විද්‍යා අංශයජීව විද්‍යාව7.1.3 - විකෘති වල අණුක පදනම විභාග කරයි.(II කොටස)

7.1.3 – විකෘති වල අණුක පදනම විභාග කරයි.(II කොටස)

පාඩමේ සටහන Download කරගන්න.

 

මානව ප්‍රවේණික ආබාධ.

 

ජාන විකෘති නිසා ඇති වන ආබාධ

 

01. වර්ණාන්ධතාව

1.වර්ණාන්ධතාව වඩාත් සුලභ වන්නේ ස්ත්‍රීන් හා පුරුෂයින් අතුරින් කා අතරද?

  • පුරුෂයින් අතර

 

2.ඊට හේතුව කුමක්ද?

  • පුරුෂයින්ට එක X වර්ණදේහයක් පමණක් ඇති බැවින්ද
  • රතු, කොළ වර්ණක සඳහා කේත සපයන ජාන Y වර්ණදේහයේ නැති බැවින්,
  • එම ජාන එකක හ දෙකෙහි ඕනෑම දෝෂයක් රූපාණුදර්ශය සාදයි.
  • නමුත් ස්ත්‍රීන් ගේ විෂමයුග්මක තත්ත්වයේදී එක් සදොස් ඇලීලයක් X වර්ණදේහයේ තිබුණද අනෙකේ ඇති දෝෂ රහිත ඇලීලය මගින් එය ආවරණය වේ.

 

3.වර්ණාන්ධතාව කිනම් වර්ණදේහයක ඇති ජාන වල විකෘති නිසා ඇතිවේද?

  • X වර්ණදේහයේ

 

4.මිනිසාගේ රතු කොළ සහ නිල් වර්ණක සඳහා කේතනය සපයන ජාන කිනම් වර්ණදේහය මත පිහිටයි ද?

  • රතු කොළ වර්ණකවලට කේත සපයන ජාන X වර්ණදේහයේ ද, නිල් වර්ණකය සඳහා ජානය 7 වන වර්ණදේහය මතද පිහිටයි.

 

5.වර්ණාන්ධතාව සම්පූර්ණයෙන්ම පාහේ රතු හා කොළ වර්ණක සංජානනය සඳහා බලපායි. මීට හේතුව කුමක්ද?

  • එවා ලිංග ප්‍රතිබද්ධ ජාන වීම.

 

 

 

02. දෑකැති සෛල රක්තහීනතාව.

6.දෑකැති සෛල රක්තහීනතාවයෙන් පෙළෙන පුද්ගලයකු ගේ රතු රුධිර සෛල වල හැඩය මඩලාකාර හැඩයක සිට දෑකැත්තක් බඳු වක්‍රයකට වෙනස් වී තිබිණි. මීට හේතුව පැහැදිලි කරන්න.

  • ඔහුගේ රක්තාණු තුළ ඇති හිමොග්ලොබින්හි බීටා ග්ලොබීන් උප ඒකකයේ ප්‍රාථමික ව්‍යුහයේ නිශ්චිත ස්ථානයකදී ග්ලූටමික් අම්ලය වේලීන් මගින් ආදේශ වීම නිසා හිමොග්ලොබින්හි අසාමාන්‍ය නැම්මක් ඇතිවන අතර
  • රතු රුධිර සෛල තුළ එම අසාමාන්‍ය හිමොග්ලොබින් දැරීම නිසා එහි හැඩය ඉහත දක්වා ඇති පරිදි වෙනස් වේ.

 

Image result for

 

 

 

7.මෙම ජාන පථය සඳහා විෂම යුග්මක පුද්ගලයන් තුළ සාමාන්‍ය බීටා ග්ලොබීන් සහ විකෘති බීටා ග්ලොබීන් යන දෙවර්ගයම නිපදවේ. මීට හේතුව කුමක්ද?

  • විකෘතියට ලක්වූ ඇලීලය සහප්‍රමුඛ වීම.

 

8.දෑකැති රන පුද්ගලයන් රක්තහීනතාවයෙන් පෙලීම සඳහා හේතු වන්නේ කුමක්ද?

  • දෑකැති හැඩැති රතු රුධිර සෛල ප්‍රාග් පරිණතව බිඳ වැටීම නිසා රෝගී පුද්ගලයන් ට රතු රුධිර සෛල සුළු ප්‍රමාණයක් පමණක් ඇත.

 

9.අප්‍රිකාව බඳු උණුසුම් රටවල මැලේරියාව පවතින අතර දෑකැති සෛල රක්තහීනතාවට අදාළ හිමොග්ලොබින්හි විකෘතිය සඳහා විෂමයුග්මක ප්‍රවේණිදර්ශ දරන පුද්ගලයන්, සමයුග්මක වල් දර්ශී ඇලීල දරන්නන්ට වඩා හොඳින් මැලේරියාවෙන් ආරක්ෂා වන බව සොයාගෙන ඇත. මීට හේතුව කුමක්ද?

  • මැලේරියා පරපෝෂිතයන්ට දෑකැති රක්තාණු තුළ සුරැකී ජීවත් වීමට නොහැකි නිසා විෂමයුග්මක පුද්ගලයන්ගේ පරපෝෂී ඝනත්වය පහළ මට්ටමක පවතී.

 

 

 

වර්ණදේහය විකෘති නිසා ඇති වන ආබාධ.

 

01. ඩවුන් සහලක්ෂණය

10.ඩවුන් සහලක්ෂණය 21 ‘ත්‍රිදේහතාව’ ලෙස හැඳින්වීමට හේතුව කුමක්ද?

  • බලපෑමට ලක්වූ පුද්ගලයාගේ සෛල තුළ 21 වන වර්ණදේහයේ වැඩිපුර පිටපතක් තිබීම නිසා.

Image result for down syndrome chromosome

 

11.ඩවුන් සහලක්ෂණය ආබාධිත පුද්ගලයකුගේ දැකිය හැකි ලාක්ෂණික ලක්ෂණ මොනවාද?

  • මුහුණේ ලාක්ෂණික අංග
  • මිටි දේහය
  • හෘදයේ ආබාධ
  • විකසන ප්‍රමාද වීම්

 

Image result for

 

12.ඩවුන් සහලක්ෂණය සහිත පුද්ගලයකුට ඉහළ අවදානමකින් සෑදිය හැකි රෝග 2 ක් නම් කරන්න.

  • ලියුකේමියා
  • ඇල්ෂයිමර්

 

13.ඩවුන් සහලක්ෂණය ඇති වීමට හේතුව ප්‍රවේණිකව පැහදිලි කරන්න.

  • ඌනනය 1 සිදු වන නිර්විසම්බන්ධනය නිසා ඇතිවන 21 වන අලිංග වර්ණදේහයේ ත්‍රි දේහතාවයි.

 

14.ඩවුන් සහලක්ෂණය සහිත පුද්ගලයකුට, සාමාන්‍ය අයෙකුට වඩා අඩු සීග්‍රතාවයෙන් වැළඳිය හැකි රෝගාබාධ මොනවාද?

  • අධි රුධිර පීඩනය
  • ඇතරොස්ක්ලෙරෝසිස්
  • ආඝාතය
  • බොහෝ ඝන අර්බුද

 

 

02. ටර්නර් සහලක්ෂණය

15.ටර්නර් සහලක්ෂණය ඇති වීමට හේතුව,

  • X වර්ණදේහයේ ඒකූනදේහතාවය.

 

16.ටර්නර් සහලක්ෂණය සහිත ස්ත්‍රීන්ගේ ප්‍රවේණි දර්ශය,

  • XO

 

Image result for

 

17.පහත ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව දක්වන්න.

“ටර්නර් සහලක්ෂණය සහිත පුද්ගලයන් රූපාණුදර්ශීයව ස්ත්‍රීන් වන අතර නිසරු පුද්ගලයන් වේ.”

  • සත්‍යයි.
  • ඔවුන් ස්ත්‍රීන් වන නමුත් ලිංගික අවයව පරිණත නොවීම නිසා නිසරු වේ.

 

18.ටර්නර් සහලක්ෂණය සහිත ගැහැනු ළමයින්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ විකසනය කළ හැකි ප්‍රතිකාර ක්‍රමය,

  • ඊස්ට්‍රජන් ප්‍රතිස්ථාපන චිකිත්සාව

 

19.ටර්නර් සහලක්ෂණයේ රෝග ලක්ෂණ,

  • මිටි පෙනුමක් සහිත වීම.
  • ඇතැම් අයගේ ගෙල මත අතිරේක සමක් තිබීම.
  • අත් සහ පාදවල පිම්බුනු හෝ ඉදිමුනු බව
  • සැකිලි අසාමාන්‍යතා
  • හෘද ආබාධ
  • අධි රුධිර පීඩනය
  • වෘක්ක ගැටලු

 

Image result for

 

20.”ටර්නර් සහලක්ෂණය සහිත බහුතරයක් දෙනා අවප්‍රමාණ බුද්ධියක් පෙන්වයි.” මෙම ප්‍රකාශය සත්‍ය ද? අසත්‍ය ද?

  • අසත්‍ය වේ
  • හේතුව:- ඔවුන් බහුතරයකට සාමාන්‍ය බුද්ධියක් ඇත.

 

 

03. ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය

21.ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය සහිත පුද්ගලයන්ගේ ප්‍රවේණි දර්ශය,

  • XX‍Y

Image result for

 

22.ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය සහිත පුද්ගලයන් පුරුෂයන් ලෙස සැළකීමට හේතුව,

  • Y වර්ණදේහයක් දැරීම.

 

23.මෙම ප්‍රවේණික ආබාධය සහිත පුද්ගලයන්ගේ ලක්ෂණ වන්නේ,

  • නිසරු බව
  • වෘෂණ අසාමාන්‍ය ලෙස කුඩා වීම.
  • විශාල පියයුරු හා වෙනත් ස්ත්‍රී දේහ ලක්ෂණ
  • අවප්‍රමාණ බුද්ධියක් තිබීම.

Image result for

 

24.XX‍X හා X‍YYයන ත්‍රිදේහ ප්‍රවේණි දර්ශයන් පෙන්වන පුද්ගලයන්,

  • කිසිදු සහලක්ෂණයක් නොපෙන්වයි
  • පිළිවෙළින් සාමාන්‍ය ස්ත්‍රී හා පුරුෂ ලක්ෂණ දරයි
  • සරු පුද්ගලයන් වේ
  • සාමාන්‍යයට වඩා මදක් උසින් වැඩිය

 

 

ප්‍රවේණික උපදේශනය

25.ප්‍රවේණික උපදේශනය යනු,

  • ප්‍රවේණික ආබාධ තිබෙන හෝ ප්‍රවේණික ආබාධවල අවදානම තිබෙන පවුල් සඳහා,
  • එවැනි ආබාධ සහිත දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇති අවදානම ඇස්තමේන්තු කර,
  • එවැනි අවස්ථා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සපයන සහ දැනටමත් එවැනි දරුවෙකු සිටී නම් එම තත්වය කළමනාකරණය කරගෙන,
  • ඊළඟ දරු උපත සැළසුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් සපයන වැදගත් උපදේශන සේවාවකි.

 

26.ප්‍රවේණික උපදේශකයෙකු සතුව තිබිය යුතු කුසලතාවයන් දෙක,

  • සරල මෙන්ඩලීය ආවේණියේ නියම වලට අනුව ලක්ෂණ හැසිරෙන්නේ කෙසේද යන්න තේරුම් ගත හැකි මානව ප්‍රවේණිය පිළිබද මනා දැනුම.
  • ප්‍රවේණික ආබාධ සහිත දරුවන් ලැබීමේ අවදානම අවම කර ගැනීමට මගපෙන්වීමක් සැපයීමේ හැකියාව.

 

27.බහුසාධකීය ප්‍රවේණික ආබාධ යනු,

  • බහුජාන ප්‍රවේණිය , පාරිසරික සාධක වැනි සාධක ගණනාවක් හේතුවෙන් හටගන්නා ප්‍රවේණික ආබාධ වේ.

 

28.බහුසාධකීය ප්‍රවේණික ආබාධ සඳහා නිදසුන්,

  • හෘදයාබාධ
  • දියවැඩියාව

 

29.බහුසාධකීය ප්රවේණික ආබාධ සඳහා ප්‍රවේණික උපදේශනයක් සැපයීම අපහසු වීමට හේතුව,

  • එවැනි ප්‍රවේණික ආබාධ සඳහා බහුජාන ප්‍රවේණියට අමතරව ජීවන රටාව, ආහාර පුරුදු වැනි බාහිර සාධක වලද බලපෑමක් ඇති නිසා රෝගයේ අවේණිය පිළිබද පැහැදිලි රටාවන් අනාවරණය කර ගත නොහැකි වීම.

 

30.ප්‍රවේණික උපදේශනයේ විෂය පථය ලෙස සළකනුයේ,

  • කිසියම් ප්‍රවේණිආබාධයකට අදාළ පවුල් ඉතිහාසය (පෙළවැල විශ්ලේෂණය)

 

31.පිළිසිඳගෙන ඇති භ්‍රෑණය ප්‍රවේණික ආබාධ ඇති කරන විකෘති ඇලීලය රැගෙන යන්නේද යන්න තීරණය කළ හැක්කේ,

  • මුල් කාලීන භ්‍රෑණයේ සෛල සාම්පලයක් ගෙන එහි DNA අනුක්‍රමය පරීක්ෂා කර විකෘති ඇලීලය තිබේද යන්න සොයා ගැනීම මගින් සහ තිබේ නම් භ්‍රූණය සමයුග්මක ද විෂමයුග්මක ද යන්න සොයා ගැනීම මගින්.

 

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet