ව්‍යාපාර අධ්‍යනය11.02 - ජාත්‍යන්තර සංගම් , වෙළද ගිවිසුම් හා සංවිධාන

11.02 – ජාත්‍යන්තර සංගම් , වෙළද ගිවිසුම් හා සංවිධාන

වෙළෙද කලාප

  • යුරෝපීය සංගමය
  • ආසියාන් සංගමය
  • රටවල් අටේ සංගමය

යුරෝපීය සංගමය

යුරෝපීය රටවල් 26කින් සමන්විතය.1957 දී යුරෝපීය රටවල් 06ක් විසින් අත්සන් තබන ලද රෝම ගිවිසුම මගින් පිහිටුවන ලදි.මෙහි සාමාජික රටවල් පොදු වෙළෙද ප්‍රතිපත්තියක් , කෘෂි හා ධීවර ප්‍රතිපත්තියක් ,ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන අතර 1999 දී යූරෝ නමින් පොදු මුදල් ඒකකයක් ද හදුන්වා දී ඇත.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය 

පෙරදිග ආසියාවේ රටවල් 10 ක දේශපාලනික හා ආර්ථික සහයෝගිතා සංගමයකි.1967 දී පිලිපීනය , මැලේසියාව හා තායිලන්තය යන රටවල් තුන එකතුව පිහිට වූ ඈත පෙරදිග ආසියා සංගමය මෙහි මූලාරම්භයයි.1967 දී ඉන්දුනීසියාව හා සිංගප්පූරුව සමග එකතු වී ASEAN සංවිධානය පිහිටුවන ලදි.

රටවල් අටේ සංගමය (G8)

1973 දී ඇති වූ තෙල් අර්බුදය , ගෝලීය ආර්ථික ප්‍රපාතයත් මෙම සංසදය බිහිවීමට බලපෑ අතර 1974 දී ඇමෙරිකා එක්සත් ජනපදය , ජපානය සහ ප්‍රංශය එකතු වී නිල නොවන කණ්ඩායමක් වශයෙන් බිහිවීම මෙහි මූලාරම්භයයි.

සාමාජික රටවල් :
  • ඇමෙරිකා එක්සත් ජනපදය
  • එක්සත් රාජධානිය
  • ප්‍රංශය
  • ජර්මනිය
  • ඉතාලිය
  • ජපානය
  • කැනඩාව
  • රුසියාව

වෙළෙද ගිවිසුම්

රටවල් දෙකක් හෝ කිහිපයක් අතර යම් කාලච්ඡේදයක් තුළ වෙළෙද ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සදහා ඇතිකර ගන්නා එකගතාවය

  • උතුරු ඇමෙරිකානු නිදහස් වෙළෙද ගිවිසුම
  • දකුණු ආසියානු නිදහස් වෙළෙද කලාපය
  • ආසියා පැසිපික් වෙළෙද ගිවිසුම

උතුරු ඇමෙරිකානු නිදහස් වෙළෙද ගිවිසුම 

ඇමෙරිකා එක්සත් ජනපදය , කැනඩාව , මෙක්සිකෝව යන රටවල් තුන එක්ව 1994 ජනවාරි 01 දා සිට ඇරඹුණි.එම රටවල නිශ්පාදනය කරන ලද නිෂ්පාදිත සදහා රටවල් තුන අතර වෙළෙද බාධා ඉවත් කිරීම , තීරු බදු ඉවත් කිරීම , ශ්‍රමය හුවමාරු කර ගැනීම සම්බන්ධ කොන්දේසි එහි ඇතුළත් වේ.

දකුණු ආසියානු නිදහස් වෙළෙද කලාපය(SAFTA) 

සාර්ක් කලාපීය වෙළෙද සහයෝගීතාව ව්‍යාප්ත කිරීටමත් , දකුණු ආසියාව තුළ නිදහස් වෙළෙද ප්‍රදේශයක් ඇති කිරීමටත් , සාර්ක් කලාපීය රටවල ආර්ථික පිළිවෙත් ගෝලීයකරණයට අනුගත කිරීමටත් ඇති කරගත් එකගතාවයයි.2014 වර්ෂයේ දී ආරම්භ කරන ලදි.මෙම ගිවිසුමට එළඹීමෙන් එම රාජ්‍යන් අතර ආනයනය සදහා කිසිදු බාධාවකින් තොරව තීරු බදු ඉවත්කිරීම, වරාය හා ප්‍රවාහන පහසුකම් ඇතිකිරීම,වෙළෙදාමට සම්බන්ධ සේවා සැපයීම යනාදිය සම්බන්ධයෙන් සාමූහික එකගතාවය ඇතිකරගන්නා ලදි.

ආසියා පැසිෆික් වෙළෙද ගිවිසුම

1975 දී බැංකොක් ගිවිසුම නමින් ආරම්භ වී 2005 නොවැම්බර් 02 දින සිට ආසියා පැසිෆික් වෙළෙද ගිවිසුම යනුවෙන් නම් කෙරීය.ආසියා පැසිපික් කලාපයේ ඇති පැරණිතම වරණීය වෙළෙද ගිවිසුමයි.

ජාත්‍යන්තර සංවිධාන

විදේශ වෙළෙදාමට එරෙහි වන තීරු බදු, විනිමය පාලන නීතිරීති,රේගු නීතිරීති වැනි විවිධ බාධා අවම කර ගැනීමට පිහිටුවා ඇති සංවිධාන වේ.

      • ලෝක වෙළෙද සංවිධානය
      • සාර්ක් සංවිධානය
      • ආසියානු සංවර්ධන බැංකුව
      • ලෝක බැංකුව
      • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ලෝක වෙළෙද සංවිධානය

1995 ජනවාරි 01 දින ආරම්භ කෙරිණ.ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි මෙහි ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇත.වෙළෙදාමේ ප්‍රවර්ධනය සදහා ජාතීන් අතර සාකච්ඡා පැවැත්වීමට අවකාශ සැලසීමත් , වෙළෙද බාධා පහත හෙලීමත් , සාමාජික රටවල ජනතාවගේ සුභසාධනය නංවාලීමටත් W.T.O. වල ප්‍රධාන ඉලක්කයයි.

දකුණු ආසියානු කලාපීය සහයොගීතා සංගමය SAARC 

දකුණු ආසියාතික රටවල් 08ක් ආර්ථික හා දේශපාලනික සංගමයකි.1985 දෙසැම්බර් 08 වන දින මෙම සංවිධානය ස්ථාපිත කරන ලදි.සාර්ක් සංවිධානයේ සහයෝගිතා කටයුතු ක්ෂේත්‍ර 05ක් යටතේ සිදුවේ.

  1. කෘෂිකර්මාන්තය හා ග්‍රාමීය සංවර්ධනය
  2. විදුළි සංදේශ, විද්‍යාව, තාක්ෂණය සහ දේශගුණික විද්‍යාව
  3. සෞඛ්‍ය හා ජනගහන කටයුතු
  4. ප්‍රවාහනය
  5. මානව සම්පත් සංවර්ධනය
සාර්ක් සමාජීය රටවල්
  • ශ්‍රී ලංකාව
  • ඉන්දියාව
  • පකිස්තානය
  • භූතානය
  • නේපාලය
  • බංග්ලාදේශය
  • මාලදිවයින
  • ඇෆ්ගනිස්ථානය

ආසියානු සංවර්ධන බැංකුව

1966 දෙසැම්කර් 10 වන දින ඇරඹිණ.මූලස්ථානය පිලිපීනයේ මැනිලා නුවර පිහිටා ඇත.වර්තමානයේ රටවල් 67ක් සාමාජිකත්වය දරයි.සාමාජික රටවල සාමාජිකය හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.සාමාජික රටවලට ණය හා ප්‍රතිපාදන සපයමින් එම රටවල දුප්පත්කම නැතිකිරීමට මෙම බැංකුව කටයුතු කරයි.

ලෝක බැංකුව/ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය පිළිබද ජාත්‍යන්තර බැංකුව

දෙවන ලෝක යුද්දයෙන් විනාශයට පත් වූ යුරෝපා ආර්ථිකය ගොඩ නැංවීම උදෙසා වූ බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම මගින් 1945 දෙසැම්බර් 27 දින ආරම්භ විය.තිරසර සංවර්ධනය ක්‍රියාත්මක කිරීම සහ දුප්පත්කම තුරන් කිරීම ලෝක බැංකුවේ ප්‍රධාන ඉලක්කය වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( I.M.F) 

මුල්‍ය හා තාක්ෂණික ආධාර ලබාදීමෙන් විනිමය අනුපාතය හා ගෙවුම්‍ ශේෂ නීරික්ෂණය කිරීමෙත් ජාත්‍යන්තර සංවිධානය ලෙස I. M. F. හැදින්විය හැකිය. මෙහි ප්‍රධාන කාර්යාලය ඇ.එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ පිහිටා ඇත.

මෙය ගෝලීය මූල්‍ය සහයෝගීතාවය දියුණු කිරීම , මූල්‍ය ස්ථායිතාව සහතික කිරීම , ජාත්‍යන්තර වෙළෙදාමට පහසුකම් සැලසීම,රැකිරක්ෂා පුළුල් කිරීම අරමුණුකරගෙන ආරම්භවිය.

වෙළද සංගම් , වෙළද ගිවිසුම් හා ජාත්‍යන්තර සංවිධාන විදේශ වෙළදාමට බලපාන අයුරු

  • නිදහස් වෙළදාමට එරෙහි තීරු බදු හා තීරුබදු නොවන බාධා ඉවත් කිරීම.
  • රටවල් අතර සහයෝගීතාව වර්ධනය
  • සාමාජික සෑම රටකටම සමාන වරප්‍රසාද හිමිවීම.
  • වෙළද ගිවිසුම් හරහා තම රටේ නිශ්පාදිත සදහා ස්ථීර වෙළෙදපලක් හිමිවීම.
  • විදේශ වෙළදාමේ නව ප්‍රවනතා
  • විදේශ වාණිජ්‍යය හරහා විදේශ වෙළදාම ලොව පුරාම ව්‍යාප්ත වීම.
  • සාම්ප්‍රදායික අපනයනවලට සීමා නොවී ඉහළ තාක්ෂණයකින් යුතු නිෂ්පාදිත විවිධාංගීකරණය කෙරෙහි යොමු වීම.
  • ඉහල එකතු කළ අගයක් සහිත නිෂ්පාදිත දිරිගැන්වීම සදහා විදේශ වෙළද ප්‍රතිපත්තියට යොමුවීම.
  • ශ්‍රි ලංකාවෙ අපනයන භාණ්ඩ පැස පිළිබද වර්තමානයේ අවධානය යොමු වී තිබීම.

විද්‍යුත් වාණිජය

වෙළද කටයුතු වලට අමතරව නිෂ්පාදනය, අලෙවිකරණය, මානව සම්‍පත් කළමණාකරණ කටයුතු ආදි සියලුම අභ්‍යන්තර ක්‍රියාවලින් පරිගනක ජාල භාවිත කරමින් සිදුකරන ව්‍යාපාර වේ.

විද්‍යුත් ව්‍යාපාරයක පවතින අංශ අතර සිදුවන තොරතුරු හුවමාරුව සහ සමායෝජන කටයුතු සදහා තොරතුරු තාක්ෂණය භාවිත කරයි.

විද්‍යුත් වෙළදාම යනු භාණ්ඩ හා සේවා විකිණීමේ හා මිලදී ගැනීමේ කටයුතු අන්තර්ජාලය ප්‍රමුඛ පරිගණක ගත තොරතුරු පද්ධති හරහා සිදුකිරීමයි.

විද්‍යුත් වෙළදාමේ ක්‍රියාපටිපාටිය

  1. අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් හා විකිණුම්කරුවන් සම්මුඛ වීම.
  2. වෙළද ගනුදෙනුව සංවිධානය කර ගැනීම
  3. භාණ්ඩ විකිණීමේ හා මිලට ගැනීමේ කටයුතු සිදුවීම
  4. ගනුදෙනුවට අදාළ ගෙවීම් කටයුතු පියවීම.

විද්‍යුත් වෙළදාමෙන් ව්‍යාපාරිකයාට අත්වන වාසි

  • භාණ්ඩ තෝරා ගැනීමට පුළුල් ඉඩකඩක් පැවතීම.
  • පහසුවෙන් සහ ඉක්මනින් ඇණවුම්‍ කළ හැකි වීම.
  • දවසේ පැය 24 පුරාම ගනුදෙනු කළ හැකි වීම.
  • නිශ්පාදිතයෝ මිල මට්‍ටම සාපේක්ෂව අඩු වීම.

සමාජිය වශයෙන් අත්වන වාසි

  • පාරිභෝගිකයාගේ ජීවන තත්වය ඉහළ යාම.
  • නව භාණ්ඩ පරිහරණයට ඉඩකඩ සැලසීම.
  • නව වෙළදපොළවල් සහ රැකියා අවස්ථා උදා වීම.

විද්‍යුත් වාණිජයේ සීමා

  • අන්තර්ජාල පහසුකම්‍ සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත නොවීම.
  • භාවිතය පිලිබදව පාරිභෝගිකයන්ගේ දැනුම මදිකම
  • ගෙවීම්‍ ක්‍රමවල පවතින ගැටළු
  • බදු අයකිරිම වැනි නීතිමය සීමා

විද්‍යුත් වෙළදාම සිදු වන ආකාර

1. B 2 B ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරිකයාට

ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක් සමග සිදුකරන ගනුදෙනු වේ.

උදා-ව්‍යාපායකින් ව්‍යාපාරයකට අන්තර්ජාල හරහා ඇණවුම්‍ ලැබීම.

2. B 2 C ව්‍යාපාරිකයාගෙන් පාරි‌භෝගිකයාට

ව්‍යාපාරයක් යම් භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන්ට අලෙවිකිරිමයි. මෙය විද්‍යුත් සිල්ලර වෙළදාම ( e-tailing) ලෙස ද හැදින්වේ.

3. C 2 C පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට

යම් පාරි‌‌භෝගිකයෙක් විසින් තවත් පාරිභෝගිකයෙකුට භාණ්ඩ හෝ සේවා අන්තර්ජාලය හරහා අලෙවි කිරීම.

උදා- eBay වෙබ් අඩව්ය හරහා සිදුවන ගනුදෙනු

4. G 2 C රජයෙන් පුරවැසියන්ට

රාජ්‍ය සේවා සදහා යම් යම් ගෙවීම් සිදු කිරීම හා සේවා ලබා ගැනීම.

උදා- බස්නාහිර පළාතේ ජනතාවට තම වාහන අළුත්වැඩියාකරගැනීමට www.motor traffic. wp.govi.lk වෙබ් අඩවිය හරහා සිදු කළ හැකි වීම.

5. B 2 G ව්‍යාපාරිකයන්ගෙන් රජයට

ව්‍යාපාරිකයන් විසින් අන්තර්ජාලය හරහා යම් යම් ගෙවීම් සිදුකිරීම

හා සේවා සැපයීම.

උදා- සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම සිදු කීරීම

6. G 2 B රජයෙන් ව්‍යාපාරිකයන්ට

උදා- අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ( SLIPS)

7. C 2 B පුරවැසියන්ගෙන් රජයට

උදා-බිල්පත් විභාග ගාස්තු බලපත්‍ර ගාස්තු ආදිය ගෙවීම් විශ්වවීද්‍යාල ප්‍රවේශය සදහා

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet