හැඳින්වීම
- ජලීය ද්‍රාවණයක පවතින අයන අතර හට ගැනෙන ගතික සමතුලිත පද්ධති පිළිබඳව අධ්‍යයනය කෙරෙන විෂය ඒකකය අයනික සමතුලිතතාවය වේ.
- මෙම අයන බොහෝ විට අම්ලයක හෝ භෂ්මයක විඝටන ක්‍රියවලියකින් හෝ අම්ල භෂ්ම ප්‍රතික්‍රියවෙන් ජනිත වෙන ලවණයක් විඝටනයෙන් ඇති වේ.
ලැවෝෂියර් අම්ල/ භෂ්ම අර්ථ දැක්වීම
- ලැවෝෂියර් අර්ථ දැක්වීමට අනුව ලෝහ විසින් සාදන ඔක්සයිඩ භෂ්ම ලෙසත් අලෝහ විසින් සාදන ඔක්සයිඩ අම්ල ලෙසත් සැලකේ.
- ඒ අනුව ලැවොෂියර් වාදයට අනුව සෑම අම්ලයකටම හා භෂ්මයකටම O මූලද්‍රව්‍ය අන්තර්ගත වේ.
- කෙසේවෙතත් පසු කාලීනව NH3 වැනි O රහිත භාෂ්මික ප්‍රභේද ද HCl, HBr,….. වැනි O රහිත ආම්ලික ප්‍රභේද ද හඳුනාගැනීමත් සමඟ ලැවෝෂියර් අර්ථ දැක්වීම ප්‍රතික්ෂේප වී ඇත.
ආහීනියස් අම්ල/භෂ්ම අර්ථ දැක්වීම
- ආහීනියස් අර්ථ දැක්වීමට අනුව ජලීය ද්‍රාවණයක දී විඝටනය වී H+ අයන නිදහස් කිරීමට සමත් රසායනික ප්‍රභේද අම්ල ලෙසත් ජලීය ද්‍රාවණයක දී විඝටනය වී OH¯ අයන නිදහස් කිරීමට සමත් ප්‍රභේද භෂ්ම ලෙසත් සැලකේ.
- ඒ අනුව ආහීනියස් අර්ථ දැක්වීම තුළ අම්ල භෂ්මවල පැවත්ම ජලීය ද්‍රාවණයක දී පමණක් දක්නට ලැබිය යුතුවේ.
- කෙසේ වෙතත් පසු කාලීනව ජලීය ද්‍රාවණයක දී විඝටනයෙන් OH¯ අයන නිදහස් කිරීමට හැකියාවක් නොමැති NH3 ,CaO…. වැනි භාෂ්මික ප්‍රභේද හමුවීමද, ජලීය මාධ්‍යයේ මැදිහත් වීමකින් තොරව වියළි NH3හා වියළි HCl අම්ල-භෂ්ම ප්‍රතික්‍රියාවක් සම්පූර්ණ කිරීමෙන් NH4Cl සෑදීම වැනි නිරීක්ෂණද හේතු කොටගෙන ආහීනියස් අර්ථ දැක්වීම ප්‍රතික්ෂේප විය.
ලෝරි – බ්‍රොන්ස්ටෙඩ් අම්ල /භෂ්ම අර්ථ දැක්වීම
- ලෝරි – බ්‍රොන්ස්ටෙඩ් අර්ථ දැක්වීම අනුව පද්ධතිය තුළ ප්‍රෝටෝනයක් හෙවත් H+ අයනයක් ප්‍රදානය කිරීමට සමත් අණුක හෝ අයනික ප්‍රභේද අම්ල ලෙසත්,ප්‍රෝටෝනයක් හෙවත් H+අයනයක් ප්‍රතිග්‍රහණය කිරීමට සමත් අණුක හෝ අයනික ප්‍රභේද භෂ්ම ලෙසත් සැලකේ .
- මීට අමතරව ලෝරි – බ්‍රොන්ස්ටෙඩ් අර්ථ දැක්වීම අනුව කිසියම් අම්ලයක් H+ ප්‍රදානය කල විට ලැබෙන ප්‍රභේදය අදාළ අම්ලයේ සංයුග්මක භෂ්මය ලෙසත් කිසියම් භෂ්මයක් H+ ප්‍රතිග්‍රහණය කල විට ලැබෙන ප්‍රභේදය අදාළ භෂ්මයේ සංයුග්මක අම්ලය ලෙසත් අර්ථ දැක්වේ.
උදා : ජලීය ද්‍රාවණයක දී CH3COOH හි භාගික විඝටනය සලකා.
\underset{\text{සංයුග්මක අම්ලය}}{{\mathrm{CH}}_3{\mathrm{COOH}}_{(\mathrm{aq})}\;}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightleftharpoons\;{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\;+\;\underset{\text{සංයුග්මක භෂ්මය}}{{\mathrm{CH}}_3\mathrm{COO}^-\;_{(\mathrm{aq})}}
උදා : ජලීය ද්‍රාවණයකදී NH4OH හි භාගික විඝටනය සලකා.
\underset{\text{සංයුග්මක භෂ්මය}}{{{\mathrm{NH}}_3}_{(\mathrm g)}}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})\;}\;\;\rightleftharpoons\;\underset{\text{සංයුග්මක අම්ලය}}{{{\mathrm{NH}}_4^+}_{(\mathrm{aq})}}\;+\;\;\mathrm{OH}¯\;_{(\mathrm{aq})}
ලුවිස් අම්ල /භෂ්ම අර්ථ දැක්වීම
- ලුවිස් අර්ථ දැක්වීමට අනුව ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රතිග්‍රහණය කල හැකි හිස් කාක්ෂිකවලින් සමන්විත අණුක හෝ අයනික ප්‍රභේද අම්ල වනු ඇත.
උදා: AlCl3 ,BCl3 , BeCl2
- එමෙන්ම ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රදානය කල හැකි එකසර e යුගල වලින් සමන්විත අණුක හෝ අයනික ප්‍රභේද භෂ්ම වේ.
උදා: NH3 , OH¯, CN– , H2O
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.