ව්‍යාපාර අධ්‍යනය01.02 - ව්‍යාපාර වර්ගීකරණය

01.02 – ව්‍යාපාර වර්ගීකරණය

 
මෙරට තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර බිඳ පදනම යටතේ වර්ග කර දක්වනු ලබයි ඇතැම් ආයතන විවිධ ගුණාත්මක ප්‍රමානාත්මක පදනම් ඒ සඳහා භාවිතා කරයි ව්‍යාපාර වර්ග කිරීමෙන් බලාපොරොත්තු වන අරමුණු යොදා ගන්නා පදනම තීරණය වේ.

නිෂ්පාදනය ස්වභාවය අනුව ප්‍රාථමික ද්විතීයික හා තෘතීක ලෙස වර්ගීකරණය පහත ලෙස දැක්විය හැකිය.

ප්‍රාථමික

  • කෘෂිකර්මාන්තය
  • වන වගාව හා ධීවර කර්මාන්තය
  • පතල් හා කැණීම් අංශය

ද්විතීයික

  • නිෂ්පාදන කර්මාන්තය
  • ඉදිකිරීම් කර්මාන්තය

තෘතීක

  • විදුලිය ගෑස් වාෂ්ප හා වායුසමීකරණ සැපයුම
  • ජලය පිරිසිදු කිරීම හා බෙදාහැරීම මලාපවහන කටයුතු,කසළ කළමනාකරණය සහ එම ද්‍රව්‍ය ප්‍රතිචක්රියකරණය
  • වෙළඳාම, ප්‍රවාහන සේවා නවාතැන් සැපයීම හා ආහාරපාන සැපයීම
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කටයුතු
  • මූල්‍ය රක්ෂණය හා නිවාස අයිති හා දේපළ වෙළඳාම්
  • වෘත්තීමය සේවා හා වෙනත් පෞද්ගලික සේවා
  • රාජ්‍ය පරිපාලන ජාතික ආරක්ෂාව අධ්‍යාපනය සෞඛ්‍ය සමාජ ආරක්ෂණ සේවා

ව්‍යාපාර කාර්යයන්

ව්‍යාපාර විසින් එහි ක්‍රියාකාරිත්වය තුළ දී විවිධ වූ කටයුතුවල යෙදෙනු දැකිය හැකිය පුද්ගල අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමේ අරමුණින් ව්‍යාපාරය සිදු කරනු ලබන පරිපාලනය නිෂ්පාදනය මානව සම්පත් කටයුතු අලෙවිකරණ කටයුතු මූල්‍ය කටයුතු පරීක්ෂණ සංවර්ධනය යනාදි මූලික ව්‍යාපාර කාර්යයන් ලෙස හඳුන්වයි.

කාර්යයන්

නිදසුන්

නිශ්පාදනය

අමුද්‍රව්‍ය සපයා ගැනීම, තොග පාලනය ,තත්ත්ව පාලනය, නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය

අලෙවිකරණය

නිෂ්පාදිත බෙදාහැරීම, ප්‍රචාරණය හා ප්‍රවර්ධනය කටයුතු,මිල තීරණය කිරීම, වෙළෙඳපොළ පරීක්ෂණ

පරිපාලන කටයුතු

සේවක ලිපිගොනු සැකසීම පැමිණීමේ නාම ලේඛන නිවාඩු ලේඛන පවත්වාගෙන යාම

මානව සම්පත් කටයුතු

සේවකයින් බඳවා ගැනීම, පුහුණු කිරීම උසස් කිරීම

මූල්‍ය කටයුතු

අරමුදල් සපයා ගැනීම, ලාභදායි ව්‍යාපෘතිවල අරමුදල් ආයෝජනය කිරීම, වැටුප් ගෙවීම, විවිධ වියදම් පියවීම

පරීක්ෂණ හා සංවර්ධන කටයුතු තොරතුරු කළමනාකරණ කටයුතු

නව නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම, නිෂ්පාදන වැඩි දියුණු කිරීම අඩු පිරිවැය සහිත නිෂ්පාදන ක්‍රම සොයා බැලීම

තොරතුරු කළමනාකරණ කටයුතු

නව තොරතුරු සම්පාදනය කිරීම, තොරතුරු යාවත්කාලීන කිරීම

ව්‍යාපාර සම්බන්ධ යෙදවුම් ක්‍රියාවලිය හා නිමැවුම්

යෙදවුම් හා නිමවුම් පිළිබඳ වූ නිෂ්පාදන ක්‍රියාවලිය ව්‍යාපාර ක්‍රියාවලිය නම් වේ.

සම්පත්/යෙදවුම්

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නිෂ්පාදන සාධක සම්පත් නම් වේ

භූමිය

  • භූමිය ස්වභාධර්මයේ දායාදයක් ලෙස උරුම වූ සියලුම සම්පත් භූමිය නම් වේ.
  • භූමිය සඳහා ලැබෙන ප්‍රතිලාභ බදු කුලිය වශයෙන් නම් කෙරේ.

ශ්‍රමය

  • භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී යොදා ගනු ලබන සේවකයාගේ කායික හා මානසික වෙහෙසයි.
  • මේ සඳහා ලැබෙන ප්‍රතිලාභ වැටුප් හා වේතන වේ.

ප්‍රාග්ධනය

  • භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී ක්‍රියාවලියට යොදා ගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ආධාරකයන් ප්‍රාග්ධනය නම් වේ.
  • ලැබෙන ප්‍රතිලාභ පොලිය ලෙස නම් කෙරේ.

ව්‍යවසායකත්වය

  • භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සම්පත් සංචරණය කරමින් නිෂ්පාදන සංවිධානය කරන මානව සම්පතයි.
  • මේ සඳහා ලැබෙන්නාවු ප්‍රතිලාභය ලාභය වේ

තොරතුරු

  • යම් අවස්ථාවක අවසන් පරිශීලකයෙකුට තේරුම් ගත හැකි,ප්‍රයෝජනයට ගත හැකි වන ආකාරයට සකස් කරන ලද දත්ත තොරතුරු වේ.

කාලය

  • කාලය යනු මැනීමේදී භාවිතා ප්‍රධාන උපකරණය අනෙකුත් සම්පත් මෙහෙයවීමේදී කාලය වැදගත්ය

දැනුම

  • අධ්‍යාපනය හෝ අත්දැකීම් තුළින් පුද්ගලයකු ලබා ගන්නා අවබෝධය දැනුමයි

බේකරියක ව්‍යාපාර ක්‍රියාවලිය

ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව

ව්‍යාපාරයක් කෙරෙහි අවධානයෙන් සිටින හෝ ව්‍යාපාරයෙන් යමක් අපේක්ෂා කරන අය උනන්දුවක් දක්වන පාර්ශව ලෙස හඳුන්වා දිය හැකිය.

  • අයිතිකරුවන්
  • කළමනාකරුවන්
  • සේවකයන්
  • ණයහිමියෝ
  • පාරිභෝගිකයන්
  • සැපයුම්කරුවන්
  • විභව ආයෝජකයන්
  • රජය
  • ප්‍රජාව
  • වෙනත් පාර්ශව

එක් එක් පාර්ශවයන් ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු

අයිතිකරුවෝ

  • තමන් ආයෝජන කළ මුදල ප්‍රමාණවත් ලාභයක් ලැබේ දැයි දැන ගැනීමට
  • ව්‍යාපාරය වර්ධනය පිළිබඳ දැනගැනීමට
  • වෙළෙඳපොළ කොටස දැනගැනීමට

කළමනාකරුවෝ

  • ව්‍යාපාරය ලාභය උපරිම කිරීමට
  • ව්‍යාපාරය වර්ධනය පිළිබඳව දැනගැනීමට
  • කළමනාකරණ තීරණ සාර්ථක අසාර්ථක බව දැනගැනීමට

සේවකයෝ

  • ඉහල වැටුපක් ලබා ගැනීමට
  • ප්‍රසාද දීමනා ලැබේ දැයි දැන ගැනීමට රැකියාව උසස්වීම් ලබාගැනීමට

ණය හිමියෝ

  • සපයන ලද මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව දැන ගැනීමට
  • ණය මුදල සුරක්ෂිත බව දැනගැනීමට
  • ඇප සුරැකුම් වල සුරක්ෂිත බව තහවුරු කර ගැනීමට

පාරිභෝගිකයෝ

  • වගකීම නිසි පරිදි ඉටු කරන්නේ දැයි සොයා බැලීමට
  • ගුනාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට
  • ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට

රජය

  • බදු අයකර ගැනීමට
  • සේවා නියුක්තිය වර්ධනය කිරීමට
  • ආර්ථික සංවර්ධනය පිළිබඳ මැන බැලීමට

ප්‍රජාව

  • පරිසරය සුරැකීම පිළිබඳ සොයා බැලීමට
  • රැකියා අවස්ථා ලබා ගැනීමට

සැපයුම්කරුවෝ

  • අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීමට
  • සපයන ලද භාණ්ඩ සඳහා මුදල් ආපසු අයකරගැනීමට

විභව ආයෝජකයෝ

  • තමන් සතු සම්පත් අනාගතයේ දීම ව්‍යාපාරය ආයෝජනය කිරීමට

ව්‍යාපාර පරිසරය

ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වයට ඇතුලතින් හෝ පිටතින් විවිධ ආකාරයේ ධන හෝ සෘණ බලපෑම් ඇති කරන බලවේග ඇතුලත් පරිසරය මේ යටතට අයත් වේ.ව්‍යාපාර සංවිධාන තම පරිසරය පිළිබද අධ්‍යනය කළ යුත්තේ ඇයි,

  1. ව්‍යාපාර සතු ශක්තීන් හදුනා ගැනීම.
  2. ව්‍යාපාර සතු දුර්වලතා හදුනා ගත හැකි වීම.
  3. ව්‍යාපාර අවස්ථා හදුනා ගත හැකි වීම.
  4. ව්‍යාපාර තර්ජන හදුනා ගත හැකි වීම

ව්‍යාපාර පරිසරය වර්ග කිරීම

අභ්‍යන්‍තර පරිසරය

ව්‍යාපාර තුළ සිටින ව්‍යාපාරය කෙරෙහි බලපෑම් කරනු ලබන කණ්ඩායම් සහ තත්ත්ව ලෙස සරලව හදුන්වා දිය හැකිය.

බාහිර පරිසරය

ව්‍යාපාරයකට පාලනය කල නොහැකි සාධක ඇතුළත් පරිසරය බාහිර පරිසරයට අයත් වේ. එය ආසන්න පරිසරය හා සාර්ව පරිසරය ලෙස වර්ග කෙරේ.

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet