ව්‍යාපාර අධ්‍යනය12.01 -කළමනාකරණය හැදින්වීම

12.01 -කළමනාකරණය හැදින්වීම

කළමනාකරණය හැදින්වීම

කළමනාකරණය යන්න පහත පරිදි වඩා පරිපුර්ණ ලෙස නිර්වචනය කළ හැක.

“කළමනාකරණය යනු ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු සඵලදායිව ඉටුකර ගැනීම සඳහා සංවිධානය සතු සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය ඇතුළත් ඵලදායී ක්‍රියාවලියකි.”

ඉහත නිර්වචනය තුළින් හඳුනාගත හැකි කළමනාකරණ මූලිකාංග
  1. ගතිත පරිසරය
  2. ආයතන හා සංවිධානය
  3. පරමාර්ථ හා අරමුණු
  4. ව්‍යාපාර සම්පත්
  5. කාර්යක්ෂමතාවය
  6. සඵලදායිත්වය
  7. ක්‍රියාවලිය

1.ගතික පරිසරය (Dynamic business environment)

විවිධ අවස්ථාවන්හිදී නිරන්තරයෙන් වෙනස්වීම් වලට භාජනය වෙමින් පවතින අභ්‍යන්තර හා බාහිර පරිසරය වේ.

2. ආයතන හා සංවිධාන (Institutes and organizations)

යම් සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටුකර ගැනීම සඳහා එක්ව වැඩ කරන පුද්ගලයන්ගේ එකතුවක් සංවිධානයක් ලෙස හැඳින්විය හැකිය.

සංවිධානයක ලක්ෂණ

  • පරමාර්ථ තිබීම
  • පුද්ගලයන් සිටීම
  • ක්‍රමවත් සංවිධාන ව්‍යූහයක් තිබීම

3.පරමාර්ථ හා අරමුණු (Goals and Objectives)

  1. පරමාර්ථ (Goals)

ආයතනයක් දිගු කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ වේ.

උදා ;

    • ලාභය උපරිම කිරීම
    • විකුණුම් උපරිම කිරීම

ආයතනයකට පරමාර්ථ 1 ක් හෝ කිහිපයක් තිබිය හැක.

ii.අරමුණු (Objectives)

ව්‍යාපාර ආයතනයක් නිශ්චිත කෙටි කාලයක් තුල ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිඵලයක් වේ. අරමුණු කිසියම් කාල සීමාවක් හා සම්බන්ධ කර ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරයි.

    • උදා ;
  • ව්‍යාපාරයේ ලාභදායිත්වය ඉදිරි වර්ෂයේදී 10% කින් ඉහළ නැංවීම.
  • ඉදිරි වර්ෂය තුල සේවක ප්‍රවාසිතාවය 20% කින් අඩු කිරීම.
අරමුණක ලක්ෂණ

S – Specific          – නිශ්චිත වීම.

M – Measurable    – මැනිය හැකි වීම.

A – Achievable      – ළඟා කර ගත හැකි වීම.

R – Realistic          – යථාර්ථවාදී බව

T – Time bounded – කාල සීමාවකට අදාල බව

4.ව්‍යාපාර සම්පත් (Business Resources)

නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස භාවිතා කරන ඕනෑම සාධකයක් සම්පතක් ලෙස හැඳින්වේ. සම්පත් සීමිත වේ. ව්‍යාපාර සම්පත් පහත පරිදි විවිධ ආකාරයට වර්ග කරනු ලැබේ.

සාමාන්‍ය වර්ගීකරණය
  • භූමිය
  • ශ්‍රමය
  • ප්‍රාග්ධනය
  • ව්‍යවසායක්තවය
  • කාලය
  • තොරතුරු
  • දැනුම
7 M හා 2C ලෙස වර්ගීකරණය
  • මානව සම්පත් (Men)
  • මුදල් (Money)
  • යන්ත්‍ර (Machines)
  • ද්‍රව්‍ය (Materials)
  • වෙළෙඳපල (Market)
  • කාලය (Minutes)
  • ක්‍රමෝපායන් (Methods)
  • සංකල්ප (Concepts)
  • ගනුදෙනුකරු (Customer)
ස්වභාවය මත වර්ග කිරීම
  • මානව සම්පත්
  • මූල්‍ය සම්පත්
  • තොරතුරු සම්පත්
  • කාලය
  • භෞතික සම්පත්

5.සඵලදායීත්වය (Effectiveness)

අපේක්ෂිත අරමුණු සැලසුම්ගත පරිදි ළඟා කර ගැනීම සඵලදායීත්වයයි. ඒ අනුව ආයතනයක් විසින් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු ළඟා කර ගත්තේද යන්න සඵලදායකත්වය මගින් පෙන්නුම් කරයි.

Peter Drunker (නූතන කළමනාකරණයේ පියා)” හඳුන්වා දී ඇති ආකාරයට සඵලදායිත්වය යනු නිවැරදි දේ කිරීම (Doing right things)

සඵලදායකත්වය ව්‍යාපාරය ආරම්භයේ සිටම මනිනු ලබයි.

