පාඩමේ සටහන Download කරගන්න.
පාංශු ක්ෂුද්‍රජීවීන්ගේ ස්වභාවය, ව්‍යාප්තිය හා කාර්යභාරය
1.පස තුල වඩා වැඩි ක්ෂුද්‍රජීවී ගහන ඝනත්වයක් දැකගත හැක්කේ කුමන හේතු නිසාද?
- පස තුල අවකාශය, ඛනිජ අන්තර්ගත වන පෝෂක, වියෝජනය වන කාබනික ද්‍රව්‍ය, ජලය,කාබන්ඩයොක්සයිඩ්(CO2), ඔක්සිජන්(O2) හා නයිට්‍රජන්(N2) ආදී වායු හා ක්ෂුද්‍රජීවී වර්ධනයට වඩා යෝග්‍ය රසායනික හා භෞතික පරිසරයක් පස මගින් සපයන නිසා.
2.පස තුල වඩා විශාල ක්ෂුද්‍රජීවී ප්‍රජාවක් දැකගත හැක්කේ පසේ කුමන කොටසේද?
- පසෙහි මතුපිට සෙන්ටිමීටර කිහිපයක ගැඹුරක් තුල.
3.පසෙහි ගැඹුරට යත්ම ක්ෂුද්‍රජීවීන් සංඛ්‍යාවට කුමක් සිදුවේද?
- ක්ෂුද්‍රජීවීන් සංඛ්‍යාව සීඝ්‍රව අඩුවේ.
4.පාංශු ක්ෂුද්‍රජීවීන් ලෙස ජීවත්වන ක්ෂුද්‍රජීවී ආකාර මොනවාද?
- බැක්ටීරියා
- ප්‍රෝටොසෝවා
- ඇල්ගී
- දිලීර
- ඇක්ටිනොමයිසිටිස්
5.මෙම ක්ෂුද්‍රජීවී වර්ග අතරින් වඩාත් බහුලම ක්ෂුද්‍රජීවී වර්ගය කුමක්ද?
6.ඇක්ටිනොමයිසිටීස් අයත් වන අධිරාජධානිය කුමක්ද?
7.මෙම ක්ෂුද්‍රජිවීන්ගේ ප්‍රධාන කාර්යභාරයන් මොනවාද?
- සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වියෝජනය
- ජෛව රසායනික චක්‍ර වල මූලද්‍රව්‍ය චක්‍රීකරණය
8.ක්ෂුද්‍රජීවීන් මූලද්‍රව්‍ය ඔක්සිහරණය හා ඔක්සිකරණය සිදුකරන්නේ ඇයි?
- ක්ෂුද්‍රජීවීන්ගේ පරිවෘත්තීය අවශ්‍යතා සඳහා
ඛනිජභවනය(mineralization)
9.ඛනිජභවනය යනු කුමක්ද?
- බැක්ටීරියා හා දිලීර වල බහිඃසෛලීය එන්සයිම භාවිතා කර ශාක, සත්ත්ව ශේෂ වියෝජනය කිරීමේ ක්‍රියාවලියයි.
10.මෙම බහිඃසෛලීය එන්සයිම මගින් කුමක් සිදුකරයිද?
- එම එන්සයිම මගින් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය කාබන්ඩයොක්සයිඩ්(CO2) හා ජලය(H2O) වැනි සරල අකාබනික ද්‍රව්‍ය බවට බිඳහෙලයි.
11.ශාකවලට පෝෂක සැපයෙන හා චක්‍රීකරණය වන ප්‍රධාන ක්‍රමය කුමක්ද?
12.ඛනිජභවනය ජිවීන්ට වැදගත් වන්නේ කෙසේද?
- පෘථිවියේ සීමිත ප්‍රමාණ වලින් හමුවන ඛනිජ චක්‍රීකරණය කරයි.
- අනෙකුත් ජීවීන්ට ජීවත් වීම සඳහා ශාක හා සත්ත්ව සුන්බුන් පෘථිවි පෘෂ්ඨයෙන් ඉවත් කිරීම සිදු කරයි.
කාබන් චක්‍රය තුල ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය
13.සියලු ජීවීන් තුල ඇති ප්‍රධාන කාබනික සංයෝග මොනවාද?
- කාබෝහයිඩ්‍රේට (සෙලියුලෝස්, පිෂ්ඨය)
- ප්‍රෝටීන
- මේදය
- නියුක්ලෙයික් අම්ල
14.කාබන් චක්‍රයේ වැදගත් ප්‍රධාන පියවර කුමක්ද?
15.මෙහිදී සිදුවෙන ක්‍රියාව කෙටියෙන් දක්වන්න.
- මෙහිදී ප්‍රභාසංශ්ලේෂී ජීවීන් විසින් වායු ගෝලයේ ඇති අකාබනික කාබන්ඩයොක්සයිඩ් ඔක්සිහරණය/තිර කිරීම මගින් කාබනික සංයෝග නිපදවයි.
16.වායුගෝලීය CO2 තිර කරන ජීවී කාණ්ඩ මොනවාද?
- ශාක, සයනොබැක්ටීරියා, ඇල්ගී හා ප්‍රභාසංශ්ලේෂී බැක්ටීරියාවන් (දම් සල්ෆර් බැක්ටීරියාවන් හා හරිත සල්ෆර් බැක්ටීරියා)
17.ප්‍රභාස්වයංපෝෂීන් මත යැපෙන පාංශු විෂමපෝෂීන් කව්ද?
- ප්‍රොටොසෝවා
- රසායනික විෂමපෝෂී බැක්ටීරියා (බොහොමයක් බැක්ටීරියාවන්)
18.ස්වයං පෝෂීන් විසින් කාබන්ඩයොක්සයිඩ් තිරකර සාදන කාබන් සතුන් තුලට ගමන් කරන්නේ කෙසේද?
- ආහාර දාම ඔස්සේ පහල පෝෂී මට්ටම් වල ජීවීන්ගේ සිට ඉහල පෝෂී මට්ටම් වල ජීවීන් දක්වා ගමන් කරයි. ( උඳුපියලිය → හාවා → කොටියා )
19.මෙලෙස සතුන් තුලට ගමන් කරන කාබන් නැවත පරිසරයට කෙසේ එකතුවේද?
- සතුන් තුල ඇති කාබන් වලින් කොටසක් සතුන්ගේ ශ්වසන ක්‍රියාවලිය මගින් කාබන්ඩයොක්සයිඩ් ලෙස වායුගෝලයට මුදාහරී.
- ජීවීන් තුල ඉතිරිවන කාබන් ඔවුන් මියගිය පසු වියෝජනය වී කාබන්ඩයොක්සයිඩ් ලෙසට පරිසරයට/වායුගෝලයට එකතුවේ.
- රසායනික විෂමපෝෂීන් මගින් මළ ද්‍රව්‍ය ලෙසින් පරිසරයට මුදාහරින ජීරණය නොවූ ආහාර පාංශු ක්ෂුද්‍රජිවීන් මගින් වියෝජනය කරයි.(කාබන්ඩයොක්සයිඩ් බවට පත්කර පරිසරයට එකතු කරයි.)
20.කාබනික ද්‍රව්‍ය වියෝජනයට වැඩි දායකත්වයක් දක්වන ක්ෂුද්‍ර ජීවීන් කව්ද?
- ප්‍රධාන වශයෙන් දිලීර හා බැක්ටීරියාවන් දායක වේ.
21.කාබන් චක්‍රය හා සම්බන්ධ කාබන්ඩයොක්සයිඩ් හැර අනෙකුත් වායූන් මොනවාද?
- මීතේන්(CH4)
- හේලෝකාබන්(not in the syllabus)
22.මීතේන් විශාල ප්‍රමාණ වලින් අඩංගු වන්නේ මොනවාගේද?
23.සාගරවල නිපදවෙන මීතේන් වලින් කොපමණ ප්‍රතිශතයක් පරිභෝජනයට ලක්වේද? එලෙස පරිභෝජනය කරන්නේ කව්රුන්ද?
- 80% ක් පමණ පරිභෝජනය වේ.
- මෙලෙස පරිභෝජනය කරනුයේ මෙතනොට්‍රෝෆ්ස් නම් ක්ෂුද්‍රජීවියායි.
- නමුත් සාගර පත්ලවල සිටින මෙතනොජෙනික බැක්ටීරියාවන් නිතරම වැඩි වශයෙන් මීතේන් නිපදවයි.
කාබන් චක්‍රය පහත ආකාරයෙන් දැක්විය හැක.
නයිට්‍රජන් චක්‍රය තුල ක්ෂුද්‍රජීවීන්ගේ කාර්යභාරය
24.නයිට්‍රජන් අඩංගු ප්‍රධාන කාබනික සංයෝග මොනවාද?
- ප්‍රෝටින
- නයිට්‍රජන්
- කයිටින් (නයිට්‍රජනීය පොලිසැකරයිඩ)
25.පෘථිවි වායුගෝලයේ අණුක නයිට්‍රජන් කොපමණ ප්‍රතිශතයක් ඇත්ද?
26.එම අණුක නයිට්‍රජන් ජීවීන්ට ජෛවවිද්‍යාත්මකව ප්‍රයෝජනයට ගත හැකිද?
27.මේනිසා අණුක නයිට්‍රජන් ජෛව ප්‍රයෝජ්‍ය කළ හැකි ආකාරය කුමක්ද?
- නයිට්‍රජන් බවට පත්කළ යුතුවේ.
- සමහර බැක්ටීරියාවන් වායුගෝලීය අණුක නයිට්‍රජන් ඇමෝනියා, නයිට්‍රේට් හා නයිට්‍රයිට් බවට පත්කරයි.
28.නයිට්‍රජන් චක්‍රයේ ප්‍රධාන පියවර 4 මොනවාද?
- නයිට්‍රිහරණය(denitrification)
- නයිට්‍රජන් තිර කිරීම(nitrogen fixation)
- ඇමෝනීකරණය(ammonification)
- නයිට්‍රිකරණය(nitrification)
ඇමෝනීකරණය
29.පසේ අඩංගු කාබනික නයිට්‍රජන් වලින් කොපමණ ප්‍රතිශතයක් ප්‍රෝටීන ලෙස පවතීද?
30.ක්ෂුද්‍රජීවීන් විසින් ශ්‍රාවය කරනු ලබන ප්‍රෝටියෝලිටික බහිඃසෛලිය එන්සයිම වලින් කුමක් සිදු කරයිද?
- මිය ගිය ශාක හා සත්ව කොටස් වල ඇති ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට පත්කරයි.
31.ඇමෝනීකරණය කෙටියෙන් විස්තර කරන්න.
- මුලින්ම පාංශු ක්ෂුද්‍රජීවීන් ප්‍රෝටියෝලිටික බහිඃසෛලිය එන්සයිම මගින් ප්‍රෝටීන කොටස් ඇමයිනෝ අම්ල බවට පත්කරයි.
- ඉන් පසුව එම ඇමයිනෝ අම්ල කොටස් ක්ෂුද්‍රජීවී සෛල තුළට ගෙන,
- ඇමයිනෝ අම්ලයේ ඇමයින් කාණ්ඩය ඇමෝනියා(NH3) බවට පරිවර්තනය කරයි.
- තෙත පසේදී අමෝනියා(NH3) ජලයේ ද්‍රාව්‍යගත වීමෙන් ඇමෝනියම් අයන{(NH4)+} බවට පත්වේ.
- ඇමෝනියම් අයන ශාක හා පාංශු ක්ෂුද්‍රජීවීන් විසින් භාවිතා කරයි. වියළි පසේදී නම් ඇමෝනියා වේගයෙන් වායුගෝලයට මුදාහරේ.
නයිට්‍රිකරණය
32.නයිට්‍රිකරණය යනු කුමක්ද?
- නයිට්‍රිකරණය යනු ඇමෝනියම් අයන වල ඇති නයිට්‍රජන්, නයිට්‍රේට් නිපදවීම සඳහා ඔක්සිකරණය වීමේ ක්‍රියාවලියයි.
33.මේ සදහා දායක වන ක්ෂුද්‍රජීවීන් කව්රුන්ද?
- රසායනික ස්වයංපෝෂී නයිට්‍රිකාරී බැක්ටීරියාවන් (ප්‍රධානම Nitrosomonas, Nitrobacter)
34.නයිට්‍රිකරණ ක්‍රියාවලිය දක්වන්න.
නයිට්‍රීහරණය
35.නයිට්‍රිහරණය යනු කුමක්දැයි හදුන්වන්න.
- වායුගෝලීය ඔක්සිජන් රහිත වූ තත්ත්වයන්හිදී සමහර ක්ෂුද්‍රජීවීන් විසින් නයුට්‍රේට(NO3–) නයිට්‍රජන්(N2) බවට ඔක්සිහරණය කිරීමේ ක්‍රියාවලිය නයිට්‍රිහරණය නම් වේ.
36.මෙම ක්‍රියාවලිය නිසා පාංශු නයිට්‍රජන් ප්‍රමාණය ට කුමක් සිදුවේද?
- N2 වායුගෝලයට මුදාහැරෙන බැවින් පසේ නයිට්‍රජන් ප්‍රමාණය අඩුවේ.
37.නයිට්‍රිහරණ ක්‍රියාවලිය කෙටියෙන් දක්වන්න.
නයිට්‍රජන් තිර කිරීම
38.නයිට්‍රජන් තිර කිරීම යනු කුමක්ද? හදුන්වන්න.
- නයිට්‍රජන් වායුව ඇමෝනියා බවට පත්කිරීමේ ක්‍රියාවලිය මෙනම් වේ.
39.නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවන් දරන එන්සයිමය කුමක්ද?
40.නයිට්‍රජනේස් එන්සයිමයෙහි ක්‍රියාකාරීත්වයට බලපානු ලබන සාධකය කුමක්ද?
- ඔක්සිජන්. මෙමගින් නයිට්‍රජනේස් එන්සයිමය අක්‍රීය වේ.
41.නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා ආකාර 2 මොනවාද?
- නිදැලිවාසී බැක්ටීරියාවන්
- සහජීවී බැක්ටීරියාවන්
42.නයිට්‍රජන් තිර කරන නිදැලිවාසී බැක්ටීරියාවන් පිළිබද කෙටි විස්තරයක් කරන්න.
- මොවුන් මූල ගෝලයෙහි බහුලව හමුවේ(ශාක මුල් ආසන්නව පවතින පස මූල ගෝලයයි)
- මෙම ක්ෂුද්‍ර ජීවීන් නයිට්‍රජනේස් එන්සයිමය ඔක්සිජන් වලට නිරාවරණය වීම වළක්වා ගැනීමට යාන්ත්‍රණ දරයි. (සයනොබැක්ටීරියා – හෙටරොසිස්ට දරයි)
- මෙම ජීවීන්ට උදාහරණ ලෙස,
- Azotobacter sp
- Nostoc (සමහර සයනොබැක්ටීරියා)
- Clostridium sp (සමහර නිර්වායු බැක්ටීරියා)
43.සහජීවී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා පිළිබදව කෙටි විස්තරයක් දෙන්න.
- මොවුන් සාමාන්‍යයෙන් රයිසෝබියා ලෙස හඳුන්වයි.
- සෝයා බෝංචි, රටකජු, මෑ වැනි රනිල බෝග වැනි කෘෂිකාර්මික බෝගවල මොවුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
- මෙලෙස නයිට්‍රජන් තිර කිරීම පසු කිරීම සඳහා රනිල ශාක වල මුල් වල, බැක්ටීරියා සඳහා නිර්වායු තත්ත්ව හා පෝෂක ලබාදීමට මූල ගැටිති පිහිටයි.
- ශාක වලට ප්‍රයෝජනයට ගත් හැකි වන පරිදි (ජෛව ප්‍රයෝජ්‍ය) නයිට්‍රජන් බැක්ටීරියා විසින් තිර කරනු ලබයි.
- ලයිකන(දිලීර හා ඇල්ගී හෝ සයනොබැක්ටීරියා සංයෝජනයක්) ද නයිට්‍රජන් තිර කරනු ලබයි.
- ජලජ පර්නාංගයක් වන Azolla, Anabaena sp. සමග සහයෝගීව නයිට්‍රජන් තිර කරයි.
ශාක වර්ධනය හා අදාළව පාංශු ක්ෂුද්‍රජීවීන් ගේ අන්තර්ක්‍රියා.
44.අන්තශ්ශාකීය අන්තර්ක්‍රියා යනු කුමක්ද?
- ශාක සෛල හා බැක්ටීරියා හෝ දිලීර අතර ඇතිවන අන්තර්ක්‍රියාවකි.
45.අන්තශ්ශාකීය අන්තර්ක්‍රියා 2ක් දක්වන්න.
- මූලගෝලය
- දිලීරක මූල පද්ධතිය
46.ක්ෂුද්‍රජීවීන් ශාක වලට විශාල වශයෙන් වාසිදායක වන අවස්ථාවන් මොනවාද?
- නයිට්‍රජන් තිර කිරීම.
- ඉන්ඩෝල් ඇසිටික් අම්ලය වැනි ශාක හෝමෝන ශ්‍රාවය කිරීම.
- ජලය හා පොස්පරස් වැනි පෝෂ්‍ය ද්‍රව්‍ය ඇතුළු කර ගැනීම.
- යකඩ සීමාකාරී තත්වවල යකඩ ඇතුල් කර ගැනීමට සිදුකරයි.
- ව්‍යාධිජනකයින්ට එරෙහිව ආරක්ෂක යාන්ත්‍රණ දරයි.
මූලගෝලය
47.මූලගෝලයක් යනු කුමක්ද?
- ශාක මුල් හා මුල් වටා මිලිමීටර කීපයක් දක්වා වූ පස අතර ඇති සහජීවි ක්ෂුද්‍ර- පාරිසරික කලාපය මූලගෝලයයි. මෙහි සහජීවී අන්තර්ක්‍රියා දැකගත හැකිවේ.(ක්ෂුද්‍රජීවීන් හා ශාක මුල් අතර)
48.පෘථිවියේ ඇති අධිකතම ජෛව විවිධත්වය සහිත හා ගතික අවස්ථා වාසස්ථානයක් වනුයේ කුමක්ද?
49.මූලගෝලයේ ජීවත් වන ක්ෂුද්‍රජිවීන් පෝෂණය වන්නේ මොනවා මතද?
- ශාක මුල් වලින් නිර්යාස(exudes) වනු ලබන සීනි, ඇමයිනෝ අම්ල හා විවිධ ඇරෝමැටික සංයෝග මත පෝෂණය වේ.
50.මූලගෝල බහුල වශයෙන්ම තම වාසස්ථාන කරගනු ලබන්නෙ කුමන ක්ෂුද්‍රජීවීන්ද?
51.මූලගෝල වල දැකිය හැකි ෂුලබතම බැක්ටීරියා ගණ මොනවාද?
- Pseudomonas
- Agrobacterium
- Bacillus
52.මූලගෝලයක් තුල කුමක් සිදුවේද?
- මූලගෝලයේ ඇති පෝෂක, අවකාශය හා ජලය සඳහා ප්‍රතික්ෂුද්‍රජීවී ද්‍රව්‍ය භාවිතා කරමින් ක්ෂුද්‍රජීවීහු ඔවුනොවුන් එකිනෙකා සමඟ විරුද්ධ ලෙස තරග කරයි.
- මුල්වල මතුපිට පෘෂ්ඨයට චලනය වීම සඳහා මුල්වලින් නිර්යාස කරන ද්‍රව්‍ය(exudates) බැක්ටීරියා සඳහා රසායනික සංඥා ලෙස ක්‍රියා කරයි.
53.මූලගෝල අවට දැකියහැකි අනෙකුත් ක්ෂුද්‍රජීවීන් මොනවාද?
- ව්‍යාධිජනක දිලීර
- සහජීවී දිලීර
දිලීරක මූලය
54.දිලීරක මුල් යනු කුමක්දැයි හදුන්වන්න.
- ශාක මුල් හා දිලීර අතර ඇතිවන සහජීවී සංගමයක් දිලීරක මුල් නම් වේ. සියලුම භෞමික ශාක පාහේ මූලගෝල දිලීර එකක් හෝ කීපයක් සමග සහජීවී වෙයි.
55.දිලීරක මූලයෙහි ක්‍රියාකාරීත්වය දක්වන්න.
- මෙමගින් ශාකයට ජලය හා පෝෂක ලබා ගත හැකි ශාක මුල් මතුපිට පෘෂ්ඨයෙහි ප්‍රමාණය වැඩි කරයි.
- දිලීරක මුල්, ශාකයක මුල්වලට ළඟාවිය නොහැකි පෝෂක ද්‍රව්‍ය අඩංගු පසේ පවතින කුඩා සිදුරු තුළට ගමන්කරමින් එම පෝෂක ශාකයට ලබා ගැනීම පහසු කරවයි.
- තවද දිලීරක මුල් මගින් ශාකයකට පොස්පරස්, කොපර්, සින්ක් වැනි අචල පෝෂක ලබාගැනීම වේගවත් කරයි.
- දිලීරක මුල් ශාකයෙන් ඓන්ද්‍රිය/කාබන් ලබා ගනී.
දිලීරක මූල සම්බන්ධය නැතිවිට හා ඇතිවිට
පාංශු ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමෙහි ලා පාංශු ක්ෂුද්‍රජීවීන්ගේ කාර්යභාරය
56.පාංශු ගුණාත්මකභාවය දියුණු කිරීමෙහිලා ප්‍රධාන කාර්යයක් ඉටු කරන්නේ කව්රුන්ද?
- මුල මතුපිට පෘෂ්ඨයට ආශ්‍රිතව ජීවත්වන ක්ෂුද්‍රජීවීන් හා නිදැලිවාසී පාංශු ක්ෂුද්‍රජිවීන්.
57.සරු පසක යහපත් පාංශු ලක්ෂණයක් දක්වන්න.
- ස්ථායි පාංශු සමහාර තිබීම.
58.ස්ථායි පාංශු සමහාර සෑදීමට ක්ෂුද්‍රජීවීන් දායක වන ආකාරය දක්වන්න.
- ඇක්ටිනෝමයිසිටිස් සූත්‍රිකා, දිලීර සූත්‍රිකා හා බැක්ටීරියා විසින් නිපදවන ලද පොලිසැකරයිඩමය මැලියම්/ නානු පාංශු සමහාර සෑදීමට දායක වේ.