ව්‍යාපාර අධ්‍යනය03.02 - පාරිභෝගික අයිතිවාසිකම්

03.02 – පාරිභෝගික අයිතිවාසිකම්

                        
                                                        පාඩමේ සටහන Download කරගන්න.

පාරිභෝගික අයිතිවාසිකම්

ගෙවන මුදලට සාධාරණ තෘප්තියක් ලැබීම තහවුරු කිරීම සඳහා පාරිභෝගිකයා වෙත ප්‍රකාශ කර ඇති හිමිකම් පාරිභෝගික අයිතිවාසිකම් ලෙස හැදින්වේ.

පාරිභෝගික අයිතිවාසිකම් ප්‍රකාශයට පත් කර ඇති පාර්ශ්ව 2 කි.

      1. හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වු ජෝන් එෆ් කෙනඩි මහතා
      2. පාරිභෝගික ජාත්‍යන්තරය

ජනාධිපති ජෝන් එෆ් කෙනඩ් විසින් ප්‍රකාශයට පත් කරන ලද පාරිභෝගික අයිතිවාසිකම්

1.ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය

සෞඛ්‍යට හා ජීවිතයට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමට හෝ වෙළඳාමෙන් ආරක්ෂා වීමට ඇති අයිතියයි.

2.තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය

වංක හෝ නොමඟ යවන සුළු ප්‍රචාරයන්ගෙන් ආරක්ෂා වීමට හා නැණවත් තෝරා ගැනීමකට අවශ්‍ය වන සත්‍ය තොරතුරු දැන ගැනීමට ඇති අයිතියයි.

3.තෝරා ගැනීමට ඇති අයිතිය

තරගකාරී මිල ගණන් යටතේ උසස් ප්‍රමිතිවලින් යුත් භාණ්ඩ හා සේවා තෝරා ගැනීමට ඇති අයිතියයි.

4.සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ අදහස් උදහස් ප්‍රකාශ කිරිමට හා ඒවාට ප්‍රතිචාරයක් ලබා ගැනීමට ඇති අයිතියයි.

පාරිභෝගික ජාත්‍යන්තරය විසින් අවධාරණය කරන පාරිභෝගික අයිතිවාසිකම්

1.මුලික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය

පාරිභෝගික පැවැත්ම තහවුරු කෙරෙන මුලික අවශ්‍යතා ලබා ගැනීමට ඇති අයිතියයි.

2.වන්දි ලබා ගැනීමට ඇති අයිතිය

ව්‍යාජ තොරතුරු බාල භාණ්ඩ සහ අසතුටුදායක සේවා සැපයීමෙන් සිදුවන අසහනයට වන්දි හෝ සහන ලබා ගැනීමට ඇති අයිතියයි.

3.පාරිභෝගික අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය.

නැණවත් පාරිභෝගිකයෙක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය දැනුම සහ කුසලතාව අත්කර ගැනීමට ඇති අයිතියයි.

4.සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය.

ජීවිතයට අනතුරුදායක හෝ තර්ජනාත්මක නොවන අභිමානවත් සහ යහපත් දිවිසෙවතක් ගත කිරිමට ඉඩ සැලසෙන්නා වු පරිසරයක ජීවත් වීමට හා රැකියාවක් කිරීමට ඇති අයිතියයි.

පාරිභෝගික යුතුකම් / වගකීම්

නීතියෙන් සලසා ඇති පාරිභෝගික අයිතිවාසිකම් රැක ගැනීම සඳහා සංවිධානය වීම හා ක්‍රියාත්මක වීම පාරිභෝගික වගකීමයි.

      1. විචාරාත්මක අවබෝධය
      2. පාරිසරික දැනුවත්භාවය
      3. ක්‍රියාකාරී සහභාගීත්වය
      4. සහයෝගීතාව
      5. සමාජය පිළිබඳව සැලකිලිමත් වීම.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණයට අදාළ අණපනත්

ප්‍රධාන පාරිභෝගික ආරක්ෂණ පනත්

  • 2002 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත
  • 1980 අංක 26 දරන ආහාර පනත
  • 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත
  • 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත
  • 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත

දේශීය ආයතන

විදේශීය ආයතන

  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
  • පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව
  • ශ්‍රී ලංකා ප්‍රමික ආයතනය
  • සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
  • මධ්‍යම පරිසර අධිකාරිය
  • ශ්‍රී ලංකා මහජන උපයෝගිකා කොමිෂන් සභාව
  • පාරිභෝගික ජාත්‍යන්තර
  • අන්තර්ජාතික ප්‍රමිති ආයතනය
  • එක්සත් ජාතින්ගේ සංවිධානය
  • පාරිභෝගික කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය

පාරිභෝගික ආරක්ෂණය සදහා ක්‍රියාකරන ආයතන

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනත යටතේ පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයයි. පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම හා සාධාරණ වෙළඳපළ තරගයක් ඇති කිරිම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධාන බලධාරි ආයනයයි. ර්‍ණසදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් තුළ සුරක්ෂිත වු පාරිභෝගිකයෙකු බිහි කිරීම” අධිකාරියේ දැක්ම වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ පිහිටුවා ඇති සභාවකි. තරඟ විරෝධී චර්යා විමර්ෂණය කර වාර්තා කිරීමල සභාව වෙත යොමු කරන පැමිණිලි භාරගැනීම හා පරීක්ෂණ පැවැත්වීම මෙම සභාව මඟින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත

පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සම්මත කොට ඇති ප්‍රධානතම නීතියයි. මෙම පනත පහත සඳහන් අරමුණු සැලසීම පිණිස සම්මත කළ පනතකි.

  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව පිහිටුවීම.
  • ඵලදායී තරගතාරිත්වයක් ඇති කිරීම හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරිම.
  • අභ්‍යන්තර වෙළදාම විධිමත් කිරීම.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත පිහිටුවීමත් සමඟ අහෝසි වු අණපනත්

  • 1979 අංක 01 දරණ පාරිභෝගිකයින් ආරක්ෂා කිරිමේ පනත
  • 1987 අංක 01 දරණ සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත
  • මිල පාලණය කිරීමේ පනත

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතට අනුව වෙළදුන් විසින් සිදු කිරීමට ඉඩ ඇති වැරදි.

  • තමා භාරයේ ඇති භාණ්ඩයක් තමා සන්තකයේ නැති බව කියා සිටීම හෝ විකිණීම ප්‍රතික්ෂේප කිරීම.
  • භාණ්ඩවල මිල ගල්බල් කිරිම පැහැර හැරීම සහ භාණ්ඩවල මිල ලකුණු නොකිරිම.
  • උපරිම මිල නියම කර ඇති හෝ සටහන් කර ඇති භාණ්ඩ එම මිලට වඩා ඉහළ මිලකට අලෙවි කිරීම.
  • විකිණීම සඳහා ඉදිරිපත් කර ඇති භාණ්ඩවල ලේබල් හෝ විස්තර මකා දැමීමල විකෘත කිරීම හා වෙනස් කිරීම ආදිය
  • වෙළෙන්දෙකු විසින් පාරිභෝගිකයෙකු නොමඟ යැවීම හෝ රැවටීමක නිරත වීම.

වෙළඳ විෂමාචාරයකට ලක්වු පාරිභෝගිකයෙකුට අධිකාරියෙන් ලබා ගත හැකි සහනයන්

  • වන්දි ගෙවීම
  • වැඩිපුර අනකළ මුදල ආපසු ගෙවීම
  • භාණ්ඩ අලුත්වැඩියා කර දීම
  • භාණ්ඩ මාරු කර දීම
  • වගකීම් කාලයක් ලබා දීම හෝ දිගු කිරිම.

පාරිභෝගික සංවිධාන

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම හා දිනා ගැනීම මෙන්ම පාරිභෝගික අධ්‍යාපනය පංචාලීම සඳහා ප්‍රාදේශීය වශයෙන් එක්වී ස්වේච්ඡාවෙන් පිහිටුවා ගනු ලබන සංවිධානාත්මක සමිති විශේෂයයි.

පාරිභෝගික සංවිධානයක කාර්යභාර්ය

  • පාරිභෝගිකයාට ප්‍රයෝජනවත් වන තොරතුරු ප්‍රචලිත කිරීම.
  • පාරිභෝගික අධ්‍යාපනයට ධෛර්ය දීම
  • ප්‍රදේශයේ පාරිභෝගික ප්‍රශ්න හා සම්බන්ධ කරුණු සැලකර සිටීම.
  • පාරිභෝගිකයන්ගේ යහපත වැඩි දියුණු කිරීම සඳහා රජයේ ආයතනවලට යම ආධාරයක් අවශ්‍ය නම් එය ලබා දීම.

ප්‍රමිතියක් යනු,

ජන ජිවිතයේ යෝග්‍යතම ප්‍රතිලාභ අරමුණු කරගෙන විද්‍යාවේත්, තාක්ෂණයේත්, පළපුරුද්දේත් ඒකාබද්ධ ප්‍රතිඵල පදනම් කර ගෙන අදාළ සියළු අංශවල පොදු අනුමැතිය සහයෝගය සහ ඒකමතිකභාවය යටතේ පිළියෙළ කරන අන්තර්ජාතිකල කලාපීය හෝ ජාතික මට්ටමේ පිළිගත් ආයතනයක් මඟින් අනුමත කර මහජනයා වෙත නිකුත් කරනු ලබන පිරිවිතරයක් හෝ ලේඛනයකි.

ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර

යම් කිසි ද්‍රව්‍යයක ල උපකරණයකල යන්ත්‍රයක හෝ ඉදිකිරීමක තත්ත්වයල සංයුතියල මිනුම් හා ක්‍රියාකාරීත්වය සඳහා තිබිය යුතු ගුණාංග මෙහි ඇතුළත් වේ.

ප්‍රමිති පිරිවිතරයක අඩංගු මුලික කොටස්

    • පරිමාණ
    • සහන සීමා
    • ණය අනුපාත
    • ක්‍රියාකාරීත්වය
    • තත්ත්ව පරාමිති
    • පරීක්ෂණ සහ පරීක්ෂා

ප්‍රමිති සකස් කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුගමනය කරන පියවර

ක්‍රමය – ප්‍රමිතිය සෑදීම සඳහා යන වියදම ප්‍රමිති ආයතනය විසින් සම්පුර්ණයෙන්ම දැරීම.

එහිදී අනුගමනය කරන පියවර

    1. අදාළ යෝජනාව පිළිගැනීම හා ව්‍යාපෘතිය පැවරීම
    2. සැලසුම් අවස්ථාව
    3. කමිටු අවස්ථාව
    4. පරිවහන අවස්ථාව
    5. අවසාන කමිටු අනුමැති අවස්ථාව
    6. මහා මණ්ඩල අනුමැති අවස්ථාව

ප්‍රමිතිකරණය

විද්‍යාවල තාක්ෂණය සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි හටගන්නා ප්‍රශ්න විසදීම සඳහා නැවත නැවතත් යෙදීමට හැකි විසඳුම් ක්‍රියා පිළිවෙළ මින් අදහස් වේ.

ප්‍රමිති සකස් කිරිම ප්‍රමිති නිකුත් කිරීම සහ ප්‍රමිති ක්‍රියාත්මක කිරිම මෙහි ප්‍රධාන අංග වේ.

ප්‍රමිතිකරණයේ අරමුණු

  • රටක ආර්ථික වර්ධනය සඳහා
  • පාරිභෝගික ආරක්ෂාව ඇති කිරීමට
  • පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම.

ප්‍රමිතිකරණයේ ප්‍රතිලාභ

  • නාස්තිය අවම වීම
  • නිෂ්පාදන ගුණාත්මක වර්ධනය වීම
  • පරිසරය ආරක්ෂා වීම
  • අන්තර්ජාතික වෙළදාම දියුණු වීම
  • ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ලැබීම.

ප්‍රමිතිකරණයේ විවිධ මට්ටම්

1.පුද්ගල මට්ටම – යමෙක් දෛනික කටයුතු ක්‍රමානුකුලව කරගෙන යාම සඳහා පිළියෙල කරනු ලබන ප්‍රමිති වේ.

2.සමාගම් ප්‍රමිති – ආයතනයක හෝ සමාගමක සියලුම ක්‍රියාවන් සඳහා සකස් කර ගත් ප්‍රමිති වේ. මේවා අභ්‍යන්තර ප්‍රමිති ලෙස හදුන්වයි.

3.කර්මාන්ත ප්‍රමිති – යම් ක්ෂේත්‍රයකට අයත් වෙළදුන් හා නිෂ්පාදන එකතු වී සකස් කර ගන්නා සමස්ත කර්මාන්තයට අනුගමනය කරන ප්‍රමිති වේ.

උදා ; ගිණුම්කරණ ප්‍රමිති

4.ජාතික ප්‍රමිති – කර්මාන්ත හා වාණිජ්‍යයේ යොදා ගැනීමට සඳහා කරන ප්‍රමිති වේ. ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජාතික ප්‍රමිති සකස් කරයි.

උදා ; SLS

5.කලාපීය ප්‍රමිති – රටවල් කිහිපයක් එකතු වී සකස් කරන ප්‍රමිති

උදා ; යුරෝපා සංගමයට අයත් ප්‍රමිති

6.අන්තර්ජාතික ප්‍රමිති – අන්තර්ජාතික වශයෙන් භාණ්ඩ හුවමාරුව නිරාකරණය පාරිභෝගික ආරක්ෂාව යන අරමුණු ඇතිව සකස් කරන ප්‍රමිත වේ.

උදා ; ISO ප්‍රමිති

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජාතික ප්‍රමිති ක්‍රියාත්මක කරන ආකාරය

1.ස්වේච්ඡාවෙන් පිළිපැදීම මගින්

ප්‍රමිතිවලට අනුකුලව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයල කිසිදු බලපෑමකින් තොරව නිෂ්පාදකයා කැමැත්තෙන්ම සිදු කිරීම.

2.SLS භාණ්ඩ සහතික කරණය මඟින්

    • ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වන සහතික ලාංඡන ක්‍රමය
    • ඇතැම් භාණ්ඩ සඳහා සහතික ලාංඡන අනිවාර්ය කිරීම.

3.පුර්ව අපනයන පරීක්ෂාව මඟින්

ව්‍යාපාර කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමට පෙර ස්වේච්ඡාවෙන් ප්‍රමිති ආයතනයේ දී සිදු කර ගන්නා පරීක්ෂාවයි.

4.අපනයනය සඳහා මුහුසු ආහාර ඇසුරුම් අයතන පරීක්ෂාව මගින්

මුහුදු ආහාර අපනයනය කිරීමේදී සනීපාරක්ෂ සහතික ලබා ගැනීම ප්‍රමිති ආයතනයෙන් ලබා ගත යුතු ඇසුරුම්කරණ පරීක්ෂාවයි.

5.ආනයන පරික්ෂාව

මෙරටට ගෙන්වන භාණ්ඩ වෙළදපළට නිකුත් කිරිමට පෙර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අනිවාර්යෙන්ම සිදු කර ගත යුතු පරික්ෂාවය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ක්‍රියාත්මක කරන ප්‍රමිති වර්ග

  • SLS භාණ්ඩ සහතිකකරණය
  • ISO 9001:2008 ප්‍රමිතිය
  • ISO 14001: 2004 ප්‍රමිතිය
  • HACCP ප්‍රමිතිය
  • OHSAS 18001: 2007 ප්‍රමිතිය
  • SA 8000
  • GMP සහතිකකරණය
  • ශක්ති කාර්යක්ෂමතා ලේබලය
SLS භාණ්ඩ සහතික කරණය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකුලව භාණ්ඩ නිෂ්පාදනය කර ඇති බවට එම ආයතනය විසින් නිකුත් කරන සහතිකය යි.

SLS සහතික බලපත්‍ර ප්‍රදානය කිරීමේ පියවර
  1. SLS සලකුණ භාවිතයට අවසර ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් භාරගැනීම
  2. SLS පරිෂකයන් මගින් කම්හල පිළිබඳව පරීක්ෂාවක් කිරීම.
  3. තත්ත්ව පාලනය ගැන වාර්තා කිරීම හා පරීක්ෂණ නියැදි ගැනීම
  4. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරලත් කමිටුව මඟින් කම්හල් පරීක්ෂණ
  5. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසික් නියම කර ඇති කොන්දේසිවලට අනුව කටයුතු කිරීමට එකඟ වීම.
  6. SLS ලාංඡනය භාවිතයට අවසර දීම
SLS මඟින් පාරිභෝගිකයාට අත්වන වාසි
  • ගෙවන මුදලට සරිලන තෘප්තියක් ලැබීම
  • තෝරා ගැනීමට පහසු වීම.
  • ප්‍රමිතිකරණයට අනුකුල නොවේ නම් නීතිමය ආවරණයක් ලබා ගත හැකි වීම.
  • තෙවන පාර්ශ්වයක් වගකිමට බැඳීම
  • ගුණාත්මයෙන් උසස් භාණ්ඩ පාරිභෝජනයට අවස්ථාව ලැබීම.
SLS මඟින් නිෂ්පාදකයාට අත්වන වාසි
  • විකුණුම් වැඩි වීම
  • නාස්තිය අඩු වීම
  • ගුණාත්මක භාවය වැඩි වීම
  • තරගයට සාර්ථකව මුහුණ දීමට හැකි වීම
ISO 9001 – 2008 ප්‍රමිතිය (තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකරණය)

තත්ත්ව පද්ධතිය පිළිබද වු අන්තර්ජාතික ප්‍රමිතියයි. භාණ්ඩ හෝ සේවා නිර්මාණය සංවර්ධනයල නිෂ්පාදනයල ස්ථාපිත කිරීම හා සේවා සම්බන්ධ සංයුක්ත තත්ත්ව ස්ථාපිත පද්ධතියයි. නිෂ්පාදන හෝ සේවා සපයන ආයතනයක් සිය මෙහෙයුම් ක්‍රියාවලියේදී භාණ්ඩ හෝ සේවා සැපයීමට අදාළ අමුද්‍රව්‍ය තෝරා ගැනීමේ සිට නිර්මාණ සැලසුම්කරණයේ සහ අලෙවියෙන් පසු සේවා සැපයීම දක්වා වු සෑම අදියරයකටම විශේෂ වු ප්‍රමිති අවශ්‍යතාවන්ට අනුකුලව ක්‍රියාත්මක වන බව සහතික කිරිම මේ යටතේ සිදු කෙරේ.

ISO 14001 – 2004 ප්‍රමිතිය (පරිසර කළමනාකරණ පද්ධති සහතිකරණය)

යහපත් පරිසර කළමනාකරණ පද්ධතියක් යටතේ ව්‍යාපාර කටයුතු කරගෙන යන බවට සහතික කරමින් ලබාදෙනු අන්තර්ජාතික ප්‍රමිතියකි කාර්මික අපද්‍රව්‍ය අවම කිරීම මෙම ප්‍රමිතියේ අරමුණයි.

HACCP සහතිකකරණය

උපද්‍රව විශ්ලේෂණ හා අවධි පාලන අවස්ථා යන්න මෙහි අර්ථයයි ආහාර නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආරම්භයේ සිට අවසානය දක්වා සෞඛ්‍ය‍ ආරක්ෂිතව කළ බවට සහතික කරමින් සහතිකකරණය සඳහා ස්ථාපනය කළ ආයතන විසින් පිරිනැමෙන සහතිකයකි. මෙය ආහාර ද්‍රව්‍යවල අඩංගු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සහතික කිරීම අනිවාර්ය කර ඇති අන්තර්ජාතික ප්‍රමිතියකි.

OHSAS 1800: 2007 ප්‍රමිතිය

වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණයයි. ආයතනයක් විසින් සිය මෙහෙයුම් ක්‍රියාවලියේ දී සේවක ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අවස්ථා හඳුනාගෙන ඒවා වළක්වාගනිමින් එහි කාර්යයන් ඵලදායී අයුරින් කළමනාකරණය කරන බව හා සේවක සනීපාරක්ෂණය සඳහා වු ප්‍රමිති අවශ්‍යතාවන්ද සපුරාලන බව මෙයින් අදහස් කෙරේ.

SAS 8000 ප්‍රමිතිය

සමාජ වගවීම පිළිබඳ සහතිකකරණයයි.

GMP සහතිකය

යහපත් නිෂ්පාදන පිළිගවත් ඇති ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදී සිටින ආයතනවලට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කරන සහතිකයයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සු`එ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය වගේ නිෂ්පාදන උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති සහතික කිරිමේ ක්‍රියාවලියකි.

ISO 27001 ප්‍රමිතිය

තොරතුරු ආරක්ෂක කළමනාකරණ පද්ධති සහතික කරණයයි.

ISO50001: 2001 ප්‍රමිතිය

බලශක්ති කාර්යක්ෂමතාවයට ප්‍රමිති ආයතනය හඳුන්වා

 

 

 

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet