No menu items!
03.ගති විද්‍යාව03.04.රේඛීය චලිතය දෛශික ආකාරය03.04.00 - රේඛීය චලිතයේ දෛශික ආකාරය

03.04.00 – රේඛීය චලිතයේ දෛශික ආකාරය

සංයුක්ත ගණිතය දෙවන ප්‍රශ්න පත්‍රයේ (ව්‍යවහාරික ගණිතය) B කොටසේ  14 ගැටලුවේ හා ඇතැම් විට පළමු කොටසේ ගැටලුවක අඩංගු සිද්ධාන්ත මෙම පාඩමේ අඩංගු සිද්ධාන්ත වේ.

  • ලක්ෂයක් අනුබද්ධයෙන් පිහිටුම් දෛශික නිරූපණය කරන ආකාරය දෛශික පාඩමේදී අනාවරණය කර ගත්තෙමු. එපරිද්දෙන් සරල රේඛීය චලිතයේ යෙදෙන වස්තුවක පිහිටීමද දෛශික ඇසුරින් ඉදිරිපත් කරන ආකාරය මෙහිදී සලකා බැලේ.
  • මේ සඳහා කාටිසීය ඛණ්ඩාංක පද්ධතිය යොදා ගැනේ.
  • O ට සාපේක්ෂව A (1, 1) හා B (4, 3) නම් A සිට B දක්වා විස්ථාපනය මෙසේ දැක්විය හැකිය.

\begin{array}{rcl}\overrightarrow{OA}&=&\underline i+\underline j\\\overrightarrow{OB}&=&4\underline i+3\underline j\\\overrightarrow{AB}&=&\overrightarrow{AO}+\overrightarrow{OB}\\&=&3\underline i+2\underline j\end{array}

එවිට, \;\;s\;=\;3\underline i\;+\;2\underline j\; ලෙස ලිවිය හැකිය.

\begin{array}{rcl}AB\;\text{දිග}\;=\;\vert s\vert\;&=&\sqrt{3^2+2^2}\\&=&\sqrt{13}\end{array}

  • මෙහිදී විශේෂත්වය වනුයේ විස්ථාපනයේ දිශාවද දැක්විය හැකි වීමය.

වක්‍රයක චලනය වන අංශුවක ලක්ෂයකදී ප්‍රවේගය හා ත්වරණය.

  • t කාලයේදී ත්වරණය f වේ.
  • \text{සාධාරණ}\;t\;\text{කාලයකදී පිහිටුම}\;=\;OP\;=\;r\;=\;f\left(t\right)
  • \text{සාධාරණ}\;t\;\text{කාලයකදී ප්‍රවේගය}\;=\;v\;=\;\frac{dr}{dt}\;=\;\dot{\text{r}}
  • \text{සාධාරණ}\;t\;\text{කාලයකදී ත්වරණය}\;=\;f\;=\;\frac{dv}{dt}\;=\;\frac{d^2r}{dt^2}\;=\;\ddot r
  • මේ අනුව \text{f}=\overset.r\;\frac{\operatorname dv}{\operatorname dr}  බව පෙන්විය හැකියි.
  • යම් ලක්ෂයකදී ප්‍රවේගයේ දිශාව එම ලක්ෂයේදි වක්‍රයට ඇඳි ස්පර්ශකයේ දිශාවෙන් ලැබේ.
  • ත්වරණයේ දිශාව නිවැරදිවම කිව නොහැක.
  1. P නම් අංශුවක් -\underline i+5\underline j පිහිටුම් දෛශිකය සහිත ලක්ෂ්‍යයේ සිට 2\underline i+\underline j ප්‍රවේගයකින් චලිතය ආරම්භ කරයි. අංශුවේ ත්වරණය 2\underline i-\underline j වේ. t කාලයකට පසු නඅංශුවේ විස්ථාපන දෛශිකය හා ප්‍රවේග දෛශිකය සොයන්න.

t = 0 විට,

V_0=2\underline i+\underline j \begin{array}{l}a=\frac{\operatorname dV}{\operatorname dt}=2\underline i-\underline j\\\\frac{\operatorname dv}{\operatorname dt}=2\underline i-\underline j\end{array} \begin{array}{l}V=\int\left(2\underline i-\underline j\right)dt\\\V=2t\underline i-t\underline i+c\end{array}

මෙහි t = 0 වුවද,

v0 = c වේ.

එවිට,

\begin{array}{l}V=2t\underline i-t\underline j+2\underline i+\underline j\\V=2\left(t+1\right)\underline i-\left(t-1\right)\underline j\end{array}

t = 0 විට,

r_0=-\underline i+5\underline j

r0 = c

\begin{array}{l}V=\frac{\operatorname dr}{\operatorname dt}\\r=\int v\;dt\end{array} \begin{array}{rcl}r\;&=&t^2\underline i-\;\left(\frac{t^2}2\right)\underline{j+}\;2t\underline i+t\underline j+c\\&&\\r&=&t^2\underline i-\;\left(\frac{t^2}2\right)\;\underline j+2t\underline i+t\underline j-\underline i+5\underline j\\&&\\&=&(t^2+2t-1)\underline i+(-t^2+2t+10)\underline j\end{array}
  • දෛශික ආකාරයෙන් පැවතුනද මූලික චලිත සමීකරණ මෙම චලිත සඳහා යෙදිය හැකිය.
  • නමුත් v2 = u2 + 2as යෙදිය නොහැකිය.
  • s සඳහා යෙදිය යුත්තේ අවසාන පිහිටුමේ පිහිටුම් දෛශිකය, මුල් පිහිටුමේ පිහිටුම් දෛශිකයෙන් අඩු කිරීමෙනි.
  • අනුකලනය හා අවකලනය භාවිතයෙන් s, v, a යන රාශීන්ද සොයා ගත හැකිය.

උදා:        V=3x\underline i-4x^2\underline j ලෙස දී ඇති විට,

a=\frac{\operatorname dV}{\operatorname dt}මගින් සෙවිය හැකිය.

a=3\underline{i-8x\underline j}

 

අදහස් 1යි.

  1. ස්තූතියි මෙයට. අලුත් දැනුමක් ලබාගත්තා අවසන් කොටසින්. පුලුවන්ද මේ හා සම්බන්ද සාපේක්ෂ ප්‍රවේගය ගැටලුවකට පිලිතුරු ලියන හැටි පෙන්වන්න. නැවතත් ස්තූතියි

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.