ව්‍යාපාර අධ්‍යනය08.01 - රක්ෂණය හැදින්වීම

08.01 – රක්ෂණය හැදින්වීම

පාඩමේ සටහන Download කරගන්න.

රක්ෂණය හැදින්වීම

රක්ෂිතයා විසින් වාරික ගෙවීමටත් රක්ෂිත උපද්‍රව හේතුවෙන් රක්ෂිතයාට සිදු විය හැදෑ අලාභ සඳහා රක්ෂකයා විසින් වන්දි ගෙවීමටත් රක්ෂිතයෙකු හා රක්ෂකයෙකු අතර ඇති කර ගන්නා එකගතාව රක්ෂණය ලෙස හැඳින්වේ. (වරින් වර හෝ එකවර කරන ගෙවීමක් සලකා යම් පාර්ශ්වයකට විය හැකි හානියක් හෝ අලාභයක් හෝ වෙනුවෙන් වන්දි ගෙවීමට රක්ෂකයකු සමග ඇති කර ගන්නා එකගතාවයක් රක්ෂණය ලෙස හැඳින්විය හැකි ය.)

අවදානම (Risk)

මූල්‍යමය වශයෙන් ඇස්තමේන්තු කළ හැකි හානියක් සිදු වීමට ඇති ඉඩකඩ රක්ෂණයේ දී අවදානම ලෙස හඳුන්වයි.

උපද්‍රවය (Cause)

උපද්‍රවය යනු අලාභය ඇති හේතුවයි.

අලාභ (Loss)

අලාභ යනු හානි මුදලින් තක්සේරු කිරීමකි.

හානි (Damage)

හානිය යනු උපද්‍රවයක් හේතු කොටගෙන රක්ෂිත විෂය වස්තුවකට සිදු වන පලුදු වීමයි.

රක්ෂණය කළ හැකි අවදානම් වල තිබිය යුතු ලක්ෂණ

  • අවදානම පුරෝකථනය කළ හැකි වීම.
  • අනාගතයේ දී සිදු විය හැකි අවදානම මූල්‍යමය වශයෙන් තක්සේරු කළ හැකි විය යුතුය.
  • අවදානම අනියත වීම.
  • හානිය සිදු විය යුත්තේ අහඹු ලෙස මිස නියතයකින් නොවිය යුතු බව,
  • සම්බන්ධතාවයෙන් තොර වීම.
  • සිදු වූ අලාභය වෙනත් රක්ෂිත අලාභ හා සම්බන්ධ නොවී ස්වාධීන විය යුතු වීම.
  • අවදානම සත්‍යාපනය කළ හැකි වීම.
  • අලාභය සිදු වීමට හේතුව, ස්ථානය, වේලාව හා ප්‍රමාණය ආදිය විශ්ලේෂණය කළ හැකි විය යුතු ය.

රක්ෂණය කළ හැකි අවදානම් හා රක්ෂණය කළ නොහැකි අවදානම්

  1. රක්ෂණය කළ හැකි අවදානම්
  • ගොඩනැගිලි සම්බන්ධයෙන් ගිනි අවදානම
  • රථවාහන අනතුරු අවදානම
  • මාර්ගස්ථ මුදල් හා මාර්ගස්ථ භාණ්ඩවලට සිදු වන හානි
  • ණයගැතියන්ගෙන් ලැබිය යුතු මුදල් නොලැබීමේ අවදානම
  • පුද්ගලයෙකුට තම ජීවිතය පිළිබඳ ව අවදානම.
  1. රක්ෂණය කළ නොහැකි අවදානම්
  • පුද්ගල හැකියා හා ශක්තීන් මත තීරණය වන අවදානම්. (විභාග අසමත්වීම, ආදරය අහිමි වීම වැනි)
  • ක්ෂය වීම්, යල්පැනීම්, වාෂ්ප වීම් වැනි හේතූන් නිසා ඇති වන අවදානම්
  • මෝස්තර වෙනස් වීම නිසා සිදු වන අවදානම්

රක්ෂණයෙන් ව්‍යාපාරවලට අත්වන ප්‍රතිලාභ

  • විවිධ වූ ව්‍යාපාරික අවදානම් ආවරණය කර ගත හැකි වීම.
  • ව්‍යාපාර සඳහා ආරක්ෂාවක් සැලසෙන බැවින් ආයෝජනය පුළුල් වීම.
  • ව්‍යාපාර කටයුතු අඛණ්ඩ ව පවත්වා ගෙන යාමට සහය වීම.

රක්ෂණ ගිවිසුම(Insurance Agreement)

රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයකු ඉදිරිපත් කරන රක්ෂණ යෝජනා පත්‍රයක්, රක්ෂණ ආයතනය විසින් පිළිගැනීමෙන් පසු එම දෙපාර්ශ්වය අතර ඇති කර ගන්නා ලිඛිත එකගතාව රක්ෂණ ගිවිසුම ලෙස හඳුන්වයි.

රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ පාර්ශ්ව

1. රක්ෂිතයා (පළමු පක්ෂය) – (Insured)

රක්ෂණ යෝජනාව ඉදිරිපත් කර රක්ෂණ ආවරණය සලසා ගන්නා පාර්ශ්වය මින් අදහස් කෙරේ.

2. රක්ෂකයා (දෙවන පක්ෂය) – (Insurer)

රක්ෂණ යෝජනාව පිළිගන්නා පාර්ශ්වය එනම් රක්ෂණ ආවරණය සලස්වන ආයතනය රක්ෂකයා වේ.

3. තෙවන පක්ෂය – (Third Party)

ගිවිසුමේ ක්‍රියාකාරිත්වය තුළින් ඇති වන බාහිර පක්ෂ පිළිබඳ සම්බන්ධතාව තෙවන පක්ෂය ලෙස හඳුන්වයි. රක්ෂණ ගිවිසුමේ ප්‍රධාන පාර්ශ්ව දෙකට පරිබාහිර ව හිමිකම් පෑ හැකි වෙනත් දේපළ හා ජීවිත මීට අයත් වේ.

රක්ෂණ ගිවිසුමක් වලංගු වීම සඳහා පැවතිය යුතු මූලිකාංග

  • නෛතික බැඳීමක් ඇති කර ගැනීමේ අදහස
  • අර්පනය/ යෝජනාව
  • ප්‍රතිග්‍රහණය /පිළිගැනීම
  • ඒ ඒ පාර්ශ්වයන්ට නෛතික බැඳීමක් ඇති කර ගැනීමට ඇති හැකියාව
  • නෛතික බව (නීතියට එකග බව)

රක්ෂණ ඔප්පුව (Insurance Policy)

කිසියම් ජීවිතයකට හෝ දේපළකට අදාළ ව රක්ෂණ ගිවිසුමක් ඇති වූ පසු ව ඒ සම්බන්ධයෙන් රක්ෂකයා විසින් රක්ෂිතයාට දෙනු ලබන සහතිකය රක්ෂණ ඔප්පුව වේ.

රක්ෂණ මූලධර්ම (Principals of Insurance)

  1. රක්ෂ්‍ය හිමිකම
  2. උපරිම විශ්වාසය
  3. හානි පූර්ණය
  4. ආදේශනය
  5. දායකත්වය දායකය
  6. ආසන්නම හේතුව

රක්ෂණ මූලධර්ම හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණු

  • රක්ෂණ ව්‍යාපාරයේ විශ්වාසවන්තභාවය ආරක්ෂා කිරීම.
  • රක්ෂණයෙන් අයුතු ලාභ ලැබීම වැළැක්වීම.
  • නීතිමය වශයෙන් සාධාරණ වීම,

රක්ෂ්‍ය හිමිකම/ රක්ෂණීය අයිතිය (Insurable Interest)

යම් විෂය වස්තුවක් පැවතීමෙන් ආර්ථිකම ය වාසියකුත් එය අහිමි වීමෙන් ආර්ථිකමය අවාසියකුත් ඇති වන ඕනෑම දෙයක් සම්බන්ධ ව ඇති හිමිකම රක්ෂ්‍ය හිමිකම වේ. රක්ෂිතයා හා විෂය වස්තුව අතර සම්බන්ධය නීතිමය වශයෙන් ඔප්පු කළ හැකි විය යුතු ය.

නිදසුන් :-

    • සවාමිපුරුෂයාගේ ජීවිතය පිළිබඳ ව භාර්යාවටත්, භාර්යාවගේ ජීවිතය පිළිබඳ ව ස්වාමිපුරුෂයාටත් රක්ෂ්‍ය හිමිකමක් ඇත.
    • ණයහිමියෙකුට ණයගැතියෙකුගේ ජීවිතය තම ණය ප්‍රමාණය දක්වා රක්ෂ්‍ය හිමිකම ඇත.
    • භාණ්ඩ උකස් ගන්නන්ට තමන් උකස් ගත් භාණ්ඩ පිළිබඳ ව රක්ෂ්‍ය හිමිකමක් ඇත.
    • ගොඩනැගිල්ලක් පිළිබඳ එහි නිත්‍යානුකූල අයිතිකරුට හා ගිවිසුමක් මත කුලියට හෝ බද්දට ගත් අයෙකුට රක්ෂ්‍ය හිමිකමක් ඇත.
    • නැව්ගත කළ භාණ්ඩ තොගයක් පිළිබඳ ව අපනයනකරුට, ආනයන කරුට හෝ නැව් සමාගමට රක්ෂ්‍ය හිමිකමක් ඇත.

විවිධ රක්ෂණයන්හි දී රක්ෂ්‍ය හිමිකම ඔප්පු කළ යුතු අවස්ථාව

    • ජීවිත රක්ෂණය – රක්ෂණ ගිවිසුමට එළඹෙන අවස්ථාවේ දී
    • සමුද්‍රීය රක්ෂණය – හිමිකම් පාන අවස්ථාවේ දී
    • සෙසු රක්ෂණ – ආරම්භයේ දී මෙන් ම හිමිකම් පාන අවස්ථාවේ දී

උපරිම විශ්වාසය/ උපරිම සද්භාවය (Utmost Good Faith)

රක්ෂණය කරනු ලබන විෂය වස්තුව සම්බන්ධයෙන් රක්ෂකයා සහ රක්ෂිතයා විසින් හෙළිදරව් කළ යුතු රක්ෂණ ගිවිසුමට අදාළ සියලු තොරතුරු සද්භාවයෙන් යුතු ව හෙළිදරව් කිරීම උපරිම විශ්වාසය වේ.

උපරිම විශ්වාසය කඩවන අවස්ථා

    • අනාවරණය නොකිරීම.
    • වසන් කිරීම.
    • වංචනික දුර්නිරූපණය
    • අහිංසක දුර්නිරූපණය

හානිපූර්ණය – (Indemnity)

යම් රක්ෂිත විෂය වස්තුවකට හානියක් වූ විට යථා තත්ත්වයට පත් කර ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් පමණක් ගෙවීම හානි පූර්ණය ලෙස හඳුන්වයි. මෙය ජීවිත හා පුද්ගල අහඹු රක්ෂණයට අදාළ නොවේ.

” මුල්‍යමය වශයෙන් රක්ෂිතයා අලාභයට පෙර සිටි තත්ත්වයට යලි පත් කිරීම හානිපූර්ණය වේ.”

රක්ෂණය සම්බන්ධයෙන් හානිපූර්ණය මූලධර්මය වැදගත් වන අන්දම

    • රක්ෂණයෙන් ලාභ ලැබීම වළක්වන අතර එය සුදුවකින් වෙන් කරයි.
    • රක්ෂිතයා හිතා මතා රක්ෂිත දේපළ විනාශ කිරීමට යොමු වීම වළක්වයි.
    • රක්ෂණ අරමුදල හීන වී යාම වළක්වයි.

ඌණ රක්ෂණය – (Under Insurance)

ඌණ රක්ෂණය යනු යම් දේපළක් රක්ෂණය කරන දිනට පැවති වෙළෙඳපොළ අගයට වඩා අඩු අගයකට රක්ෂණය කිරීමයි.

අධි රක්ෂණය (Over Insurance)

යම් දේපළක් රක්ෂණය කරන දිනට පැවති වෙළෙඳ පොළ අගයට වඩා වැඩි අගයකට රක්ෂණය කිරීම අධි රක්ෂණය වේ.

හානිපූර්ණය මුලධර්මය ඌණ රක්ෂණයේ දී බලපාන ආකාරය

ඌණ රක්ෂණයක් සිදු කර ඇති විට සිදු වූ අලාභයම වන්දි වශයෙන් හිමි නොවන අතර වන්දි ලැබෙනුයේ පහත පරිදි ගණනය කිරීමෙන්ය.

වන්දිය=(රක්ෂිත වටිනාකම/වෙළෙඳපොළ වටිනාකම)× අලාභය

නිදසුන 1

රුපියල් 500,000ක් වටිනා යතුරු පැදියක් රුපියල් 400,000ට රක්ෂණය කර ඇත. එම යතුරු පැදියට හදිසි අනතුරක් හේතුවෙන් රුපියල් 50,000ක හානියක් සිදු වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එහිදී හිමි වන වදිය වන්නේ,

(400 000/500 000) ×50 000= 400 000

හානිපූර්ණය මූලධර්මය අධි රක්ෂණයේ දී බලපාන ආකාරය

මෙහි දී අර්ධ අලාභයක් වූ විට එම අලාභයේ ප්‍රමාණයට වන්දි ගෙවන අතර පූර්ණ අලාභයක දී රක්ෂිත මුදල නොඉක්මවන පරිදි වෙළෙඳ පොළ අගය ද වන්දි වශයෙන් ගෙවනු ලබයි.

දායකත්වය/ දායකය (Contribution)

යම් දේපළක් රක්ෂණ ආයතන කිහිපයක රක්ෂණය කර ඇති විටක එම දේපළට යම් හානියක් සිදු වූ විටක ඒ සඳහා සියලු ම රක්ෂණ ආයතන අනුපාතිකව දායක වී වන්දි ගෙවීම දායකත්වය ලෙස හඳුන්වයි. මෙය ද හානිපූර්ණයේ සමගාමී වූ මූලධර්මයක් බැවින් ජීවිත හා පුද්ගල අහඹු රක්ෂණයට අදාළ නොවේ.

නිදසුන්:

රුපියල් 10,000,000ක දේපළක් A, B හා C යන රක්ෂණ ආයතන තුනක රක්ෂණය කර ඇතැයි සිතන්න. එම දේපළට රුපියල් 2,000,000ක හානියක් සිදු වී ඇත. ඒ ඒ රක්ෂකයන්ගෙන් ලබා ගෙන තිබූ රක්ෂණ ඔප්පුවල වටිනාකම පහත වේ.

A -රු. 6,000,000

B – රු. 4,500,000

C-රු.4,500,000

අනුව එක් එක් රක්ෂණ ආයතන මගින් රක්ෂිතයාට ගෙවනු ලබන වන්දි මුදල වන්නේ.

වන්දිය=(එක් රක්ෂකයෙකුගේ ඔප්පුවේ වටිනාකම /සියලු රක්ෂකයන්ගේ ඔප්පුවල වටිනාකම) x අලාභය

A ගෙන් හිමිවන වන්දිය= (6,000,000/15,000,000) × 2,000,000 = රු.800,000

B ගෙන් හිමි වන වන්දිය = (4,500,000/15,000,000) × 2,000,000 = රු.600,000

C ගෙන් හිමි වන වන්දිය = (4,500,000 /15,000,000) × 2,000,000 = රු.600,000

ආදේශනය (Subrogation)

රක්ෂිත දේපළකට සිදු වූ හානියක දී රක්ෂණ ආයතනය වන්දි ගෙවීමෙන් පසු ව බාහිර පාර්ශ්වයන්ගෙන් රක්ෂිතයාට ලබා ගත හැකි වෙනත් වාසි හා අයිතීන් රක්ෂකයා පවරා ගැනීම ආදේශන මූලධර්මයයි.

මෙය ද හානි පූර්ණයේ සමගාමී මූල ධර්මයක් වන අතර ජීවිත හා පුද්ගල අහඹු රක්ෂණයට අදාළ නොවේ.

නිදසුන :

රුපියල් ලක්ෂ 150 කට රක්ෂණය කළ මෝටර් රථයකට සිදු වූ අනතුරකින් එම රථය මුළුමනින් ම විනාශ වූයේ නම්, රක්ෂණ ආයතනය ඊට අදාළ වන්දිය ගෙවූ පසු මෝටර් රථයේ සුන්බුන් වටිනාකම පවරා ගනී.

ආදේශන ලිපිය

රක්ෂකයෙකු නිකුත් කළ රක්ෂණ ඔප්පුවක් යටතේ යම් දේපළකට හානියක් වූ විට ඒ සඳහා වන්දි ගෙවීමෙන් පසු එම හානිය සඳහා රක්ෂිතයාට අන් සියලු ම මාර්ගවලින් වන්දි ලබා ගැනීමට ඇති අයිතිය රක්ෂකයාට පවරා දීමට රක්ෂිතයා ලබා දෙන ලිපිය ආදේශන ලිපියයි.

ආසන්නතම හේතුව.(Proximate Count)

රක්ෂිත විෂය වස්තුවකට සිදු වූ හානියක දී එම හානිය සිදු වීමට හේතු කිහිපයක් බවට ඇති විටෙක හානිය සිදු වීමට බලපෑ ආසන්න ම හේතුව රක්ෂණ ඔප්පුවෙන් අවරණය ඇත්නම් පමණක් වන්දි වන බව මින් අදහස් කෙරේ.

ඒ අනුව රක්ෂණ ආවරණයෙන් බැහැර වූ උපද්‍රවයක් නිසා සිදු වූ ආසියක දී වශ ගෙවීමක් සිදු නොකරයි.

නිදසුන් :

සොරබිය රක්ෂණ ඔප්පුවක් පමණක් හිමි පුද්ගලයෙකුගේ ව්‍යාපාරික ස්ථානයට ගින්නෙන් හානියක් සිදු වුවහොත් වන්දි ලබා ගත නොහැකි ය. එම හානිය සිදු වීල බලපෑ හේතුව වූ ගින්න, සොරබිය රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වී නොතිබීම ව නොගෙවීමට හේතුවයි.

 
 
 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom