දවසට පාඩමක්26 දවස12.01.05 - සාන්ද්‍රණ / කාල වක්‍ර - සීඝ්‍රතා / කාල වක්‍ර

12.01.05 – සාන්ද්‍රණ / කාල වක්‍ර – සීඝ්‍රතා / කාල වක්‍ර

සාන්ද්‍රණ / කාල වක්‍ර – සීඝ්‍රතා / කාල-වක්‍ර

 

  • ගතික සමතුලිත අවස්ථාවේ වන පද්ධතියක් මත බාහිර සංරෝධනයක් ඇති කල විට පද්ධතිය විසින් දක්වන ප්‍රතිචාරයට අනුරූප කාල පරාසයේදී ඉදිරි හෝ පසු ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය හෝ පද්ධතියෙහි වන සංඝටකයක සාන්ද්‍රණය කාලය සමග විචලනය දක්වමින් නිර්මාණය කරන්නා වූ ප්‍රස්ථාරික සටහන් විශේෂය පිලිවෙලින් සීඝ්‍රතා / කාල වක්‍ර හා සාන්ද්‍රණ / කාල වක්‍ර ලෙස සැලකේ.

 

උදාහරණ 01: 

t=0 සිට t=t1 දක්වා කාල ප්‍රාන්තරය තුල සමතුලිතව පවතින පද්ධතියක ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක බව දී ඇත. t=t1 කාලයේ දී පද්ධතියේ උෂ්ණත්වය වැඩි කළේ නම් පද්ධතිය නැවත t=t2 වන විට සමතුලිතතාවයකට එළඹෙන බව සලකා ඉදිරි ප්‍රතික්‍රියාවේ සිිග්‍රතාවය හා ප්‍රතිඵල වල සාන්ද්‍රණය, කාලය සමග විචලනය වන ආකාරය දක්වන්න.

 

 

සටහන් 

සමතුලිතතා ලක්ෂය

සංවෘත පද්ධතියක් තුල ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් ගතික සමතුලිතතාවයට එළඹෙන විට ප්‍රතික්‍රියා සිදුවී ඇති ප්‍රමාණය සමතුලිතතා ලක්ෂය යන්නෙන් හැඟවේ. දෙනුලබන ගතික සමතුලිත පද්ධතියකට ගණනය කරනු ලබන සමතුලිතතා නියතයෙහි වටිනාකම සමතුලිතතා ලක්ෂ්‍යයෙහි මිනුමක් ලෙස සැලකේ .සමතුලිතතා නියතය(K ) >103 වනවිට සමතුලිතතා ලක්ෂය දකුණතට  බරවද , (K ) < 10-3 වනවිට සමතුලිතතා ලක්ෂය වමතට  බරවද , පිහිටන බව විශ්වාස කෙරේ .

 

සමතුලිතතා නියතය(K )

  • K උෂ්ණත්වය මත පමණක් රඳා පවතින අතර ප්‍රතිඵල හෝ ප්‍රතික්‍රීයක සාන්ද්‍රණය මත K හි වටිනාකම වෙනස් නොවේ.
  • K හි ඒකක නිශ්චිත නොවන අතර අවස්ථානුකූලව K හි ඒකක වෙනස්වනු ඇත. ( කෙසේ වෙතත් තාපගති විද්‍යාවේ K යනු මාන රහිත රාශියක් ලෙස සැලකේ )
  • K මඟින්  ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය පිළිබඳව කිසිම තොරතුරක් ඉදිරිපත් නොකෙරෙනු ඇත .
  • සම්මුතියක් වශයෙන් K සඳහා ප්‍රකාශන ලියනුයේ ප්‍රතිඵල ලවයේ අන්තර්ගත වන ලෙසටය .
  • සමතුලිතතා නියමය යෙදීමේදී පද්ධතියේ වන ඝන ද්‍රව්‍ය වල හා සංශුද්ධ ද්‍රව්‍ය වල සාන්ද්‍රණ K තුලම අන්තර්ගත වන ලෙස සෑම විටම ගණිත කර්ම කරනු ලැබේ .
  • K හි වටිනාකම මත දෙනු ලබන පද්ධතියක සමතුලිතතා ලක්ෂ්‍යයෙහි පිහිටීම පුරෝකතනය කල හැකි වන අතර එහිදී K >103 වන්නේ නම් සමතුලිතතා ලක්ෂය දකුණතට බරවද ,K < 10-3 වන්නේ නම් සමතුලිතතා ලක්ෂය වමතට බරවද පිහිටන බව සැලකේ.

 

වැඩිදුර අධ්‍යන සබැඳුම්

  1. Fe3+ / SCN පද්ධතිය උපයෝගී කර ගනිමින් ගතික සමතුලිතතාවයේ පවත්නා පද්ධතියක ලාක්ෂණික ගුණ පරීක්ෂණාත්මකව අධ්‍යනය කිරීම.

 

2. NO2 හා N2O4 සමතුලිත පද්ධතිය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂණාත්මකව අධ්‍යනය කිරීම.

පාඩමේ සටහන Download කරගන්න.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet