Accounting12.06. (LKAS 16) - දේපල පිරියත හා උපකරණ

12.06. (LKAS 16) – දේපල පිරියත හා උපකරණ

 

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16 (LKAS 16) – දේපල පිරියත හා උපකරණ

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා තබා ගන්නා හෝ අන් අයට කුලියට දීමට හෝ පරිපාලනමය කර්යයන් සදහා තබා ගන්නා හා එක් ගිණුම් කාලපරිච්ඡේදයකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂිත වත්කම් දේපල පිරියත හා උපකරණ ලෙස හඳුන්වයි.

 

හඳුනාගැනීම

දේපල පිරියත හා උපකරණ අයිතම වත්කම් ලෙස හඳුනාගැනීම සඳහා පහත කොන්දේසි සම්පූර්ණ විය යුතුයි.

    • අයිතම හා බැදුණු ආර්ථික ප්‍රතිලාභ අනාගතයේදී ව්‍යාපාරය තුලට ගලා ඒමේ භව්‍යතාවයක් තිබිය යුතුයි.
    • ව්‍යාපාරය විසින් එම වත්කම වෙනුවෙන් දරණ ලද පිරිවැය විශ්වාසදායී ලෙස මැනිය හැකිවිය යුතුයි.

 

ව්‍යාපාරයක් විසින් සියලු දේපල පිරියත හා උපකරණවලට දරණු ලබන පිරිවැය ඒවා දරණු ලබන අවස්තාවේ දී හඳුනාගත යුතුය. මෙය පිරිවැය වර්ග 02 කි.

    1. මුල්වරට දරණ ලද පිරිවැය
    2. පසුකාලීනව දරණ ලද පිරිවැය

2. වත්කම් අපේක්ෂිත තත්ත්වයට හා ස්ථානයට පත් කරන තෙක් දරන ලදැයි සෘජුවම අදාල වන පිරිවැය

උදා :

    • වත්කම් ඉදිකිරීමේ / අත්පත් කරගැනීමේ සෘජු පිරිවැය
    • වැඩබිම් සකස් කිරීමේ පිරිවැය
    • මූලික ප්‍රවාහන සහ එහා මෙහා කිරීමේ වියදම්
    • වෘත්තීය ගාස්තු
    • වටයක් අත්හදා බැලීමේ ශුද්ධ වියදම්

3. වත්කම ජීවිත කාලය අවසානයේ දී කොටස් වශයෙන් ගැලවීමට හා ඉවත් කිරීමට දැරිය යුතු යැයි අපේක්ෂිත පිරිවැය

 

3. ක්ෂය කළ හැකි අගය (Depreciable value)

වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට හඳුනාගෙන ඇති හෝ ආදේශ කර ඇති අගයෙන් අවශේෂ වටිනාකම / සුන්බුන් අගය අඩු කළ පසු අගයයි.

 

4. ධාරණ වටිනාකම (Carrying amount)

වත්කමක පිරිවැයෙන් හෝ ප්‍රත්‍යාගණන අගයෙන් සමුච්චිත ක්ෂය හා සමුච්චිත හානිකර අලාභ අඩු කිරීමෙන් පසු ලැබෙන අගය වත්කමේ ධාරණ වටිනාකමයි. මෙය පොත් අගය හා ශුද්ධ අගය ලෙස ද හඳුන්වයි.

 

5. සාධාරණ අගය (Fair value)

දැනුම හා කැමැත්ත ඇති පාර්ශවයන් දෙකක් අතර අතේ දුරින් වූ ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු කළ හැකි අගය හෝ වගකීමක් බේරුම් කිරීම සඳහා ගෙවනු ලබන වටිනාකම සධාරණ අගය වේ.

 

6. අවශේෂ වටිනාකම / සුන්බුන් අගය (Residual value)

වත්කමක් දැනටමත් වයසින් හා තත්ත්වයෙන් ජීවිත කාලයේ අවසානයේ පවතී යැයි අපේක්ෂිත තත්ත්වයට පත්ව ඇත්නම් එය ඉවත් කිරීමෙන් වර්තමානයේදී ලබා ගත හැකි ඇස්තමේන්තුගත වටිනාකමෙන් වත්කම අපහරණය සඳහා දැරීමට සිදු වෙතැයි අපේක්ෂිත පිරිවැය අඩු කළ පසු ලැබෙන අගය අවශේෂ වටිනාකමයි.

 

7. ඵලදායී ජීව කාලය / ප්‍රයෝජ්‍යවත් කාලය (Useful life)

ආයතනයක් විසින් වත්කම නියමිත තත්ත්වයට භාවිතා කිරීමට අපේක්ෂා කරන කාලය හෝ වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නිමැවුම් ඒකක ප්‍රමාණය වේ.

 

දේපල පිරියත හා උපකරණ ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය ගිණුම් තැබීම

  • ප්‍රත්‍යාගණන ලාභයක් ඇතිවීම

 

  • ප්‍රත්‍යාගණන අලාභයක් ඇති වීම

   අදාල සමුච්ච්ත ක්ෂය ගිණුම හර                                     

    අදාල වත්කම් ගිණුම          බැර                                         

   (ප්‍රත්‍යාගණන දින දක්වා සමුච්චිත ක්ෂය ගිණුම් ගත කළා)

 

  වෙනත් වියදම් ගිණුම හර                                               

   අදාල වත්කම් ගිණුම   බැර                                       

  (ප්‍රත්‍යාගණන අලාභය ගිණුම් ගත කළා)

 

  • ප්‍රත්‍යාගණන ලාභය රු. 700,000 ක් නම්,

       යන්ත්‍ර ගිණුම හර         700,000

         වෙනත් වියදම් ගිණුම  බැර               500,000

         යන්ත්‍ර ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර   200,000

 

2. ඉවත් කරනු ලැබූ වත්කමේ සමුච්චිත ක්ෂය

      සමුච්චිත ක්ෂය ගිණුම හර                                                              

        වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර                                         

 

3. වත්කමේ විකුණුම් මිල

     මුදල් ගිණුම හර                                                                                  

       වත්කම්ඉවත් කිරීමේ ගිණුම බැර                                            

 

4. වත්කම් හුවමාරු අගය

     අදාල වත්කම් ගිණුම හර                                                                

       වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර                                         

 

5. ඉවත් කිරීමේ ගිණුමෙන් ජනිත වන ලාභය

      වත්කම් ඉවත් කිරීමේ ගිණුම හර                                                   

        ලාභාලාභ ගිණුම             බැර                                                            

 

6. වත්කම් ඉවත් කිරීමෙන් ඇතිවන අලාභය

     ලාභාලාභ ගිණුම හර                                                                      

       වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර                                          

 

දේපල පිරියත හා උපකරණ පිළිබද හෙළිදරව් කළයුතු කරුණු

    • දළ ධාරණ අගය නිශ්චය කිරීම සඳහා භාවිතා කළ මිනුම්කරණ පදනම
    • භාවිතා කළ ක්ෂය ක්‍රමය
    • භාවිතා කළ ක්ෂය අනුපාත හෝ ප්‍රයෝජනවත් ජීව කාලය
    • කාලච්ඡේදය අරම්භයේ දී හා අවසානයේ දී දළ ධාරණ අගයන් සහ සමුච්චිත ක්ෂය ප්‍රමාණයන්

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom