12.05. (LKAS 10) – වාර්තාකරණ කාලච්ඡේදයට පසු සිදුවීම්

 

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 10 (LKAS 10) – වාර්තාකරණ කාලච්ඡේදයට පසු සිදුවීම්

වාර්තාකරණ කාලච්ඡේදයට පසුව හටගන්නා සිදුවීම් යනු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනය එනම් මූල්‍ය වාර්තාවල සඳහන් අවසන් දිනයන්, මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන දිනයත් අතර කාලය තුල සිදුවන සියලුම වාසිදායක හා අවාසිදායක සිදුවීම්ය.

මූල්‍ය ප්‍රකාශන වල ගළපන සිදුවීම්

වාර්තාකරණ කාලච්ඡේදයේ අවසාන දිනට පැවති තත්වයක් තත්වයකට සාක්ෂි සපයන සිද්දි මෙලෙස ගළපනු ලැබේ.

  1. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට පසුව දෙන ලද අධිකරණ තීන්දුවක් මත ගෙවීමට සිදුවන වන්දි මුදල්

උදා :

2021.03.31 දිනට පසු මූල්‍ය වාර්තා අනුමත කිරීමට පෙර, (එනම් 2021.06.30 ට පෙර) සේවක නඩු වන්දි ඉල්ලීමක්  මත රු. 500,000 ක් මුදලක් 2021.05.02 දින අධිකරණයේදී අදාල සේවකයාට ගෙවන ලදී.

    ලාභාලාභ ගිණුම හර        500,000

        නඩුවන්දි වෙන්කිරීමේ ගිණුම බැර         500,000

 

2. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට පසුව පැවති වත්කම් වල වටිනාකමේ සිදුවන අඩුවීමක්      (වත්කමේ අගයේ හීනවීමක්)

උදා :

2021.03.31 දිනට පසු මූල්‍ය වාර්තා අනුමත කිරීමට පෙර සමාගමේ සිටින රු.50,000 ක ණයගැතියෙකු බුන්වත් වීම.

    ලාභාලාභ ගිණුම හර          50,000

       ණයගැති ගිණුම බැර                       50,000

 

3. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට පසුව තොග අළෙවි කිරීම නිසා ශුද්ධ උපලබ්ධි අගයේ සිදුවන වෙනස්විම.

උදා :

2021.03.31 දිනට තොග පිරිවැය රු. 500,000 කි. එදිනට එම තොගයේ ශුද්ධ උපලබ්ධි අගය රු. 480,000 කි. එහෙත් එම තොගය මූල්‍ය වාර්තා අනුමත කිරීමට පෙර (2021.06.30 අනුමත් දිනය) රු. 450,000 කට විකුණන ලදී.

    ලභාලාභ ගිණුම හර               50,000

    අවසන් තොග ගිණුම හර       450,000

වෙළද ගිණුම බැර                            500,000

 

4. පෙර ප්‍රකාශ කරන ලද කරුණක් වන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට පසුව ඇති සම්මුතික බැදීමක ස්වාභාවයේ ගෙවීමක් හෝ වෙන් කිරීමක්.

උදා :

2021.03.31 අවසන් වර්ෂයේ ලාභය රු. 1,000,000 කට වඩා වැඩි වුවහොත් එම වැඩිවන ලාභයෙන් 20% ක ප්‍රසාද දීමනාවක් සේවකයින්ට ගෙවීමට අධ්‍යක්ෂකවරු එකඟතාවය පලකරන ලදී. එහිදී වර්ෂයේ ලාභය රු. 1,500,000 නම් ප්‍රසාද දීමනාව වන්නේ.

    ලාභාලාභ ගිණුම හර        100,000

       සේවක ප්‍රසාද දීමනා වෙන්කිරීමේ ගිණුම බර      1000,000

 

5. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට ඉල්ලුම් කරන ලද රක්ෂණ වන්දියක් සඳහා අදාල අනුමැතිය හෝ ගෙවීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට පසුව සිදුවීම.

උදා :

2021.03.31 දිනට පෙර හානි වූ තොගය සම්බන්ධව අදාල රක්ෂණ සමාගම 2021.04.11 වන දින (මූල්‍ය වාර්තා අනුමත කිරීමට පෙර) රු. 200,000 ක වන්දියක් ගෙවීමට එකඟතාවය ප්‍රකාශ කිරීම.

   ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර       200,000

       තොග හානි ගිණුම බැර                                  200,000

6. කාලච්ඡේදයට පෙර අත්පත් කරගත් හෝ අළෙවිකල දේපලක හුවමාරු වටිනාකම තහවුරු වීමක්.

7. මූල්‍ය ප්‍රකාශන වල අසත්‍ය බව පෙන්නුම්කරන වැරදි සොයාගැනීමක්.

 

මූල්‍ය ප්‍රකාශන වල නොගළපන සිදුවීම්

වාර්තාකරණ කාලච්ඡේදයෙන් පසුව පැන නැගුණු තත්වයක් නිරූපණය කරන සිදුවීම්

    • ලාභාංශ ප්‍රකාශයට පත් කිරිම.
    • ආයෝජන වල මිල ගණන් පහළ යාම නිශ්ච්තව හඳුනාගෙන නොමැතිවිට.
    • ව්‍යාපාරයේ කොටසක් හෝ ව්‍යාපාරයට ස්වාභාවිකව හෝ අනතුරකදී විනාශ වීම.
    • රජය මඟින් පවරා ගැනීම.
    • කාලච්ඡේදයට පසුව අති වූ ප්‍රාථමික මට්ටමේ නඩුවක්.
    • මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට පසුව විදේශ විනිමය අනුපාතයේ වෙනස්වීම මත ඇතිවන විශාල අලාභයක්.

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.