6.කාර්යක්ෂමතාවය (Efficiency)

අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමේදී නාස්තියකින් තොරව අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමවුමක් ළඟා කර ගැනීම කාර්යක්ෂමතාවයයි.

Peter Drunker හඳුන්වා දී ඇති ආකාරයට කාර්යක්ෂමතාවය යනු කළ යුතු දේ නිවැරදි ආකාරයට කිරීමයි. (Doing right things)

  • කාර්යක්ෂමතාවය මනිනු ලබන්නේ ක්‍රියාවලිය තුලදීමය.
  • කාර්යක්ෂමතාවය හා ඵලදායිත්වය අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතී.
කාර්යක්ෂමතාවය හා සඵලදායිත්වය අතර සම්බන්ධතාවය

කාර්යක්ෂමතාවයේදී අවධාරණය කරනුයේ අවම පිරිවැයකින් උපරිම ඵල ලබා ගැනීමටයි. එනම් සම්පත් නාස්තිය අවම කිරීමයි. සඵලදායිත්වය මගින් අවධාරණය කෙරෙනුයේ නියමිත කාල රාමුව තුල අපේක්ෂිත පරිදි අරමුණු හොඳින් ඉටු කර ගැනීමයි.

ආයතනයකට සම්පත් නාස්තිය ගැන නොසිතා වැඩි පිරිවැයක් දරමින් කාර්යක්ෂම නොවී සඵලදායිත්වය කරා ළඟා විය හැක. එමෙන්ම සම්පත් නාස්තිය හා පිරිවැය අවම කිරීමට වැඩි අවධානයක් යොමු කරමින් වැරදි දේ සිදු කළ හැක. එනම් කාර්යක්ෂම වුවද සඵලදායි නොවිය හැක. එවිට අපේක්ෂිත අරමුණු ඉටු නොවේ.

සාර්ථක කළමනාකරණයක් ඇති වීමට නම් කාර්යක්ෂමතාවය හා සඵලදායිත්වය යන දෙකම පැවතිය යුතුය.

කාර්යක්ෂමතාවය හා සඵලාදායිත්වය අතර සම්බන්ධය රූප සටහනකින්

7.ඵලදායිතාවය (Productivity)

නියමිත කාලයක් තුල ආයතනයක නිමැවුම් හා යෙදවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාව ඵලදායිතාවයයි. යෙදවුම් ඒකකයක ලබා ගත හැකි නිමවුම් ඒකක ප්‍රමාණයද ඵලදායිතාවය ලෙස හඳුන්වයි.

\boxed{\text{ඵලදායකත්වය}=\frac{\text{නිමැවුම්}}{‍\text{යෙදවුම්}}}

ඵලදායිතාවය, කාර්යක්ෂමතාවය හා සඵලදායිත්වය මත රඳා පවතී. එනම් කාර්යක්ෂමතාවය හා සඵලදායිතාවය ඉහළ අගයක් ගන්නා විට ඵලදායිතාවයද ඉහළ අගයක් ගනී.

ඵලදායිතාවය නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේදී මනිනු ලබයි.

8.ක්‍රියාවලිය (Process)

එකිනෙකට සම්බන්ධ අඛණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් සමූහයක එකතුවක් ක්‍රියාවලියක් ලෙස හැඳින්වේ. කළමනාකරණයද උප ක්‍රියාකාරකම් 4 කින් සමන්විත ක්‍රියාවලියක් වේ. එම කාර්යයන් එකිනෙකට බැඳී පවතී.

කළමනාකරණය පුද්ගලයින්ගේ අරමුණු සාධනයට බලපාන ආකාරය
  • පුද්ගලයන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු වූ ආකාරයටම ඉටු කර ගැනීම.
  • කාලය කළමනාකරණය කර ගැනීමට
  • කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට
  • පුද්ගලයන්ගේ ආර්ථික තත්වය මනා ලෙස පාලනය කර ගැනීමට.
කළමනාකරණය සංවිධානවල අරමුණු සාධනයට බලපාන ආකාරය
  • ලාභ උරිම කර ගැනීමට
  • වෙළෙඳපොල පුඵල් කර ගැනීමට
  • ව්‍යාපාරයේ ගමන් මග තීරණය කිරීමට
  • හිඟ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා
  • සමාජ සුභ සාධන කටයුතු සඳහා
කළමනාකරණයේ වැදගත්කම (අවශ්‍යතාවය)
  • සීමිත සම්පත් කාර්යක්ෂමව හා සඵලදායිව යොදා ගැනීමට
  • ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට
  • ආයතිනක පරමාර්ථ හා අරමුණු සාර්ථකව ඉටු කර ගැනීමට
  • නිවැරදි තීරණ ගනිමින් ගැටඵවලට සාර්ථකව මුහුණ දීමට
  • සංකීර්ණ ව්‍යාපාර තත්ත්වයන්ට හොඳින් මුහුණ දීමට
  • ආර්ථික අවපාතවලට මුහුණ දීමට

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet