.ප්‍රදාහය මඟින් සිදු වන්නේ කුමක්ද?
- පටකය හානි වූ ස්ථානයේදී ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර වෙනත් පටක කරා පැතිරී යාම වැළැක්වීම සහ පටක අලුත්වැඩියාව දිරි ගැන්වීම.
36.මෙහිදී කුඹ සෛල වලින් ස්‍රාවය වන ද්‍රව්‍ය සහ ඒවායේ කාර්යය සඳහන් කරන්න.
- හිස්ටැමීන් – තුවාල වූ පටකය අසළ ඇති රුධිර වාහිනී වල පාරගම්‍යතාවය වැඩි කිරීම හා ඒවා විස්තාරණය කිරීම.
37.රුධිරවාහිනී විස්තාරණයේ හා ඒවායේ පාරගම්‍යතාවය වැඩි වීමේ අවශ්‍යතාවය කුමක්ද?
- විස්තාරණය – හානි වූ ප්‍රදේශයට වැඩි රුධිර ප්‍රමාණයක් ගලා යෑමට සලස්වා මිය ගිය සෛල ඉවත් කිරීම පහසු කරයි.
- පාරගම්‍යතාව වැඩි වීම – රුධිරයේ සිට හානි වූ ප්‍රදේශයට සුදු රුධිර සෛල, ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රෝටීන, රුධිර කැටි ගැසීමේ මූලිකාංග ඇතුළු වීම සඳහා ඇතුළට කාන්දු වීම වැඩි කරයි.
38.සෛටොකයින ස්‍රාවය වන්නේ කුමකින්ද, සහ එහි ක්‍රියාව කුමක්ද?
- පටක හානිය සිදුවූ ස්ථානයට පැමිණි භක්ෂක සෛල වලින් ස්‍රාවය වේ.ආසාදිත වූ හෝ හානි වූ රුධිර පටක වෙත රුධිරය ගලා ඒම වැඩි කරයි.
39.ප්‍රදාහයේ සළකුණු රෝග ලක්ෂණ වන්නේ මොනවාද? සහ ඒවා ඇති වීමට හේතු සඳහන් කරන්න.
- රතු වීම – රුධිර වාහිනී විස්තාරණය
- රත් වීම – අධික පරිවෘත්තිය නිසා සිදුවන තාප නිෂ්පාදනය
- ඉදිමීම – රුධිරවාහිනීවල පාරගම්‍යතාව වැඩි වීමෙන් පටක තරලය අසළ වූ පටක තුළට කාන්දු වීම.
- වේදනාව – නියුරෝන හානි වීම සහ ක්ෂුද්‍රජීවීන්ගේ විෂ ද්‍රව්‍ය නිසා
40.සැරව යනු මොනවාද?
- ප්‍රදාහක ප්‍රතිචාර හේතුවෙන් හට ගන්නා, මියගිය භක්ෂක සෛල, මියගිය ව්‍යාධිජනකයින් හා හානියට ලක් වූ පටකයේ සෛලීය අවශේෂවලින් පිරුණු තරලයකි.
41.ප්‍රදාහක ප්‍රතිචාර වර්ග මොනවාද? ඒවා ඇති වන්නේ කුමන අවස්ථාවලදීද?
- ස්ථානීය ප්‍රතිචාර – සුළු තුවාළයක් හෝ ආසාදනයක් ඇතිවූ විට හට ගනී.
- සංස්ථානික ප්‍රතිචාර – දරුණු තුවාළයක් හෝ ආසාදනයක් ඇති වූ විට හට ගනී.
42.දේහය විසින් සංස්ථානික ප්‍රතිචාර ඇති කරන්නේ කෙසේද?
- පළමුව දේහය පුරා උණ හට ගනී.යම් සීමාවක් තුළ දේහ උෂ්ණත්වය ඉහළ ගිය විට භක්ෂ සෛලකතාව වැඩිවන අතර රසායනික ප්‍රතික්‍රියාද වේගවත් කරමින් පටක අලුත්වැඩියාව වේගවත් කරයි.