ව්‍යාපාර අධ්‍යනය09.02 - විවිධ සන්නිවේදන ක්‍රම

09.02 – විවිධ සන්නිවේදන ක්‍රම

වචන සහිත හා රහිත බව අනුව සන්නිවේදන වර්ගීකරණය

    1.  

1.වචන සහිත සන්නිවේදනය (Verbal)

පුද්ගලයින් කට වචනයෙන් සහ ලිඛිත ලේඛන කරන සිදු කරන සන්නිවේදනයයි. මෙහි ප්‍රධාන කොටස් දෙකකි.

  • වාචික (Oral)
  • ලිඛිත (Written)

2.වචන රහිත සන්නිවේදනය (Non-verbal)

වචන භාවිතවෙන් තොරව ශබ්ද, සංකේත හා ශරීර අවයව චලනයෙන් කරනු ලබන සන්නිවේදනයයි.

උදා :  ශබ්ද

සංකේත

සංඥා

අංග චලන

වාචික සන්නිවේදනය

කටවචනයෙන් අදහස් හුවමාරු කර ගැනීමයි.

ව්‍යාපාර ආයතන යොදා ගන්නා වාචික සන්නිවේදන ක්‍රම :

    • රැස්වීම්
    • රූපවාහිනී
    • අඩබෙර
    • ගුවන් විදුලිය
    • ඉන්ටර්කොම්
    • සම්මන්ත්‍රණ

වාසි

අවාසි

  • තොරතුරු දෙන්නා හා ලබන්නා සම්මුඛ වීම
  • තොරතුරු ඉක්මණින් ඉදිරිපත් කළ හැකි වීම.
  • තොරතුරු රහසිගතව ඉදිඑිපත් කළ හැකි වීම.
  • පසුපෝෂණයක් ලබා ගත හැකිවීම.
  • ඉහල නම්‍යතාවයක් පැවතීම.
  • භාෂාමය ගැටලු ඇතිවීම.
  • වාචිකමය දුර්වලතා ඇති පාර්ශවය සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමේ ගැටලු ඇති වීම.
  • තොරතුරු සන්නිවේදනය කල බවට සාක්ෂියක් නොමැති වීම.
  • ආකල්මය ගැටලු ඇති විය හැකි වීම.
ලිඛිත සන්නිවේදනය

ලේඛනගතව පණිවිඩයක් ඉදිරිපත් කිරීමයි.

ව්‍යාපාර ආයතන යොදා ගන්නා ලිඛිත සන්නිවේදන ක්‍රම :

    • සඟරා
    • බැනර්
    • ලිපිලවාර්තා
    • ෆැක්ස්
    • පුවත්පත්
    • චක්‍රලේඛ
    • මෙමෝ පත්‍ර
    • දැන්වීම් පත්‍රිකා
    • ඉලෙක්ට්‍රොනික් තැපෑල
    • ලගැසට් පත්‍ර

 

වාසි

අවාසි

  • සන්නිවේදන වඩාත් නිවැරදි වීම.
  • සන්නිවේදන කළ බවට සාක්ෂියක් තිබීම.
  • පණිවිඩයේ රහස්‍යභාවය රැකෙන පරිදි යොමු කල හැකිවීම.
  • අදහස්/පණිවිඩ සකස් කර ගැනීමට කාලයක් පැවතීම.
  • දත්තලසටහන් යනාදිය පහසුවෙන් සන්නිවේදන කළ හැකි වීම.
  • අවබෝධ කර ගැනීමේ ගැටලු
  • තොරතුරු සන්නිවේදන කිරීමේදී විකෘති වීම.
  • ප්‍රතිචාර ක්ෂණිකව ලබාගත නොහැකි වීම.
  • කියවීමේ හැකියාව නොමැති නම් තොරතුරු සන්නිවේදනය කිරීමේ අපහසු වීම.
  • ප්‍රතිපෝෂණය වඩාත් ප්‍රමාද විය හැක.
සංඥා හා සංකේත සන්නිවේදනය
  • ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විවිධ සංඥා හා සංකේත භාවිතා කිරිමයි.
  • ව්‍යාපාර ආයතන යොදා ගන්නා සංඥා හා සංකේත සන්නිවේදන ක්‍රම ථ-
  • ඇසුරුම් සංකේත – බිදෙන සුඑයි, ගිනි ගන්නා සුඑයි යනාදිය හැගවීමට භාවිතා කරන සංකේත
  • මාර්ග සංඥා – රථවාහන හැසිරවීමේ විදුලි පහන්, මහා මාර්ග, විදුලි සංඥා, සංඥා පුවරු
  • හැසිරවිමේ සංඥා – දොරවල් විවෘත කිරීමලවිදුලි අවදානම් ස්ථාන , ස්ත්‍රී/පුරුෂ ලෙස වැසිකිළි යනාදිය සඳහා සංකේත භාවිතය
  • සීනුව හා විදුලි සීනුව
  • මග සලකුණු
  • අංගචලන
  • වෙස්මුර
  • කම්හල් පිරියත සැලැස්ම

වාසි

අවාසි

  • තොරතුරු කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කල හැකිවීම.
  • තොරතුරු වල නිරවද්‍යතාව ඉහල මට්ටමක පැවතීම.
  • තේරුම් ගැනිම සඳහා භාෂා දැකීම අවශ්‍ය නොවීම.
  • තොරතුරු පහසුවෙන් අවබෝධ කරගත හැකි වීම.
  • බොහෝ සංඥා මා සලකුණු විශ්ව සම්මත වීම.
  • සංඥා හා සංකේත විකෘති වී යාමෙන් තොරතුරු සන්නිවේදනයට බාධා ඇති වීම.
  • සමහර සංඥා හා සංකේත අවබෝධ කර ගැනීමට අපහසු වීම.
  • ඇතැම් සංකේත වැරදි ලෙස තේරුම් ගැනීම.
  • විස්තරාත්මක පණිවිඩ සඳහා යෝග්‍ය වීම.
  • සංඥා හා සංකේත අබබෝධ කර ගැනීමට පෙර ඒවා පිළබඳ දැනුම අවශ්‍ය වීම.

ව්‍යාපාර ආයතන යොදා ගන්නා අභ්‍යන්තර හා බාහිර සන්නිවේදන ක්‍රම

අභ්‍යන්තර සන්නිවේදන ක්‍රම – අභ්‍යන්තර රැස්වීම්, දැන්වීම් පුවරු, මෙමෝ පත්‍ර,

අභ්‍යන්තර ලිපිය, ඉන්ටර්කොම්, දුරකථන,

චක්‍රලේඛ, ඉන්ට්‍රාර්නෙට්, වාර්තා, සම්මුඛ

සාකච්ඡා, මඟ සලකුණු, නිවේදන, විදුලි සීනුව

බාහිර සන්නිවේදන ක්‍රම – ෆැක්ස්, ඊමේල්. කැටලොග්, සඟරා, පත්‍රිකා,

ගැසට් පත්‍ර, අඬ බෙරය, බැනර්, එක්ස්ට්‍රානෙට්,

කුරියර් සේවාව, ජෝස්ටර්, අනතුරු හඟවන

නලා, ඇසුරුම් සංකේත

ඉලෙක්ට්‍රොනික් සන්නිවේදනය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනය සමඟ බිහි වූ සන්නිවේදනයයි

ඉලෙක්ට්‍රොනික් සන්නිවේදන ක්‍රම

1.ඉන්ටර්නෙට්

පුඵල් පරාසයක් ආවරණය කරමින් සකස් කරනු ලබන පරිගණක ජාලයකි. ජාලයන්ගේ ජාලය ලෙස ද අන්තර්ජාලය විස්තර කළ හැකි ය. ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති පරිගණක ජාල දහස් ගණනක් සම්බන්ධ වී තොරතුරු හුවමාරු වන, කවර වේලාවක වුවද සම්බන්ධ විය හැකි ක්‍රියාකාරකම් සහිත තත්ත්වයක් අන්තර්ජාලය ලෙස හැඳින්වේ.

2.විද්‍යුත් තැපෑල

සන්නිවේදන සම්බන්ධකයක් හරහා පරිගණකයකින් පරිගණකයකට පණිවිඩ හුවමාරු කර ගැනීම ඉලෙක්ට්‍රොනික් තැපෑල වේ. මෙමගින් ඡායාරූප, ලේඛණ, චිත්‍ර, හඬ, සජීවීකරණ යනාදිය යැවිය හැකිය.

3.ඉන්ට්‍රානෙට්

අන්තර්ජාලය පදනම් කර ගනිමින් ව්‍යාපාර ආයතනය තුළ ඇති දත්ත වලට ළඟා වීමට ඉඩ සලසා ඇති ආයතනමය ජාලයකි. මෙය පුද්ගලයෙකු හෝ ආයතනයක පාලනය යටතේ පවතින ජාලයක් වන අතර මේ මගින් සැපයෙන සේවා අවසරලත් අයට පමණක් ලබා දිය හැකිය.

4.හඩතැපැල්

යවන්නා විසින් දුරකථන මාර්ගයෙන් වාචිකව දෙනු ලබන පණිවිඩය, සරල මාර්ගයෙන් පරිවර්තනය වී පසුව ලබා ගැනීම පිණිස තැටියක ගබඩා කිරීමේ හෙවත් පටිගත කිරීමේ ක්‍රියා පද්ධතියයි.

5.බාහිර ජාලය/එක්ස්ට්‍රානෙට්

අවසරලත් පිටස්තර පුද්ගලයන්ට ලගාවීමට ඉඩ සලසා ඇති පෞද්ගලික අභ්‍යන්තර ජාලයයි.

6.ෆැක්ස් යන්ත්‍ර

මෙම ක්‍රමයේදී පණිවිඩය යවනු ලබන ෆැක්ස් යන්ත්‍රය මගින් අදාල ලියවිලිවල ඡායා පිටපත් ඩිජිටල් මගින් ලබාගෙන ඒවා ලබාගන්නා ෆැක්ස් යන්ත්‍රය වෙත පරිවර්තනය කරයි.

7.ජංගම දුරකථන

ඕනෑම ස්ථානයක සිට ක්‍රියාත්මක කළ හැකි ඕනෑම ස්ථානයකට ගෙන යා හැකි වර්ථමානයේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා චන්ද්‍රිකා තාක්ෂණ ඇසුරෙන් විවිධ ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා ජංගම දුරකථන උපයෝගි කර ගැනේ.

8.ඉන්ටර්කොම්

දුරකථන ජාලයක් ආශ්‍රයෙන් ආයතනය තුල තොරතුරු හුවමාරු කර ගැනීමට පෞද්ගිලක වශයෙක් ස්ථාපනය කර ගනු ලබන දුරකථන ජාලයකි.

09.පේපර්

10.වෙඩ් අඩවි

11.කෙටි පණිවිඩ සේවාව

12.වීඩියෝ කථන

13.බහු මාධ්‍ය සන්නිවේදනය

ඉලෙක්ට්‍රොනික් සන්නිවේදනය ප්‍රචලිත වීමට හේතු

  • පිරිවැය අඩුවීම.
  • වේගවත් බව
  • සුරක්ෂිතභාවය
  • කාලය ඉතිරි කරගත හැකිවීම
  • පණිවිඩය එකවර විශාල පිරිසකට පහසුවෙන් යැවිය හැකි වීම
  • විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත.

ඉලෙක්ට්‍රොනික් නොවන සන්නිවේදන ක්‍රම

  • මෙමෝ පත්‍ර – ආයතනයක නිළධාරින් විසින් තවත් පාර්ශවයකට කෙටි පණිවුඩයක් ලිඛිතව දැනුම්දීමට යොදාගන්නා ක්‍රමයයි.
  • රැස්වීම්
  • වාර්තා
  • ලිපිය
  • සඟරා
  • අඩබෙරය
  • බැනර්
  • මග සලකුණු
  • ඇසුරුම් සංකේත
සන්නිවේදන ක්‍රමයක් ලෙස ඉලෙක්ට්‍රොනික් තැපැල් ක්‍රමයේ වාසි හා අවාසි

වාසි

අවාසි

  • පිරිවැය අඩුවීම
  • වේගවත් වීම
  • විශ්වාසදායී වීම
  • ශබ්ද හා රූප යැවීමට හැකිවීම
  • තොරතුරු ගබඩා කරගත හැකිවීම
  • ඕනෑම ස්ථානයක සිට පණිවුඩය හුවමාරු කළ හැකි වීම
  • එකම අවස්ථාවක දී පාර්ශ්ව කීපයකට පණිවුඩ හුවමාරු කළ හැකි වීම
  • පණිවුඩය පැහැදිලිව තේරුම් නොගැනීම
  • දුරකථන පහසුකම් අවශ්‍ය වීම
  • සජීවී නොවීම
  • වෛරස් බලපෑම් ඇතිවිය හැකිවීම
  • හුදකලාවීමේ හැඟීමක් නිර්මාණය වීම
  • වෙනත් භාෂාවලින් යැවීමේ දී ඇතිවන ගැටලු
  • අන්තර්ජාල පහසුකම් ව්‍යාප්තිය අඩුවීම.

විධිමත් සන්නිවේදනය

නිල සංවිධාන ව්‍යුහය තුළ ගලා යන විනිවිදභාවයක් ඇති වාර්තාමය ස්වරූපයෙන් සිදුවන පිළිගත් පැහැදිලි පණිවුඩ හුවමාරු ක්‍රමයයි. එනම් ඉහළ සිට පහළටල පහළ සිට ඉහළට හා සිරස්ව ගලා යන ක්‍රමානුකුල හා සංවිධිත සන්නිවේදනයයි. විධිමත් සන්නිවේදනයේ ගලායාම සංවිධාන සටහන මගින් විද්‍යාමාන වේ.

උදා : රැස්වීම්, සාකච්ඡා, දුරකථන සංවාද, චක්‍රලේඛ, ලිපි, මෙමෝ, ඊමේල්, වාර්තා

අවිධිමත් සන්නිවේදනය

නිල සංවිධාන ව්‍යුහයට බාහිරින් නිල වශයෙන් නොපිලි ගන්නාල විනිවිද භාවයක් නොමැතිව තොරතුරු ගලායාම මඟින් සිදුවන සන්නිවේදනයයි. එනම් විධිමත් සන්නිවේදනයට අමතරව තොරතුරු හුවමාරු වීම අවිධිමත් සන්නිවේදනයයි.

උදා : නිර්නාමික ලිපි, කට කථා, පෙත්සම්, නිර්නාමික දුරකථන ඇමතුම්, අවිධිමත් රැස්විම් හා සාකච්ඡා

අවිධිමත් සන්නිවේදනයේ වාසි
  • වේගවත් වීම
  • වැඩි පිරිවැයක් නොදරා තොරතුරු සන්නිවේදනය වීම.
  • තීරණ ගැනීමට කල් තියා සුදානම් වීමට හැකි වීම.
  • ඉතා අපහසු සත්‍ය තොරතුරු අනාවරණය කරගත හැකි වීම.
  • විධිමත් සන්නිවේදනයට වඩා විශ්වාස වීම හා ග්‍රහණය වීම.

සඵලදායී සන්නිවේදනය (Effective Communication)

යවන්නා අපේක්ෂා කරන පරිදි ග්‍රාහකයාට පණිවිඩය ඒ ආකාරයෙන් ලැබීමයි. නැතහොත් යවන්නා විසින් යවනු ලබන පණිවුඩය ලබන්නාට ලැබුණු බවට ප්‍රතිචාර දැක්වීමෙන් තහවුරු වීම.

සඵලදායී සන්නීවේනයට ඇති බාධා
  • උපකරණ භාවිතයේදී බාහිර බාධක
  • සන්නිවේදන සැලසුම්වල ඇති දුර්වලතා
  • ආවේගශීලී වීම
  • තොරතුරු අදිකව පැටවීම.
  • මනෝ විද්‍යාත්මක ගැටලු
  • බාහිර පාරිසරයේ ඇතිවන බාධා
  • පණිවුඩයක් ඇති දුර්වලතා
  • භාෂා ප්‍රශ්න, දැනුම හා ආකල්ප වැනි දෑ
සන්නිවේදනයට ඇති බාධා පිටු දැකීමට අනුගමනය කළ හැකි ක්‍රමෝපායන්
  • නව සන්නිවේදන උපකරණ
  • නීතිරීති පැනවීම
  • සන්නිවේදන කුඑණු පිහිටුවීම
  • ඩිජිටල් තාක්ෂණය භාවිතය
  • සන්නිවේදන ක්‍රම අවභාවිත නීති

 

 

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this: