ව්‍යාපාර අධ්‍යනය09.01 - සන්නිවේදනය හැදින්වීම

09.01 – සන්නිවේදනය හැදින්වීම

පාඩමේ සටහන Download කරගන්න.

එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට හෝ පාර්ශව කිහිපයකට තොරතුරු යැවීම, ලැබිම, තොරතුරු තේරුම් ගැනීම හා බෙදා හැරීම සන්නිවේදනයයි.

පාර්ශව දෙකක් හෝ වැඩි ගණනක් හෝ අතර තේරුම් කර ගත හැකි ආකාරයට තොරතුරු හුවමාරු කර ගැනීම සන්නිවේදනය ලෙස හදුන්වයි.

ව්‍යාපරික කටයුතු වලදී සන්නිවේදනයේ ඇති වැදගත්කම

  • වෙළඳ ගනුදෙනු වලදී අදාල පාර්ශව අතර අදහස් හුවමාරු කර ගැනීම සඳහා
  • අලෙවි ප්‍රවර්ධන කටයුතු සදහා
  • සේව්‍ය – සේවක සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා
  • මානව හා භෞතික සම්පත් මනාව කළමණාකරණය කිරීම සඳහා
  • ව්‍යාපාර ක්‍රියාකාරිත්වයට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා

සමාජයීය කටයුතු සඳහ සන්නිවේදනයේ ඇති වැදගත්කම

  • සමාජීය වශයෙන් අදහස් හා පණිවි හුවමාරු කර ගැනීම සඳහා
  • ජාත්‍යන්තර වශයෙන් සිදුවන සිදුවිම් පිළිබඳව ක්ෂණිකව දැනගැනීම සඳහා
  • අධ්‍යාපනික කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා
  • තාක්ෂණයේ හා විදේශීය වශයෙන් සමාජ සම්බන්ධතා ගොඩ නගා ගැනීම සඳහා

සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග

  1. යවන්නා (Sender)

පණිවිඩ යවන පාර්ශවය වේ. වාචිකව නම් කථනයා, දේශකයා ආදී වශයෙන් ද ලිඛිතව නම් එහි අත්සන යොදන්නා, ලේඛකයා හෝ ආයතනය ලෙස හැදින්විය හැකිය.

2. පණිවිඩය (Message)

පණිවිඩය යවන්නා පණ්විඩය ලබන්නාට සපයන තොරතුරු වේ.

3. ආකේතණය/ සංකේත කරණය (Encoding)

අදහසක් සංකේතයක ආකරයට මාධ්‍යට ඇතුලත් කිරීම හා මාධ්‍ය හරහා යැවීම ක්‍රියාවලිය වේ.

4. මාධ්‍ය/නාලිකාව (Media)

තොරතුරු ලබා දෙන්නේ කෙසේද, තොරතුරු ලබා දීම සඳහා යොදා ගන්නා සන්නිවේදන මාධ්‍ය මින් අදහස් වේ.

උදා : වාචික මාධ්‍ය, ලිඛිත මාධ්‍ය, සංඥා හා සංකේත මාධ්‍ය

5. විකේතනය/ සංකේත කරණය (Decoding)

අකේතනය තුලන් දෙන පණිවිඩය පණිවිඩ ලාභියා විසින් අදහස් ගෙන දෙන ආකාරයට පරිවර්ථනය කර ගැනීමේ ක්‍රියාවලියයි.

6. ලබන්නා (Receiver)

පණිවිඩය ග්‍රහනය කර ගන්නා පුද්ගලයා වේ.ඔහු පාඨකයෙක්,ශ්‍රාවකයෙක්,ප්‍රේක්ෂකයෙක් විය හැකිය.

7. ප්‍රතිචාර (Response)

පණිවිඩය ලබන්නා විසින් ඇසුන හෝ කියවූ පණිවිඩය පිළිබඳව ක්‍රියාකරන ආකාරයයි.

8. ප්‍රතිපෝෂණය (Feedback)

පණිවිඩය ලැබුණ බව, තේරුන බව, තේරුම් ගත් බව තහවුරු කරමින් පණිවිඩය ලබන්නාගෙන් පණිවිඩය යවන්නාට ලැබෙන ප්‍රතිචාරයයි.

මීට අමරතව සන්නිවේදන අරමුණු හා ශබ්දයද මූලිකාංග ලෙස හඳුනගත හැක.

 

සඵලදායි සන්නිවේදනයක තිබිය යුතු ගුණාංග

  1. නිවැරදි බව

නිවැරදි කරුණු, වචන හා සංඛ්‍යා ඇතුළත් කරමින් ව්‍යාකරණානුකූලව යෝග්‍ය භාෂා මාධ්‍යයකින් යැවීම හැකි වීමයි.

2. පූර්ණ බව

අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු පණිවිඩයේ ඇතුලත් වීමයි.

3. සංස්ෂිප්ත බව

පණිවිඩයට ඇතුලත් තොරතුරු කෙටියෙන් දැක්වීමට හැකි වීමයි.

4. නිශ්චිත බව

ව්‍යාකූල හා විවිද අර්ථ ගෙන දෙන යෙදුම් රහිතව පණිවිඩය ඉදිරිපත් කිරීමයි.

5. පැහැදිලි බව

පණිවිඩය යවන්නා අපේක්ෂා කරන පරිදි ග්‍රාහකයට අවබෝධය ලැබීම සඳහා භාවිතයේ පවත්නා සරල හා හුරුපුරුදු වචන සහිතව පණිවිඩය යැවීය හැකි වීමයි.

6. ආචාරශීලි බව

7. පිරිවැය අවම බව

8. වේගවත් බව

9. සැලකිලිමත් බව

10. රහස්‍ය බව

පණිවිඩයක් සකස් කිරීමේදී අවධානය යොමු විය යුතු කරුණු

  • පණිවිඩයේ ස්වභාවය
  • පූර්ණත්වය
  • නිවැරදි බව
  • නිශ්චිත බව
  • ආචාරශීලි බව
  • සංක්ෂප්ත බව
  • ග්‍රාහකයාට තේරුම්ගත හැකි වීම.

සන්නිවේදන මාධ්‍යය

1. වාචික මාධ්‍යය – කට වචනයෙන් අදහස් හුවමාරු කර ගැනීමයි.

2. ලිඛිත මාධ්‍යය – ලේඛනගතව පණිවිඩයක් ඉදිරිපත් කිරීමයි.

3. සංඥා හා සංකේත මාධ්‍යය – ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිලිගත් විවිධ සංඥා හා සංකේත භාවිතා කිරීමයි.

සන්නිවේදන ක්‍රම

  1. ව්‍යාපාර ආයතනයක සන්නිවේදනය සිදු වන ආකාරය අනුව

      •  අභ්‍යන්තර සන්නිවේදය

ව්‍යාපාර ආයතනය තුළ විවිධ පාර්ශව අතර තොරතුරු හුවමාරු කර ගැනීමයි.

අභ්‍යන්තර සන්නිවේදනය සිදුවන පාර්ශව

               අයිතිකරුවන් – කළමණාකරුවන් අතර

                 සේවකයින් – සේවකයින් අතර

            දෙපාරතුමේන්තු – දෙපාර්තුමෙන්තු අතර

 

      • බාහිර සන්නිවේදනය

ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාර ආයතනයෙන් බාහිර පාර්ශව හා ආයතන සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමයි.

බාහිර සන්නිවේදනය සිදුවන පාර්ශව

          ව්‍යාපාරය – ගණුදෙණුකරුවන් සමඟ

          ව්‍යාපාරය – වෙනත් පාර්ශව සමඟ

          ව්‍යාපාරය – සැපයුම්කරුවන් සමඟ

 

2. භාවිතා කරන තාක්ෂණය අනුව

      • ඉලෙක්ට්‍රොනික් සන්නිවේදනය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනය සමඟ බිහි වූ සන්නිවේදනය වේ.

      • ඉලෙක්ට්‍රොනික් නොවන සන්නිවේදනය

සම්ප්‍රදායික භාවිතා වූ සන්නිවේදන ක්‍රම මින් අදහස් වේ. මේ සඳහා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය භාවිතා නොකෙරේ.

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.