No menu items!
ජීව විද්‍යාව04. ශාක අකාර හා විවිධත්වය4.2.2 - ශාකවල වායු හුවමාරුව සිදුවන ආකාරය විමසා බලයි.

4.2.2 – ශාකවල වායු හුවමාරුව සිදුවන ආකාරය විමසා බලයි.

පාඩමේ සටහන Download කරගන්න.

1. ද්වීබීජ පත්‍රී ශාකයක හා ඒකබීජ පත්‍රී ශාකයක ව්‍යූහයන් එකිනෙකට වෙනස් වන ආකාරය සසඳන්න.

ද්වීබීජ පත්‍රී

  • උඩු අපිචර්මයට වඩා යටි අපිචර්මයේ පූටිකා බහුලය.
  • ජාලාභ නාරටි වින්‍යාසයකි.
  • පත්‍ර මධ්‍ය සෛල සවිවර මෘදුස්ථර හා ඉනි මෘදුස්ථර ලෙස ආකාර දෙකකි.
  • පාලක සෛල වකුගඩු හැඩැතිය.
ඩම්බෙල් හැඩැති පාලක සෛල, වකුගඩු හැඩැති පාලක සෛල

ඒකබීජ පත්‍රී ශාක

  • උඩු හා යටි අපිචර්ම දෙකෙහිම පූටිකා ඝනත්ව සමානය.
  • සමාන්තර නාරටි වින්‍යාසයකි
  • පත්‍ර මධ්‍ය සෛල සවිවර හා ඉනි මෘදුස්තර ලෙස විභේදනය වී නැත.
  • තෘණ වල පාලක සයිල ඩම්බෙල් හැඩැතිය අනෙක් බොහොමයක් වකුගඩු හැඩැතිය

 

2. ශාකයක වායු හුවමාරුව යනු කුමක්ද?

  • ශාකයක සෛල හා බාහිර පරිසරය අතර ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් වායු හුවමාරු වීමේ ක්‍රියාවලියයි.

 

3. ශාකයක වායු හුවමාරු වන ප්‍රධාන ක්‍රම මොනවාද?

  • පූටිකා හරහා
  • වා සිදුරු හරහා
  • උච්චර්මය හරහා

 

4. පූටිකාවක් යනු,

  • ශාක පත්‍ර වල අපිචර්මයේ හා ප්‍රාථමික ශාක කදන් වල අපිචර්මයේ පිහිටන විකසනය වූ අපිචර්මීය සෛල වන පාලක සෛල යුගලකින් මායිම් වූ විවෘත වීමට හා වැසිය හැකි වායු හුවමාරුව සදහා හැඩගැසුනු අන්වීක්ෂීය සිදුරකි.

 

5. සාමාන්‍ය අපිචර්මීය සෛයිල වලින් පාලක ස‍ෛල වෙනස් වනුයේ,

  • වෘක්කාකාර හෝ ඩම්බෙල් ලෙස නිශ්චිත හැඩයක් තිබීම.
  • සෛල බිත්ති අසමාකාරව ඝන විම
  • සෛල බිත්තියේ සෙලියුලෝස් ක්ෂුද්‍ර තන්තු අරීයව පිහිටමින් නිර්ප්‍රත්‍යාස්ථ මුදු සාදා තිබීම.
  • හරිතලව දැරීම.
  • සෛල අග්‍ර තදින් බැදී තිබීම.

 

6. පූටිකා විවෘත වීම හා වැසීම රඳා පවතින මූලික සාධකය කුමක්ද?

  • පාලක සෛල වල ශූනතාවය වෙනස් වීමේ හැකියාව

 

7. පාලක සෛල තුලට K+ එක්‍ රැස් විම සදහා අවශ්‍ය ශක්තිය සපයා ගනුයේ කෙසේද?

  • පාලක සෛල තුල හරිතලව වල ප්‍රභාසංස්ලේෂණයේදී සිදුවන ඉලෙක්ට්‍රෝන හුවමාරුව මගින්.

 

8. නියං කාලයේදි පූටිකා සිදුරු වැසීමට ABA සිදුකරන කාර්යය,

  • ජලහිග තත්වයට ප්‍රතිචාර ලෙස ශාක මුල් හා පත්‍ර ABA නිපදවයි.
  • ABA මගින් පාලක සෛල වල K+ ඉවත් කිරීමෙන් පූටිකා සිදුරු වසා දමයි.
  • මෙමගින් ශාක මැලවීම අඩු වේ.

 

9. පූටිකා ක්‍රියාකාරිත්වයට බලපාන සාධක මොනවාද?

  • දිවා කාලයේ පූටිකා විවෘත වන අතර බොහෝ විට රාත්‍රි කාලයට වැසී යයි. ආලෝකය පාලක සෛල තුළ K+ අයන එක් රැස් වීම උත්තේජනය කරනු ලබයි.
  • අධඃපූටික කුටීරය තුළ CO2 සාන්ද්‍රණය අඩුවීම නිසා පූටිකා විවෘත වේ.
  • පාලක සෛල වල අභ්‍යන්තර ඝටිකාව මගින් පූටිකා සිදුරු විවෘත වීමේ හා වැසීමේ දෛනික රිද්මය පාලනය කරනු ලබයි.
  • නියඟය, අධික උෂ්ණත්වය හා සුළං වැනි පාරිසරික ආතති තත්ත්ව මගින් දිවා කාලය තුළ පූටිකා වැසී යෑම සිදු කෙරේ.
 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.