ව්‍යාපාර අධ්‍යනය14.03 - මිල මිශ්‍රය

14.03 – මිල මිශ්‍රය

මිල යනු භාණ්ඩයක් හෝ සේවාවන් ලබා ගැනීම හෝ භාවිත කිරීම තුළින් පාර්භෝගිකයා ලබන ප්‍රතිලාභය හා තෘප්තිය වෙනුවෙන් හුවමාරු කර ගැනීමට කැමති වටිනාකමයි. එනම් භාණ්ඩයක් හෝ සේවවාන් වෙනුවෙන් අය කරනු ලබන මුදල් ප්‍රමාණයයි.

මිල වෙනත් නම් වලින් ද ප්‍රකාශ වේ.

උදා :

  • කුලිය
  • වැටුප
  • බදු
  • වාරික
  • ගාස්තුව දීමනා
  • පොලී
  • වේතන

අලෙවිකරණ මිශ්‍රයේ මිල හැර සෙසු විචල්‍යයක් ව්‍යාපරිකයගේ පිරිවැය නියෝජනය කරන අතර ආදායම නියොජනය කරන එකම විචල්‍ය මිල වේ.

ගනුදෙනුකරුවෙකු නිෂ්පාදිතයක් මිලදී ගැනීමේදී සලකා බලන ප්‍රධානම සාධකය මිල වේ.

මිල තීරණය කිරීම / මිල කිරීම.

නිෂ්දිතයාට සුදුසු මිලක් තීරණය කිරීම මිල කිරීමයි. නිෂ්පාදිතයට මිලක් තීරණය කිරීමේදී කිරිමේදී සලකා බලන කරුණු රාශියකි. ඉන් ප්‍රධාන කරුණු 3 කි.

  1. පාරිභෝගික ඉල්ලුම
  2. නිෂ්පාදිතයේ පිරිවැය
  3. තරඟකරුවන්ගේ මිල

සළකා බලන වෙනත් කරුණු

  • නිෂ්පාදිතයේ ස්වභාවය
  • ආයතනයේ ලාභ හා මිල ප්‍රතිපත්ති
  • රටේ නීතිමය තත්ත්වය
  • අලෙවිකරණ මිශ්‍රයේ අනෙකුත් සාධක
  • පාරිභෝගිකයන්ගේ ජීවන තත්වය
  • බෙදා හැරීමේදී අතරමැදියන්ට දිය යුතු කොමිස් වට්ටම් ආදිය

මිල කිරීමේ පර්මාර්ථ

ව්‍යපාරයක් මිල කිරීම හරහා ළඟ කර ගැනීමට අපේක්ෂා කරන අනාගත ප්‍රතිඵල මිල කිරීමේ පරමාර්ථ ලෙස හැදින්වේ.

  • වෙළඳපොලේ රැදී සිටීම.
  • වර්තමාන ලාභය උපරිම කිරීම.
  • වෙළඳපොල කොටස උපරිම කිරීම.
  • වෙළඳපොල සැරය උරා ගැනීම.
  • නිෂ්පදිත ගුණාත්ව නායකත්වය ලබා ගැනීම.

මිල කිරීමේ ක්‍රම

  1. ලකුණු කල මිල ක්‍රමය/පිරිවැයට ලාභාන්තිකයක් එකතු කළ මිල ක්‍රමය
  2. ඉලක්ක ඉපයූ මිල ක්‍රමය
  3. වටිනාකම් මිල ක්‍රමය
  4. වෙන්දේසි මිල ක්‍රමය
  5. අපේක්ෂිත සංජානන මිල ක්‍රමය

මිල ක්‍රම ගණනාවක් ඇත. ඒ සියල්ල ප්‍රධාන ප්‍රවේහ 3 ක් යටතේ වර්ග කල දැක්විය හැකිය. නැතහෝත නිෂ්පාදිත ඉලක්ක ගනුදෙනු කරුවන් වෙත සාර්ථකව ලගා කර දීමේ ක්‍රියාවලියයි.

බෙදා හැරීමේ වැදගත්කම

  • පාර්භොගිකයාට විවිධ නිෂ්පාදිත පර්භෝජනයට අවස්ථාව ලැබීම.
  • නිෂ්පාදිතයේ ස්වභාවය, වෙළඳ පොලේ ස්වභාවය, ඉල්ලුම මත බෙදා හැරීම සිදු කල හැකිය.
  • වෙළඳ පොලේ ව්‍යාප්තියට පිටු වහලක් වීම.
  • නිෂ්පාදිත වලට ස්ථානීය උපයෝගිතාවයක් හැකි වීම.

බෙදා හැරීමේ මාර්ග

නිෂ්පාදිතයා හා පාර්භෝගියා අතර භාණ්ඩ හා සේවා සුලභ කිරිමේ ක්‍රියාවලියේ යෙදී සිටින පුද්ගලියින් හා සංවිධාන බෙදා හැරීමේ මාර්ග ලෙස හදුන්වයි.

උදා : සිල්ලර වෙළදුන්

       තොග වෙළදුන්

 

බෙදා හැරීමේ මාර්ග

  1. භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග
  • පාර්භෝගික භාණ්ඩ බෙදා හැරීම
  • කාර්මික භාණ්ඩ බෙදා හැරීම
2. සේවා බෙදහැරීමේ මාර්ග

පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම

  1. සෘජු මාර්ග

නිෂ්පාදකයා → පාරිභෝගිකයා

2. ඒකීය මාර්ග

නිෂ්පාදකයා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා

3. ද්විතීයික මාර්ග

නිෂ්පාදකයා → තොග වෙළෙන්දා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා

4. ත්‍රිත්ව මාර්ග

නිෂ්පාදකයා → තොග වෙළෙන්දා → නියෝජිතයා → පාරිභෝගිකයා

කාර්මික භාණ්ඩ බෙදා හැරීම

  1. සෘජු මාර්ග

නිෂ්පාදකයා → පාරිභෝගිකයා

2. ඒකීය මාර්ග

නිෂ්පාදකයා → කාර්මික භාණ්ඩ බෙදා හරින්නා → පාරිභෝගිකයා

නිෂ්පාදකයා → නිෂ්පාදකයාගේ නියෝජිතයා → පාරිභෝගිකයා

3. ත්‍රිත්ව මාර්ග

නිෂ්පාදකයා → නියෝජිත නිෂ්පාදකයා → කාර්මික භාණ්ඩ බෙදා හරින්නා → පාරිභෝගිකයා

සේවා බෙදා හැරීම

  1. සෘජු මාර්ග

නිෂ්පාදකයා → පාරිභෝගිකයා

2. ඒකීය මාර්ග

නිෂ්පාදකයා → නියෝජිතයා → පාරිභෝගිකයා

උචිත බෙදා හැරීමේ මාර්ගයක් තොරා ගැනිමේදී සලකා බලන සාධක

  1. භාණ්ඩයේ ස්වභාවය
  • පාර්භොජන භාණ්ඩද කාරිමික භාණ්ඩද යන වග
  • නෂ්‍ය භාණ්ඩද කල් පවතින භාණ්ඩද යන වග
2. වෙළඳපොලේ ස්වභාවය
  • වෙළඳපොල ප්‍රමාණය.
  • ප්‍රාදේශීය දේශිය හා අන්තර්ජාතිය බව
3. ඉල්ලුමේ ස්වභාවය
  • අඛණ්ඩ ඉල්ලුමක් ද කාලීනව ඇති වන ඉල්ලුමක් ද යන්න.
4. තරඟකරුවන්ගේ බෙදා හැරීමේ මාර්ග
  • අනෙකුත් තරඟකරුවන් එම භාණ්ඩ බෙදා හැරීමට යොදා ගන්නා මාර්ග
5. නිෂ්දපාකයාගේ ශක්තීන්
  • මූල්‍ය ශක්තිය කොපමණක්ද
  • ගබඩා පහසුකම් තිබේද
  • ප්‍රවාහන පහසුකම් තිබේද
  • ප්‍රමානවත් සේවකයන් සිටීද

බෙදා හැරීමේදී අතරමැදියන් (බෙදා හැරීමේ මාර්ග) අවශ්‍ය වීමට හේතු

  • නිෂ්පදාකයා විසින්ම භාණ්ඩ බෙදා හැරීමට යාමෙන් ඔහුගේ කටයුතු සංකීර්ණ වීම.
  • වෙළඳපොල දේශීය හා විදේශිය වශයෙන් පුඑල් පරාසයක් තුළ ව්‍යාප්ත වී තිබීම.
  • බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂිකරණය වූ පුද්ගලයින් සිටින බැවින් ඔවුන්ගෙන් කා‍ර්යක්ෂම සේවවාක් ලබා ගත හැකි වීම.
  • වේගවත්ව බෙදා හැරීමට හැකි වීම.
  • පාරිභොගික ප්‍රතිචාර නිෂ්පාදකයාට ලබා ගැනීමට පහසු වීම.

ප්‍රවර්ධන මිශ්‍රය

නිෂ්පාදිත පිළිබඳ ඇල්මක් දක්වන ගනුදෙනු කරුවන්ට සන්නිවේදනය කිරීම තුළින් ඔවුන් මිල දී ගැනීමට උනන්දු කර වීම ප්‍රවර්ධනය ලෙස හැදින්වේ. මෙය අලෙවි කරණ සන්නිවේදන මිශ්‍රය ලෙස හැදින්වේ.

ප්‍රවර්ධනයේ ඇති වැදගත්කම

  • නව නිෂ්පදිත ගණුදෙනු කරුවන් වෙත හදුන්වා දීම.
  • පවතින නිෂ්පාදිත වල අලෙවිය ඉහල දැමීමට.
  • ඉලක්ක ගණුදෙනු කරුවන්ට නිෂ්පාදිත පිළිබඳ විවිධ තොරතුරු සන්නිවේදනය කිරීම මගින් ඔවුන් දැනුවත් කිරීමට.
  • අනෙකුත් තරඟකාරි නිෂ්පදිත සමඟ පවතින තරඟයට සාර්ථකව මුහුණ දීමට
  • ආයතනයේ ඉල්ලුම වර්ධනය කර ගැනීමට.
  • ප්‍රවර්ධනයේ සාර්ථකත්වය මත අනෙකුත් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන්ගෙ සාර්ථකත්වය රඳවා ගැනීමට.

ප්‍රවර්ධන ව්‍යාපාරයකට වැදගත් වන අවස්ථා

  • නව නිෂ්පාදිත වෙළඳපොලට හඳුන්වා දීමේදී
  • පවතින නිෂ්පාදිතය ඉල්ලුම පහත නොවැටී පවත්වා ගත යුතු අවස්ථාවක
  • ආයතනයේ ප්‍රතිරූපය ඉහල නැංවීමට
  • පවතින නිෂ්පාදිතයට නව අංග එකතු කිරිමේදී

ප්‍රවර්ධනයේ මූලිකාංග

  • ප්‍රචාරණය
  • විකුණුම් ප්‍රවර්ධනය
  • මහජන සම්බන්ධතා
  • පෞද්ගලික අලෙවිය
  • සෘජු අලෙවිකරණය
  • ඉසව් හා අත්දැකීම

ප්‍රචාරණය

අනාගත ඉල්ලුම වර්ධනය කර ගැනීමේ අදහසින් කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳ නිශ්චිත අනුග්‍රාහකයෙකු විසින් පිරිවැයක් දරා අපෞද්ගලික පොදුවේ කරනු ලබන තොරතුරු ඉදිරිපත් කිරීම ප්‍රචාරණයකි.

ඉහත නිර්වචනයට අනුව ප්‍රචාරණයේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ කිපයකි.

  • නිශ්චිත අනුග්‍රහකයෙකු විසින් සිදු කිරිම.
  • පිරිවැයක් දැරීම
  • පොදු වීම – ඉල්ලක්ක වෙත පමණක් නොව සමස්ථයටම දැනුම් දීම
  • අපෞද්ගලික වීම – පාර්භෝගිකයා සමඟ සෘජු සම්බන්ධයක් නොමැතිව ඒකපාර්ශි වීම ලෙස තොරතුරු ඉදිරිපත් කිරීම.

ප්‍රචාරණයේ අරමුණු

  1. දැනුම් දීම.

භාණ්ඩයට වෙළඳපොල ඉදිරිපත් කර ඇති බව පාරිභෝගිකයාට දැනුම දීමයි.

2. පෙළඹ වීම.

භාණ්ඩය මිලදී ගැනීමට පාරිභෝගිකයා තුළ ඇල්මක් ඇති කිරීමයි.

3. සිහිපත් කිරීම.

විකල්ප භාණ්ඩ පවතින බැවින් ඒවා මිලදී ගැනීම වැළැක්වීම සඳහා අදාළ භාණ්ඩ පිළිබඳ දැනුම් දීම.

4. තහවුරු කිරීම (දිරිගැන්විම)

ගැනුම්කරු නිවැරදි මිලදී ගැනීමක් කරන බව ඒත්තු ගැන්වීමයි.

ප්‍රචාරණ මාධ්‍ය

  • රූපවාහිනිය
  • ගුවන් විදුලිය
  • පුවත්පත්
  • සඟරා
  • වෙබ් අඩවි
  • දේදුනු පිටු

මහජන සම්බන්ධතා

ආයතනයේ හෝ නිෂ්පාදිතයේ හෝ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට හෝ පවත්වා ගැනීමට හෝ වර්ධනය කර ගැනීමට ආයතනය හා සම්බන්ධ විවිධ පාර්ශවයන් සමඟ සම්බන්ධතා ගොඩනාගා ගැනීම සඳහා ක්‍රියා කිරීම මහජන සම්බන්ධතා ලෙස හැදින්වේ.

වර්තමානයේ බොහෝ ආයතන මහජන සම්බන්ධත යන අලෙවි උපක්‍රමය භාවිතා කරයි.

උදා : අනුග්‍රාහකයන් සැපයීම.

       ප්‍රවෘත්ති සාකච්ඡා

       මහජන සේවා කටයුතු

       දේශන

විකුනුම් ප්‍රවර්ධන

නිෂ්පදන මිලදී ගැනීම සඳහා ඉක්මණින් පොළඹවන කෙටිකාලීන දිරිගැන්වීම් උපක්‍රම විකුණුම් ප්‍රවර්ධන වේ.

විකුනුම් ප්‍රවර්ධන පාර්ශව 3 ක් ඔස්සේ ක්‍රියාත්මක කරයි.

  1. පාර්භෝගික ප්‍රවර්ධනය

උදා : සේල් පැවැත්වීම, වට්ටම්, ත්‍යාග, දීමනා

2. වෙළඳ ප්‍රවර්ධන

තොග හෝ සිල්ලර වෙළදුන් නියෝජිතයන් වැනි වෙළඳ අතරමැදියන් විකිණිම දිරිමත් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමයන්ය.

උදා : විදේශ සංචාර, ත්‍යාග හා සම්මාන භාණ්ඩ නොමිලේ ලබා දීම.

3. වෙළඳ සේවක ප්‍රවර්ධන

උදා : සම්මාන, විනෝද චාරිකා, විකුනුම් කොමිස්

පෞද්ගලික අලෙවිය

ගනුදෙනුකරුවන් සමඟ පෞද්ගලිකවම මුහුණට මුහුණලා අදහස් හුවමාරු කර ගනිමින් මනා සම්බන්ධතා ගොඩනගා භාණ්ඩ අලෙවි කිරීම පෞද්ලගික විකුණුම් ලෙස හැදින්වේ.

නිෂ්පාදිතයේ ස්වභාවය, ගුණාංග, විශේෂිත ගති ලක්ෂණ ක්‍රියාකාරිත්වය හා ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු පෞද්ගලිකවම පැහැදිලි කිරීම මෙහදී සිදුවේ.

පෞද්ගලික විකුණුම්වල ප්‍රතිලාභ

  • පාරිභෝගිකයාට සෘජුවම උපදෙස් දීම තුලින් ඔහුවෙත වැරදි උපදෙස් ගලායාම වැළැක් විය හැකි වීම.
  • පාර්භෝගික අදහස් ලබා ගත හැකිවීම.
  • පෞද්ගලික විකුණුම් බොහෝ විට සත්‍ය විකුණුමක් බවට පත් වීම.
  • දිගු කාලීන පෞද්ගලික සම්බන්ධතා තුල නැවත කළ හැකිවීම.

සෘජු අලෙවිකරණය

අතරමැදියන්ගේ තොරව නිෂ්පාදකයා විසින්ම පාර්භෝගිකයාට භාණ්ඩ හා සේවා අලෙවි කිරීමයි.

සෘජු අලෙවිකරණය සිදු කරන ආකාර කිහිපයකි.

  • සෘජු තැපැල්
  • මුහුණට මුහුණලා කරන විකුණුම්
  • කැටලොග් මගින් කරන අලෙවිය
  • දුරකථන මගින් අලෙවිය
  • ප්‍රදර්ශන පැවැත්වීම.
  • විද්‍යුත් අලෙවිකරණය

ඉලක්ක පාරිභෝගිකයන් සමඟ සෘජූව සන්නිවේදනයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදිත මිලදී ගැනීමට පෙළඹවීම සෘජු අලෙවිකරනයයි.

ඉසව් හා අත්දැකිම්

ආයතනයේ අනුග්‍රහයෙන් ව්‍යාපාර දිනපතා හෝ විශේෂ අවස්ථාවල හෝ සංවිධානාත්මකව කරනු ලබන අන්තර් ක්‍රියාකාරි කටයුතු ,වැඩසටහන්, ඉසව් හා අත්දැකීම් වේ. මෙයින් නිෂ්පාදිතය හා සන්නම පිළිබඳ සුවිශේෂිව සන්නිවේදන වැඩසටහන් නිර්මානශිලිව ඉදිරිපත් කරයි. මෙහිදී ගනුදෙනුකරුවන් සක්‍රීයව සහභාගි වීමක්ද සිදු වේ.

උදා : විනෝද ජනක කටයුතු, වීදි නාට්‍ය, කඳවුරු

කටවචනයෙන් අලෙවිකරණය

නිෂ්පාදිත පරිහරණය කල පුද්ගලයෙකු එම නිෂ්පාදිතය වෙනත් පාර්ශවයකට නිර්දේශ කිරීම මින් අදහස් වේ.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom