ව්‍යාපාර අධ්‍යනය10.00 -ප්‍රවාහන හා සැපයුම් සේවා

10.00 -ප්‍රවාහන හා සැපයුම් සේවා

පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා ඉටුකිරීම තහවුරු කිරීමේ අරමුණින් භාණ්ඩ හා සේවා අදාල තොරතුරු ආරම්භක අවස්ථාවේ (Point of Origin) සිට පාරිභෝජන අවස්ථාව (Point of Consumption) දක්වා ඉදිරියට හා පසුපසට ගලායාමේ කටයුතු කාර්යක්ෂමව හා සඵලදායි ලෙස සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය “ප්‍රවාහන හා සැපයුම් සේවා” ලෙස හැදින්වේ.

මෙම ප්‍රවාහන හා සැපයුම් සේවා මගින් ආයතනයක මෙහෙයුම් කටයුතු සුමටව බාධාවකින් තොරව ගලායාමට අවස්ථාව උදා කෙරේ.

ප්‍රවාහන හා සැපයුම සේවා මූලික ක්‍රියාවලි

  1. පසුපසින් ගලා එන ප්‍රවාහන හා සැපයුම් සේවා (Inbound Logistics) :

අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනයන් මීට අයත් වේ.

2.ඉදිරියට ගලායන ප්‍රවාහන හා සැපයුම් සේවා (Outbound Logistics) :

නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ අවස්ථාවේ සිට නිෂ්පාදිතයන් හෝ අදාළ තොරතුරු නිෂ්පාදන ආයතනයේ සිට අවසාන පාරිභොගිකයා තෙක් සැපයීම දක්වා වූ චලනයන් මෙයට අයත් වේ.

ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති වර්ග (Logistic Systems)

ව්‍යාපාර ආයතන විසින් සිදුකරනු ලබන නිෂ්පාදන කටයුතු වල ස්වාභාවය අනුව විවිධාකාර ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති ක්‍රියාත්මක වේ.එවැනි පද්ධති අතර පහත ඒවා ප්‍රධාන වේ.

  1. සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති (Balanced Logistics Systems)

අමුද්‍රව්‍ය සහ නිෂ්පාදනයට අවශ්‍ය දේ නිෂ්පාදන ආයතන තෙක් ගමන් කිරීමේ ප්‍රවාහනය සහ නිෂ්පාදනයෙන් පසු නිෂ්පාදිතයන් අවසාන පාරිභෝගිකයා දක්වා ගමන් කිරීමේ ප්‍රවාහනය එක හා සමානව පවත්වාගෙන යාම මෙයින් අදහස් කෙරේ.බොහෝ විට පාරිභෝගික භාණ්ඩ සපයන ආයතන වල මෙවැනි පද්ධති දැකිය හැකි වේ.

උදා:- යුනිලීවර් , නෙස්ලේ

2.නිෂ්පාදාන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහනය සංකීර්ණ වූ පද්ධතිය. (Heavy Inbound Logistics Systems)

නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහනය සංකීර්ණ නමුත් නිෂ්පාදනයෙන් පසු අලෙවි ආශ්‍රිත ප්‍රවාහනය පහසු වන පද්දති මින් අදහස් වේ.

උදා:- ගුවන්යානා නිෂ්පාදන ආයතනයක නිපදවීමට අවශ්‍ය යෙදවුම් විවිධ රටවල් වලින් සහ ආයතන වලින් සපයා ගැනීමට ඉතා සංකීර්ණ වූ ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වේ.එහෙත් ගුවන් යානය නිපදවා අවසන් වූ පසු එය අලෙවි කිරීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය වන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතිය ඉතා සරල වේ.

3. නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා ප්‍රවාහනය සංකීර්ණ වූ පද්ධති. (Heavy Outbound logistics Systems)

නිෂ්පාදිතයේ ස්වරූපය අනුව නිෂ්පාදනයෙන් පසු සංකීර්ණ ක්‍රියාදාමයකින් පාරිභෝගිකයා වෙතට නිෂ්පාදිතයන් ගලායාමට අදාළ සැපයුම් සේවා පද්ධති මෙයින් අදහස් කෙරේ.කාන්දුවීම් හා වාෂ්පවීම් සහිත තොග මෙන්ම,අනතුරුදායක විය හැකි ද්‍රව්‍ය (උදා:- රසායනික ද්‍රව්‍ය,පුපුරන ද්‍රව්‍ය) නිෂ්පාදනය කරන ආයතනය මෙන්ම ගබඩා කිරීම , ඇසිරීම හා ප්‍රවාහනය,විශේෂ වූ ක්‍රම යටතේ සිදු කරන ආයතන වල මෙම පද්ධති භාවිතා කෙරේ.

4.නිෂ්පාදිත අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහනය සහිත පද්ධති (Reverse Logistics Systems)

පාරිභෝගිකයා වෙත භාණ්ඩ භාරදීමෙන් පසුවද සැපයුම් හා ප්‍රවාහන සේවා ප්‍රවාහයක් සහිත පද්ධති මෙයින් අදහස් කෙරේ.එනම් පාරිභෝගිකයාගේ සිට නැවත නිෂ්පාදකයා දක්වා ද දිව යන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක් මීට අයත් වේ.ඇසුරුම් නැවත භාවිතා කරන ගෑස් සිලින්ඩර් වැනි නිෂ්පාදිත මෙන්ම පරිසරයට හානිකරන ඇසුරුම් ඉවත්කල යුතු නිෂ්පාදිත සදහාද මෙවැනි පද්ධති අවශ්‍ය වේ.

ප්‍රවාහන හා සැපයුම් සේවා වල අවශ්‍යතාවය (Necessity of Logistics)

  • නිවැරදි නිෂ්පාදිතය , නිවැරදි ප්‍රමාණයෙන් හා ගුණත්වයෙන්,නිවැරදි වේලාවට,නිවැරදි ස්ථානයේදී,නිවැරදි පාරිභෝගිකයා වෙත ආරක්ෂිතව සැපයීම සදහා.
  • ප්‍රවාහනය හා සැපයුම් සේවා කාර්යක්ෂමව හා සඵලදායීව ක්‍රියාත්මක වීම නිසා ද්‍රව්‍ය මිලදී ගැනීම,තොග පාලනය,නිෂ්පාදන සැලසුම්කරණය හා ප්‍රවාහනය වැනි කාර්යයන් වඩාත් විධිමත් වීම නිසා.
  • සෑම යන්ත්‍රයකම,සෑම වැඩ මධ්‍යස්ථානයකටම නියමිත ද්‍රව්‍ය,නියමිත ප්‍රමාණයෙන්,නියමිත ගුණත්වයෙන් නියමිත වේලාවට ලැබීම ප්‍රවාහන හා සැපයුම් සේවා මගින් තහවුරු වීම නිසා.
  • වෙළෙදපොල පර්යේෂණ,අවශ්‍යතා සැලසුම් කිරීම,නිපදවීම් හා මිලදීගැනීම් පිළිබද තීරණ ගැනීම් සිදුකරමින් පිරිවැය අවම කිරීමටත් සැපයුම්දාමය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අවශ්‍ය මගපෙන්වීම් ප්‍රවාහන හා සැපයුම් සේවා මගින් ලැබීම නිසා

ප්‍රවාහන හා සැපයුම් සේවා මගින් ආයතනයකට ලැබෙන ප්‍රයෝජන (Benefits of Logistics)

  • නිෂ්පාදනය සදහා අවශ්‍ය තත්වයේ යෙදවුම් ගුණත්වයෙන් යුතුව කලට වේලාවට නිෂ්පාදකයා වෙත සපයා ගැනීමට හැකි වීම.
  • නිෂ්පාදන කටයුතු සුමටව පවත්වාගෙන යා හැකි වීම.
  • සියලු කාර්යයන් සැලසුම් ගතව සිදු කිරීමට ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති උපකාර වන නිසා අපතේ යාම හා නාස්තිවීම් අවම වී පිරිවැය අඩු කර ගත හැකි වීම.
  • නිමි භාණ්ඩ කලට වේලාවට වෙළෙදපොලට ලගා වෙන නිසා තරගකාරිතවයට මුහුණ දීම පහසු වීම.
  • යන්ත්‍ර සූත්‍ර හා සේවකයින් වෙනුවෙන් දැරීමට සිදුවන අක්‍රීය පිරිවැය අවම වීම.
  • නිෂ්පාදිතයෙහි ගුණත්වය ආරක්ෂා කර ගත හැකි වීම.
  • අපද්‍රව්‍ය කළමණාකරණය පහසු වීම.
  • ව්‍යාපාර ආයතනය පුළුල් කිරීමෙදී ඇතිවිය හැකි ගැටලු හා සංකීර්ණතා අවම වීම.
  • කර්මාන්තය තුල සිය නායකත්වය පවත්වාගැනීම සදහා උපකාරි වීම

 

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom