12.03. (LKAS 02) – තොග

 

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 02 (LKAS 02) – තොග

LKAS 02 ප්‍රමිතයට අනුව තොග නිර්වචනය කිරීම

සමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී ,

  • විකිණීම සඳහා තබා ඇති (නිමි තොග)
  • එවැනි විකිණීමක් සදහා නිෂ්පාදනය වෙමින් පවතින තොග (නොනිමි තොග)
  • නිෂ්පාදන ක්‍රියාවලිය තුල හෝ සේවා සැපයීමේදී පාරිභෝජනය සඳහා තබා ගන්නා ද්‍රව්‍ය (අමු ද්‍රව්‍ය)

 

 

 

තොග පිරිවැය නිර්චනය කිරීම

තොගයක පිරිවැය යනු තොගයක ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය හා තොග වත්මන් ස්ථානයට හා තත්වයට ගෙන ඒම සඳහා දරනු ලබන අනෙකුත් පිරිවැයන්ගේ එකතුවයි.

(a) ගැනුම් පිරිවැය

(b) පරිවර්තන පිරිවැය

අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කිරීමට දරණ වියදම්

    1. සෘජු පරිවර්තන වියදම්
        • සෘජු ශ්‍රමය
        • සෘජු වෙනත්
    1. වක්‍ර නිෂ්පාදන පොදුකාර්ය

(c) අනෙකුත් පිරිවැය

තොගය වර්තමාන තත්ත්වයට හා ස්ථානයට පත් කිරීමට දරණු ලබන පිරිවැය

    • විශේෂිත මෝස්තර නිර්මාණ වියදම්
    • නිෂ්පාදන සැලසුම් වියදම්

පහත සදහන් දෑ තොග පිරිවැයට ඇතුලත් නොවේ.

    • අසාමාන්‍ය ලෙස ද්‍රව්‍ය, ශ්‍රමය හෝ වෙනත් පොදු කාර්යය අපතේ යාමේ පිරිවැය
    • ගබඩා පිරිවැය (විශේෂිත අවස්තාවකදී හැර)
    • පරිපාලන පිරිවැය
    • ණය පොලිය

තොග පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධි අගය අඩුවන අවස්ථා

    • තොගය හානී වීම
    • තොගය යල් පැනීම
    • තොගයේ වෙළදපල මිල ගණන් අඩුවීම

FIFO ක්‍රමයේ අවාසි

    • නිකුත්කිරීම් අතීත මිලට සිදුවන නිසා නිශ්පාදන පිරිවැය වර්තමාන තත්ත්වයට දුරස්ථ ස්වරූපයක් ගනී.
    • උද්ධමන වාතාවරණයේදී නිෂ්පාදන පිරිවැය අඩුවෙන් පෙන්වීම හා ඒ හේතුවෙන් ලාභය වැඩිපුර පෙන්වීමක් සිදු කරයි.
    • ලැබුණු තොගයක් නිකුත්කර අවසන්වන තුරුම ඒ ගැන සෙවිල්ලෙන් සිටීමට සිදු වෙයි. මෙය පරිපාලන වශයෙන් කරදරකාරී වේ.

 

 

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.