ව්‍යාපාර අධ්‍යනය05.02 - ව්‍යවසායකයා

05.02 – ව්‍යවසායකයා

පාඩමේ සටහන Download කරගන්න.

ව්‍යවසායකයා

පරිසර අවස්ථා නිර්මාණශීලීව උකහා ගෙන අවදානමක් දරමින් නවොත්පාදන බිහිකිරීමේ නිරත වන්නා “ව්‍යවසායකයා” ලෙස හැදින්වේ.

ව්‍යවසායකයා යන්නෙහි සරල අර්ථය වන්නේ ප්‍රායෝගික අදහසක් තුළින් නව්‍යතා බිහි කරන්නා යන්නයි.

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ව්‍යවසායකයා

‘ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ව්‍යවසායකයා (Sri Lankan Entrepreneur of the Year) සම්මාන උළෙල ව්‍යවසායකත්වය ජාතික මට්ටමින් ඇගයීමට ලක් කරන ප්‍රමුඛතම සම්මාන උළෙලයි. ශ්‍රී ලංකේය ව්‍යවසායකත්වය හදුනා ගැනීම, එම කුසලතා අගය කිරිම මෙන්ම දිරි ගැන්වීම ද අරමුණු කර ගනිමින් එය වාර්ෂිකව සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසිනි.

මෙම ආයතනය විසින් සෑම වසරකම පළාත් සම්මාන, ජාතික සම්මාන, තරුණ ව්‍යවසායකයා සම්මාන, කාන්තා ව්‍යවසායිකාව සම්මාන පිරිනමනු ලැබේ. ජාතික සම්මාන වැඩ පිළිවෙලේදී කුඩාල මධ්‍යල විශාල හා අති විශාල ලෙස ව්‍යවසායකයන් වර්ග කරනු ලබන අතර ප්ලැටිනම්, රන් රීදී ලෝකඩ මෙන්ම කුසලතා සහතික ලෙසද සම්මාන පිරිනැමේ.

2016 වසරේ දී මෙම ඇගයීම් උළෙල පැවැත්වුයේ 20 වන වරටය.

ලොව ප්‍රචලිත සාර්ථක ව්‍යවසායකයින්

  • බිල් ගේට්ස්
  • මයිකල් ඩෙල්
  • මාර්ක් සකර්බර්ග්
  • දෝනා කරන්

ව්‍යවසායකයාගේ කාර්යභාරය

ව්‍යවසාකයාගේ කාර්යභාරය හඳුනා ගැනීමට පෙර ව්‍යවසායකයාගේ භූමිකාවන් කවරේද යන්න විමසා බැලිය යුතුය. පහත දක්වා ඇති ව්‍යවසායකත්ව භූමිකා ඉටු කිරීමේදී ව්‍යවසායකයායන් කාර්යභාර්ය ඉස්මතු වේ.

  • නායකයෙකු
  • නිදහස් චින්තකයෙකු
  • තීරණ ගන්නෙකු
  • අලෙවිකරුවෙකු
  • අවදානම් භාර ගන්නෙකු
  • නව්‍යතා උත්පාදකයෙකු
  • වෙනස් කිරිමේ නියමුවෙකු

ව්‍යවසායකයෙකුගේ ප්‍රධාන කාර්යයන්

  • වෙළඳපොල අවස්ථා හඳුනා ගැනීම
  • අවදානම් කලමණාකරණය කිරිම
  • ව්‍යාපාරික ප්‍රතිපත්ති පිලිබද මුලික තීරණ ගැනීම.
  • නව්‍යතා සම්පාදනය
  • භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සම්පත් සංචලනය කරමින් නිශ්පාදන සංවිධානය කිරීම.

ව්‍යවසායකයා හා කළමනාකරු

ප්‍රායෝගික අදහස් තුළින් නව්‍යතා බිහි කරන්නා ව්‍යවසායකයා වන අතර පවතින ව්‍යාපාරයක් එහි අරමුණු සාධනය වෙත යොමු කිරීමට ආයතනික සම්පත් මෙහෙයවන්නා කළමනාකරු වේ. මේ අනුව පෙනී යන්නේ ව්‍යවසායකයා හා කළමනාකරු අතර පැහැදිලි වෙනස්කම් පවතින බවයි.

සෑම කළමනාකරුවෙකුම ව්‍යවසායකයෙකු නොවුවද ව්‍යවසයකයා සැමවිටම හොඳ කළමනාකරුවෙකු වේ.

ව්‍යවසායකයා

කළමනාකරු

ව්‍යාපාර ආරම්භ කිරීමට ඉදිරිපත් වේ.

ආරම්භ කරන ව්‍යාපාරය මෙහෙයවීම සිදු කරයි.

නවෝත්පාදන සඳහා නිතරම කටයුතු කරයි.

නවෝත්පාදන සඳහා එතරම් සැලකිමක් නොදක්වයි.

ලාභ ලබයි.

වැටුප් ලබයි

දැඩි ව්‍යාපාරික අවදානමකට මුහුණ දෙයි.

ව්‍යාපාරික අවදානමකට මුහුණ නොදේ.

ව්‍යාපාරයේ අයිතිකරු වේ.

ව්‍යාපාරයේ සේවකයෙකි

අනුගාමිකයකු නොවේ.

අනුගාමිකයකු වේ

සේවකයන් තම ව්‍යාපාරික සම්පතක් ලෙස දකියි.

සේවකයන් යටත් පිරිසක් ලෙස දකියි.

ව්‍යවසාකයන් හිඟය.

කළමනාකරුවන් බහුලය.

 

ව්‍යවසායකයා හා ව්‍යාපාරිකයා අතර වෙනස

ව්‍යවසායකයා

ව්‍යාපාරිකයා

තමාගේම අදහසක් හෝ නව සංකල්පයක් අනුව ව්‍යාපාරයක් අරඹයි.

පවතින අදහසක් හෝ සංකල්පයක් අනුව ව්‍යාපාරයක් අරඹයි.

අවදානමට මුහුණ දේ

ආරක්ෂාකාරීව කටයුතු කරයි.

නවෝත්පාදකයෙකි

සම්ප්‍රදායකයෙකි.

ව්‍යවසායකයා නව ව්‍යාපාරික අවස්ථා කෙරෙහි සුදානම් වේ.

ව්‍යාපාරිකයා නිතරම තමාගේ ව්‍යාපාර කටයුතු වල නිරත වේ.

ව්‍යවසායකයාගේ ව්‍යාපාරික ප්‍රතිවාදියා වන්නේ තමාවය.

තවත් ව්‍යාපාරික ප්‍රතිවාදීන් නැත.

ගැටලු ඇති වු විට ඒවා පිටුදැකීමට ධෛර්යවත්ව කටයුතු කරයි.

ගැටලු ඇති වු විට අධෛර්යමත් වේ.

 

ව්‍යවසායකත්ව නිපුණතා (ව්‍යවසායකයෙකුගේ පුද්ගල ගති ලක්ෂණ)

  • දැඩි උද්යෝගය නොපසුබට උත්සාහය
  • ආත්ම විශ්වාසය
  • ස්වයං අවබෝධය
  • කැපවීම
  • අඛන්ඩව කටයුතු කිරිම
  • අවස්ථා සොයා යාම / අවස්ථා හඳුනා ගැනීම
  • නම්‍යශීලි බව
  • අභිප්‍රේරණය වීම
  • සම්පත් සහිත බව
  • නිර්මාණශීලි බව
  • සුභවාදී බව
  • ස්වාධීන බව
  • උසස් අභිලාෂයන්ගෙන් යුක්ත වීම.
  • යමක් ඉටු කරවා ගැනීමේ හැකියාව
  • දැක්මක් සහිත වීම.

වැදගත්ම ව්‍යවසායකත්ව ගති ලක්ෂණ

  • අවදානම් දැරීමට ඇති කැමැත්ත

අවදානම්වලින් මගහැරීමට වඩා අවදානම්වලට මුහුණ දීමට කැමැත්තක් දක්වයි. නමුත් ඕනෑම අවදානමකට මුහුණදීමක් මින් අදහස් නොකෙරේ.

  • නිර්මාණශීලී බව

වෙනස් ආකාරයට දැකීම, සිතීම හා ක්‍රියා කිරීම.

  • කැපවීම

තම අරමුණු ඉටු වන තෙක් තමන් කරන කාර්ය දැඩි උනන්දුවකින් යුතුව සිදු කිරීම.

  • ආත්ම විශ්වාසය

ව්‍යවසායකයෙකුට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වන අතරල ඒවාට සාර්ථකව මුහුණ දී එම ගැටලු පිටු දැකීමට හැකි ය යන විශ්වාසයයි.

  • ස්වාධින බව

වෙනත් අයගේ අදහස් මත යැපෙන්නකු නොවී තමන්ගේ අදහස් හා හැකියා හැකිතරම් දුරට ක්‍රියාත්මක කිරීමට ඇති කැමැත්තයි.

ව්‍යවසායකත්ව කුසලතා

ව්‍යවසායකත්ව කාර්යන් කිරීමට ඇති හැකියාවයි.

  • නායකත්ව කුසලතා
  • අන්තර්පුද්ගල හැකියා
  • සන්නිවේදන කුසලතා
  • මූලික කළමනාකරණ කුසලතා

ව්‍යවසායකයින් බිහිවීමට පසුබිම් වන සාධක

  • ස්වයං නිර්මාණ කෙරෙහි යොමු වීම.
  • පවුල් පසුබිම
  • ව්‍යවසායකයන් බිහිවීමට උචිත සමාජ ආර්ථික පසුබිමක් පැවතීම.
  • රැකියාවෙන් ලද පළපුරුද්ද හා අත්දැකීම්
  • විනෝදාංශ ලෙස කරන ලද කටයුතු ව්‍යාපාර බවට පත්වීම.
  • අධ්‍යාපනය හා පුහුණුව
  • සමාජීය ගැටලු
  • අභියෝගවලට මුහුණ දීම.

පුද්ගලයෙක් ව්‍යවසායකයකු වීම සඳහා පොළඹවන (අභිප්‍රේරණය කරන) සාධක

  • සිය ව්‍යාපාරයේ ප්‍රධානියා තමාම වීමේ අවශ්‍යතාව
  • විවිධත්වය සහ විශ්මයජනක කටයුතුවල නියැලීමේ අවශ්‍යතාව
  • තමාගේ පුහුණුව දක්ෂතා හා කුසලතාවලින් උපරිම ඵල නෙලාගැනීමට
  • තමාගේ ක්‍රියාපිලිවෙලට වැඩ කිරිමේ නිදහස සලකා ගැනීමට
  • අභිමතාර්ථ සපුරා ගැනීම සඳහා වු පෞද්ගලික තෘප්තිය

ව්‍යවසායකත්ව නිපුණතා වර්ධනය කරගැනීමේ මාර්ග

  • ස්වයං ඇගයීම
  • පුහුණුව
  • අධ්‍යාපනය
  • අත්දැකීම් වලින් ඵල ලැබීම / පලපුරුද්ද

 

ව්‍යවසායකත්ව ක්‍රියාවලිය

ව්‍යාපාරික අවස්ථා උදාකර ගැනීමත්, ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා සංවිධාන නිර්මාණය කිරීමත් යනා දී කටයුතුවල දී සිදු කරන්නට යෙදෙන සියලු ම ක්‍රියාවන් ව්‍යවසායකත්ව ක්‍රියාවලිය ලෙස හැඳින්වේ.

 

ව්‍යවසාකත්ව ක්‍රියාවලියේ පියවරයන්

  1. නව්‍යතා සොයා ගැනීම
  2. සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම
  3. අවශ්‍ය සම්පත් සම්පාදනය
  4. යථාර්ථයක් බවට පත් කිරීම
  5. ප්‍රතිලාභ ලැබීම
1 පියවර – නව්‍යතා සම්පාදනය

ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ ප්‍රථම අදියරේ දී ව්‍යවසායකයා විසින් අදහස් ජනනය කර ගැනීමත්, පරිසර අධ්‍යයනය තුළින් අවස්ථා හඳුනා ගැනීමත්, වෙළෙඳපොළ අධ්‍යයනය කිරීමත් සිදු කරයි.

2 පියවර – සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම

මෙම අදියරේ දී ව්‍යාපාර සැලැස්මක් සකස් කෙරේ. එමගින් ව්‍යාපාර අදහස පැහැදිලි කෙරෙන විස්තරාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරේ.

3 පියවර – අවශ්‍ය සම්පත් සම්පාදනය

මෙම අදියරේ දී ව්‍යවසායකයා විසින් ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය, මානව සහ භෞතික සම්පත් හඳුනා ගන්නා අතර, ඒවා අත්කර ගැනීමට කටයුතු කරයි.

4 පියවර – යථාර්ථයක් බවට පත් කිරීම

මෙම අදියරේ දී ව්‍යවසායකයා ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් උපයෝගී කරගනී.

5 පියවර – ප්‍රතිලාභ ලැබීම

ව්‍යාපාරයේ අනාගත වර්ධනය හා සංවර්ධනය පිළිබඳ තීරණ ගැනීම ව්‍යවසායකයා සිදු කරන්නේ මෙම අදියරේ දීය.

 

ව්‍යවසායකත්ව ක්‍රියාවලියට බලපාන සාධක

ප්‍රධාන සාධක ඛාණ්ඩ තුනක් යටතේ ගොණු කළ හැකිය.

  1. පුද්ගල සාධක
  2. පරිසර සාධක
  3. සමාජ විද්‍යාත්මක සාධක

පුද්ගල සාධක

විමසිලිමත් බව නිසා හෝ අහම්බෙන් ඇතිවන ව්‍යාපාර අදහසක් ක්‍රියාවට නංවා සාර්ථකව පවත්වාගෙන යාමට පුද්ගලයා තුළින්ම ඇතිකරන බලපෑම මෙම සාධක තුළින් සලකා බැලේ.

  • පළපුරුද්ද
  • අවදානම් දැරීම
  • අධ්‍යාපනය
  • දැක්ම
  • වයස
  • පුද්ගල අගනාකම්
  • කැපවීම
  • අභියෝග ළඟාකර ගැනීමේ ආශාව
  • නායකත්වය
  • රැකියාව හෝ රැකියාවෙන් ඉවත් වීම.

පරිසර සාධක

  • වෙළදපොල අවස්ථා සුලභ වීම
  • රජයේ ප්‍රතිපත්තිවල හිතකරතාව
  • ආරම්භක අදියර වල ලැබෙන සහය සේවා වල කාර්යක්ෂමතාව
  • සම්පත් ලබාගත හැකි බව
  • සැපයුම්කරුවන්ගේ කාර්යක්ෂමතාව
  • මුල්‍ය පහසුකම් සැලසීම
  • රාජ්‍ය ප්‍රතිපත්ති හා උපකාරක සේවා
  • දේපළ හා බුද්ධිමය දේපළ ආරක්ෂා කරදීමට ඇති නීතිමය පසුබිම

සමාජ විද්‍යාත්මක සාධක

  • ආදර්ශමත් චරිත
  • දෙමාපිය ආභාෂය
  • පවුලේ වගකීම අඩුවීම
  • ජාල සම්බන්ධතා

ව්‍යවසායකත්වය සාර්ථක වීම සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු සාධක

  • තමා පිළිබඳ හොද අවබෝධයක්
  • ව්‍යාපාර අවස්ථා පැවතීම
  • ලගා කරගත හැකි අදහසක් පැවතීම
  • සම්පත් පැවතීම
  • මනා කළමනාකරණයක් තිබීම.

ව්‍යාපාර අවස්ථාවක් ඇගයීමේදී සලකා බලන සාධක

  • අවදානම
  • ප්‍රතිලාභ
  • ශක්තීන් හා දුර්වලතා
  • වෙළදපල
  • සම්පත් සුලභතාව
  • නීත්‍යානුකුල බව
  • කළමනාකරණ හැකියාව
  • ව්‍යාපාර පරිසරය
  • කාල වකවානු
  • එල්ල විය හැකි තරඟය
  • ව්‍යවසායකයා සතු හැකියාව

ව්‍යවසායකත්ව සංවර්ධනය

ව්‍යාවසායකත්වයේ සශ්‍රීත්වයට අවශ්‍ය වන උපකාර තත්ත්වයන්

  • මුල්‍ය පහසුකම්
  • තාක්ෂණික පහසුකම්
  • යටිතල පහසුකම්
  • අලෙවි පහසුකම්
  • උපදේශන නෛතික පහසුකම්

ව්‍යවසායකත්වයට එරෙහි අභියෝග

  • පවුල
  • සංස්කෘතිය
  • ආගම
  • පරිසරය
  • මනෝ විභීතය – පුද්ගලයා ඔහුට ආවේණික වු එකම ආකාරයට සිතීම මෙහි අරුතයි.
  • රාමුවකට කොටු වී සිටීමයි.

ව්‍යවසායකත්ව නංවාලීම සදඟා රජයට ගත හැකි ක්‍රියාමාර්ග

  • ව්‍යවසායකත්ව විශයක් ලෙස අධ්‍යාපන පද්ධතිය ඇතුලත් කිරීම.
  • බුද්ධිමය දේපල සුරක්ෂිත කිරිම
  • කුඩා ව්‍යාපාර දිරි ගැන්විමේ ව්‍යාපෘති
  • ආයෝජන උද්‍යාන බිහි කිරිම හා ව්‍යවසායක බැංකු ඇරඹීම
  • ව්‍යවසාය්‍යත්ව සංස්කෘතිය සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම.
  • ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය කරන ව්‍යවස්ථා සම්පාදනය
  • ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ හා රාජ්‍ය සංවිධාන ඇරඹීම
  • ව්‍යවසායකත්වය නංවාලීම සඳහා විවිධ රාජ්‍ය සංවිධාන ස්ථාපිත කිරීම.
  • විවිධ ජාතික ව්‍යවසායකත්ව වැඩසටහන් ස්ථාපනය කිරීමෙන් ව්‍යවසායකත්ව ව්‍යාප්ත කිරීම.

ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ පවතින ආයතනික පහසුකම්

  • සර්වෝදය මධ්‍යස්ථාන
  • ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා අමාත්‍යංශය
  • ලංකා කර්මාන්ත සහ වාණ්ජ මණ්ඩලය
  • ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
  • විශ්ව විද්‍යාල
  • බැංකු හා අනෙකුත් මුල්‍ය ආයතන
  • මව්බිම ලංකා පදනම
  • ජාතික ශිල්ප සභාව
  • කාර්මික සංවර්ධන මණ්ඩලය
  • ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet