ව්‍යාපාර අධ්‍යනය06.00- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

06.00- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන් කොටස් දෙකකි.

ඉන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථිකයක සංවර්ධනය සදහා ඉතා ඉහළ දායකත්වයක් සපයයි.කුඩා ව්‍යාපාර ( සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ) රටක ආර්ථිකයේ හදවත ලෙස හැදින්වේ.

කුඩා ව්‍යාපාර හදුනා ගැනීම සදහා පොදු නිර්වචනයක් නොමැත.දේශීය විදේශීය වශයෙන් විවිධ නිර්ණායක මත කුඩා ව්‍යාපාර හදුනාගනී.

උදා:- ස්වාධීනව අයිති හා ස්වාධීනව ක්‍රියාත්මක වන එසේම ක්ෂේත්‍රය තුළ බලයක් හිමි නොවූ ව්‍යාපාර කුඩා ව්‍යාපාර වේ.

    – ඇමරිකා එක්සත් ජනපදය –

ආයතනය

නිර්වචනය

කාර්මික සංවර්ධන මණ්ඩලය

යොදා ඇති ප්‍රාග්ධනය රු.මි.4 නොයික්මවන ව්‍යාපාර

කාර්මික තාක්ෂණික ආයතන

යොදා ඇති ප්‍රාග්ධනය රු.මි.4 නොයික්මවන ව්‍යාපාර

කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව

යොදා ඇති ප්‍රාග්ධනය රු.මි.4 නොයික්මවන ව්‍යාපාර

කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය

අයෝජිත ප්‍රාග්ධනය රු.මි.20 නොයික්මන ව්‍යාපාර

ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව

සේවක සංඛ්‍යාව 25 ට අඩු ව්‍යාපාර

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය

ස්ථීර සේවක සංඛ්‍යාව 50 ට අඩු ව්‍යාපාර.

ශ්‍රී ලංකා මහ බැංකුව

හාවිතා කරන විදුලි බල ධාරිතාව කිලෝවොට් ඇම්පියර් 50 ට අඩු ව්‍යාපාර

 

කුමන නිර්ණායකය යටතේ හදුනා ගත්තද එම නිර්ණායක ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ.එනම්,

      1. ප්‍රමාණාත්මක නිර්ණායක
      2. ගුණාත්මක නිර්ණායක
ප්‍රමාණාත්මක නිර්ණායක
  • ආයෝජන ප්‍රාග්ධනය
  • යොදාගන්නා සේවක සංඛ්‍යාව
  • වාර්ෂික පිරිවැටුම
  • භාවිතා කරන බලශක්ති ප්‍රමාණය
  • නිෂ්පාදන ධාරිතාව
ගුණාත්මක නිර්ණායක
  • හාවිත කරන තාක්ෂණය
  • වෙළෙදපොල ස්වභාවය
  • ව්‍යාපාර සංවිධාන ක්‍රමය
  • අනුගමනය කරන කළමනාකරණ ශිල්පීය ක්‍රමය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල ලක්ෂණ

  • වෙළෙදපොළ කුඩා වීම.
  • ආයෝජිත ප්‍රාග්ධනය අඩු වීම.
  • සේවක සංඛ්‍යාව සාපේක්ෂව අඩු වීම.
  • කළමණාකරු අයිතිකරු වන අතර කළමණාකරණය ස්වාධීන වේ.
  • බොහෝ විට දේශීය ව්‍යාපාර වේ.
  • සාම්ප්‍රදායික තාක්ෂණය භාවිතා කිරීම.
  • වැඩි වැඩියෙන් පවුලේ පිරිස ව්‍යාපාර කටයුතු සදහා දායක වේ.

ආර්ථික සංවර්ධනය සදහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල දායකත්වය

  • ශ්‍රම සූක්ශම කර්මාන්ත නිසා නව රැකියා ප්‍රමාණයක් සැපයිය හැකි වීම.
  • දේශීය , ප්‍රාදේශීය සම්පත් භාවිතයට ගැනීම තුලින් පූර්ණ සේවා නියුක්තිය ඇති වීම.
  • රැකියා අවස්ථා තුලින් ආදායම් ව්‍යාප්ති විෂමතාවය අවම වීම.
  • මහා පරිමාණ ව්‍යාපාර සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම.
  • ඇතැම් සුළු ව්‍යාපාර වලින් විදේශ විනිමය ඉපයීම.
  • මහාපරිමාණ ව්‍යාපාර ඉටු නොකරන ව්‍යාපාර සදහා දායක වීම.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමේදී හා පවත්වාගෙන යාමේදී සැලකිය යුතු කරුණු

  • තම හැකියා සහ කුසලතා පිළිබද අධ්‍යනය කිරීම හා ඇගයීම.
  • නිෂ්පාදිතයට ඇති වෙළෙදපොල හා එම වෙළෙදපොලට ළගා විය හැකිද යන්න.
  • ආරම්භක ප්‍රාග්ධනය හා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය පිළිබද අධ්‍යනය කිරීම.
  • තමාට ගැළපෙන ව්‍යාපාර සංවිධාන ක්‍රමය තෝරා ගැනීම.
  • රටේ පවතින නීති රීති පිළිබදව අධ්‍යනය කිරීම.
  • පවතින තරගකාරිත්වය පිළිබද අධ්‍යනය කිරීම.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාර්ථක වීමට බලපාන හේතු

  • ප්‍රමාණවත් යටිතල පහසුකම් තිබීම.
  • වෙළෙදපොළ පුළුල් වීම.
  • මූල්‍ය හා බදු සහන වැනි දිරිගැන්වීම් හිමි වීම.
  • විවිධ ආයතනික හා අලෙවි පහසුකම් ලබාදීම.
  • ව්‍යාපාරික උනන්දුව හා කැපවීම ඉහළ මට්ටමක පැවතීම.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාර අසාර්ථක වීමට හේතු

  • ස්වාධීන තීරණ වල අසාර්ථක බව.
  • අධික වශයෙන් ගැනිලි සිදු කිරීම.
  • ලැබෙන ලාභය අඩු වීම.
  • මහා පරිමාණ ව්‍යාපාර වලින් එල්ල වන තර්ජන.
  • ව්‍යවසායක කුසලතා අඩු වීම.
  • කළමණාකරණ දුර්වලතා.
  • නව තාක්ෂණය පිළිබද නොදැනුවත් බව.
  • යටිතල පහසුකම් දියුණු නොවීම.
  • මූල්‍ය ගැටලු ඇති වීම.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාර වල සාර්ථකත්වය සදහා ව්‍යවසායකත්වය දායක වන ආකාරය

ව්‍යවසායකයෙකු සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක් පවතී.එනම් , අවදානම් කළමණාකරණය, අවස්ථා හදුනා ගැනීම, නිර්මාණශීලී බව, කැපවීම, ආත්ම විශ්වාසය ආදියයි.මෙවැනි කුසලතා සහිත පුද්ගලයින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාර්ථකත්වයට අවශ්‍ය වේ.

ඒ අනුව ව්‍යාපාර පරිසරයේ පවතින අවස්ථා හදුනාගෙන ඊට ගැලපෙන පරිදි නව්‍යතාවයන් සම්පාදනය කරමින් අවදානම් කළමණාකරණය කරමින් යම් ව්‍යාපාරයක් කටයුතු කරයිද ඒ තුලින් ඔහුගේ එම ව්‍යාපාරය ඉතා සාර්ථක වනු ඇත.එම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සාර්ථකත්වය උදෙසා ව්‍යවසායකත්වය ඉතා වැදගත් වන බව පැහැදිලිය.

මහා පරිමාණ ව්‍යපාර හා සසදන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල වාසි සහ අවාසි

වාසි
  • ඉහළ ස්වාධීනත්වයක් යටතේ ව්‍යාපාර කරගෙන යාමේ හැකියාව.
  • ගනුදෙනුකරුවන් සමග මනා සම්බන්දතාවයක් පවත්වාගෙන යා හැකි වීම.
  • නිපුණතා සංවර්ධනයක් සිදුවීම.
  • අඩු කාර්යය පිරිවැයක් යටතේ ව්‍යාපාර පවත්වාගෙන යා හැකි වීම.
  • ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වඩාත් හොදින් සපුරාලිය හැකි වීම.
අවාසි
  • මහා පරිමාණ පිරිමැසුම් අඩු වීම හා ඒ නිසාම ඒකකයක නිෂ්පාදන පිරිවැය ඉහළ යයි.
  • තාක්ෂණය උකහා ගැනීමේ අපහසුතාවය.
  • අරමුදල් සම්පාදන මාරිග සීමිත වීම.
  • නිෂ්පාදිත මිශ්‍රයේ දිග හා පළල සීමිත වීම.

කුඩා ව්‍යාපාර දිරිගැන්වීම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග

  • මහා මාර්ග සංවර්ධනය , විදුලි බල සැපයුම , කැළි කසල බැහැර කිරීම වැනි ආයතනික පහසුකම් වැඩි දියුණු කිරීම.
  • සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට මූල්‍ය පහසුකම් සැලසීම සදහා විශේෂ ණය යෝජනා ක්‍රම ඇති කිරීම.
  • ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට සහය වීම සදහා සුළු කාර්මික උද්‍යාන සැකසීම.
  • සුළු ව්‍යාපාර නියාමන අධිකාරියක් පිහිටුවීම.
  • ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ක්‍රමය හදුන්වා දීම.
  • ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු යන බැංකු ඒකාබද්ධ කර ලංකා ව්‍යවසාය සංවර්ධන බැංකුව පිහිටුවීම.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා වන දිරිගැන්වීම්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා ලබාදෙන දිරිගැන්වීම් ප්‍රධාන වර්ග 02 කි.

  1. මූල්‍යමය දිරිගැන්වීම්
  2. මූල්‍යමය නොවන දිරිගැන්වීම්

මූල්‍යමය දිරිගැන්වීම්

මූල්‍යමය නොවන දිරිගැන්වීම්

  • කෙටි හා දිගු කාලීන ණය
  • මූල්‍යමය ආධාර
  • බදු සහන
  • ප්‍රතිමූල්‍ය පහසුකම්
  • උපදේශන සේවා
  • ව්‍යවසායක සංවර්ධන වැඩසටහන්
  • පර්යේෂණ හා තාක්ෂණික සේවා
  • යටිතල පහසුකම් සැපයීම
  • අලෙවි පහසුකම්
  • විශිෂ්ටතා සහ සම්මාන ලබාදීම.

 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපර වලට දිරිගැන්වීම් ලබාදෙන ආයතන

  1. රාජ්‍ය ආයතන
  2. වෙනත් ආයතන

රාජ්‍ය ආයතන

වෙනත් ආයතන

  1. කාර්මික සංවර්ධන මණ්ඩලය
  2. ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය
  3. ජාතික සංවර්ධන බැංකුව
  4. කාර්මික තාක්ෂණික ආයතනය
  1. සර්වෝදය
  2. ජයිකා ආයතනය
  3. සණස
  4. පුද්ගලික බැංකු හා මූල්‍ය ආයතන
  5. බදු වාර්තා සකස් කර දෙන පුද්ගලික ආයතන

 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට පහසුකම් ලබාදෙන ආයතන හා පහසුකම්

ආයතන

පහසුකම්

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය

  • මූල්‍යමය පහසුකම් ලබා දීම.
  • ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව මණ්ඩලය

  • විදේශ වෙළෙදපොල පහසුකම් සපයා දීම.

කාර්මික සංවර්ධන මණ්ඩලය

  • උපදේශන සේවා.
  • තාක්ෂණික දැනුම ලබා දීම.
  • යටිතල පහසුකම්

අපනයන සංවර්ධන මණ්ඩලය

  • අලෙවි පහසුකම්
  • උපදේශන සේවා

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන

  • උපදේශන සේවා

ජාතික සංවර්ධන බැංකුව

  • මූල්‍ය පහසුකම් ලබාදීම

ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය (SLC SMI)

  • මූල්‍ය පහසුකම් ලබාදීම
  • විශිෂ්ටතා සම්මාන ලබා දීම

කාර්මික තාක්ෂණ ආයතනය

  • තාක්ෂණික දැනුම ලබා දිම.
  • උපදේශන සේවා ලබාදීම.

 

ණය යෝජනා ක්‍රම

  1. කාන්තා ක්ශුද්‍ර ව්‍යවසාය ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය ( ලිය ඉසුර ) :

කාරක ප්‍රාග්ධන සහය සැපයීම සදහා ප්‍රාදේශීය සංවර්ධන බැංකු හරහා සුරැකුම්පත් අවශ්‍ය නොවන මෙම ව්‍යාපෘතිය හදුන්වා දී ඇත.

ණය සපයන ආයතන: ප්‍රාදේශීය සංවර්ධන බැංකු

2. සුවන ( SMILE ) :

අන්තර්ජාතික සහයෝගීතාවය සදහා වූ ජපාන බැංකුවේ ( JBIC ) මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් ජාතික සංවර්ධන බැංකුව ප්‍රති මූල්‍ය පහසුකම් සපයමින් සුළු කර්මාන්ත ව්‍යවසායකයින් නංවාලීම සදහා ක්‍රියාත්මක වන යෝජ්නා ක්‍රමයකි.මෙය ” SMILE ” ලෙස හදුන්වයි.වර්තමානයේ ක්‍රියාත්මක වන්නෙ මෙහි තුන් වන අදියරයි.

3. සහන්‍යා

සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය සැපයීම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමයකි.මේ සදහා DFCC වාණිජ බැංකුව හා අනෙකුත් වාණිජ බැංකු දායක වී ඇත.

4. සණස ණය ව්‍යාපෘතිය

කෘෂි , සත්ත්ව , කුඩා කර්මාන්ත , වෙළෙදාම හා වාණිජ කටයුතු සදහා ණය සපයන යෝජනා ක්‍රමයකි.ජාතික සංවර්ධන භාරකාර අරමුදල හා සාමාජික තැන්පතු මේ සදහා යොදා ගන්නා අතර සණස මහා සංවර්ධන සංගමය පරිපාලන කටයුතු සිදු කරයි.

5. සමූපකාර ග්‍රාමීය බැංකු ණය

කෘෂි, ධීවර, සත්ත්ව පාලන, වෙළෙදාම හා වාණිජ බැංකු සදහා ණය සපයයි.ජාතික සංවර්ධන භාරකාර අරමුදල හා සාමාජික තැන්පතු මේ සදහා යොදාගනී.මේ සදහා විවිධ සේවා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පරිපාලන දායකත්වය ලබාදේ.

6. සමෘධි / දිවි නැගුම සංවර්ධන ණය යෝජනා ක්‍රමය

සමෘධි බැංකු සංගම් හරහා සමෘධි ලාභීන් වෙත ණය දීම හා අනෙකුත් සේවා සැපයීම සදහා මෙම යෝජනා ක්‍රමය ආරම්භකර ඇත.මේ සදහා අවශ්‍ය අරමුදල් රජයෙ ප්‍රධානයන්ගෙන් හා සාමජිකයන්ගෙ තැන්පතු මගින් රැස් කළ ඉතුරුම් මුදල් තුලින් ලබා ගනී.මෙහි පාලනය දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

7. ගොවිජන බැංකු නියමු ව්‍යාපෘතිය

ගොවිජන සංවර්ධන දෙපාර්තමෙන්තුවේ ව්‍යාපෘතියකි.(මෙම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතී.)

වගා කටයුතු සදහා ගොවීන්ට කෙටිකාලීන ණය හා දිගු කාලීන ණය ලබා දේ.කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ගොවීන්ගේ භාරකාර අරමුදල් හා සාමාජික තැන්පතු මේ සදහා යොදා ගනියි.

 

2 අදහස්

  1. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා මහා පරිමාණ කර්මාන්ත අතර අන්තර් සම්බන්ධතා මොනාද? ඒවා ප්‍රගතියට හේතු වන අයුරු මොනාද?

  2. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා මහා පරිමාණ කර්මාන්ත අතර අන්තර් සම්බන්ධතා මොනාද? ප්‍රගතියට හේතු වන අයුරු?

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet