විද්‍යා අංශයභෞතික විද්‍යාව06.02 ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය

06.02 ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය

ආරෝපණ අතර ඇතිවන බල

  • ආරෝපණ අතර සජාතීය නම් විකර්ශන බල ද විජාතිය නම් ආකර්ෂණ බල ද ඇතිවේ.
  • මෙම බලයන්ගේ විශාලත්වයන් පිළිබඳව කූලෝම් නියමයෙන් දැක්වේ.

කූලෝම් නියමය

ලක්ෂ්‍යාකාර ආරෝපණ දෙකක් අතර ඇතිවන ආකර්ෂණ හෝ විකර්ශන බලය, ආරෝපණ දෙකේ ගුණිතයට අනුලෝමවත්, ආරෝපණ දෙක අතර දුර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ.

ගුරුත්වාකර්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර වල සමානතා

  • යෙදිය හැක්කේ ලක්ෂ්‍යාකාර හෝ ගෝලාකාර අවස්ථාවල පමණි.
  • විද්‍යුත් බලය පවතිනුයේ ආරෝපණ දෙක යා කරන යාකරන රේඛාවේ ය.
  • ගුරුත්වාකර්ෂණ බලය පවතිනුයේ ස්කන්ධ දෙක යාකරන රේඛාවේ ය.
  • ව්ද්‍යුත් බලය ආරෝපණ වල ගුණිතය මත රඳා පවතින නිසා ආරෝපණ සමාන වූවත් අසමාන වූ වත් දෙදෙනා මතම ඇතිවන්නේ විශාලත්වයෙන් සමාන බලයකි.
  • ගුරුත්වාකර්ෂණ බලය ස්කන්ධ වල ගුණිතය මත රඳා පවතින නිසා ස්කන්ධ සමාන වුවද අසමාන වුවද දෙදෙනා මතම ඇති වන්නේ විශාලත්වයෙන් සමාන බලයකි.
  • මෙය අන්‍යෝන්‍ය ස්වභාවය යි.
  • මෙම බලයන් ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදී
  • උදාහරණ:

ගුරුත්වාකර්ෂණ බලය හා ස්ථීති විද්‍යුත් බලය අතර විෂමතා

ගුරුත්වාකර්ෂණ බලය ස්ථිති විද්‍යුත් බලය
අවකාශයේ තබන කිසියම් ස්කන්ධයක් මත බලයක් ඇති වේ නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ඇතැයි කියනු ලැබේ.  අවකාශයේ තැබූ කුඩා පිරික්සුම් ආරෝපණයක් මත බලයක් ඇති වේ නම් එම ස්ථානයේ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතැයි කියනු ලැබේ.  





ලක්ෂ්‍යාකාර ස්කන්ධ දෙකක් අතර ඇති ආකර්ෂණ බලය, ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමවත්,එම ස්කන්ධ දෙක අතර දුර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ.    





ලක්ෂ්‍යාකාර ආරෝපණ දෙකක් අතර ඇති ආකර්ෂණ හෝ විකර්ශන බලය, ආරෝපණ දෙකේ ගුණිතයට අනුලෝමවත්,ආරෝපණ දෙක අතර දුර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ.
ස්කන්ධ අතර ඇති වේ. ආකර්ෂණ බල පමණි.   ආරෝපණ අතර ඇති වේ. ආකර්ශන හා විකර්ශන බල ඇති වේ. (සජාතීය නම් විකර්ශන බල ද, විජාතීය නම් ආකර්ෂණ බල ද ලෙස)
බලයේ විශාලත්වය අදාළ මාධ්‍ය මත රඳා නොපවතී.   බලයේ විශාලත්වය අදාළ මාධ්‍ය මත රඳා පවතී. හේතුව මාධ්‍යයෙන් මාධ්‍යයට ε ගේ අගය වෙනස් වීමයි.

මාධ්‍යයේ පාරවේද්‍යතාවය, ε

  • ε විද්‍යුත් බල ඇතිවීමේ නොහැකියාව පිළිබඳ මිනුමකි.
  • ε  වැඩි මාධ්‍ය වල ඇතිවන විද්‍යුත් බලයන් සාපේක්ෂව අඩුය.
  • ε හි ඒ්කක වන්නේ,

εo = රික්තයේ දී පාරවේද්‍යතාව

  • අවම පාරවේද්‍යතාවයක් පැවතිය හැක්කේ රික්තයේ දී ය.
  • තවද,

 

සාපේක්ෂ පාරවේද්‍යතාවය (εr)හෙවත් පාරවිද්‍යුත් නියතය (k)

  • යම් මාධ්‍යයක පාර පාරවේද්‍යතාවය රික්තයේ අගයට දරන අනුපාතය යි.
  • k  ට ඒකක හෝ මාන නැත.
  • අවම ε අගය පවතින්නේ රික්තයේ බැවින් k, 1 ට  වඩා වැඩි අගයකි.
  • වාතයේ ඇති විට ඇති විට k, 1 ට ආසන්නව සමාන යැයි උපකල්පනය කළ හැක.

ආරෝපණ දෙකක් රික්තයේ තබා ඇති විට,

වෙනත් මාධ්‍යයක තබා ඇති විට,

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom