විද්‍යා අංශයසංයුක්ත ගණිතය03.01.01 - චලිතය සම්බන්ධ රාශි හැඳින්වීම.

03.01.01 – චලිතය සම්බන්ධ රාශි හැඳින්වීම.

 

  • සංයුක්ත ගණිතය II  (ව්‍යවහාරික ගණිතය)  ප්‍රශ්න පත්‍රයේ B කොටසේ (රචනා ප්‍රශ්න) 11 වැනි ප්‍රශ්නයේ (a) කොටසට අඩංගු වන්නේ මෙම පාඩමේ අඩංගු සිද්ධාන්ත වේ.
  • සරල රේඛීය මාර්ග ඔස්සේ චලනය වන වස්තූන්හි චලිතය පිළිබඳව  මෙම ඒකකය යටතේ අධ්‍යන්‍යය කෙරෙයි.
  • චලිතය පිළිබඳ අධ්‍යන්‍යයේදී  කාලය,  දුර,  විස්ථාපනය,  ප්‍රවේගය,  ත්වරණය,  මන්දනය යන භෞතික රාශි ඉතා වැදගත් වේ.

දුර

  • යම් වස්තුවක් චලනය වන ගමන් මඟක මුළු දිග “දුර” ලෙස හැඳින්වේ.
  • මෙය අදිශ  රාශියකි.

විස්ථාපනය

  • සලකනු ලබන ලක්ෂ්‍ය දෙකක් අතර සරල රේඛීය කෙටිම දුර විස්ථාපනය ලෙස හැඳින්වේ.
  • මේ සඳහා වස්තුවේ ගමන් මාර්ගය අදාල නොවේ.
  • විස්ථාපනය දෛශික රාශියකි.
  • දුර හා විස්ථාපනය මනින සම්මත ඒකකය  මීටර (m) වේ.

වේගය

  • චලිතයේ යෙදෙන වස්තුවක චලිත දුර වෙනස් වීමේ සීඝ්‍රතාවය ‍‍“වේගය“ ලෙස හැදින්වේ.
  • වේගය අදිශ රාශියකි.

මධ්‍යක වේගය

  • චලනයේ යෙදෙන වස්තුවක් යම් කාල ප්‍රාන්තරයක් තුලදී ගමන් කරන ලද මුළු දුර මුළු කාලයෙන් බෙදූ  විට ලැබෙන ප්‍රතිඵලය මධ්‍යක වේගය ලෙස අර්ථ දැක්වේ.

\text{මධ්‍යක වේගය = }\frac{\mathrm{ගමන්}\;\mathrm{කළ}\;\mathrm{මුළු}\;\mathrm{දුර}}{\mathrm{ගත}\;\mathrm{වූ}\;\mathrm{මුළු}\;\mathrm{කාලය}}

  • දුර s හා කාලය t නම් මධ්‍යක වේගය,

\mathrm v\;=\;\frac{\mathrm s}{\mathrm t}

ක්ෂණික වේගය

  • චලනයේ යෙදෙන අංශුවක් යම් මොහොතකදී ගමන් කර ඇති දුර වෙනස් වීමේ සීඝ්‍රතාව ක්ෂණික වේගය ලෙස අර්ථ දැක්වේ.
  • දුර s හා කාලය t නම් ක්ෂණික වේගය,

v=\frac{ds}{dt}

ඒකාකාර වේගය

  • චලිතයේ යෙදෙන වස්තුවක කාලය සමඟ වේගය නොවෙනස්ව පවතී  නම් එම වස්තුව ඒකාකාර වේගයෙන් චලනය වේ යැයි  කියයි.
  • වේගය අදිශ රාශියක් බැවින් ඒකකාර වේගයෙන් යන විට එහි විශාලත්වය පමණක් නියතව පැවතීම ප්‍රමාණවත් වේ.
  • වස්තුවක් ඒකාකාර වේගයෙන් චලනය වේ නම් ක්ෂණික වේගය හා මධ්‍යක වේගය එකිනෙක සමාන වේ.

ප්‍රවේගය

  • යම් වස්තුවක් සිය විස්ථාපනය කාලයත් සමඟ වෙනස් කර ගන්නේ නම් එම වස්තුව ප්‍රවේගයට භාජනය වේ යැයි පැවසිය හැක.
  • ප්‍රවේගය දෛශික රාශියකි.

මධ්‍යක ප්‍රවේගය

  • චලනයේ යෙදෙන අංශුවක් යම් කාල පරාසයකදී කරනු ලබන මුළු විස්ථාපනය එම කාල පරාසයෙන් බෙදූ  විට ලැබෙන ප්‍රතිඵලය මධ්‍යක ප්‍රවේගය ලෙස අර්ථ දැක්වේ.

\mathrm{මධ්}‍\mathrm{යක}\;\mathrm{ප්}‍\mathrm{රවේගය}=\frac{\mathrm{විස්ථාපනය}}{\mathrm{කාලය}}

  • විස්ථාපනය s හා කාලය t නම් මධ්‍යක ප්‍රවේගය,

\underline v=\frac{\underline s}t

ක්ෂණික ප්‍රවේගය

  • චලනයේ යෙදෙන අංශුවක් යම් මොහොතකදී සිදු කර ඇති විස්ථාපනය වෙනස් වීමේ සීඝ්‍රතාවය,  ක්ෂණික ප්‍රවේගය ලෙස අර්ථ දැක්වේ.
  • විස්ථාපනය s හා කාලය t නම් ක්ෂණික ප්‍රවේගය,

\underline v=\frac{d\underline s}{dt}

ඒකාකාර ප්‍රවේගය

  • චලිත වන වස්තුවක කාලයත් සමඟ ප්‍රවේගය නොවෙනස්ව පවතී නම් එම වස්තුව ඒකකාර ප්‍රවේගයෙන් චලනය වේ.
  • ප්‍රවේගය දෛශිකයක් නිසා එය ඒකාකාර ප්‍රවේගයක් වීමට විශාලත්වය හා දිශාව යන දෙකම නොවෙනස්ව පැවතිය යුතුය.
  • වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ නම් ක්ෂණික ප්‍රවේගය හා මධ්‍යක ප්‍රවේගය එකිනෙක සමාන වේ.
  • වේගය, ප්‍රවේගය මනින සම්මත ඒකකය  තත්පරයට මීටර (ms-1) වේ

ත්වරණය

  • චලිත වස්තුවක් කාලයත් සමඟ ප්‍රවේගය වෙනස් කරන්නේ නම් එම වස්තුව ත්වරණයට භාජනය වේ යැයි කියනු ලැබේ.
  • ත්වරණය දෛශික රාශියකි.
  • වස්තුවකට ත්වරණයක් පැවතිය හැකි ආකාර 3 කි.
    1.ප්‍රවේගයේ විශාලත්වය පමණක් වෙනස් වීම.
    2.ප්‍රවේගයේ දිශාව පමණක් වෙනස් වීම.
    3.ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව යන දෙකම වෙනස් වීම.
  • ත්වරණයක් නැති නමුත් ප්‍රවේගයක් පවතින අවස්ථා පවතී.
    උදා : ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන අවස්ථාව
  • ප්‍රවේගයක් නැති නමුත් ත්වරණයක් පවතින අවස්ථා පවතී.
    උදා : වස්තුවක් සිරස්ව ඉහළට ප්‍රක්ෂේප කළ  විට එය එහි පෙතෙහි උපරිම ලක්ෂ්‍යයේ පවතින අවස්ථාව
  • ත්වරණය  මනින සම්මත ඒකකය තත්පර වර්ගයට මීටර (ms-2) වේ.

මධ්‍යක ත්වරණය

  • චලනයේ යෙදෙන අංශුවක යම් කාල ප්‍රාන්තරයක් තුල ප්‍රවේග වෙනස, එම කාල ප්‍රාන්තරයෙන් බෙදූ විට ලැබෙන ප්‍රතිඵලය මධ්‍යක ත්වරණයයි.

මධ්‍යක\;ත්වරණය\;=\frac{ප්‍රවේග\;වෙනස\;}{කාලය}

  • ආරම්භක ප්‍රවේගය u ද t කාලයකට පසු ප්‍රවේගය v ද නම් මධ්‍යක ප්‍රවේගය,

\underline a=\;\;\frac{\underline v-\underline u}t

ක්ෂණික ත්වරණය

  • චලනයේ යෙදෙන අංශුවක යම් මොහොතකදී ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය, ක්ෂණික ත්වරණය ලෙස අර්ථ දැක්වේ.
  • ප්‍රවේගය v හා කාලය t නම් ක්ෂණික ත්වරණය,

\underline a=\;\;\frac{d\underline v}{dt}

ඒකාකාර ත්වරණය

  • චලිත වන අංශුවක කාලයත් සමඟ ප්‍රවේගය වෙනස්වීමේ සීඝ්‍රතාව නියත නම් එය ඒකාකාර ත්වරණයකි.

වැඩිවන ත්වරණය

  • චලනයේ යෙදෙන අංශුවක කාලයත් සමඟ ප්‍රවේගයේ වැඩිවීම වැඩිවේ නම් එය වැඩිවන ත්වරණයකි.

උදා :

කාලය/s0246810
ප්‍රවේගය/ms-101361015

අඩුවන ත්වරණය

  • චලනයේ යෙදෙන අංශුවක කාලයත් සමඟ ප්‍රවේගයේ වැඩිවීම අඩුවේ නම් එය අඩුවන ත්වරණයකි.

උදා :

කාලය/s0246810
ප්‍රවේගය/ms-1059121415
  • ඒකාකාර ත්වරණය, අඩුවන ත්වරණය, වැඩිවන ත්වරණය යන අවස්ථා තුනේදීම ප්‍රවේගය වැඩිවීම සිදු වේ.

ගුරුත්වජ ත්වරණය

  • පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට පමණක් යටත්ව චලනය වන වස්තුවක ත්වරණය ගුරුත්වජ ත්වරණය ( \underline{\mathrm g} ) ලෙස අර්ථ  දැක්වේ.
  • පෘථිවි පෘෂ්ඨය ආසන්නයේදී  එහි අගය දළ වශයෙන් 9.8 ms-2 පමණ වේ.
  • පෘථිවි පෘෂ්ඨයේ සිට ඉහලට හා පහලට යාමේදී  මෙම අගය විචලනය වේ.
  • නමුත් උසස් පෙළ  විෂය නිර්දේශයේ කෙටි දුර පරාසයක් තුල සිදුවන චලිත පිළිබඳව පමණක් අධ්‍යනය කරන නිසා ගුරුත්වජ ත්වරණය නියත ලෙස සලකයි.

මන්දනය

  • ත්වරණය ඍණ අගයක් ගන්නා අවස්ථාවලදී එය මන්දනයක් ලෙස අර්ථ දැක්වේ.
  • මන්දනය=-(ත්වරණය)
  • ඒකාකාර මන්දනය,  වැඩිවන මන්දනය,  අඩුවන මන්දනය ලෙස මන්දනය ආකාර තුනකි.
  • කුමන මන්දනය යටතේ වුවද ප්‍රවේගයේ සිදු වන්නේ අඩු වීමකි.

උදා :

ඒකකාර මන්දනය

කාලය/s0246810
ප්‍රවේගය/ms-115129630

වැඩිවන මන්දනය

කාලය/s0246810
ප්‍රවේගය/ms-1151412950

අඩුවන මන්දනය

කාලය/s0246810
ප්‍රවේගය/ms-115106310

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet