විද්‍යා අංශයජීව විද්‍යාව5.9.2 - මිනිසාගේ ආක්ෂක සැකිල්ලේ ව්‍යුහය හා කෘත්‍යය අන්වේෂණය කරයි.

5.9.2 – මිනිසාගේ ආක්ෂක සැකිල්ලේ ව්‍යුහය හා කෘත්‍යය අන්වේෂණය කරයි.

පාඩමේ සටහන Download කරගන්න.

 

මානව සැකිල්ල

 

1.මානව සැකිල්ලේ ප්‍රධාන කොටස් දෙක නම් කර ඊට අයත්වන අනුප්‍රධාන කොටස් නම් කරන්න

  • ආක්ෂක සැකිල්ල :හිස් කබල, උරෝස්ථිය, කශේරුව, පර්ශු
  • ගාත්‍රා සැකිල්ල : උරමේඛලා, ශ්‍රෝණි මේඛලා , ගාත්‍රා යුගල් දෙක

 

 

 

 

හිස් කබල

2.පහත නම් වලින් හඳුන්වන්නේ කවරක්දැයි සදහන් කර ඒවායේ වැදගත්කම් දක්වන්න

සීවනී

  • බොහෝ අස්ථි අතර පවතින අස්ථි භවනය වුනු චලනය කල නොහැකි සන්ධි
  • කපාලයට ආරක්ෂාව සපයයි.
 

 

රන්ධ්‍ර

  • ඇතැම් කපාල අස්ථි අතර පවතින මෘදු පටලමය ප්‍රදේශ
  • අස්ථි සම්පීඩනය සඳහා ඉඩසලසමින් ප්‍රසූතිය පහසු කරයි .

 

කෝටරක

  • නාස් කුහර සමඟ සම්බන්ධ වන හිස්කබලේ ඇතැම් අස්ථි තුළ පවතින පක්ෂ්මධර ශ්ලේෂ්මල පටලයෙන් ආස්තරණය වුණු වාතය පිරි කුහර
  • කටහඩ අනුනාද කිරීම.
  • හිස්කබලේ බර අඩු කිරීම.

 

3.කපාල ප්‍රදේශයේ කෘත්‍යන් දක්වන්න.

  • මොළය ආවරණය හා ආරක්ෂාව
  • අභ්‍යන්තර කන, මැද කන, ආඝ්‍රාණ අවයව, ඇස් ආරක්ෂා කරයි.
  • අස්ථිමය අක්ෂි කුප, අස්ථි පේශි වලට සන්ධාන පෘෂ්ඨ සැපයීම මඟින් චලනයට ආධාර කිරීම.

 

4.මානව කපාල ධාරිතාව කොපමණද?

  • ලීටර 1.5 (1.5l)

 

5.මිනිසාගේ හිස් කබල අස්ථි කීයකින් සමන්විතද?

  • 21

 

6.රන්ධ්‍ර අස්ථි මගින් ප්‍රතිස්ථාපනය වන වයස කුමක්ද ?

  • වයස අවුරුදු 1-2

 

7.කෝටරක පවතින අස්ථි වන්නේ

  1. කීලාස්ථිය
  2. ජිද්‍රාස්ථිය
  3. ඌර්ධව හනුක අස්ථිය
  4. ලලාට අස්ථිය

 

8.අපර කපාල සන්ධාන අග්‍ර යුගල පිහිටීම හා වැදගත්කම/ කෘත්‍ය

  • මහා ජිද්‍රය දෙපස පිහිටන සුමට රවුම් ගැටිති යුගලයයි.
  • පළමු කශේරුකාව වන ඇට්ලස් කශේරුකාව මත සන්ධානය වීමෙන් හිස ඉහළ පහළ චලනයට ආධාර කරයි.

 

9.පහත ව්‍යුහ වල කෘත්‍යන්/ වැදගත්කම් සදහන් කරන්න.

ව්‍යුහය

කෘත්‍යය /වැදගත්කම

  • සීවනි
  • කපාලයට ආරක්ෂාව සපයයි.
  • මහාජිද්‍රය
  • සුෂුම්නාවට මාර්ගය සලසයි.
  • රන්ධ්‍ර
  • අස්ථි සම්පීඩනය සදහා ඉඩසලසමින් ප්‍රසුතිය පහසු කරයි.
  • කෝටරක
  • කටහඬ අනුනාද කිරීම.
  • හිස්කබලේ බර අඩු කිරීම.
  • ඌර්ධව හනුක අස්ථිය
  • දත් සවිවීමට අවශ්‍ය කූප සාදා ඇත.
  • අධෝහනුක අස්ථිය
  • දත් සවිවීමට අවශ්‍ය කූප සාදා ඇත.
  • යුගවක්‍රය
  • අධෝහනුව චලනය කිරීමට අවශ්‍ය පේශි සන්ධානයට සන්ධාන මුහුණත්/ පෘෂ්ඨ සපයනු ලැබේ.
  • සන්ධාන අග්‍ර ප්‍රසරය
  • ශංඛක අස්ථිය සමග සන්ධානය වීමෙන් ශංඛක අධෝහනුක සන්ධිය සාදයි.
  • තුණ්ඩාකාර ප්‍රසරය
  • පේශි හා බන්ධනී සන්ධානයට පෘෂ්ඨ සපයයි.
  • යුග ප්‍රසරය
  • ශංඛක අස්ථියේ යුග ප්‍රසරය සාදයි.
  • චුචුකාකාර ප්‍රසරය
  • පේශි සන්ධානයට මුහුණත සපයයි.
  • කීලාභ ප්‍රසරය
  • පේශි සන්ධානයට මුහුණත සපයයි.

 

10.මුඛ කුහරය හා නාස් මාර්ගය වෙන් කරන්නේ කවරකින්ද ?

  • අස්ථිමය දැඩි තල්ල
  • කාටිලේජමය මෘදු තල්ල

 

11.වක්ත්‍ර අස්ථි නාස් මාර්ගයේ ඉහළ ප්‍රදේශය සෑදීමට දායක වන්නේ කෙසේද?

  • ඇතැම් වක්ත්‍ර අස්ථි නාස් කුහරයේ අපර කොටසේ බිත්ති සාදමින්

 

12.ඌර්ධව හනුක අස්ථිය හා අධෝහනුක අස්ථිය අතර පවතින වෙනස්කම් හා සමානකම් දක්වන්න.

  • සමානකම්
      • වක්ත්‍ර අස්ථි වීම.
      • දත් සවිවීමට අවශ්‍ය කූප සාදා ඇත.
 
  •  
  • වෙනස්කම්
  • ඌර්ධව හනුක අස්ථිය

    අධෝහනුක අස්ථිය

    • කපාලයට සම්බන්ධය.
    • කපාලයට සම්බන්ධ නැත.
    • චලනය කල නොහැකිය.
    • චලනය කල හැකිය.

     

    13.යුග වක්‍රය ගොඩ නැංවෙන්නේ කෙසේද?

    • වක්ත්‍ර අස්ථියක් වන යුග අස්ථියේ කොටසක් හා ශංඛක අස්ථියේ කොටසක් සම්බන්ධ වීමෙන්.

     

    14.අධෝහනුක අස්ථියේ ප්‍රසර දෙක මොනවාද?

    • සන්ධාන අග්‍ර ප්‍රසරය
    • තුණ්ඩාකාර ප්‍රසරය

     

    15.ඇට්ලස් කශේරුකාව මත සන්ධානය වීමෙන් අසව් සන්ධිය සැදීමට දායක වන්නේ කවරක්ද?

    • කපාලය පත්ලේ අපර කපාල අස්ථි වලට සම්බන්ධව ඇති අපර කපාල සන්ධාන අග්‍ර යුගල

     

    16.ශංඛක අස්ථියේ ඇති ප්‍රසර 3 මොනවාද?

    • යුග ප්‍රසරය : ශංඛක අස්ථියේ යුග ප්‍රසරය සාදයි
    • චුචුකාකාර ප්‍රසරය : පේශි සන්ධානයට මුහුණත සාදයි
    • කීලාභ ප්‍රසරය : පේශි සන්ධානයට මුහුණත සාදයි

     

     

     

     

    The Skull - The Definitive Guide | Biology Dictionary

     

    Fig 1 - Bones of the calvarium and cranial base.

     

    The Bony Skull – Structure, Functions & Diseases

     

    The Bones of the Skull | Human Anatomy and Physiology Lab (BSB 141)

     

     

    කශේරුව

    17.කශේරුව පිළිබඳව විස්තරයක් කරන්න.

    • ශක්තිමත් සුනම්‍ය දණ්ඩකි.
    • රේඛියව සැකසුණු අස්ථි 26කි.
    • ඉන් 24ක් එකිනෙකින් වෙන්වුණු තනි කශේරුකා ලෙස පවතී.
      • ත්‍රිකාස්ථිය:-

    එකිනෙකට බද්ධ වන කශේරුකා 5ක් ලෙස පවති.

      • අනුත්‍රිකාස්ථිය:-

    එකිනෙකට බද්ධ වන කශේරුකා 4 ක් ලෙස පවතී.

    • කශේරුවේ නිශ්චිත ප්‍රදේශ 4කි. එනම්,
      1. ග්‍රෛවී පෙදෙස
      2. උරස් පෙදෙස
      3. කටී පෙදෙස
      4. ත්‍රිකාස්ථික පෙදෙස හා අනුත්‍රිකාස්ථික පෙදෙස

     

    • මානව කශේරුවේ වක්‍ර 2ක් දැකගත හැකිවේ. එනම්,
      1. ප්‍රාථමික වක්‍රය
      2. ද්විතියීක වක්‍රය
    • උපතේදී ළදරුවකුගේ කශේරුව පිහිටනු ලබන්නේ ප්‍රාථමික වක්‍රයක් ලෙසිනි.

     

    • ද්විතියීක වක්‍ර දෙකකි. එනම්,

    1.පළමු ද්විතියීක වක්‍රය (ග්‍රෛවී වක්‍රය)

          • ඉපදීමෙන් මාස 3 පමණ පසු හට ගනී
          • ළදරුවාට හිස එසවීමට උපකාරීවේ
          • ඉන්පසු හිස ඍජුව තබා ගැනීමට හැකිය
    1.  
    2.  

    2.දෙවන ද්විතියීක වක්‍රය (කටී වක්‍රය)

          • ළදරුවාට මාස 7-8 පමණ විට ඇති වේ.
          • තම දේහය ඍජුව තබා ගැනීමට/ සිට ගැනීමට හැකිවේ
    • ද්වීතියීක වක්‍ර හටගැනීමෙන් පසු කශේරුවේ උරස් හා ත්‍රිකාස්ථික ප්‍රදේශ වල පමණක් ප්‍රාථමික වක්‍ර ඉතිරිවේ.

    ප්‍රාථමික වක්‍රය

    • කශේරුවේ වක්‍ර 4 පිළිවෙලින්,
      • ප්‍රාථමික වක්‍ර
        • උරස් වක්‍රය
        • ත්‍රිකාස්ථික වක්‍රය
      • ද්වීතියීක වක්‍ර
        • ගෛවී වක්‍රය
        • කටී වක්‍රය

     

     

     

    දර්ශීය කශේරුකාවක ව්‍යුහය

    18.දර්ශීය කශේරුකාව පිළිබඳ විස්තර කරන්න.

    • දර්ශීය කශේරුකා ලෙස කටී කශේරුකා සලකනු ලබයි.

     

     

    • එක මත එක පිහිටන කශේරුක ජිද්‍ර එක්ව ගත කල කශේරුක නාලය සාදයි.
    • ඒ තුලින් සුෂුම්නාව ගමන් කරයි.

     

     

    ග්‍රෛවී කශේරුකා

    19.ග්‍රෛවී කශේරුකා පිළිබඳ විස්තර කරන්න.

    • ඉහලින්ම පිහිටන කශේරුකා 7යි.
    • කුඩාම කශේරුකා වර්ගයයි. කුඩාම කශේරුකා දේහයක් ඇත.

    • පළමු ග්‍රෛවී කශේරුකාව ඇට්ලස් කශේරුකාවයි

     

    20.ඇට්ලස් කශේරුකාව පිළිබඳව පහදන්න.

    • පළමු ග්‍රෛවී කශේරුකාවයි.
    • ඉතා කෙටි තීරයක් ප්‍රසර යුගලක් ඇත
    • විශාල කශේරුක ජිද්‍රය සුෂුම්නාවේ විශාලිත පූර්ව ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ සලසයි.
    • නිශ්චිත කශේරුකා දේහයක් හෝ කණ්ටක ප්‍රසරයක් නැත.
    • කශේරුකාවේ පිහිටන පැතලි සන්ධාන පෘෂ්ඨ යුගලය මත
    • හිස්කබලේ අපර කපාල සන්ධාන මුහුණත් සමග සන්ධානය වෙමින්
    • හිස උස් පහත් කිරීමට ඉඩ සලසයි.

    Map Quiz: Atlas(C1) partes (atlas - quiromasaje - osteopatia)

     

    21.දෙවන ග්‍රෛවී කශේරුකාව පිළිබඳව විස්තර කරන්න.

    • දෙවන ග්‍රෛවී කශේරුකාව අක්ෂ කශේරුකාවයි.

    • දන්තාකාර ප්‍රසරය ඊට ඉහලින් ඇති ඇට්ලස් කශේරුකාවට සන්ධානය වෙයි.
    • හිස් කබල හා දන්තාකාර ප්‍රසරය ඇට්ලස් කශේරුකාව මත භ්‍රමණය වීම මගින් හිස දෙපැත්තට හැරවීමට ඉඩ සලසයි.

    Cervical Vertebrae Images, Stock Photos & Vectors | Shutterstock

     

     

     

    උරස් කශේරුකා

     

    22.උරස් කශේරුකා පිළිබඳව විස්තර කරන්න.

    • ග්‍රෛවී කශරුකා වලට වඩා විශාලය.
    • ශරීරයේ බර වැඩි ප්‍රමාණයක් දරා සිටියි.
    • කශේරුකා දේහයේ හා තීරයක් ප්‍රසර වල පර්ශු සදහා සන්ධාන මුහුණත් ඇත.

     

     

    කටී කශේරුකා

    23.කටී කශේරුකා පිළිබඳ විස්තර කරන්න.

    • විශාලම කශේරුකා වේ.
    • විශාලම කශේරුකා දේහයක් ඇත.
    • විශාලම කණ්ටක ප්‍රසරය :- දේහයේ පිටුපස ප්‍රදේශයේ පේශි සන්ධානයට මුහුණත් සපයයි.

     

     

     

    ත්‍රිකාස්ථිය හා අනූත්‍රිකාස්ථිය

    24.ත්‍රිකාස්ථිය හා අනුත්‍රිකාස්ථිය පිළිබඳව විස්තර කරන්න.

     

    25.මානව කශේරුවේ පොදු කෘත්‍ය සඳහන් කරන්න.

    1. ඍජු ඉරියව්ව පවත්වා ගැනීමට ආධාර වීම.
    2. හිස් කබලට සන්ධාරණය සැපයීම හා පර්ශු හා මේඛලා වලට සන්ධාන පෘෂ්ඨ සැපයීම.
    3. සුෂුම්නාව ආරක්ෂා කිරීම.
    4. කශේරුකා ජිද්‍ර මගින් ස්නායු රුධිර නාල හා වසානාල ගමන් කිරීමට අවකාශය සැලසීම.
    5. දේහ චලනවලදී නම්‍යශීලී බවක් සැපයීම.
    6. අන්තර් කශේරුකා මඬල කම්පන අවශෝෂක ලෙස ක්‍රියාකරමින් සුෂුම්නාව ආරක්ෂා කිරීම.

     

     

    පර්ශු හා උරතලය

    26.පර්ශු හා උරතලය පිළිබඳව විස්තර කරන්න.

     

    පර්ශුවක් කශේරුකාවට සම්බන්ධ වන ආකාරය

     

     

    උරෝස්ථිය

    27.උරෝස්ථිය පිළිබඳ විස්තර කරන්න.

    උරෝස්ථියේ කෘත්‍ය

    • මෙයට පිටුපසින් පිහිටන පෙනහැලි, හෘදය වැනි අවයව හා රුධිර නාල වලට ආරක්ෂාව සැපයීම.
    • උරෝස්ථිය තුළ ඇති රතු ඇට මිදුළු රක්තාණු නිපඳවන ප්‍රධානතම ස්ථානයයි.

     

    28.උරස් කූඩුව සැදී ඇති අස්ථි වර්ග මොනවාද?

    • උරෝස්ථිය
    • පර්ශු
    • උරස් කශේරුකා

     

    29.උරෝස්ථියේ උත්තර කොටස කුමන නමකින් හදුන්වයිද?

    • උරෝස්ථි මිට

     

    30.උරෝස්ථි මිට සමග සන්ධානය වී ඇති අස්ථි මොනවාද?

    • උරමේඛලාවේ අක්ෂකාස්ථි යුගල
    • පළමු හා දෙවන පර්ශු යුගල

     

    31.ඉතිරි පර්ශුයුගල සම්බන්ධවන උරෝස්ථි ප්‍රදේශය කුමක්ද?

    • දේහය (උරෝස්ථි මිටට පහලින්)

     

    32.උරෝස්ථියේ අග කොටස හදුන්වන නම කුමක්ද?

    • අසිපත් ප්‍රසරය

     

    33.එය සන්ධාන පෘෂ්ඨ සපයන ප්‍රදේශ මොනවාද?

    • මහා ප්‍රචීරයට
    • උදර බිත්තියේ පූර්වව ඇති පේශි වලට

     

    34.උරෝස්ථියේ සමස්ත කෘත්‍ය කුමක්ද?

    • උරෝස්ථියට පිටුපසින් ඇති හෘදය හා පෙනහැලි වලට හා රුධිර නාලවලට ආරක්ෂාව සැපයීම.
    • උරෝස්ථිය රතු ඇට මිදුළු නිපඳවන ප්‍රධාන මධ්‍යස්ථානයක් වීම.

     

    35.මිනිස් ආක්ෂක සැකිල්ලේ පර්ශු යුගල කීයද?

    • 12

     

    36.පර්ශු අස්ථි වල ස්වභාවය කෙටියෙන් පහදන්න

    • වක්‍රාකාර
    • දිගු
    • පැතලි අස්ථි වේ.

     

    37.උරෝස්ථියට බැදෙන ආකාරය අනුව පර්ශු වර්ග කිහිපයකි. ඒවා නම් කරන්න.

    • සත්‍ය පර්ශු
    • පාවෙන පර්ශු
    • අනියම්ව සම්බන්ධ වූ පර්ශු

     

    38.ඉහත ආකාර 3හි ස්වභාවයන් හා ඒවාට සම්බන්ධ පර්ශු ගණන වෙන වෙනම පහදන්න

    • උදරීය 1-7 දක්වා උරෝස්ථිය සමග කෙලින්ම සන්ධානය වන පර්ශු වේ.
    • 8,9,10 පර්ශු උරෝස්ථියට අනියම් ලෙස සම්බන්ධ වේ.
    • 11 හා 12 පර්ශු යුගල උරෝස්ථියට සම්බන්ධ නොවේ. පාවෙන පර්ශු නම් වේ.

     

    39.පර්ශු හිස හා ගැටිත්ත සන්ධානය වන පෘෂ්ඨ මොනවාද?

    • පර්ශු හිස උරස් කශේරුවේ කශේරුකා දේහය සමඟද
    • පර්ශ ගැටිත්ත තීර්යක් ප්‍රසර සමඟද සන්ධානය වේ.

     

    40.ඉහත ආකාර 2දීම පර්ශු ඌරොස්ථියට සම්බන්ධ කරවන සම්බන්ධක පටකය කුමක්ද?

    • පර්ශුක කාටිලේජ

     

    41.ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සඳහා පර්ශු හා උරෝස්ථිය වැදගත් වනුයේ කෙසේද?

    • පර්ශු 2ක් අතර පිහිටන අන්තර් පර්ශුක පේශි සංකෝචනය වී ආශ්වාස ප්‍රාශ්වාස යෙදී පර්ශු කූඩුව චලනය කරවයි.
     

    පාඩමේ සටහන Download කරගන්න.

     

     

     

    ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

    Back
    WhatsApp Chat - LearnSteer EduTalk 🔥
    Telegram Channel - LearnSteer EduTalk 🔥
    Send us a private message.
    LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
    hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom