ව්‍යාපාර අධ්‍යනය14.01 - අලෙවිකරණයේ මූලික හර සංකල්ප

14.01 – අලෙවිකරණයේ මූලික හර සංකල්ප

අලෙවිකරණයේ මූලික හර සංකල්ප

1. අවශ්‍යතා – Needs

කිසියම් මුලික තෘප්තියක් ඉටු කර ගැනීම සඳහා මිනිසා තුළ ඇතිවන පෙලීමේ ස්වභාවය

2.වුවමනා – Wants

අවශ්‍යතවයකට අදාළව කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇතිවන ආශාව කැමැත්ත වේ.

3.ඉල්ලුම – Demand

මිලදී ගැනීමට කැමැත්ත හා හැකියාව සහිතව භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඇති වන වුවමනාව වේ.

4.නිෂ්පාදිත – Product

ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා ව්‍යාපාරිකයා විසින් වෙළදපළට ඉදිරිපත් කරණ ලබන ඕනෑම දෙයක් නිෂ්පාදිත වේ.

5.වටිනාකම – Value

පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා ඉටු කිරිමට නිෂ්පාදිතයකට ඇති හැකියාව පිළිබඳ පාරිභෝගිකයා විසින් කරනු ලබන තක්සේරුව වේ.

6.තෘප්තිය – Satisfaction

අවශ්‍යතා ඉටුවීම නිසා පුද්ගලයා තුල ඇති වන මානසික වින්දනය වේ.

7.හුවමාරුව – Exchange

වටිනාකමක් ඇති යමක් ද්විපාර්ශවීය එකඟතාවය මත දෙපාර්ශවයක් අතර ගණුදෙනු වීම වේ.

8.ගණුදෙනුව – Transaction

දෙපාර්ශවයක් හෝ වැඩි පිරිසක් අතර වටිනාකමක් වෙළදාම් වීම ගණුදෙනුවයි.

9.සම්බන්ධතා – Relationship

විවිධ ගනුදෙනුකරුවන් සමඟ අන්‍යෝන්ය වශයෙන් දිගුකාලීන සම්බන්ධතා ගොඩනගා ගැනීම.

10.වෙළඳපළ – Market

අලෙවිකරණයේ ආරම්භක සංකල්පය වනුයේ වෙළඳපලයි. පාරිභෝගික අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කර ගැනීම පිණිස හුවමාරුවට සම්බන්ධ වීමට කැමති හා ක්‍රය ශක්තිය ඇති විභව ගනුදෙනුකරුවන් සියල්ලගේ එකතුව වේ.

අලෙවිකරණ දර්ශනයේ විකාශනය

1.නිෂ්පාදන සංකල්පය

භාණ්ඩ නිෂ්පාදනය කර සාධාරණ මිලකට වෙළඳපලේ සුලබ කලහොත් පාරිභෝගිකයා මිලදී ගනිවී යැයි සිතුවිල්ල නිෂ්පාදන සංකල්පයයි.

අධි ඉල්ලුමක් පවතින විටල තරඟකාරීත් දුර්වල අවස්ථාවල ආදේශක සංඛ්‍යාව ඉහළ අවස්ථාවල වර්ථමානයේද මෙම සංකල්පය යොදා ගනී.

2.නිෂ්පාදිත සංකල්පය

හැකිතාක් දුරට ගුණාත්වයෙන් යුක්ත භාණ්ඩ නිපදවා දැරිය හැකි මිලකට වෙළදපලට සැපයීම මගින් අලෙවිකරණ අරමුණු ඉටු කර ගැනීම මෙම සංකල්පයේදී සිදු වේ.

මෙයද නිෂ්පාදිතය කේන්ද්‍ර කර ගත් සංකල්පයක් බැවින් පාරිභෝගික වාරණය නොසලකා හරී.

3.විකුණුම් සංකල්පය

විකිණීමට දැඩි ප්‍රවර්ධනයක් නොකළහොත් ඒවා මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹෙන්නේ නැතැයි යන සිතුවිල්ල

නිෂ්පාදන හා නිෂ්පාදිත සංකල්ප වල ප්‍රතිඵල ලෙස නිෂ්පාදිත සැපයුම සීඝ්‍රයෙන් වැඩි වී තරඟය වැඩි වීම නිසා නිෂ්පාදිත අලෙවි කිරිමට ප්‍රයන්තයක් ලෙස විකුණුම් සංකල්පය සිහි විය.

4.අලෙවිකරණ සංකල්පය

විකුණුම් සංකල්පය අනුගමනය කිරීම තුලින් දල අලෙවිකරුවන්ට අවබෝධ වුයේ විකුණුම් ප්‍රවර්ධන ක්‍රම තුලින් පමණක් අලෙවි කරණ අරමුණු ඉටු කර ගත නොහැකි බවයි.

එම නිසා පාරිභෝගිකයා ගැනද අවධානයක් යොමු කළ යුතුය යන සංකල්පය මතු විය.

සිය තරඟකරුවන්ට වඩා කාර්යක්ෂමව හා සඵලදායීව පාරිභෝගිකයන් අපේක්ෂා කරන තෘප්තිය ලබා දීම අලෙවිකරණ සංකල්පයේ හරයයි.

5.සමාජීය අලෙවිකරණ සංකල්පය

ගනුදෙනුකරුගේ තෘප්තිය හා ව්‍යාපාරයේ ඉලක්ක ගැන පමණක් නොව සමස්ථ සමාජයේ අවශ්‍යතාවයන් ද තෘප්තිමත් කළ යුතු බව මෙම සංකල්පයේ අදහසයි.

අලෙවිකරණ සංකල්පයේ දී පැවති ද්වී සාධක මෙම සංකල්පයක් සමඟ ත්‍රිත්ව සාධක වේ. ඒ ගනුදෙනුකරුවන්ගේ වුවමනා තෘප්තිමත් වීම. ව්‍යාපාරයේ අරමුණු ඉටු වීමට අමතර සාධකයක් ලෙස සමාජ සුබසාධනය ද අරමුණු කරගත් බැවිනි.

6.ගනුදෙනුකරු සංකල්පය

ඒ ඒ ගනුදෙනුකරුගේ අවශ්‍යතා හා වුවමනා වෙන වෙනම සොයා බලා ඔවුන්ට ගැලපෙන භාණ්ඩ ඉදිරිපත් කිරිම මෙහිදි සිදු වේ.

මෙම සංකල්පයෙන් අපේක්ෂා කරනුයේ ගනුදෙනුකරු පක්ෂපාති වෙයි.

7.සංකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය

නවතම අලෙවිකරණ සංකල්පය මෙයයි. වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් සිය`එම අංශ එකම අරමුණකින් ක්‍රියා කළ යුතු බව මෙහි අදහසයි.

ඉහත සඳහන් කළ සංකල්ප වෙන වෙනම යොදා ගැනීම වෙනුවට ගෝලීය පරිසරයක් තුළ පරිපුර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක් උපයෝගී කර ගත යුතු බව මෙහි අදහසයි.

මෙහි විචල්‍යන් 4 කි.

  1. සම්බන්ධතා
  2. සමෝදානිත
  3. අභ්‍යන්තර
  4. සමාජ වගකීම්
  5. සම්බන්ධතා අලෙවිකරණය

ව්‍යාපාරය කෙරෙහි ඇල්මැති පාර්ශවයන් හා ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන වශයෙන් සම්බන්ධතා ගොඩනගා ගැනීම වේ.

  1. සමෝදානික අලෙවිකරණය

ව්‍යාපාරයේ සියඑම අංශ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා පිළිබඳ සැලකිලිමත්ව කටයුතුබ කළ බවයි.

ii. අභ්‍යන්තර අලෙවිකරණය

ව්‍යාපාරයේ සේවකයන් කළමණාකරුවන් ඇතුඑ සියඑ දෙනා ගනුදෙනුකරු පිළිබඳ අවධානය යොමු කර කටයුතු කල යුතු බවයි.

iii.සමාජ වගකීම් අලෙවිකරණය

ගනුදෙනුකරු තෘප්තිමත් කිරිමට අමතරව සමාජයටද යහපත් ලෙස කටයුතු කලයුතු බව

ඉලක්ක අලෙවිකරණ ක්‍රියාවලිය

ආරම්භක ස්ථානය

අවධානය

උපක්‍රම

අවසාන ඉලක්කය

කර්මාන්තශාලාව

නිෂ්පාදිතය

සාධාරණ

සුලබතාවය

වැඩි ප්‍රමාණයක් විකිණිමෙන් ලාභ ලැබීම

කර්මාන්තශාලාව

නිෂ්පාදිතය

ගුණත්වය සාධාරණ මිල

ඉහල ගුණත්වය තුලින් ලාභ ගැනීම

කර්මාන්තශාලාව

නිෂ්පාදිතය

දැඩි අලෙවි ප්‍රවර්ධන උපක්‍රම

විකුණුම් වැඩි කර ගැනීම තුලින් ලාභ ලැබීම

ඉලක්ක වෙළඳපල

පාරිභෝගික අවශ්‍යතා වුවමනා

සමෝධානිත අලෙවිකරණ උපක්‍රම

ගනුදෙනුකරුගේ තෘප්තිය තුලින් ලාභ ලැබීම්ම

වෙළඳපල

ඇල්මැති පාර්ශවයන්ගේ අපේක්ෂා

සම්බන්ධතා අභ්‍යන්තර සමෝධානිත හා සමාජ වගකීම්

ඇල්මැනි පාර්ශවයන්ගේ තෘප්තිය තුලින් ලාභ ලැබීම

අලෙවිකරණ මිශ්‍රය (Marketing Mix)

ව්‍යාපාරික දෘෂ්ඨි කෝණයෙන් (4P’s)
  1. නිෂ්පාදිතය – Product
  2. මිල – Price
  3. ස්ථානය – Place
  4. ප්‍රවර්ධනය – Promotion
පාරිභෝගික දෘෂ්ඨි කෝණයෙන් (4C’s)
  1. අවශ්‍යතා හා වුවමනා – Needs and Wants
  2. සන්නිවේදනය – Communication
  3. පහසුව – Convenience
  4. පිරිවැය – Cost

අලෙවි කළ හැකි නිෂ්පාදිත

අවශ්‍යතාවක් හෝ වුවමනාවක් සපුරා ගැනීම සඳහා වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිත වේ. එය භාණ්ඩ හා සේවා ලෙස ප්‍රධාන කොටස් 2 කි.

නිෂ්පාදිත මට්ටම්

  1. හර ප්‍රතිලාභය / මුලික ප්‍රතිලාභය

කිසියම් නිෂ්පාදිතයකින් පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන මුලිකම ප්‍රතිලාභය

2. මුලික නිෂ්පාදිතය / සාමාන්‍ය නිෂ්පාදිතය

හර ප්‍රතිලාභයට අමතරව තවත් හඳුනාගත් ප්‍රයෝජන ඇතුලත් කර භාණ්ඩය නිර්මාණය

3. අපෙක්ෂිත නිෂ්පාදිතය

ගනුදෙනු කරු ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය විශේෂ අංග සහිතව නිෂ්පාදිතය ඉදිරිපත් කරයි.

4. වර්ධිත නිෂ්පාදිතය

ගනුදෙනුකරු අපේක්ෂා කරන මට්ටමටත් වඩා සංවර්ධනය කර අදාළ භාණ්ඩය ඉදිරිපත් කිරිම.

5. විභව නිෂ්පාදිතය

භාණ්ඩය සියඑම වර්ධන මට්ටම් සහිතව අනාගත වෙළඳපලට පිවිසිමේ තත්වයයි.

 

 

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom