ව්‍යාපාර අධ්‍යනය07.03 - ශ්‍රී ලංකා මහ බැංකුව

07.03 – ශ්‍රී ලංකා මහ බැංකුව

 

ශ්‍රී ලංකා මහ බැංකුව

  • 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ 1950.08.28 දින ආරම්භ විය.
  • මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන කේන්ද්‍රීය ආයතනයයි.
  • සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මුදල් මණ්ඩලයක් පවතී.(මහ බැංකු අධිපති, මුදල් විෂය භාර අමාත්‍යංශ ලේකම් හා තවත් සාමාජිකයන් 3කි)

ප්‍රධාන අරමුණු 02කි.

  1. ආර්ථික හා මිල ස්ථායිතාව පවත්වා ගෙන යාම
  2. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම

දේශීය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම හෙවත් සුරක්ෂිත කිරීම මිල ස්ථායිතාව වේ.

ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව නම් වේ.

මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන්

  • මුදල් ප්‍රතිපත්තීන් මෙහෙයවීම.
  • විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙයවීම.
  • නිල විදේශ සංචිත කළමනාකරණය.
  • ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම.
  • බැංකු හා බැංකු නොවන ආයතන වල අධීක්ෂක ලෙස කටයුතු සිදු කිරීම.
  • රජයේ ආර්ථික උපදේශක, බැංකුකරු හා මූල්‍ය නියෝජිතයා ලෙස කටයුතු කිරීම

මහ බැංකුවේ නියෝජ්‍යායතන කාර්යන්

  • රාජ්‍ය ණය කළමනාකරණය
  • විදේශ විනිමය පාලනය
  • සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය

ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය – ස්ලිප්ස් (SLIPS)

පරිගණක භාවිතා කරමින් බැංකු අතර සිදුවන ගනුදෙනු කියවීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රමයයි.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන ගිය මෙම පද්ධතිය පසුකාලීනව ලංකා ක්ලියර් (පෞද්) සමාගමට පවරා දෙන ලදී.

ලංකා ක්ලියර් සමාගම ඉටු කරන නිරීක්ෂණ සේවා

  1. චෙක්පත් හා අන්තර් හුවමාරුව හා ශුද්ධ ශේෂය ගණනය කිරීම.
  2. එම ශුද්ධ ශේෂය මහ බැංකුව හා අනෙකුත් වාණිජ බැංකු වෙත දැනුම් දීම.

ලංකා ක්ලියර් සමාගම “ලංකාපේ” නමින් ගණුදෙනු සඳහා පොදු කාඩ්පත් හඳුන්වා දී ඇත.

ජගත් අන්තර්බැංකු මූල්‍ය විද්‍යුත් සන්නිවේදන ජාලය (SWIFT)

නවීන තාක්ෂණය මත පදනම් වූ ලොව පුරා මූල්‍ය වෙළඳපොළවල් ආවරණය කෙරෙන සන්නිවේදන ජාලයයි.මෙමගින් ජාත්‍යන්තර වශයෙන් සිදුවන මුදල් ජාවාරම් පිළිබඳව කටයුතු කරයි.

තත්කාලීන දළ පියවීම් පද්ධතිය (RIGS)

ශ්‍රී ලංකාවේ බැංකු අතර වටිනාකම් අධික ගෙවීම් කාල සීමාවකින් තොරව උසස් තාක්ෂණය හා ප්‍රමිතීන් යොදා ගනිමින් පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවුම් පද්ධතියයි. මෙය රට තුල ඇති එකම විශාලම වටිනාකම් සහිත ජාතික ගෙවීම් පද්ධතිය යි.

ලේඛන රහිත සුරැකුම්පත් තැන්පතු පද්ධතිය (SSDS)

මුද්‍රණය කරන ලද සුරැකුම්පත් සහතික භාවිතය වෙනුවට සුරැකුම්පත් මිල දී ගැනීමට හෝ විකිණීමට අදාල ගණුදෙනුවක් කිරීම සඳහා ලේඛන රහිතව භාවිතා වන ක්‍රමයයි. ලංකා සෙක්‍යු (Secure) ලෙසද හඳුන්වයි.

RIGS+SSDS – Lanka settle system

ඉහත පද්ධති 2කම එනම්, තත්කාලීන දළ පියවීමේ පද්ධතිය හා ලේඛන රහිත සුරැකුම්පත් තැන්පතු පද්ධතිය එකට ගත් විට ලංකා සෙට්ල් පද්ධතිය ලෙස හඳුන්වයි.

වාණිජ බැංකු

ජංගම ගිණුම් ඇතුළු අනෙකුත් තැන්පතු ගිණුම් පවත්වා ගෙන යාම හා මුදල් මැවීමට හැකියාව ඇති මූල්‍ය ආයතන විශේෂයයි.මින් බහුතරයක් පෞද්ගලික අංශයටත් කිහිපයක් රාජ්‍ය අංශයටත් අයත් වේ.

වාණිජ බැංකු සපයන ප්‍රධාන සේවා

  1. තැන්පතු ආශ්‍රිත සේවා
  2. ණය ආශ්‍රිත සේවා

තැන්පතු ආශ්‍රිත සේවා

  1. ජංගම ගිණුම්

චෙක්පත් මගින් ගණුදෙනු කිරීමේ පහසුකම් සපයන, ශේෂය මත පොලී හිමි නොවන ගිණුම් වර්ගයක්.අයිරා පහසුකම් හිමි වේ.

ජංගම ගිණුම් පවත්වාගෙන යාමේ වාසි :

  • චෙක්පත් මගින් ගණුදෙනු කළ හැක
  • ප්‍රේෂණ පහසුකම්
  • නිත්‍ය නියෝග මත ගෙවීම් කිරීමට හැකි වීම
  • අයිරා පහසුකම්
  • ගිණුම් ප්‍රකාශ ලබා ගත හැකි වීම
2. ඉතිරි කිරීමේ තැන්පතු

මෙම ගිණුම් වර්ගයට පොලී හිමි වේ.අවශ්‍ය වෙලාවට මුදල් ලබා ගැනීමට හා තැන්පත් කිරීමට හැකි ටෙලර් මගින් ගණුදෙනු කළ හැක.

3. ස්ථාවර තැන්පතු

නිශ්චිත කාලයකට, නිශ්චිත මුදලක්,නිශ්චිත පොලියකට තැන්පත් කරයි. ඉතිරි කිරීමේ තැන්පතු වලට සාපේක්ෂව ඉහල පොලියක් ලැබේ.

ණය ආශ්‍රිත සේවා

  1. අයිරා පහසුකම්
  2. ණය
  • ව්‍යාපාරික ණය
  • පාරිභෝගික ණය

බැංකු අයිරා පහසුකම්.

ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීමට ඇති හැකියාවයි.මෙය කොටස් 02 කි.

  1. ස්ථාවර අයිරා පහසුකම්

අඛණ්ඩව කිසියම් අයිරා පහසුකමක් ලබා දීමයි.මේ සඳහා වත්කම් ඇප තැබීම අවශ්‍ය වේ.

2.තාවකාලික අයිරා පහසුකම්

ස්ථාවර අයිරාවක් නොමැතිව ශේෂයට වඩා චෙක්පත් නිකුත් වී ඇති විට බැංකුව ඒ සඳහා මුදල් ගෙවීමයි.

බැංකු ණය

කිසියම් පොලී ප්‍රතිශතයක් යටතේ ලබා ගන්නා ණය මුදල හා ඊට අදාල පොලිය ආපසු ගෙවීමට යටපත්ව ගිවිසගත් කොන්දේසී වලට යටපත්ව බැංකුවක් ලබා දෙන මුදලකි.මෙය කොටස් 02කි.

  1. ව්‍යාපාරික ණය

පුද්ගලයකුට හෝ ආයතනයකට තම ව්‍යාපාරික කටයුතු සඳහා කෙටි කාලිනව,මධ්‍ය කාලීනව හා දිගු කාලීනව අවශ්‍ය මූල්‍ය සැපයීමයි

2. පාරිභෝගික ණය

වත්කම් මිලදී ගැනීමට , හදිසි ආපදාවකදී පිරිමසා ගැනීමට පාරිභෝගීකයට ලබා දෙන මූල්‍ය වේ.

වාණිජ බැංකු ඉටුකරන නියෝජිත සේවා

  1. සුරැකුම්පත් මිලට ගැනීම හා විකිණීම
  2. ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම
  3. විදුලි බිල්, ජල බිල් ගෙවීම
  4. කල්බදු සේවා
  5. විද්‍යුත් බැංකු සේවා

                      Home Banking

                       Tele Banking

6. උකස් සේවා

ස්වර්ණාභරණ ඇපයට ගෙන හදිසි මුදල් අවශ්‍යතා සඳහා ණය ලබා දීම

7. සුරක්ෂිතාගාර පහසුකම්

රන්,රිදී,මුතු මැණික් වැනි භාණ්ඩ හා ඔප්පු වැනි වැදගත් ලියකියවිලි ආරක්ෂා කර දීම

8. විදේශ විනිමය මිලට ගැනීම හා විකිණීම

9. ණයපත් සේවා(Visa, Master, American express)

10. මුදල් ප්‍රේෂණ කටයුතු

ගිණුම් හිමියට ලැබීමට ඇති මුදල් ඔහු වෙනුවෙන් එක්රැස් කිරීම

11. සංචාරක චෙක්පත් නිකුත් කිරීම

12. ස්වයංක්‍රීය බැංකු සේවා

ස්වයංක්‍රීය බැංකු සේවා වල වාසි (ගණුදෙනුකරුවන්ට)

  • ටෙලර් කාඩ්පත් මගින් මුදල් ආපසු ගැනීම
  • ගිණුමට මුදල් තැන්පත් කිරීමට
  • ගිණුම් අතර මුදල් මාරු කිරීමට
  • ගිණුමේ ශේෂය දැන ගැනීමට
  • බිල්පත් ගෙවීම් කටයුතු

ස්වයංක්‍රීය බැංකු සේවා වල වාසි (බැංකුවට)

  • පිරිවැය අඩු වීම
  • තද බදය අඩු වීම
  • නිරවද්‍යතාව ඉහල වීම
  • ලාභදායීත්වය ඉහල යාම

13. ණයවර ලිපි නිකුත් කිරීම

14. වෙනත් සේවා

  • රක්ෂණ සේවා
  • වෛද්‍ය සේවා
  • ජනාකීර්ණ ස්ථාන වල ATM යන්ත්‍ර ස්ථාපිත කිරීම.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom