දවසට පාඩමක්01.01 - ව්‍යාපාර සංකල්ප හදුනා ගැනීම

01.01 – ව්‍යාපාර සංකල්ප හදුනා ගැනීම

ව්‍යාපාර යන සංකල්පයට පොදුවේ පිළිගත් අර්ථකථනයක් මෙතෙක් නොමැති වුවද ව්‍යාපාරය යන්න ඔබට හැඟෙනුයේ භාණ්ඩ විකිණීම මිලදී ගැනීම තුළින් ලාභ උපයන කටයුතු හා සම්බන්ධ දෙයක් විය හැකිය.

ව්‍යාපාර වල ප්‍රධාන අරමුණ ලාභ ලැබීම වුවද සෑම ව්‍යාපාරයක්ම එසේ නොවන බව ඔබ වටහා ගත යුතුය පුණ්‍ය ආයතන, සිංහ සමාජ, රතුකුරුස සමාජ වැනි සමාජ සේවා අරමුණු කරගත් ව්‍යාපාර ද ලෝකයේ දැකිය හැකිය.

ව්‍යාපාර අර්ථ දැක්වීම

මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තකි.

නැතහොත් මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා වන නිෂ්පාදනය බෙදා හැරීම අලෙවිය හා අනුබද්ධ සියලුම වාණිජ කටයුතු ව්‍යාපාර ලෙස අර්ථ දැක්විය හැකිය.

මිනිස් අවශ්‍යතා හා වුවමනා

මිනිසා විසින් අනිවාර්යෙන් සපුරාගත යුතු කායික හා මානසික තත්වයක් මිනිස් අවශ්‍යතා ලෙස දැක්විය හැකිය. සෑම පුද්ගලයකුටම අවශ්‍ය වන ආහාරපාන ඇඳුම් පැළඳුම් ජලය නිවාස ආදිය මේ යටතට ගැනිය හැකිය.

මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධාකාර ස්වරූප වුවමනා ලෙස හැඳින්විය හැකිය

මිනිසාගේ මූලික අවශ්‍යතාවන් හා ඒවා සපුරා ගන්නා විවිධ ආකාරයන් පහත ලයිස්තුවක් මඟින් දැක්වේ.

අවශ්‍යතා

වුවමනා

කුසගින්න

බත්, ආප්ප, පාන්

විලි වසා ගැනීම සඳහා ඇඳුම් පැළඳුම්

කලිසම, සාරිය, පාවහන්

නිවාස ආරක්ෂාව

තට්ටු නිවාස, කුලී නිවාස

ආරක්ෂාව

පොලිසිය ,යුද හමුදාව, රක්ෂණ ඔප්පු

අධ්‍යාපනය

පාසල්, රජයේ විශ්ව විද්‍යාල ,පෞද්ගලික විශ්ව විද්‍යාලය

 

අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස්කම්

 

අවශ්‍යතා

වුවමනා

ප්‍රාථමික වේ ද්විතීයික වේ

ද්විතීක වේ

සීමිත වේ

අසීමිත වේ

සියලු දෙනාටම පොදුවේ.

එකිනෙකා අනුව වෙනස් වේ.

මානව උත්පත්තියත් සමඟ බිහිවේ

ව්‍යාපාර විසින් නිර්මාණය කරයි

අත්‍යවශ්‍යයෙන් ම ඉටු කරගත යුතුය

අත්‍යවශ්‍යම නොවේ

 

මිනිසා විසින් තම අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනීම සඳහා විවිධ ආකාර ක්‍රම භාවිතා කරයි ඒවා නම්

    1. හුවමාරුව මගින්
    2. බලහත්කාරකම් මගින්
    3. හිඟමන් ඇදීමෙන්
    4. තමාම නිෂ්පාදනය කර ගැනීමෙන්
    5. ත්‍යාගය මඟින්

නිෂ්පාදිතය(Product)

මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන වෙළඳපලට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදනයක් ලෙස හඳුන්වයි මේවා භාණ්ඩ හා සේවා ලෙස වර්ග කළ හැකිය

පුළුල් පදනමක් මත නිෂ්පාදිතය වර්ගීකරණය කිරීම

    1. භාණ්ඩ
    2. සේවා
    3. අදහස්
    4. පුද්ගලයන්
    5. ස්ථාන
    6. තොරතුරු
    7. පළපුරුද්ද
    8. සංවිධාන
    9. දේපල

භාණ්ඩ

පුද්ගල අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කර ගැනීමට යොදා ගත හැකි භෞතික නිෂ්පාදිතයන් භාණ්ඩ ලෙස හැඳින්වේ.

භාණ්ඩ වර්ග කළ හැකි ප්‍රධාන ආකාර දෙකකි

    • පාරිභෝගික භාණ්ඩ -එදිනෙදා පරිභෝජනයට යොදා ගන්නා භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ වේ
    • ව්‍යාපාරික භාණ්ඩ – කාර්මික භාණ්ඩ ලෙස හැඳින්වෙන්නේ වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගන්නා භාණ්ඩ වේ.
පාරිභෝගික භාණ්ඩ වර්ගීකරණය
    • අත්‍යවශ්‍ය භාණ්ඩ – ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස වැනි අත්‍යවශ්‍ය ගණයට වැටෙන භාණ්ඩ
    • සුඛෝපභෝගී භාණ්ඩ – ජීවත්වීම සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය නොවන යානවාහන රූපවාහිනි යන්ත්‍ර පිහිනුම් තටාක වැනි සුඛෝපභෝගී භාණ්ඩ ගණයට අයත් වේ.
    • සාප්පු භාණ්ඩ – භාණ්ඩ වල මිල හා ගුණය සැසදීමකින්කින් තොරව ගන්නා භාණ්ඩ සාප්පු භාණ්ඩ වේ
    • පහසු භාණ්ඩ – පාරිභෝගිකයන් විසින් නිරන්තරයෙන් මිලදී ගන්නා භාණ්ඩ වේ
    • විශේෂිත භාණ්ඩ – යම් භාණ්ඩයක් මිල දී ගැනීම සඳහා විශේෂ උත්සාහයක් දරයි නම් එය විශේෂිත භාණ්ඩයක් ලෙස හැඳින්වේ
    • නොසෙවූ භාණ්ඩ – වෙළඳපොලේ විකිණීමට තිබුණත් පාරිභෝගිකයා ඒ පිළිබඳ උනන්දුවක් නොදැක්වීම හෝ ඒ පිළිබඳ නොදන්නා භාණ්ඩ නොසෙවූ භාණ්ඩ වේ

සේවා

ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ව්‍යාපාරික ක්‍රියාවලින් සේවා ලෙස හැඳින්විය හැකිය. උදාහරණ,

    1. වෘත්තීමය සේවා
    2. පුද්ගල සේවා
    3. මූල්‍ය සේවා
    4. සංචාරක සේවා
    5. විනෝදාත්මක සේවා

භාණ්ඩ හා සේවා අතර ඇති වෙනස්කම්

භාණ්ඩ

සේවා

භෞතික පැවැත්මක් ඇත

භෞතික පැවැත්මක් නැත

ගබඩා කළ හැක

ගබඩා කළ නොහැක

සපයන්නා ගෙන් වෙන් කළ හැකිය

සපයන්නා ගෙන් වෙන් කර නොහැක

සමජාතිය වන පරිදි නිෂ්පාදනය කළ හැක

සපයන්නා අනුව වෙනස්ය

භාණ්ඩ නිපදවීමත් පරිභෝජනයත් එක විට සිදු නොවේ

සේවා නිපදවීම හා පරිභෝජනය බොහෝ විට එක විට සිදු වේ

 

වෙළෙඳපොළ

ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් වෙළඳ පොළක් ලෙස හඳුන්වයි. ව්‍යාපාරික විසින් සපයන නිෂ්පාදිත අලෙවි වන්නේ වෙළඳපොල තුළ ය. කිසියම් විශේෂිත නිෂ්පාදනයක් හෝ නිෂ්පාදන පෙළක් ගනුදෙනු කිරීම සඳහා කටයුතු කරන ගැනුම්කරුවන්ගේ හා විකුණුම්කරුවන් ගේ එකතුවක් වෙළෙඳ පොළක් ලෙස හැදින්විය හැකිය.

වෙළෙඳපොළ වර්ගීකරණය
    1. පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ
    2. කාර්මික භාණ්ඩ වෙළෙඳපොළ
    3. සේවා වෙළෙඳපොළ
    4. ශ්‍රම වෙළෙඳපොළ
    5. මූල්‍ය වෙළඳපල

වෙළඳපල ස්ථානය

ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් මුණගැසෙන සහ භාණ්ඩ හා සේවා අලෙවි කරන නිශ්චිත ස්ථානයක් ස්ථානීය වෙළඳපොලයි.

උදාහරණ :

ඉරිදා පොළ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

වෙළඳපොළ අවකාශය

විද්‍යුත් වාණිජ්‍ය නිසා උදාවී ඇති වෙළඳපල අවස්ථාව වෙළෙඳපොළ අවකාශය ලෙස හැඳින්විය හැකිය එනම් ගනුදෙනුකරුවන් හා විකුණුම්කරුවන් මුහුණට මුහුණ හමු නොවී විද්‍යුත් මාධ්‍ය හරහා භාණ්ඩ හා සේවා අලෙවි කිරීම අවකාශ වෙළඳපොලයි.

ව්‍යාපාර වල ගති ලක්ෂණ

ව්‍යාපාරයක ස්වභාවය හා ක්‍රියාකාරිත්වය මත පොදුවේ දැකිය හැකි ලක්ෂණයන් ව්‍යාපාරවල ගතිලක්ෂණ ලෙස හඳුනාගත හැකිය.

  1. විකුණුම් හුවමාරු වීම් සිදුවීම

සෑම ව්‍යාපාරයක්ම භාණ්ඩ හා සේවා මුදල්මය අගයක් මත විකිණීමය හෝ හුවමාරු කිරීම සිදු කරයි. උදාහරණ වශයෙන් පවුලේ අය සඳහා ආහාර පිසීම ව්‍යාපාරයක් නොවන අතර කිසියම් මිලක ට වෙනත් අයට විකිණිම සඳහා ආහාර පිසීම ව්‍යාපාරයකි.

2. භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම

සෑම ව්‍යාපාරයක්ම අන් අයට විකිණීම සඳහා භාණ්ඩ හෝ සේවා නිපදවීම හෝ මිලදී ගැනීම සිදු කරයි.

3. ගනුදෙනු අඛන්ඩව සිදුවීම

අඛණ්ඩ පදනමක් මත දිගින් දිගටම භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු කරයි නම් එය ව්‍යාපාරයකි උදාහරණ වශයෙන් තම භාවිතයට තිබූ මෝටර් රථය විකිණීම ව්‍යාපාරයක් නොවන නමුත් දිගින් දිගටම මෝටර් රථ විකිණීම සිදු කරයි නම් එය ව්‍යාපාරයකි.

4. ලාභයෙන් අභිප්‍රේරණය වීම

ව්‍යාපාරයක වර්ධනය සහ ප්‍රසාරණය සඳහා ලාභය අත්‍යවශ්‍ය වේ.

5. අවදානමක් පැවතීම

ලාභ ලැබීමට ඇති අවිනිශ්චිතතාව හා අලාභ සිදුවීමට ඇති ඉඩකඩ නිසා ව්‍යාපාරයක් පවත්වාගෙන යාම අවදානම් සහගතය.

6. වුවමනා නිර්මාණය කිරීම

භාණ්ඩ නිපදවීමත් සේවා සැපයීමත් ඔස්සේ ව්‍යාපාර විසින් මිනිස් වුවමනා නිර්මාණය කරයි.

7. ආර්ථික කටයුත්තක් වීම

හිඟ සම්පත් භාවිතයෙන් භාණ්ඩ හා සේවා නිපදවීමත් බෙදා හැරීමත් සිදු කරන නිසා ව්‍යාපාරයක් යනු ආර්ථික කටයුත්තකි.

ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු

ඕනෑම ව්‍යාපාරයක් සිදු කරනු ලබන ප්‍රධාන කටයුතු දෙකක් ඇති බව පෙන්වා දිය හැකිය.

  • මිනිස් අවශ්‍යතා වෙනුවෙන් වුවමනා සපුරාලීම
  • සම්පත් වලට අගය එකතු කිරීම

ව්‍යාපාරයක අරමුණු

දිගු කාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් අරමුණු ලෙස හැදින්වේ. ආයතනයක් විවිධ අංශ වෙනුවෙන් අරමුණු ස්ථාපිත කරගත හැකිය. සම්පත් ඵලදායිතාව, ලාභදායිත්වය, සමාජ වගකීම් යනාදී ක්ෂේත්‍ර සම්බන්ධ ස්ථාපිත කෙරේ .මේවා බොහෝ විට ප්‍රමාණාත්මකව ප්‍රකාශ නොකරයි.

    1. වෙළඳපොලේ රැඳී සිටීම
    2. ලාභ උපරිම කිරීම
    3. විකුණුම් උපරිම කිරීම
    4. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම
    5. ව්‍යාපාරිකයන්ගේ පුද්ගලික තෘප්තිය
    6. සමාජ හා ප්‍රජාව ගේ සුභසාධනය
    7. සේවක සුබසාධනය
    8. කොටස්වල වෙළඳපල අගය උපරිම කිරීම
    9. වෙළඳපොල කොටස වැඩි දියුණු කර ගැනීම
    10. ඉහළ ගුණාත්මයෙන් යුතු භාණ්ඩ හා සේවා නිපදවීම

ආර්ථිකයක පැවැත්මට ව්‍යාපාරවල දායකත්වය

  • සේවා නියුක්තියට සිදුකරනු ලබන දායකත්වය
  • මිනිස් වුවමනා සපුරා ලීමට අවශ්‍ය නිෂ්පාදිත සැපයීම
  • ආර්ථික සංවර්ධනයට දායක වීම
  • උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට විවිධ ප්‍රතිලාභ අත්පත් කරදීම
  • සමාජ වගකීම් ඉටු කරමින් සමාජ සංවර්ධනයට දායක වීම
  • නවෝත්පාදන බිහි කිරීමට ශක්තිය ලබාදීම

ව්‍යාපාර විකාශනය

ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා

  1. ගෝලීය ආර්ථිකයට ක්‍රමයෙන් පරිවර්තනය වීම
  2. වෙළඳ කලාප සහ ගිවිසුම් ඇති වීම
  3. තාක්ෂණික දියුණුව
  4. එකම රටක නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කළ භාණ්ඩ එක් එක් කොටස් එක් එක් රටවල නිෂ්පාදනය කර අවසානයේ තවත් රටකට එකලස් කර වෙළඳපොළට ඉදිරිපත් කිරීම මෙම නව ප්‍රවණතාව නිසා මුළු ලොවම එකට බැඳී ඇති අතර සෑම ව්‍යාපාරිකයෙකුට ම අනෙකා මත යැපීමට සිදු වී ඇත.
  5. ව්‍යාපාර ආචාර ධර්ම පිළිබඳ සැලකිලිමත්වීම
  6. ගනුදෙනුකරුවන් බලවත් වීම
  7. පරිසර ගැටලු පිළිබඳ සැලකිලිමත් වීම
  8. කළමනාකරණ ශිල්ප ක්‍රම වර්ධනය

 

 

 

පාඩමේ සටහන Download කරගන්න.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom