ව්‍යාපාර අධ්‍යනය07.04 - ගණුදෙනු කල හැකි ලියවිලි

07.04 – ගණුදෙනු කල හැකි ලියවිලි

ගණුදෙනු කල හැකි ලියවිලි සම්බන්ධ නීතිය වනුයේ 1927 අංක 25 දරන විනිමය පත්‍ර ආඥා පනතයි.

විනිමය පත්‍ර ආඥා පනතේ සදහන් නෛතික තත්ත්වය මත හදුනාගත හැකි ගණුදෙනු කළ හැකි ලියවිලි

  1. චෙක්පත
  2. විනිමය බිල
  3. පොරොන්දු නෝට්ටු
  4. බැංකු අණකර

විනිමය පත්‍ර ආඥා පනතේ සදහන් නොවුනද ප්‍රායෝගිකව භාවිතයත් සමග හදුනාගත හැකි ගණුදෙනු කල හැකි ලියවිලි ඇත

  1. ලාභාංශ බල පත්‍රය
  2. කොටස් බල පත්‍රය
  3. භාණ්ඩාගාර බිල්පත්
  4. වාණිජ පත්‍රිකා
  5. ණයකර
  6. නෞභාර පත

චෙක්පත

ජංගම ගිණුම් හිමියෙකු විසින් එහි සදහන් මුදල සදහන් දිනයක හෝ ඉන් පසුව හෝ ඉල්ලූ විට නම සදහන් පුද්ගලයාට ඔහුගෙ ප්‍රධානියාට හෝ ධාරකයාට ගෙවන ලෙස වාණිජ බැංකුවකට කෙරෙන කොන්දේසි විරහිත ලිඛිත නියෝගය චෙක්පත ලෙස හදුන්වයි.

චෙක්පතට සම්බන්ධ ප්‍රධාන පාර්ශව

  1. අණකරු (Drawer) – චෙක්පත ලියා අත්සන් කරන පුද්ගලයා වාණිජ බැංකුවක වාණිජ ගිණුම් හිමියෙකි
  2. අණලදු (drawee) – ජංගම ගිණුම පවත්වාගෙන යන වාණිජ බැංකුව අණලදු වේ. චෙක් පතේ ඉහල මුදුනේ බැංකුවේ හා ශාඛාවේ නම ඇතුලත් වේ
  3. ආදයකයා (payee) – එනම් චෙක්පතේ මුහුණේ නම සදහන් පුද්ගලයා ආදයකයා වේ.මෙම මුදල ලැබීමට හිමිකම ඇත්තේ ඔහුටයි.

චෙක්පතක මූලික ලක්ෂණ

චුම්බක අක්ෂර හැඳුනුම් තීරුව(MICR තීරුව)

මෙහි කිසිවක් ලියනු නොලැබේ.මෙහි අංක කාණ්ඩ 4ක් තිබේ.

  • චෙක්පත් අංකය
  • බැංකු අංකය හා ශාඛා අංකය
  • ජංගම ගිණුම් අංකය
පිළිපත

මෙය චෙක්පොතේ ඉතිරිවන කොටසයි.මෙහි චෙක්පත පිළිබඳ විස්තර සටහන් කරගනු ලැබේ

චෙක්පත් ප්‍රධාන වර්ග දෙකකි

  1. ධාරක / භාරක චෙක්පත්
  2. විධාන/ඇණවුම් /නියෝග චෙක්පත්

ධාරක චෙක්පත් 

  • චෙක්පත දරන්නාට අයිතිය හිමිවිය හුදු භාරදීමෙන් පැවතිය හැකි චෙක්පත් ධාරක චෙක්පත් නම් වේ. මෙහි “හෝ රැගෙන එන්නාට” යන පදය ඉරකින් කපා නැත.එසේම මෙම චෙක්පත් හුදු බාරදීමෙන් පැවරිය හැකිය.
  • ධාරක චෙක්පත් බොහෝ දුරට මුදල් නෝට්ටුවකින් කරන ගණුදෙනු වලට සමාන වේ.
ධාරක චෙක්පත හඳුනා ගැනීම :

මෙම චෙක්පත්වල ආදායකයාගේ නම වෙනුවට මුදල් යන නම යොදා ඇත. ආදායකයාගේ නම ලියා හෝ “රැගෙන එන්නාට” යන පදය කපා නැත.

අවසාන පිටසන හිස් පිටසනකින් යුත් විධාන චෙක්පත්ද ධාරක චෙක්පත්ද වේ.

විධාන චෙක්පත් 

එනම් කිසියම් පුද්ගලයෙකු හෝ ඔහුගේ විධානයට මුදල් ගෙවන ලෙස සඳහන් චෙක්පත් විධාන චෙක්පත් ලෙස හඳුන්වයි.

  • විධාන චෙක්පතේ අනිවාර්යයෙන්ම නමක් ලියා තිබිය යුතුය.එසේම මෙය වෙන කෙනෙකුට පවරන්නේ නම් පිටසන් කිරීම අනිවාර්ය වේ.ඒ අනුව ධාරක චෙක්පතට වඩා විධාන චෙක්පත ආරක්ෂිත
  • විධාන චෙක්පත්වල නමකට ලියා “හෝ රැගෙන එනාට” යන පදය ඉරකින් කපනු ලැබේ.
  • විධාන චෙක්පත් වල නමකට ලියා “හෝ විධානයට” යන වචනය ඇත්නම් එය කපා නැත
විධාන චෙක්පතක් ධාරක චෙක්පතට වඩා ආරක්ෂාකාරී යැයි සැලකෙන්නේ ඇයි?

ධාරණ චෙක්පත රැගෙන එන ඕනෑම අයෙකුට මුදල් ලබාගත හැකිය.නමුත් විධාන චෙක්පත මුදල් ලබා ගත හැක්කේ එහි නම සඳහන් පුද්ගලයාටය. එම නිසා ආරක්ෂිත බව වැඩිය.එසේම විධාන චෙක්පත පැවරීමේදී පිටසන් කළ යුතුය.එම නිසා ආරක්ෂිත බව වැඩිය.

චෙක්පතක් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  • ලිවීමේදී නොමැකෙන තීන්ත වර්ගයක් භාවිතා කළ යුතුය.
  • පිළිපතේ අදාළ විස්තර සටහන් කරගත යුතුය.
  • චෙක්පත ලිවීමේදී වැරැද්දක් සිදු වුවහොත් තනි ඉරකින් කපා නිවැරදි කර අණකරුගේ සම්පූර්ණ අත්සන යෙදිය යුතුය.
  • එකම භාෂා මාධ්‍යයක් භාවිතා කළ යුතුය.
  • අත්සන නිවැරදිව තැබිය යුතුය.
  • දිනය නිවැරදිව යෙදිය යුතුය.
  • ආරක්ෂාවක් අවශ්‍ය නම් රේඛනයක් කළ යුතුය.
  • හිස් චෙක්පත් අත්සන් නොයෙදිය යුතුය.
  • අකුරෙන් හා ඉලක්කමෙන් වටිනාකම නිවැරදිව ලිවිය යුතුය.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom