ව්‍යාපාර අධ්‍යනය17.00 - තොරතුරු පද්ධති

17.00 – තොරතුරු පද්ධති

දත්ත හා තොරතුරු

දත්ත යනු,

පරිසරයේ හෝ සංවිධානයක සිදු වන නොයෙකුත් සිදුවීම් මගින් ජනිත වන මූලික කරුණු හා සංඛ්‍යා වේ.

දත්ත ඉදිරිපත් කළ හැකි ක්‍රම
  • රූපමය දත්ත
  • සංඛ්‍යාමය දත්ත
  • ශ්‍රව්‍යමය දත්ත
  • දෘශ්‍යමය දත්ත
තොරතුරු යනු,

තේරුම් ගත හැකි ලෙස හා ප්‍රයෝජනයට ගත හැකි ලෙස සකස් කරන ලද දත්ත යි.

දත්ත හා තොරතුරු අතර වෙනස්කම්

දත්ත

තොරතුරු

යෙදවුමකි

නිමවුමකි

තීරණ ගැනීම සඳහා සෘජුවම භාවිතා කළ නොහැක.

තීරණ ගැනීම සඳහා සෘජුවම භාවිතා කළ හැක

වටිනාකමක් නොමැත

වටිනාකමක් ඇත

දත්ත සැකසුම් ක්‍රියාවලිය

\text{දත්ත}\;\rightarrow\text{සැකසීම}\;\rightarrow\;\text{තොරතුරු}

දත්ත සැකසුම් ක්‍රියාවලියට අයත් කාර්යයන්

  • වර්ගීකරණය
  • තේරීම
  • ගණනය කිරීම
  • සාරාංශකරණය

දත්ත සැකසීමේ තාක්ෂණයේ විකාශනය

  • හස්ත ක්‍රමය
  • අර්ධ හස්ත ක්‍රමය
  • විද්‍යුත් යාන්ත්‍රික ක්‍රමය
  • විද්‍යුත් ක්‍රමය

හොඳ තොරතුරක ඇතුළත් ගුණාංග

  • පූර්ණ බව
  • අදාළ බව
  • නිවැරදි බව
  • කාලීන බව
  • පිරිමැසුම් බව

විවිධ නිර්ණායක මත තොරතුරු වර්ග කිරීම

  • මූලාශ්‍රය අනුව – බාහිර , අභ්‍යන්තර, මූලික, ද්විතීක
  • ස්වභාවය අනුව – ප්‍රමාණාත්මක, ගුණාත්මක
  • කළමනාකරණ මට්ටම අනුව -උපක්‍රමික, උපාය මාර්ගික, මෙහෙයුම්
  • කාලය අනුව – අතීත, වර්තමාන, අනාගත
  • නියත සම්භාවිතාව අනුව – නියත, සම්භාවිතා
  • කළමනාකරණ ශ්‍රිත අනුව -මූල්‍ය, මෙහෙයුම්, අලෙවිකරණ, මානව සම්පත්
  • සමූහ ගත වීම හා වෙන් කිරීම – සමූහ ගත තොරතුරු, වෙන් කරන ලද තොරතුරු

තොරතුරු පද්ධති

ව්‍යාපාරයක තීරණ ගැනීම හා පාලනය සඳහා අවශ්‍ය වන තොරතුරු රැස් කිරීම, සැකසීම, ගබඩා කිරීම හා බෙදා හැරීම සඳහා වූ අන්තර් සම්බන්ධතාවයකින් යුත් උපාංග සමූහයක එකතුවක් තොරතුරු පද්ධතියක් වේ.

දත්ත තොරතුරු බවට පත් කිරීමේ මූලිකාංග

  • ආදානය
  • සැකසීම
  • ප්‍රතිදානය
  • ගබඩා කිරීම
  • ප්‍රතිපෝෂණය

පරිගනක ගත කරන ලද තොරතුරු පද්ධතියක මූලිකාංග

  • දෘඩාංග
  • මෘදුකාංග
  • ජීවාංග
  • දත්ත
  • ක්‍රියාපටිපාටි
  • ආයතනිකාංග

තොරතුරු පද්ධතියක අවශ්‍යතාව හා වැදගත්කම

  • කළමනාකාරීත්වයට අදාළ තීරණ ගැනීමට.
  • සම්පත් නාස්තිය අවම කරලීමට.
  • මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කර ගෙන යාමට.
  • වැරදි අවම කර ගැනීමට.
  • ගබඩා ඉඩ කඩ අවම කර ගැනීමට.

ඵලදායී තොරතුරු පද්ධතියක කාර්යභාරය

  • නිෂ්පාදිතයේ ගුණත්වය ඉහළ නැංවීම.
  • ආයතනයේ පිරිවැය අවම කිරීම.
  • අදාළ පාර්ශවයන්ට නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම.
  • කළමනාකරණ කාර්යයේ සාර්ථකභාවය තහවුරු කිරීම.
  • තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමේ වාතාවරණය සැකසීම.

තොරතුරු පද්ධති වර්ගීකරණය

1. භාවිතා කරන මට්ටම අනුව තොරතුරු පද්ධති වර්ගීකරණය
  • උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති
  • කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධති
  • දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති
  • මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති
2. භාවිතය අනුව තොරතුරු පද්ධති වර්ගීකරණය
  • විධායක උපකාරක පද්ධති
  • තීරණ උපකාරක පද්ධති
  • කළමනාකරණ තොරතුරු පද්ධති
  • කාර්යාල ස්වයංකරණ තොරතුරු පද්ධති
  • දැනුම් කාර්යය තොරතුරු පද්ධති
  • ගනුදෙනු සැකසුම් පද්ධති
  • ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධති
3. කළමනාකරණ ශ්‍රිත අනුව තොරතුරු පද්ධති වර්ගීකරණය
  • මෙහෙයුම් තොරතුරු පද්ධති
  • අලෙවිකරණ තොරතුරු පද්ධති
  • මූල්‍ය කළමනාකරණ තොරතුරු පද්ධති
  • මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධති
  • පර්යේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධති

තොරතුරු තාක්ෂණය

විදුලි සංදේශ හා පරිගණක තාක්ෂණය ඔස්සේ වාචික, රූපමය, අක්ෂරමය හා අංකමය තොරතුරු අත්පත් කර ගැනීම, සැකසීම, ගබඩා කිරීම හා බෙදාහැරීමයි.

තොරතුරු තාක්ෂණය සමන්විත වන ක්ෂේත්‍ර

  • ගණනය කිරීමේ තාක්ෂණය
  • සන්නිවේදන තාක්ෂණය
  • තොරතුරු කළමනාකරණ තාක්ෂණය

තොරතුරු තාක්ෂණයේ වැදගත්කම

  • සන්නිවේදන ක්‍රියාවලිය පහසු වීම.
  • තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසු වීම.
  • තරඟකාරීත්වයට මුහුණ දීම පහසු වීම.
  • නිමවුම් වල ගුණත්වය වැඩි වීම.
  • අන්තර්ජාතික වෙළෙඳාම ප්‍රසාරණය වීම.

තොරතුරු තාක්ෂණයේ ප්‍රතිලාභ

  • වේගවත් බව
  • නිවැරදි බව
  • නම්‍යශීලී බව
  • පිරිවැය අඩු වීම
  • අඩු සේවක සංඛ්‍යාවක් ප්‍රමාණවත් වීම

පරිගණක ජාල

පණිවුඩ , දත්ත , තොරතුරු හුවමාරු කිරීම ආදී කාර්යය ඉටු කර ගැනීමට පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් සම්බන්ධ කොට පොදුවේ කටයුතු කරන පද්ධතියක් පරිගණක ජාලයකි.

ප්‍රධාන පරිගණක ජාල වර්ග දෙකකි.

  1. ප්‍රාදේශීය පරිගණක ජාල
  2. පුළුල් ක්ෂේත්‍ර පරිගණක ජාල

පරිගණක ජාල බිහිවීම සමඟ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇතිවූ නව ප්‍රවණතා

  • ටෙලර්පත් සේවාව
  • හරපත් / ණයපත් සේවාව
  • විද්‍යුත් වාණිජ්‍ය
  • විද්‍යුත් තැපෑල‍
  • විද්‍යුත් මුදල් භාවිතය

අන්තර්ජාලය

පුළුල් පරාසයක් ආවරණය කරමින් සකස් කරනු ලබන පරිගණක ජාලයකි. ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති පරිගණක ජාල දහස් ගණනක් සම්බන්ධ වී තොරතුරු හුවමාරු වන කවර වේලාවක වුවද සම්බන්ද විය හැකි ක්‍රියාකාරකම් සහිත තත්වයකි.

අන්තර්ජාලය මඟින් සපයන සේවා

  • ලෝක ව්‍යාප්ත ජාල පහසුකම්
  • විද්‍යුත් තැපෑල
  • ගොනු හුවමාරු නියමාවලිය
  • කථන පහසුකම්
  • ප්‍රවෘත්ති කණ්ඩායම්
  • ටෙලි පරිගණක සේවාව

දෛනික කටයුතු සඳහා අන්තර්ජාල දායකත්වය

  • වෙබ් අඩවි නැරඹීම
  • අන්තර්ජාල සංවාද
  • දුරකතන පහසුකම්
  • ඊ චැනල් සේවාව

ආයතනික කාර්යය පහසු කිරීමට අන්තර්ජාල දායකත්වය

  • විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා
  • තොරතුරු වේගවත්ව ලබා ගැනීමට
  • සන්නිවේදනය පහසු කිරීම
  • භාණ්ඩ ප්‍රචාරණය පහසු වීම
  • ඉලක්ක වෙළෙඳපොළ ලොව පුරා ව්‍යාප්ත කළ හැකි වීම

අන්තර්ජාලය සම්බන්ධ ගැටළු හා සීමා

  • නීති විරෝධී ක්‍රියා සිදුවීම
  • සංස්කෘතික පරිහානියට මඟ පෑදීම
  • පරිගණක වෛරස් මඟින් හානි වීම
  • මූලධනය යෙදවීමේ අපහසුතා
  • තොරතුරු වල සුරක්ෂිත බව පිළිබඳව ගැටළු ඇති වීම

අමතර දැනුමට‍…..

වෙබ් ලිපිනයන් වර්ග හඳුනා ගැනීම
  • රාජ්‍ය ආයතන – .gov
  • වාණිජ්‍ය ආයතන – .com
  • අධ්‍යාපනික ආයතන – .edu
  • ව්‍යාපාරික ආයතන – .biz
  • තොරතුරු සපයන ආයතන – .info
වෙබ් ක්‍රියාත්මක වන රට හඳුනා ගැනීම
  • ශ්‍රී ලංකාව – .lk
  • ජපානය – .jp
  • ප්‍රංශය – .fr

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet