විද්‍යා අංශයජීව විද්‍යාව4.1.2 - ශාක වර්ධනයේ දී හා විකසනයේ දී සිදුවන අභ්‍යන්තර හා බාහිර...

4.1.2 – ශාක වර්ධනයේ දී හා විකසනයේ දී සිදුවන අභ්‍යන්තර හා බාහිර වෙනස්වීම් පරීක්ෂා කරයි.

පාඩමේ සටහන Download කරගන්න.

 

  1. වර්ධනය යනු කුමක්ද?

  • ජීවියෙකුගේ විකසනයත් සමග වියළි ස්කන්ධයේ සිදු වන අප්‍රතිවර්ත්‍ය වැඩි වීම

 

2. ඒකබීජ පත්‍රී හා ද්වීබීජ පත්‍රී ශාක මුලේ ව්‍යුහයේ දක්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම දක්වන්න.

  • ශෛලම හා ප්ලෝයම පටකයේ ව්‍යාප්ති රටාව

 

3. ප්‍රාථමික මුලේ අපිචර්මයේ දක්නට ලැබෙන මූල කේශ යනු කුමක්ද?

  • අපිචර්මයේ සෛල වලින් පිටතට වැඩෙන ඒකසෛලික ප්‍රසර.

 

4. මුලේ අපිචර්මයේ කෘත්‍යය කුමක්ද?

  • මුලේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම

 

5. මූල කේශ වල කෘත්‍යය කුමක්ද?

  • ජලය හා ඛනිජ අවශෝෂණ පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය වැඩි කිරීම

 

6. මෘදුස්තර සෛල වලින් සෑදුනු බාහිකයේ කෘත්‍යය 2ක් දක්වන්න.

  •  

    • කාබෝහයිඩ්‍රේට සංචිත කිරීම
    • ජලය හා ඛනිජ අන්තශ්චර්මය දෙසට පරිවහනය

 

7. බාහිකයේ ඇතුළතම තනි සෛල ස්තරය කුමන නමකින් හඳුන්වයිද?

  • අන්තශ්චර්මය

 

8. අන්තශ්චර්මයේ විශේෂ ලක්ෂණ 2ක් දක්වන්න.

  • අන්තර් සෛලීය අවකාශ නොදැරීම.
  • සු‍බෙරිනීභූත කැස්පාරියන් පටි දැරීම

 

9. අන්තශ්චර්මයේ ප්‍රධාන කෘත්‍යය කුමක්ද?

  • බාහික ඇපොප්ලාස්ටය සනාල ඇපොප්ලාස්ටයෙන් වෙන් කිරීම

 

10. ද්වීබීජ පත්‍රී පරිචක්‍රයේ සුවිශේෂ ලක්ෂණය කුමක්ද?

  • විභාජනය වීමේ හැකියාව

 

11. ඉහත ලක්ෂණය නිසා ඇති විය හැකි වාසි 2ක් දක්වන්න.

  • පාර්ශ්වික මුල් හට ගැනීම
  • ද්විතීයික වර්ධනය සිදු කිරීමට දායක වීම

 

12. ද්වීබීජපත්‍රී ශාක මුලක හරස්කඩක ශෛලම හා ප්ලෝයම පටක විසිරීම දක්වන්න.

  • ශෛලම තාරකා හැඩැති වන අතර ශෛලම බාහු අතර ඇලි බඳු ප්‍රදේශ වල ප්ලෝයම පටකය පිහිටයි.

 

13. ඒකබීජ පත්‍රී ශාක මුලක හරස්කඩක ශෛලම හා ප්ලෝයම විසිරීම පහදන්න.

  •  

    • මෘදුස්තර සෛල වලින් සෑදුණු හරයක් වටා ශෛලම හා ප්ලෝයම මාරුවෙන් මාරුවට වළයාකාරව පිහිටයි.

 

14. ශාක කදේ අපිචර්මයේ කෘත්‍යය කුමක්ද?

  • අභ්‍යන්තර කොටස් වියළීමෙන් හා ආසාදන වලින් ආරක්ෂා කරයි.

 

15. ශාක කඳට සන්ධාරණය සැපයීමට බාහිකයේ මෘදුස්ථර සෛල වලට අමතරව තිබිය හැකි සෛල වර්ග 2ක් දක්වන්න.

  • ස්ථුලකෝණාස්ථර
  • දෘඪස්ථර

 

16. ද්වීබීජ පත්‍රී ශාක කදේ සනාල කලාප වල පිහිටීම විස්තර කරන්න.

  • වළයාකාරව පිහිටන අතර ප්‍රාථමික ප්ලෝයම බාහිකය දෙසටත්, ප්‍රාථමික ශෛලම මජ්ජාව දෙසටත් මුහුණලා පිහිටයි

 

17. ද්වීබීජ පත්‍රී කඳ‍ෙන් පාර්ශ්වික ශාඛා හටගන්නේ කෙසේද?

  •  

    • කක්ෂීය අංකුර වලින්

 

18. ඒකබීජ පත්‍රී ශාක කදේ සනාල පටක වල පිහිටීම දක්වන්න.

  •  

    • පූරක පටකය තුල විසිරී ඇත

 

19. ද්වීබීජ පත්‍රී ශාක වලට සාපේක්ෂව ඒකබීජපත්‍රී ශාක කදේ සනාල කලාප වල විශේෂ ලක්ෂණ 2ක් දක්වන්න

  • ශෛලම හා ප්ලොයම පටක අතර කැම්බියමක් නැත
  • සෑම සනාල කලාපයක්ම දෘඩස්ථර කොපුවකින් වට වී ඇත

 

20. ඒකබීජ පත්‍රී ශාක වලට සාපේක්ෂව ද්වීබීජපත්‍රී ශාක කදේ සනාල කලාප වල විශේෂ ලක්ෂණ 2ක් දක්වන්න

  • සනාල පටක අතර කැම්බියමක් ඇත.
  • සනාල කලාප දෘඩස්ථර කොපුවකින් වට වී නැත

 

21. දර්ශීය කාෂ්ඨීය ශාක මුලක සනාල කැම්බියමේ පිහිටීම දක්වන්න.

  • ප්‍රාථමික ශෛලමයට පිටතින්
  • ප්‍රාථමික ප්ලෝයමයට හා පරිචක්‍රයට ඇතුලතින්
  • පාර්ශ්විකව පිහිටයි.

 

22. සනාල කැම්බියමේ මවුලික සෛල ආකාර 2ක අතර වෙනස්කම් දක්වන්න.

දිගටි මවුලික/ තර්කුරෑපී මවුලික

කෙටි මවුලික / කිරණ මවුලික

  • දිගටි හැඩය
  • කදේ /මුලේ දික් අක්ෂයට සමාන්තරව දිශානත වේ.
  • ශෛලම පටකයේ වාහිනී ඒකක, වාහකාභ,මෘදුස්තර ,තන්තු සහ ප්ලෝයම පටකයේ පෙනේර නල එ්කක,සහචර , මෘදුස්තර , තන්තු නිපදවයි
  • කෙටි සෛල
  • ක‍දේ /මුලේ අක්ෂයට ලම්භකව දිශානත ‍වේ.
  • සනාල කිරණ සාදයි

 

23. සනාල කිරණ කෘත්‍යය දක්වන්න.

  • ද්විතීයික ශෛලම හා ද්විතීයික ප්ලෝයම එකිනෙක සම්බන්ධ කරයි
  • කාබෝහයිඩ්රේට් සංචිත කරයි
  • තුවාල සුව කිරිම

 

24. වල්ක කැම්බියම හට ගන්නේ කුමන පටක වලින්ද?

  • කදේ බාහිකයේ බාහිර ස්තරයෙන්
  • මුලේ පරිචක්‍රයේ බාහිර ස්තරයෙන්

 

25. පරිචර්මය යනු කුමක්ද?

  • වල්ක කැම්බියම හා එයින් නිපදවන පටක එක්ව ගත් කළ පරිචර්මයයි

 

26. වල්ක පටක වල කෘත්‍ය දක්වන්න.

  • බාධකයක් ලෙස ක්‍රියාකරමින් භෞතික හානි හා
  • ව්‍යාධිජනකයන්ගෙන් සිදුවන හානි වළක්වයි.
  • කදේ හා මුලේ ජල හානිය වළක්වයි

 

27. වල්ක අජීවි බවට පත්වන්නේ කෙසේද ?

  • පරිණත වීමේදී බිත්ති තුල සුබෙරින් නම් ජලභිතික ඉටි විශේෂය තැන්පත් විම

 

28. වා සිදුරු වල වැදගත්කම දක්වන්න.

  • වල්ක ස්තරය වායු වලට හා ජලයට අපාරගම්‍යයයි
  • එමනිසා වල්ක සෛල ලිහිල්ව ඇසිරී
  • පරිචර්මයේ තිරස් පැලුම් ලෙස කුඩා සිදුරු ඇතිවේ.
  • එ්වා වා සිදුරු ය.
  • වායු හුවමාරුවට දායක වේ.

 

29. පොත්තට අයත් වන්නේ කුමන කොටස්ද ?

  • සනාල කැම්බියමට පිටතින් ඇති සියලු පටක ද්විතික ප්ලෝයම හා පරිචර්මය ලෙස ගනී.

 

30. සනාල කැම්බියමේ කෘත්‍ය දක්වන්න.

  • කැම්බියෙමන් ඇතුලතට ද්විතීයික ශෛලමද පිටතට ද්විතීයික ප්ලෝයමද එකතු කර
  • ශාකයේ සනාල ප්‍රවාහය වැඩි කරයි.
  • විභාජක විභාජනය විම හේතුවෙන් සනාල කැම්බියමේ පරිධියද වැඩිවේ

 

31. වල්ක කැම්බියෙම් විභාජක කෘත්‍ය දක්වන්න.

  • කැම්බියෙමන් පිටතට වල්ක සෛල ද, ඇතුලතට ද්විතීයික බාහිකය ද නිපදවයි

 

32. පරිණත කාෂ්ඨිය ශාකයක පොත්ත ගැලවී යාම විස්තර කරන්න.

  • ශාක මුලේ හා කදේ අඛණ්ඩ වර්ධනය නිසා නව සෛල ඇති වීමේදී
  • පැරණි වල්ක කැම්බියමේ ස්තරය බිඳී, විභාජක හැකියාව නැතිවී, වල්ක බවට පත් වේ
  • එම නිසා වල්ක කැම්බියමට ඇතුලතින් නව වල්ක කැම්බියමක් ඇති වී එමගින් නව පරිචර්මිය ස්තරයක් ඇති කරයි.
  • පැරණි පරිචර්මයේ/ වල්කයේ පිටත ප්‍රදේශ පිපිරී ,ගැළවී ඉවත් වී යයි.

 

33. අරටුව යනු කුමක්ද?

    • කාෂ්ඨීය ශාක ක්‍රමයෙන් වයස්ගත වීමේදී මුලින් ඇතිවූ පැරණි ද්විතීක ශෛලම වේ.
    • එම පටක තවදුරටත් ජලය හා ඛණිජ පරිවහනය නොකරයි
    • අක්‍රීය ස්තර ලෙස පවති.
    • ශාක කඳ හා මුල මධ්‍යයට ආසන්න ව පවතී.

 

34. එළය යනු කුමක්ද?

  • අරටුවට පිටතින් ඇති
  • ශෛලම යුෂය පරිවහනය කරන
  • නව ද්විතීයික ශෛලම පටක ස්තරයයි.

 

35. අරටුව එළයට වඩා තද පැහැයෙන් යුක්ත වීමට හේතුව දක්වන්න.

  • අරටුවේ සෛල අවකාශ පුරා රෙසින හා අනෙකුත් කාබනික සංයෝග අඩංගු වීමයි.

 

36. අරටුව හා එළය අතර වෙනස්කම් දක්වන්න.

අරටුව

එළය

තද පැහැයෙන් යුක්ත වීම

ලා පැහැයෙන් යුක්ත වීම

අවකාශ පුරා රෙසින හා අනෙකුත් කාබනික සංයෝග අඩංගු වීම

අවකාශ පුරා රේසින හා අෙනකුත් කාබනික සංයෝග අඩංගු නොවීම

පැරණි ද්විතීක ශෛලමයි

නව ද්විතීයික ශෛලමයි

ජලය හා ඛණිජ පරිවහනය නොකරයි

ජලය හා ඛණිජ පරිවහනය කරයි

වාහිනී කුහර ටිලොස මගින් අවහිර වීම

වාහිනී කුහර ටිලොස මගින් අවහිර නොවීම

ශාක කද හා මුල මධ්‍යයට ආසන්නව පවතී

අරටුවට පිටතින් සනාල කැම්බියමට ඇතුළතින් ඇත

සියලු සෛල අජීවීය

ජීවී මෘදුස්තර ඇත

සංචිත ආහාර නැත

මෘදුස්තර තුළ සංචිත ආහාර ඇත

තෙතමනය අඩුයි

තෙතමනය වැඩිය

දිලීර ආසාදන හා දැව සිදුරු කරන කෘමීන්ට ප්‍රතිරෝධිය

දිලීර ආසාදන හා දැව සිදුරු කරන කෘමීන්ට ප්‍රතිරෝධී නොවේ

 

37. දෘඪ දැව හා මෘදු දැව අතර ව්‍යුහයේ වෙනස්කම් දක්වන්න.

දෘඪ දැව

මෘදු දැව

ශෛලම වාහිනී ඇත

ශෛලම වාහිනී නැත

තන්තු වැඩිය

තන්තු අඩුය

 

38. වර්ධක වල යන්න හදුන්වන්න.

  • වර්ෂයක් තුළ සාමාන්‍ය වර්ධක කාලවලට වඩා
  • ද්විතීක ශෛලමයේ ඝනකම හා වාහිනී කුහරවල විශාලත්වය
  • තෙත් උණුසුම් වර්ධක කාල තුළදී වැඩිය
  • මෙම වෙනස ශාක කඳක හරස්කඩක ලාපාට හා තදපාට වලයන් ලෙස දැකිය හැක
  • මේවා වර්ධක වල වේ

 

39. වසන්ත කාෂ්ඨය හා ගිම්හාන කාෂ්ඨය අතර වෙනස්කම් දක්වන්න.

වසන්ත කාෂ්ඨය

ගිම්හාන කාෂ්ඨය

සෞම්‍ය කලාපික ප්‍රදේශ වල වසන්ත කාලය තුළ ඇතිවන කාෂ්ඨයයි.

ඉතිරි වර්ධක ඍතුව / ගිම්හාන ඍතුව තුළ ඇතිවන කාෂ්ඨයයි.

ශෛලම වාහිනී විශාල කුහර හා තුනී බිත්ති

ශෛලම වාහිනී කුහර කුඩාවීම හා බිත්ති ඝනකම වැඩිය

උපරිම ජල ප්‍රමාණයක් පරිවහනය කරයි

වැඩිපුර ජලය පරිවහනය නොවන නමුත් ශාක තුළ වැඩිපුර සන්ධාරක ශක්තිය සපයයි

 

40. සෞම්‍ය කලාපික ප්‍රදේශ වල වැඩෙන ශාකයක වයස ගණනය කිරිමට වාර්ෂික වල යොදා ගන්නේ කෙසේද ?

  • වසරක් තුල ඇතිවන ගිම්හාන හා වසන්ත කාෂ්ඨය එක්ව ගත්කළ වාර්ෂික වලයකි.
  • ශාක කදක හෝ මුලක වසරක් පුරා වර්ධනය හරස්කඩක පැහැදිලි වලයක්  ලෙස දැකිය හැක. 
  • මෙනිසා වාර්ෂික වල ගණනයෙන් ශාකයේ දළ වයස නිර්ණය කළ හැක.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom