Accounting12.04. (LKAS 08) – ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීම / ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්...

12.04. (LKAS 08) – ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීම / ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි

 

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 08 (LKAS 08) – ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීම / ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආයතනයක් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන නිශ්චිත මූලධර්ම, සම්ප්‍රදායන්, රීතීන්  හා පරිචයන් ගිණුම්කරණ ප්‍රතිපත්ති වේ.

ගිණුම් ප්‍රමිතයක් නොමැති අවස්තාවලදී කළමනාකරණයේ කැමැත්ත මත ප්‍රතිපත්තියක් තෝරාගනී.

උදා :

    • ක්ෂය ක්‍රමය තෝරා ගැනීම
    • කල්බදු ප්‍රතිපත්තිය
    • අසම්භාව්‍ය වගකීම් හඳුනාගැනීම
    • තොග අගය කිරීමට FIFO හෝ WAC ක්‍රමය භාවිතා කිරීම
    • වත්කම් හඳුනාගැනීම පිරිවැය හෝ ප්‍රත්‍යාගණන ආකෘතිය යොදා ගැනීම

ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා ගැනීම             

    • ගනුදෙනු හා සිද්ධීන් සම්බන්ධව ගිණුම්කරණ ප්‍රමිතයකින් ඇත්නම් එම ප්‍රමිතයට අනුව
    • නිශ්චිත ගිණුම්කරණ ප්‍රමිතයක් නොමැති විට, කළමනාකරණයේ තීරණය මත ප්‍රතිපත්ති තෝරා ගත යුතුය

ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් කළහැකි අවස්ථා

    • ගිණුම්කරණ ප්‍රමිතයක අවශ්‍යතාව මත
    • ආයතනයේ මූල්‍ය තත්ත්වය, කාර්යසාධනය හෝ මුදල් ප්‍රවාහ කෙරෙහි පෙරට වඩා විශ්වසදායී ලෙස තොරතුරු සැපයීම සදහා වෙනස් කිරීම අවශ්‍ය විටෙක

ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීම ගිණුම්ගත කිරීම

    • නව ප්‍රමිතයක් ක්‍රියාත්මක වීම නිසා ගිණුම් ප්‍රතිපත්ති වෙනස් වුවහොත් එම වෙනස්වීමට අදාල ප්‍රමිතයේ සඳහන් අකාරයට කටයුතු කළ යුතුය.
    • ප්‍රමිතයේ වෙනස්වීම ගිණුම්ගත කළයුතු අකාරය සඳහන් කර නොමැතිනම් අතීතයේ සිට බලපාන පරිදි වෙනස් කළ යුතුය.
    • ගිණුම් ප්‍රතිපත්තිය දැනට වඩා විශ්වසදායී අනාවරණයක් සඳහා එම වෙනස්වීම අතීතයේ සිට බලපාන ආකාරටය ගිණුම්ගත කළ යුතුය.

ගිණුම් ඇස්තමේන්තු වෙනස් වීම.

තක්සේරු කිරීමේදී වත්කම් හෝ වගකීම් ධාරණ අගය සඳහා අවශ්‍ය වන ගැලපීමක් ගිණුම්කරණ ඇස්තමේන්තුවක වෙනස් වීමක් ලෙස හඳුනාගත හැකිය. මෙය නව තොරතුරු හෝ නව ප්‍රවණතා නිසා ගිණුම්කරණ ඇස්තමේන්තු වරින් වර වෙනස් වේ.

ගිණුම් ඇස්තමේන්තු වෙනස් වීම

තක්සේරු කිරීමේදී වත්කම් හෝ වගකීම් ධාරණ අගය සඳහා අවශ්‍ය වන ගැලපීමක් ගිණුම්කරණ ඇස්තමේන්තුවක වෙනස් වීමක් ලෙස හඳුනාගත හැකිය. මෙය නව තොරතුරු හෝ නව ප්‍රවණතා නිසා ගිණුම්කරණ ඇස්තමේන්තු වරින් වර වෙනස් වේ.

උදා :

    • තොග යල් පැනීම
    • මූල්‍ය වත්කම් වල / වගකීම් වල සාධාරණ අගය
    • බොල්ණය / අඩමාන ණය වෙන්කිරීම්

ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම් තැබීම

    • වෙනස බලපාන්නේ අදාල කාලයට පමණක් නම් එය ප්‍රවර්ථන වර්ෂයේ ලාභයට / අලාභයට ගලපන්න.
    • වෙනස බලපන්නේ අදාල කාලයට හා ඉදිරි කාලවලට නම් එය අදාල පරිදි වර්තමාන කාලයට හා කාලවලට ගලපන්න.
    • වෙනස වත්කම්, වගකීම් හෝ ස්කන්ධ අයිතම වලට බලපාන්නේ නම් වෙනස සිදු වූ කාලපරිච්ඡ්දයේ වත්කම්, වගකීම් හෝ ස්කන්ධ අයිතමයේ ධාරණ අගයට ගලපන්න.

වැරදි

  • ගිණුම්කරණ කටයුතු සිදු කිරීමේදී සිදුවන විවිධ වැරදි මෙහිදී සළකාබැලේ.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom