ව්‍යාපාර අධ්‍යනය07.05 - චෙක්පත් රේඛනය

07.05 – චෙක්පත් රේඛනය

චෙක්පතේ මුහුණතේ සරල සරල සමාන්තර රේඛා 02 ක් ඇඳීම හෝ රේඛා ඇතිව හෝ නැතිව වාණිජ බැංකුවක නමක් ලිවීම චෙක්පත් රේඛනය නම් වේ.

චෙක්පත් රේඛණය කිරීමේ අරමුණ

  • චෙක්පතට ආරක්ෂාවක් සැලසීමයි.

ලේඛනය තුළින් තුළින් ආරක්ෂාව ලැබෙන්නේ රේඛනය කල රේඛනය කල චෙක් පතක් මුදල් ලබාගැනීමට වාණිජ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක හෝ හෝ ජංගම ගිණුමක තැන්පත් කළ යුතුය.ඒ අනුව චෙක් පතක මුදල් ලබා ගත්තේ කවුරුන් ද යන්න හඳුනා ගත හැකිය.

චෙක්පත් රේඛනය කිරීමේ අවශ්‍යතාවය

  • චෙක්පතට අමතර ආරක්ෂාවක් සැලසීම
  • එක් පතෙහි සඳහන් වටිනාකම එහි ආ දායකයාට ලැබීම සහතික කිරීම
  • බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගැනීම
රේඛන වර්ග 02 කි.
  1. සාමාන්‍ය ලේඛනය
  2. විශේෂ රේඛනය

සාමාන්‍ය රේඛනය

චෙක්පතේ මුහුණතෙහි වගන්ති ඇතිව හෝ නැතිව චෙක් පතේ මුහුණතෙහි සරල සමාන්තර රේඛා දෙකක් යෙදීම “සාමාන්‍ය රේඛනය” නම් වේ

අත්‍යවශ්‍ය අංගය වන්නේ සරල සමාන්තර රේඛා දෙක යෙදීමය.එම රේඛා දෙක තුල වාණිජ බැංකුවක නමක් හැර ඕනෑම සම්මත ප්‍රකාශයක් යෙදිය හැක.

  1. මෙම චෙක්පත මුදල් ලබා ගැනීමට කළ යුත්තේ ඕනෑම වාණිජ බැංකුවක ඇති ඕනෑම ගිණුම් හිමියෙකුගේ ගිණුමක තැන්පත් කිරීමයි.(ඉතිරි කිරීමේ හා ජංගම ගිණුම්)
  2. මෙම ලේඛනයෙන් අදහස් වන්නේ මෙය පැවරිය නොමැත යන්න නොව පවරන්නා ට වඩා වැඩි අයිතියක් පැවරුම් ලාභියා ට හිමි නොවන බවයි.මෙවැනි ලේඛනයක් සහිත චෙක් පත ලබා ගන්නා විට පවරන්නා ට හොඳ අයිතියක් තිබේද යන්න සොයා බලා ලබාගත යුතුය.

මෙම චෙක්පත මුදල් ලබාගැනීමට ඕනෑම වාණිජ බැංකුවක හා ජංගම ගිණුමක මුදල් තැන්පත් කළ යුතුය.

3. මෙම රේඛනය තුළින් චෙක් පත පැවරීම සීමාවේ. මෙය ආදායකයාගේ ගිණුමේ පමණක් තැන්පතු කළ යුතුය.ගනුදෙනු කළ හැකිය යන්න මෙම ලේඛනය මගින් උල්ලංඝනය වේ ඉදිරියට එය පැවරිය නොහැකි වීම එයට හේතුවයි.

ගිණුමක් නොමැති අයෙකුට මෙම රේඛනය සහිත චෙක් පත ලැබුණහොත් මුදල් ලබා ගැනීමට කළ යුත්තේ,

  • ගිණුමක් ආරම්භ කර එහි තැන්පත් කිරීම.
  • අණකරු ලවා රේඛනය අවලංගු කරවා ගැනීම

4. දුර සිටින පුද්ගලයෙකුට ගෙවිය යුතු මුදල නොදැන චෙක් පතක් ලියන විට මෙම රේඛනය යෙදිය හැක.චෙක් පතේ අගය රේඛනයේ සඳහන් මුදලට වඩා අඩු විය යුතුය.

මෙම චෙක්පත මුදල් ලබා ගැනීමට ඕනෑම වාණිජ බැංකුවක ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීම කළ හැක.

විශේෂ රේඛනය

එනම්,චෙක් පතේ මුහුණතේ සරල සමාන්තර රේඛා 02ක් ඇතිව හෝ නැතිව වාණිජ බැංකුවක නමක් ලිවීමයි.

විශේෂ රේඛනය තුළ අත්‍යවශ්‍යම අංගය වන්නේ වාණිජ බැංකුවක නමක් ලිවීමයි.ඒ අතරට සම්මත ප්‍රකාශයක් යෙදිය හැකිය.

  1. මෙම චෙක් පතට මුදල් ලබා ගැනීමට ඕනෑම ගිණුම් හිමියෙකුගේ ගිණුමක තැන්පත් කළ හැකිය.
  2. මුදල් ලබා ගැනීමට මහජන බැංකුවේ ඕනෑම ගිණුම් හිමියෙකුගේ ගිණුමක තැන්පත් කළ යුතුය.
  3. මහජන බැංකුවේ ගාල්ල ශාඛාවේ ඇති ආදායකයාගේ ගිණුමේ තැන්පත් කිරීමෙන් පමණක් මුදල් ලබාගත හැකිය.

මෙම ලේඛනය වඩාත් ආරක්ෂිතම ලේඛනයයි.

4. ලංකා බැංකුවේ ඕනෑම ගිණුම් හිමියෙකුගේ ගිණුමක තැන්පත් කිරීමෙන් මුදල් ලබාගත හැකිය.

සාමාන්‍ය රේඛනයේ හා විශේෂිත රේඛනයේ වෙනස්කම්

සාමාන්‍ය රේඛනය

විශේෂිත රේඛනය

  • සරල සමාන්තර රේඛා 02 අනිවාර්ය වේ.
  • සරල සමාන්තර රේඛා 02 අනිවාර්ය නොවේ.
  • වාණිජ බැංකුවක නමක් යෙදිය නොහැක.
  • වාණිජ බැංකුවක නම අනිවාර්ය වේ.
  • ඕනෑම වාණිජ බැංකුවක තැන්පත් කළ හැකිය.
  • නම සඳහන් වාණිජ බැංකුවේ තැන්පත් කළ යුතුය.
  • සාපේක්ෂව ආරක්ෂාව අඩුය.
  • සාපේක්ෂව ආරක්ෂාව වැඩිය.

චෙක්පත් රේඛන කළ හැකි පාර්ශව

  1. අණකරු
  2. ආදායකයා
  3. රැස් කරන බැංකුව

චෙක් පතක රේඛනය අවලංගු කිරීම

චෙක් පතක රේඛනය අවලංගු කිරීමේ බලය ඇත්තේ අණකරු ට පමණි.”රේඛනය අවලංගු කරන ලදී” යනුවෙන් අණකරු විසින් සම්පූර්ණ අත්සන යෙදිය යුතුය.

බැංකුව කළ ලේඛනයක් බැංකුවට අවලංගු කළ හැකිය.

චෙක්පත් පිටසන් කිරීම

චෙක් පතේ මුහුණත සඳහන් වන ආකාරයට ආදායකයාගේ චෙක් පත පිටුපස ආදායකයාගේ නම ලිවීමයි.

චෙක් පතේ පළමු පිටසන් කරු වන්නේ එහි ආදායකයා ය.

එසේම චෙක් පත දරන ඕනෑම අයෙකු චෙක් පත පැවරීමේ දී ඔහුගේ නම ලිවිය යුතුය.

පිටසන් කිරිමේ අරමුණ වන්නේ චෙක් පතේ අයිතිය පැවරීම වෙනත් අයෙකුට පැවරීමයි.

පිටසන් යෙදිය යුතු අවස්ථා

  • විධාන චෙක් පතක් නම් වෙන කෙනෙකුට පැවරීමේ දී.
  • ආදායකයා විසින් චෙක් පත බැංකුවේ තැන්පත් කිරීමේදී.
  • රේඛනය නොකළ චෙක්පතක් බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගැනීමේදී.

පිටසන් වර්ග

පිටසන් වර්ග 03 කි.

  1. හිස් පිටසන
  2. විශේෂ පිටසන
  3. සීමාකාරී පිටසන

1.හිස් පිටසන

පැවරුම්කරුගේ නම පමණක් පිටසන ලෙස යොදා ඇත්නම් එය හිස් පිටසනකි.මෙහිදී ඇනවුම් චෙක්පත කාරක චෙක්පතක් බවට පත්වේ.එනිසා අදාල චෙක්පත නැති වුවහොත් හෝ සොරකම් කල හොත් හිමිකම් නොමැති පාර්ශවයකට අදාල මුදල ලබාගැනීමේ අවදානමක් පවතී.

2. විශේෂ පිටසන

ගෙවීම් ලැබිය යුතු පුද්ගලයා විශේෂයෙන් සදහන් කරන පිටසනකි.

උදා- සුසිලා ගමගේට හෝ ඇනවුමට පමනක් ගෙවන්න.- සිරිපාල ගමගේ

3.සීමාකාරී පිටසන

ගෙවීම ලැබිය යුතු අයගේ නම සදහන් කොට චෙක්පත තවදුරටත් අතින් අතට පැවරීම අහෝසි කරන පිටසනයි.

උදා- සුසිල ගමගේට පමණක් ගෙවන්න.

චෙක්පත අගරු වීම

ගෙවීම් සදහා බැංකුවට ඉදිරිපත් කල චෙක්පතකට බැංකුව මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම “චෙක්පත් අගරු වීම” ලෙස හැදින්වේ.

චෙක්පත අගරු වන අවස්ථා
  • ගිණුමේ මුදල් නොමැති විට
  • අණකරු විසින් ගෙවීම නතරකර තිබීම
  • අණකරු බුන්වත් වී තිබීම
  • අණකරු මරණයට පත්වීම හා ඒ බව බැංකුවට දැනුම්දී තිබීම
  • ගානිශා නියෝගයක් ලැබීම(උසාවි නියෝගයක්)
  • ලිඛිත වැරදි
  • ගිනුම වසා තිබීම
  • චෙක්පත විකල් වී තිබිම.
  • පිටපත් කිරීමෙ දෝශ
  • අකුරක් හෝ ඉලක්කමක සඳහන් අගය වෙනස් වීම.
  • ඇපකරුවන්ගේ අත්සන ආදර්ශ අත්සනට වෙනස් වීම.
  • චෙක්පත බැංකු කිහිපයකින් රේඛනය කරතිබීම.
අගරු චෙක්පත් නිවේදනය

වර්තමානයේ චෙක්පත් නිශ්කාශනය සිදුවන්නේ ඡායාගත චෙක්පත් නිශ්කාශනය ක්‍රමය යටතේය.එහිදි අගරු වූ පසු ඒ බව දැනුම් දීමට චෙක්පත තැන්පත් කල පුද්ගලයාට බැංකුව ලබාදෙන ලියවිල්ල මින් අදහස් කෙරේ.මෙම ලියවිල්ල A,B,C ලෙස කොටස් තුනකි.

A කොටස – ගනුදෙනුකරුගේ කොටස

B කොටස – බැංකුවේ කොටස

C කොටස – නිශ්කාශනයට ඉදිරිපත් කරන කොටස

චෙක්පත් නිශ්කාශනය

බැංකු අතර චෙක්පත් වටිනාකම හර බැර කිරීම චෙක්පත් නිශ්කාශනය ලෙස හදුන්වයි.මෙහිදී අණකරුගේ ගිනුමෙන් අඩුකර අදාල ආදකයාට මුදල බැර කිරීම සිදුවේ.මෙහිදී ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම මැදිහත් වේ.

ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම

වාණිජ බැංකු අතර ගනුදෙනු වන චෙක්පත් නිශ්කාශනය සඳහා පිහිටුවා ඇති ආයතනය මින් හැදින්වේ.මෙහි හිමිකරුවන් වන්නේ මහබැංකුව හා අනෙකුත් වාණිජ බැංකුය.(මෙහි කොටස් ප්‍රාග්ධනයෙන් 52% පෞද්ගලික අංශයේ වාණිජ බංකු සතුය. )ඉතිරිය මහබැංකුව හා අනෙකුත් වාණීජ බැංකු සතුය.

ලංකා ක්ලියර් පෞද්. සමාගමේ නිෂ්කාශන සේවා වනුයේ,
  • චෙක්පත් සහ බැංකු අණකර හුවමාරුව අහස් ශුද්ධ ශේෂය ගණනය කිරීම.
  • එම ශුද්ධ ශේෂය සහ බැංකුවේ හා අනෙකුත් වාණිජ බැංකුවලට දැනුම් දීම.

ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් Lanka Pay නමින් ගණුදෙනු සඳහා පොදු කාඩ් පතක් හඳුන්වා දී තිබේ.

චෙක්පත ලියන දිනයේ සිට මාස 6ක් වලංගුය (දින 30ක් වලංගුය,දින 60ක් වලංගුය යනුවෙන් සඳහන් වී ඇත්නම් වලංගු කාලය එම කාලයයි.)

මතුදාතම චෙක්පත්

එනම් චෙක්පත ලියන දිනය වන විට තවමත් එළඹ නොමැති දිනයක් සඳහන් කරමින් ලියනු ලබන චෙක්පත්ය.

ව්‍යාපාරිකයන් මතුදාතම චෙක්පත් ලිවීමට හේතු වනුයේ,
  • තමා ගිණුමට මුදල් බැර කරන තුරු ගෙවීම් පමා කිරීමට.
  • යම් කොන්දේසියක් ඉටුවන තෙක් ගෙවීම් පමා කිරීමට හැක.

විකල්ප චෙක්පත්

චෙක්පත ඉරීමෙන්,බොඳවීමෙන්,පොඩිවීමෙන් භාවිතා කළ නොහැකි චෙක්පත්ය.

අවලංගු චෙක්පත්

එනම් චෙක්පත බැංකුවට ඉදිරිපත් කර වටිනාකම ලබා ගත් පසු එය අවලංගු චෙක්පතකි.

යල්පැනගිය චෙක්පත්

එනම්,වලංගු කාලය ඉකුත්වී ඇති චෙක්පත් මින් අදහස් වේ.

ගෙවීම් නතර කළ චෙක්පත්

චෙක්පතට ගෙවීම නතර කරන ලෙස අණකරු විසින් බැංකුවට දන්වා ඇති චෙක්පත්ය.

චෙක්පත් වලින් ගෙවීම් කිරීමෙන් ලැබෙන වාසි

  • ගෙවීම් කළ හැකි බව පහසුවෙන් ඔප්පු කිරීමට හැකි වීම.
  • චෙක්පත් වලින් ගෙවීම් කිරීම වඩාත් ආරක්ෂාකාරී වීම.
  • විශාල වටිනාකමකින් යුක්ත ගෙවීම් මුදලින් ගෙවනවාට වඩා චෙක්පත් මගින් ගෙවීම වඩා යෝග්‍ය වීම.
  • ගෙවීම් ප්‍රමාද කිරීමට හෝ අත්හිටුවීමට හැකියාව ලැබීම.
  • මුදල් නොමැතිව වුවද ඉදිරි දාතම චෙක්පත් ලිවීමෙන් ගණුදෙනු කළ හැකිවීම.

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet