ව්‍යාපාර සංවිධාන
“කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන පුද්ගලයන්ගේ එකතුවක්” සංවිධානයක් ලෙස හඳුන්වයි. අරමුණක් තිබීම, සංවිධාන ව්‍යූහයක් තිබීම, පුද්ගලයන් සිටීම, සංවිධාන සංස්කෘතියක් තිබීම ආදිය සෑම සංවිධානයකටම පොදු ලක්ෂණ වේ.
ලාභ අරමුණින් හෝ සුභ සාකධක අරමුණින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය හා අනුබද්ධ වූ සංවිධාන “ව්‍යාපාර සංවිධාන” ලෙස හඳුන්වයි. අරමුණක් තිබීම, ව්‍යාපාර නාමයක් පැවතීම, පුද්ගලයන් සිටීම, පැවැත්මක් තිබීම, සංවිධාන ව්‍යූහයක් තිබීම, ආරම්භක කටයුත්තක නියැලීම ව්‍යාපාර සංවිධානයකට පොදු ලක්ෂණ වේ.
සංවිධාන වර්ග කිරීම
ව්‍යාපාර සංවිධාන හිමිකාරිත්වය මත රාජ්‍ය හා පෞද්ගලික ලෙස වර්ග කළ හැකිය.
පෞද්ගලික අංශයේ ව්‍යාපාර
- කේවල ස්වාමි ව්‍යාපාර
- හවුල් ව්‍යාපාර
- සංස්ථාපිත සමාගම්
-
-
-
- සීමා සහිත සමාගම්
-
- සීමා සහිත පුද්ගලික සමාගම්
- සීමා සහිත පොදු සමාගම්
-
-
- ලැයිස්තුගත සමාගම්
- ලැයිස්තුගත නොවූ සමාගම්
-
-
- අක්වෙරල සමාගම්
-
- සීමා සහිත සමාගම්
-
-
b. සීමා රහිත සමාගම්
c. ඇපයෙන් සීමිත සමාගම්
4. සමූපකාර
5. විශේෂිත ව්‍යාපාර
-
-
-
-
- වරලත් ව්‍යාපාර
- බද්ධ ව්‍යාපාර
- සංයෝජන
-
-
-
රාජ්‍ය අංශයේ ව්‍යාපාර
- මධ්‍යම රජය සතු ව්‍යාපාර
-
-
-
-
- රාජ්‍ය සමාගම්
- රාජ්‍ය දෙපාර්තමේන්තු
- රාජ්‍ය සංස්ථා
-
-
-
2. පළාත් සභා සතු ව්‍යාපාර
3. පළාත් පාලන ආයතන සතු ව්‍යාපාර
කේවල ස්වාමි ව්‍යාපාර
අයිතිය තනි පුද්ගලයෙකු සතු ව්‍යාපාර කේවල ස්වාමි ව්‍යාපාර ලෙස හඳුන්වයි.
කේවල ස්වාමි ව්‍යාපාරයක ලක්ෂණ
- අයිතිය තනි පුද්ගලයෙකු සතුවීම.
- අයිතිකරු විසින් තනිවම ප්‍රාග්ධනය යෙදවීම.
- අයිතිකරු විසින්ම පාරිපාලනය සිදු කරන අතර අයිතිකරුම බොහෝ විට කළමනාකරු වේ.
- වගකීම අසීමිත වේ. එනම් ව්‍යාපාරය බුන්වත් උනොත් බාහිර වගකීම් පියවීම සඳහා තම පෞද්ගලික දේපල පවා කැප කිරීමට සිදු වේ. එනම් පොදු ප්‍රාග්ධනයට පමණක් වගකීම සීමා නොවේ.
- නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. එනම් නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළි නොගනියි. එනම් ව්‍යාපාරය නමින් බදු ගෙවීම ගිවිසුම් වලට එළඹීම, දේපල අත්පත් කර ගැනීම, නියෝජිතයන් පත් කිරීම කල නොහැකිය.
- ලියාපදිංචිය අනිවාර්ය නොවීම. නමුත් අයිතිකරුවන්ගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන ව්‍යාපාරයක් නම් 1918 ව්‍යාපාර නාම ආඥා පනත අනුව පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් වෙත ලියාපදිංචි කළ යුතුය.
- ලාභ තනිවම භුක්ති විඳින අතර අලාභ තනිවම විඳදරා ගත යුතුය.
- ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවේ.
- අඛණ්ඩ පැවැත්මක් නොමැත.
කේවල ස්වාමි ව්‍යාපාරයක වාසි අවාසි
වාසි
- ස්වාධීනව කටයුතු කල හැකි වීම
- ලාභ තනිවම භුක්ති විඳිය හැකි වීම
- කුඩා ප්‍රාග්ධනයක් ප්‍රමාණවත් වීම
- නීතිමය බලපෑම අඩුයි
- ලියාපදිංචිය අනිවාර්ය නොවීම
- ව්‍යාපාරික රහස්‍යභාවය ආරක්ෂා වීම
- කළමනාකරණය පහසු වීම.
අවාසි
- වගකීම අසීමිත වීම
- අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
- ප්‍රාග්ධන මාර්ග සීමිත වීම.
- නෛතික පුද්ගලභාවයක් නොමැති වීම
- පාඩු තනිවම විඳ දරා ගත යුතු වීම
- තනි තීරණ සෑම විටම සාර්ථක නොවීම
කේවල ස්වාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
- ව්‍යාපාරය ඇරඹීමට අපේක්ෂිත ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීම.
- ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා ග්‍රාම නිලධාරි වාර්තාව ලබා ගැනීම.
- ග්‍රාම නිලධාරි සහතික කළ වාර්තාව සහ සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය ලියාපදිංචියට ඇති ගාස්තු ද සමඟ ප්‍රාදේශිය ලේකම් වෙත භාරදීම.
- ප්‍රාදේශිය ලේකම් විසින් ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම.
හවුල් ව්‍යාපාර
ලාභ ලැබීමේ පොදු අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා ව්‍යාපාරික සම්බන්ධතාව” හවුල් ව්‍යාපාරයක් නම් වේ.
හවුල් ව්‍යාපාරයක ලක්ෂණ
- ලාභ අරමුණ
- පුද්ගලයන් සිටීම
- ව්‍යාපාරයක් තිබීම
- ගිවිසුමක් තිබීම
- හවුල්කරුවන් සංඛ්‍යාව 2 – 20 ත් අතර වීම.
- හවුල්කරුවන් සාමූහිකව ප්‍රාග්ධනයට දායක වීම.
- අන්‍යෝන්‍ය නියෝජිතත්වය – සෑම හවුල්කරුවෙකුම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු හා ප්‍රධානියෙකු වන බව මින් අදහස් වෙයි.
- වගකීම අසීමිත වීම.
- හවුල්කරුවන් විසින් කළමනාකරණ කටයුතු සිදු කිරීම.
- ලාභාලාභ ගිවිසුමේ පරිදි බෙදා ගැනීම.
- නෛතික පුද්ගල බවක් නොමැති වීම.
- ලියාපදිංචිය අනිවාර්ය නොවේ. නමුත් හවුල්කරුවන්ගේ නමින් හැර ව්‍යාජ නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් 1918 ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කළ යුතුය.
- ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවීම.
හවුල් ව්‍යාපාරයක වාසි අවාසි
වාසි
- වැඩි ප්‍රාග්ධනයක් රැස්කරගත හැකි වීම.
- සාමූහික තීරණ ගත හැකි වීම
- අලාභ/අවධානම බෙදී යාම
- විවිධ හැකියාවන් සහිත පුද්ගලයන්
- එකතු කර ගත හැකි වීම
- පහසුවෙන් ආරම්භ කළ හැකි වීම
- සාමූහික වගකීම නිසා ඇතිවන උනන්දුව
අවාසි
- වගකීම අසීමිත වීම
- ලාභය බෙදී යාම
- නෛතික පුද්ගලභාවක් නොමැති වීම.
- හවුල්කරුවන් අතර මත බේද ඇති වීමට ඇති ඉඩකඩ
- අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
- එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය සම්පූර්ණ හවුල් ව්‍යාපාරයටම බලපෑම
හවුල් ගිවිසුම
හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවය “හවුල් ගිවිසුම” ලෙස හඳුන්වයි.
හවුල් ගිවිසුමක් වාචිකව, ලිඛිතව හෝ ව්‍යංගයෙන් ඇති විය හැක.
හවුල්කරුවන් අතර ඇති කර ගන්නා ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යන්නේ නම් එය “හවුල් ඔප්පුව/හවුල් ව්‍යවස්ථාවලිය” ලෙස හඳුන්වයි. හවුල්කරුවන් අතර මතභේද පහසුවෙන් විසඳා ගැනීමට සහ හවුල් ව්‍යාපාරයේ කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා හවුල් ඔප්පුව වැදගත් වේ.
ගිවිසුමක ඇතුලත් විය හැකි කරුණු
- ප්‍රාග්ධනය යෙදීම පිළිබඳ විස්තර
- ලාභාලාභ බෙදා ගන්නා ආකාරය
- නව හවුල්කරුවන් බඳවා ගැනීම පිළිබඳ කොන්දේසි
- හවුල්කරුවෙකුගේ ඉවත්වීමක දී කටයුතු කරන ආකාරය
- ගැනිලි පිළිබඳ සීමා
- ප්‍රාග්ධන පොලී, ගැනිලි පොලී, හවුල්කරුවන් ව්‍යාපාරයට අමතරව සපයන ණය සඳහා පොලී
- අමතර ප්‍රාග්ධනය ලබාදීම සම්බන්ධ කොන්දේසි
- කීර්තිනාමය ගණනය කරන ආකාරය
හවුල් ව්‍යාපාරයක ගිවිසුමක් නොමැති විට හෝ ගිවිසුමේ සඳහන් නොවන කරුණක් සම්බන්ධ අවස්ථාවක දී හවුල් ආඥා පනතේ 24 වගන්තියට අනුව කටයුතු කල යුතුය. ඒ යටතේ
- ලාභාලාභ සමසමව බෙදා ගත යුතුය.
- ප්‍රාග්ධනයට පොලී හිමි නොවේ.
- ව්‍යාපාරය වෙනුවෙන් හවුල්කරුවන් පෞද්ගලිකවම දරන ලද වියදම් ව්‍යාපාරය විසින් නැවත ඔවුන්ට ගෙවිය යුතුය.
- හවුල්කරුවන් ප්‍රාග්ධනයට අමතරව සපයන ණය සඳහා 5% ක වාර්ෂික පොලියක් හිමි වේ.
- හවුල්කරුවන්ට වේතන හිමි නොවේ.
- ගැනිලි සඳහා පොලියක් අය නොකල යුතුය.
- හවුල්කරුවන් සියලු දෙනාගේ එකඟතාවයෙන් තොරව නව හවුල්කරුවෙකු බඳවාගත නොහැකිය.
හවුල් ව්‍යාපාරයට බලපාන නීතිරීති
- 1890 හවුල් ආඥාපනත – හවුල් ව්‍යාපාරයක ස්වභාවය මත හවුල් ගිවිසුමක් නොමැතිව කටයුතු කරන ආකාරය
- 2007 අංක 07 දරණ සමාගම් පනත – හවුල් ව්‍යාපාරයක සිටිය යුතු උපරිම සාමාජික සංඛ්‍යාව 20 බව
- 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත – රු.1000 ට වැඩි ප්‍රාග්ධනයකින් අරඹන හවුල් ව්‍යාපාර අනිවාර්යයෙන්ම ලිඛිත ගිවිසුමකින් ආරම්භ කළ යුතු බව
- 1918 ව්‍යාපාර නාම ආඥාපනත – ව්‍යාජ නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කළ යුතු බව.
සංස්ථාපිත සමාගම්
2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සංස්ථා කරන ලද පුද්ගලයන්ගේ එකතුවක් සමාගමක් ලෙස හැඳින්විය හැකිය.
සංස්ථාපිත සමාගම් වල සුවිශේෂි ලක්ෂණ
- සාමාජිකයන්ගෙන් වෙන් වූ නීති ඒකකයක් වීම/නෛතික පුද්ගල බවක් පැවතීම.
- වගකීම සීමිත හෝ අසීමිත වීම
- අඛණ්ඩ පැවැත්මක් තිබීම/ නෛතික පුද්ගල භාවය
- සංස්ථාපනය කිරීම අනිවාර්ය වේ.
- ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වේ.
- කළමනාකරණය අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සිදු වේ.
සංස්ථාපිත සමාගමක වාසි අවාසි
වාසි
- නෛතික පුද්ගලබවක් පැවතීම
- වැඩි ප්‍රාග්ධනයක් රැස්කරගත හැකි වීම
- අඛණ්ඩ පැවැත්මක් තිබීම
- මහා පරිමාණ පිරිමැසුම් අත්කර ගත හැකි වීම.
අවාසි
- ආරම්භ කිරීමට වැඩි පිරිවැයක් දැරිය යුතු වීම.
- රජයේ බලපෑම වැඩි වීම
- ලාභ ද්විත්ව බදු ගණනයට යටත් වීම. එනම් සමාගම් ලාභ සහ කොටස්කරුවන්ට ගෙවන ලාභාංශ මතද බදු ගෙවීමට සිදු වීම.
- විසිරුවා හැරීම සංකීර්ණ වීම.
සමාගමක් ලියාපදිංචි කිරීම
සමාගමක් ලියාපදිංචි කිරීම 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත සිදු කල යුතුය. එහිදී,
- සමාගම් නාමය ලියාපදිංචි කිරීම
- සමාගම් නාමය ස්ථිර වූ පසු පහත ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
-
- නියමිත ආකෘතියෙන් වූ ඉල්ලුම්පත්‍රය
- සාංගමික ව්‍යවස්ථාවලිය
- ආරම්භක අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත දක්වන ප්‍රකාශ
- ආරම්භක ලේකම්වරයාගේ කැමැත්ත දක්වන ප්‍රකාශය
-
- අදාළ ලියවිලි නිවැරදි බවට තහවුරු වූ පසු හා නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් සංස්ථාපිත සහතිකය නිකුත් කරයි.
සාංගමික ව්‍යවස්ථාවලිය
සමාගමේ පරමාර්ථ, කොටස්හිමියන්ගේ අයිතිවාසිකම් හා බැඳීම් සමාගමේ කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ කරුණු ඇතුලත් ලියවිල්ලකි.
සංස්ථාපන සහතිකය/සම්මුති සහතිකය/සංස්ථාගත සහතිකය
කිසියම් සංවිධානයක්, සමාගමක් ලෙස ලියාපදිංචි කළ බවට එම සමාගම වෙත නිකුත් කරනු ලබන සහතිකයකි. මෙහි සමාගමේ නම හා අංකය, සංස්ථාගත කළ දිනය, සමාගම් වර්ගය ආදි තොරතුරු ඇතුලත් වේ.

