11.01- වෙළදාම

ගැනුම්කරුවෙකු හා විකුණුමකරුවෙකු අතර කිසියම් ප්‍රතිෂ්ඨාවකට නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල අයිතිය හුවමාරු වීමේ ක්‍රියාවලිය වෙළෙදාම වේ.

වෙළෙදාම වර්ග කරන ආකාර

දේශීය වෙළෙදාම යනු යම් රටක දේශ සීමාව තුළ සිදුවන වෙළෙදාම වේ.

විදේශ වෙළෙදාම යනු යම් රටක් වෙනත් රටක් හෝ රටවල් කිහිපයක් සමග සිදුකරන වෙළෙදාමයි.

පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ මාර්ග

  1. නිෂ්පාදකයා පාරිභෝගිකයා
  2. නිෂ්පාදකයා සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයා
  3. නිෂ්පාදකයා තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයා
  4. නිෂ්පාදකයා නියෝජිතයා තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයා

ඉහත අංක 1 න් දක්වා ඇත්‌තේ ඍජු වෙළෙදාමයි.

අතරමැදියන්

නිෂ්පාදිත බෙදාහැරීමේ මාර්ගයේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සිටින බෙදාහැරීමේ කාර්යයට සම්බන්ධ වන පාර්ශවය වේ.

  1. තොග වෙළෙන්දා
  2. සිල්ලර වෙළෙන්දා
  3. නියෝජිතයා

තොග වෙළෙන්දා – නැවත විකිණීම සදහා නිෂ්පාදිත අලෙවිකරන්නන්.

සිල්ලර වෙළෙන්දා – අවසාන පරිභෝජනය සදහා භාණ්ඩ හා සේවාවන් අලෙවිකරන්නන්.

නියෝජිතයා – කිසියම් ප්‍රධානියෙකුගේ බලය පිට යම් කාර්යයක නිරතවන්නන්.

නියෝජිතයන්

  1. කොමිස් නියෝජිතයා

ප්‍රධනියාට වාසිදායක ලෙස තම අභිමතය පරිදි ප්‍රධනියා වෙනුවෙන් භාණ්ඩ මිලටගැනීම හා විකිණීම සිදුකරයි. ඒ් මත කොමිස් මුදලක් ලබාගනී.

2. තැරැව්කරු

ගනුදෙනුවට අදාළ ගැනුම්කරු හා විකුණුම්කරු සම්මුඛ කරමින් තොරතුරු ලබාදෙයි.එක්පාර්ශ්වයකින් හෝ ඇතැම්විට දෙපාර්ශවයෙන්ම තැරැව්ගාස්තු අයකරයි.

3. සාධ්‍යකයා

ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ හා සේවා තම පුද්ගලික නමින්ම සිදුකරන්නා.

4. කැපකරු නියෝජිතයා

ප්‍රධානියා වෙනුවෙන් ණයට භාණ්ඩ විකිණීම සිදුකර එම ණය මුදල් එකතුකර ගැනීමටද කැප වී කටයුතු කරයි.සාමාන්‍ය කොමිස් මුදලට අමතරව කැපකරු කොමිස් මුදලක්ද හිමිවේ.

5. වෙන්දේසිකරු

විකුණනුලබන භාණ්ඩ විවෘතව හා වාචිකව ඉහළ මිල ගණන් ඉදිරිපත්කළ ගැනුම්කරුවන්ට ප්‍රධානියාගේ භාණ්ඩ අලෙවිකරමින් එම කටයුතු සම්බන්ධීකරණ පාර්ශවය වේ. මේ සදහා ඔහුට වෙන්දේසි ගාස්තු හිමිවේ.

අතරමැදියන් යොදාගැනීමේ වාසි

  • විවිධ නිෂ්පාදකයින්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගෙන අවශ්‍ය වේලාවට පහසු ස්ථානයකදී පාරිභෝගිකයාට ලබාදීම.
  • නව භාණ්ඩ හා සේවා හදුන්වා දීමට පහසුය.
  • වෙළෙදපොල තොරතුරු අදාල පාර්ශ්වයන්ගෙන් පහසුවෙන් ලබාගත හැකිය.
  • හුවමාරු ක්‍රියාවලිය සරලවීම.

අතරමැදියන් යොදාගැනීමේ අවාසි

  • වෙළෙදපොල අනවශ්‍ය භාණ්ඩ හිගයක් ඇතිවිය හැකිවීම.
  • වෙළෙදපොල මිල ගණන් ඉහළ යා හැකිවීම.

සිල්ලර වෙළෙදාම

අවසාන පාරිභොගිකයාට භාණ්ඩ විකිණීමයි.එලෙස විකුනන්නා සිල්ලර වෙළෙන්දා වේ.

සිල්ලර වෙළදාමේ ලක්ෂණ
  • අවසාන පරිභෝජනය සදහා භාණ්ඩ හා සේවා අලෙවිකිරීම.
  • බොහෝවිට ණය පදනම මත අලෙවිය
  • පාරිභෝගිකයා සමග සමීප සම්බන්ධතා.
සිල්ලර වෙළෙදුන් ඉටුකරන සේවා
  1. නිෂ්පාදකයාට
  • නව නිෂ්පාදිත පාරිභෝගිකයාට හදුන්වාදීම.
  • ප්‍රවර්ධනයට සහයවීම.( පෝස්ටර් ප්‍රදර්ශනය , සාම්පල් බෙදාදීම)

2. තොග වෙළෙන්දාට

  • රැස් කරගත් භාණ්ඩ පාරිභෝගිකයා වෙත බෙදාදීම.
  • වෙළෙදපොල පිලිබද තොරතුරු සැපයීම.
  • තොග වෙළෙද කටයුතු ප්‍රවර්ධනයට දායක වීම.

3. පාරිභෝගිකයාට

  • අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට සැපයීම.
  • ණය පදනම මත භාණ්ඩ සැපයීම.
  • පාරිභෝගික අවශ්‍යතා අනුව භාණ්ඩ සැපයීම.

සිල්ලර වෙළදාමේ ප්‍රවනතා

  • සුපිරි වෙළෙදසැල් රටපුරා විවෘත වීම. ( food city , keels super)
  • නව තාක්ෂණය භාවිතා කිරීම. ( තීරු සංකේත ක්‍රමය , විද්‍යුත් කිරුම් මිනුම් ක්‍රම , CCTV නිරීක්ෂණ ක්‍රම)
  • විවෘතව තබන කාලසීමාව දීර්ඝ කිරීම.
  • වෙළෙදසැල් රහිත සිල්ලර වෙළෙදාම.

තොග වෙළදාම

නැවත විකිණීමේ චේතනාවෙන් මිලදීගන්නා ගැනුම්කරුවන්ට නිෂ්පාදිත අලෙවි කිරීම හා ඒම වේතාවෙන් නිෂ්පාදිත මිලදීගැනීම.

තොග වෙළදාමේ ලක්ෂණ
  • නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ මිලට ගැනීම.
  • භාණ්ඩ තොග වශයෙන් අලෙවිය.
  • තොග වට්ටම් ලබාදීම.
  • වෙළෙදපල පිළිබද පර්යේෂණ කිරීම.
තොග වෙළෙන්දාගෙන් ඉටුවන සේවා
  1. නිෂ්පාදකයාට
  • නිෂ්පාදිත තොග වශයෙන් ලබා ගැනීම.
  • වෙළෙදපල පිළිබද තොරතුතරු ලබා දීම‍
  • නිෂ්පාදකයාට මූල්‍ය හා අමුද්‍රව්‍ය පහසුකම් සැපයීම.

2. සිල්ලර වෙළෙන්දාට

  • භාණ්ඩ තොග වශයෙන් සැපයීම.
  • සිල්ලර වෙළෙදසැලටම භාණ්ඩ ගෙනැවිත් දීම.
  • ණය පහසුකම් සැපයීම.

විදේශ වෙළදාම

යම් රටක් වෙනත් රටක් හෝ රටවල් සමග සිදුකරන වෙළෙදාම.

විදේශ වෙළදාමට පදනම් වී ඇති සාධක
  • ස්වාභාවික සම්පත් බෙදීයාමේ විෂමතාව
          • මැදපෙරදිග – ඛනිජතෙල්
          • දකුණු අප්‍රිකාව – රත්රන්
  • සාපේකෂ පිරිවැය වාසී
  • වෙළද බාධක
විදේශ වෙළදාමේ ප්‍රභේද
  1. ආනයන වෙළදාම

කිසියම් රටක් විදේශ රටකින් හෝ රටවලින් භාණ්ඩ හා සේවා ගෙන්වීම.

2. අපනයන වෙළදාම

කිසියම් රටක් විදේශ රටකට හෝ රටවලට භාණ්ඩ හා සේවා යැවීමයි.

3. ප්‍රතිඅපනයන වෙළදාම

කිසියම් රටකින් ආනයනය කරන ලද ද්‍රව්‍ය රටතුළට ගෙනැවිත් වෙනසකට භාජනය කර හෝ නොකර නැවත වෙනත් රටකට හෝ රටවලට යැවීමයි.

4. අන්තරාල වෙළදාම

විදේශ රටකින් ආනයනය කරන ලද ද්‍රව්‍ය රටතුළට නොගෙන වරාය තුළ නැවත සකසා හෝ සැකසීමකින් තොරව නැවත වෙනත් රටකට හෝ රටවලට අපනයනය කිරීමයි.

විදේශ වෙළදාමේ නිරතවීමෙන් රටකට ලැබෙන ප්‍රතිලාභ
  • අතිරික්ත නිෂ්පාදිත අපනයනය කළ හැකිවීම.
  • රටේ නිෂ්පාදනය කළ නොහැකි නිෂ්පාදිත අපනයනය කළ හැකිවීම.
  • විදේශ විනිමය උපයා ගත හැකිවීම.
  • ජාත්‍යන්තර වෙළද සබදතා වර්ධනය වීම.

නිදහස් වෙළෙදාම

කිසිදු බාධාවකින් තොරව විවිධ පාර්ශවයන්ට නිදහසේ භාණ්ඩ ආනයනය හා අපනයනය කිරීමට අවකාශය පැවතීමයි.

නිදහස් වෙළෙදාමට ඇති බාධක තීරු බදු හා තීරුබදු නොවන බාධක ලෙස වර්ග කෙරේ.

තීරුබදු නොවන බාධා

      • ආනයනය සීමා කිරීම.
      • අපනයනය සීමාකිරීම.
      • වෙළෙද ගිවිසුම්අවශ්‍යතා.
      • දැඩි විනිමය ප්‍රතිපත්ති.

ආනයන ක්‍රියාපටිපාටිය

  1. විදේශ සැපයුම්කරුවෙකු තෝරාගැනීම.
  2. මිල විමසුමක් යැවීම.
  3. මිල කියුමක් ලැබීම.
  4. ආනයන බලපත්‍ර ලබාගැනීම.
  5. ඇණවුම/ඉන්ඩෙන්ටුව ඉදිරිපත් කිරීම.
  6. අපනයනකරුට ගෙවීම් කටයුතු කිරීම.
  7. භාණ්ඩ නිදහස්කරගැනීම.

අපනයන ක්‍රියාපටිපාටිය

  1. අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම.
  2. විදේශගැනුම්කරුවා සොයාගැනීම.
  3. අවශ්‍යවන්නේ නම් අපනයන බලපත්‍රය ලබාගැනීම.
  4. ආනයනකරුගෙන් ලැබුණු මිල විමසුමට ප්‍රතිචාරයක් වශයෙන් මිලකිවුමක් යැවීම.
  5. ආනයනකරුගේ ඉන්ඩෙන්ටුව ලබාගැනීම.
  6. භාණ්ඩ තොගය නැව්ගත කිරීමට ඉඩකඩ වෙන්කර ගැනීම හා අවශ්‍ය ලියවිලි සකස්කර ගැනීම.
  7. නැව්ගත කිරීමට සුදුසුවන ආකාරයට භාණ්ඩ ඇසුරුම් කිරීම.
  8. අපනයන භාණ්ඩ තොග රක්ෂණය කිරීම.
  9. භාණ්ඩ නැව්ගතකර නෞභාරපත ලබාගැනීම.
  10. මුදල් ලබා ගැනීමට අදාළ කටයුතු කිරීම.

ආනයන / අපනයන ක්‍රියාවලියේදී භාවිතාවන ලියවිලි

  1. ආනයන / අපනයන බලපත්‍ර

ආනයනයේ දී හා අපනයනයේ දී අවශ්‍ය වන බලපත්‍ර ප්‍රසිද්ධියට පත්කරන අතර ඒ සදහා සම්බන්ධවන ආයතන විසින් ඒවා නිකුතකරනු ලබයි.

උදා: තේ – ශ්‍රි ලංකා තේ මණ්ඩලය

2. ඉන්ඩෙන්ටුව / ඇණවුම

සැපයුම්කරුගේ මිල කියුම අනුව ආනයනකරු විසින් සැපයුම්කරු වෙත යවනු ලබන ඇණවුම ඉන්ඩෙන්ටුව ලෙස හැදින්වේ.එහි ආනයනකරුට අවශ්‍ය භාණ්ඩ පිළිබද විස්තර , මිල , නැව්ගත කිරීමට අදාළ තොරතුරු ඇතුළත් වේ.

3. නෞභාරපත

නැව්සමාගම වෙනුවෙන් නැව්පති හෝ ඔහුගේ නියෝජිතයෙකු විසින් අපනයනකරුට නිකුත්කෙරේ.භාණ්ඩ තොගය භාරගත් බව ඉන් සදහන් කෙරේ.අපනයනකරු ආනයනකරු වෙත එහි පිටපතක් යවනු ලැබේ.ආනයනකරුට භාණ්ඩවල අයිතිය තහවුරු කිරීමට එය අවශ්‍ය වේ.

4. ඉන්වොයිසිය

අපනයනය කරනු ලබන භාණ්ඩවල මිල ගණන්, ගෙවීම් කොන්දේසි, ප්‍රතික්ෂේප කිරීමේ කොන්දෙසි ආදිය ඇතුළත් ලේඛනයකි.

5. ප්‍රභවස්ථාන සහතිකය

නැව්ගත කරන භාණ්ඩ අපනයනය කරන රටේ නිපදවා ඇතිබව සහතික කරමින් පිළිගත් වෙළෙද මණ්ඩලයකින් හෝ රාජ්‍ය ආයතනයකින් නිකුත්කරනු ලබන ලියවිල්ලකි.මෙයින් තීරුබදු සහන ලබාගත හැකිය.

6. ණයවර ලිපිය

අපනයනකරුට මුදල් ගෙවීිමට භාවිතාකරයි.ආනයනකරුගේ ඉල්ලීම මත ආනයනකරුගේ බැංකුව විසින් අපනයනකරුගේ බැංකුව වෙත නිකුත් කරනු ලැබේ.මෙමගින් මුදල් ගෙවීම් තහවුරු කරනු ලැබේ.

7. ආනයන සටහන්කරය

ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති භාණ්ඩ සම්බන්ධ අයිතිය ප්‍රකාශ කිරීම සදහා ආනයනකරු හෝ ඔහුගේ නියෝජිතයෙක් විසින් රේගුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ලයි.

8. අපනයන සටහන්කරය

අපනයනකරු අපනයනය කිරීමට අපේක්ෂිත භාණ්ඩ පිළිබද සම්පූර්ණ විස්තර ඇතුළත් කර අපනයනකරු විසින් අපනයන රටේ රේගුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ලකි.

9. රක්ෂණ සහතිකය

අපනයනයට අදාළ භාණ්ඩ තොගය අපනයනය කිරීමේ දී එම භාණ්ඩ තොගය රක්ෂණය කර ආනයනකරු ලබාගන්නා රක්ෂණ සහතිකයයි. විකිණුම් ගිවිසුම අනූව රක්ෂණ සහතිකය ලබාගැනීම ආනයනකරු හෝ අපනයනකරු විසින් සිදුකරයි.

10. වේදිකා කුවිතාන්සිය/වාප්පුකාර කුවිතාන්සිය

රේගුවට භාණ්ඩ භාරදුන් පසු එම භාණ්ඩ භාරගත් බව සදහන් කරමින් රේගුව විසින් අපනයනකරුට ලියවිල්ලයි.

11. හානිරක්ෂණ ලිපිය

දෘශ්‍ය නෞභාරපත්‍රයක් නිකුත් කිරීමේ තත්ත්වයක් ඇති අවස්ථාවකදී කැඩීම්බිදීම් හෝ පලුදුවීම් ඇති එම භාණ්ඩ තොගයේ අනාගත සියලු අවදානම් අපනයනකරු භාරගන්නා බව සදහන් කරමින් පාරිශුද්ධ නෞභාරපතක් ලබාගැනීම සදහා අපනයනකරුවෙකු විසින් නැවේ කපිතාන් වෙත නිකුත්කරන ලියවිල්ලකි.

12. සනීපාරක්ෂක සහතිකය/සෞඛ්‍ය සහතිකය

ආනයන රටේ අවශ්‍යතාව මත යම් රටක් අපනයනය කරන ඇතැම් කෘෂි නිශ්පාදනවල පාරිභෝජන යෝග්‍යතාව තහවුරු කරමින් එම රටේ පිළිගත් ආයතනයක් මගින් නිකුත් කරන ලියවිල්ලකි.

13. ගුදම් බලපත්‍රය

වරාය ආශ්‍රිත ගබඩා ගුදම් ලෙස හැදින්වේ.ගුදමක භාණ්ඩ තැම්පත් කළ විට ගුදම් අධිකාරීන් ඒ බව සදහන් කරමින් ආනයනකරු වෙත ඉදිරිපත් කරන ලියවිල්ල ගුදම් බලපත්‍රයයි.

විදේශ වෙළදාමේදී මුදල් ගෙවීම සදහා යොදා ගන්නා ක්‍රම

  1. ණයවර ලිපිය
  2. බැංකු අණකරය – යම් පුද්ගලයෙකු විසින් සිය බැංකුවට අදාළ මුදල හා නියමිත ගාස්තු ගෙවා දෙන ලද උපදෙස් පරිදි නම් කරනු ලැබූ මුදල් ලැබිය යුතු තැනැත්තාට එම මුදල ගෙවන ලෙස සදහන් කරමින් මුදල් යවන්නාගේ බැංකුව විසින් මුදල් ලබන්නාගේ බැංකුවට හෝ නියෝජිත බැංකුවට නිකුත් කරන ලියවිල්ලයි.
  3. විද්‍යුත් ගෙවීම් ක්‍රම
      • ණය කාඩ්පත්
      • අන්තර්ජාල පෙරගෙවුම් කාඩ්පත්
      • විද්‍යුත් ගෙවීම් සේවා ආයතන හරහා ගෙවීම(W.W.W.PAYPAL.COM)

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom