ව්‍යාපාර අධ්‍යනය18.01. - ව්‍යාපාර සැළසුම් පිළියෙල කිරීම

18.01. – ව්‍යාපාර සැළසුම් පිළියෙල කිරීම

ව්‍යාපාර අදහසක් යනු,

පුද්ගලයෙකුගේ හෝ සංවිධානයක අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් ඉටුකළ හෝ ඉටුකළ හැකි නිෂ්පාදිතයක් පිළිබඳව ව්‍යවසායකයකු තුළ ඇතිවන සිතුවිල්ල ව්‍යාපාර අදහසක් ලෙස හැඳින්වේ.

සාර්ව විශ්ලේෂණය හා සූක්ෂම විශ්ලේෂණය

ප්‍රායෝගිකව ගත් කල විවිධ පුද්ගලයන්ට හෝ සංවිධාන වලට විවිධ වූ ව්‍යාපාර අදහස් පහළ විය හැකිය එහිදී එකී විවිධ අදහස් අතරින් යෝග්‍යතම ව්‍යාපාර අදහස තෝරා ගැනීමට සිදු වේ.

ව්‍යාපාර අදහස් සියල්ල අතරින් වඩාත් යෝග්‍යතම ව්‍යාපාර අදහස හඳුනාගැනීම සඳහා සියලු අදහස් ඇගයීමට ලක් කිරීම සාර්ව විශ්ලේෂණය ලෙස හැඳින්වේ.

මෙහිදී ව්‍යාපාරය බාහිර පරිසර සාධක අනුව ඇගැයීමක් කළ යුතුය.

උදා – ආර්ථික පරිසරය , ප්‍රජා පරිසරය , සමාජ හා සංස්කෘතික පරිසරය

සාර්ව විශ්ලේෂණය මගින් ඇගයීමට ලක් කළ ව්‍යාපාර අදහස් අතරින් ව්‍යවසායකයාට වඩාත්ම ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපාර අදහස තෝරා ගැනීමට එකිනෙක අදහස් වෙන වෙන ම ගැඹුරු විශ්ලේෂණයකට ලක් කිරීම සූක්ෂම විශ්ලේෂණයයි.

මෙහිදී අභ්‍යන්තර හා ආසන්න පරිසර සාධක අනුව ඇගයිමක් කළ යුතුය.

උදා- අභ්‍යන්තර සාධක : අයිතිකරුවන් , කළමනාකරුවන් , සේවකයින්

බාහිර සාධක : ගනුදෙනුකරුවන් , සැපයුම්කරුවන්, තරගකරුවන්

එසේ තීරණය කළ ව්‍යාපාර අවස්ථා සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කළ යුතුය.

ව්‍යාපාර සැලැස්මක් යනු ,

ව්‍යාපාර සැලැස්මක් යනු ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ද ඒවා ළඟා කරගන්නා ක්‍රමෝපායන්ද විස්තර කරන ලේඛනයකි. මෙය ව්‍යාපාරය අදහස් ගමන්මග දැක්වෙන මාර්ග සිතියමකි.

ව්‍යාපාර සැලැස්මක වැදගත්කම

  1. ව්‍යාපාර සැලැස්ම මගින් ව්‍යාපාරයක් අනාගතයේ දී යා යුත්තේ කොතැනටද යන්න පෙන්නුම් කිරීම
  2. ‍ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම
  3. නියාමනය හා පාලනය පහසු වීම
  4. ව්‍යාපාරයකට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට
  5. ව්‍යාපාරයේ කාර්ය සාධනය ඇගයීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වීම
  6. ව්‍යාපාරය තනතුරු සඳහා සේවකයන් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වීම
  7. සියලු දෑ උචිතව දැක්වීම මගින් අනාගත ව්‍යාපාරික කටයුතු මනා ලෙස ක්‍රමානුකූලව සංවිධානය කර ගැනීමට හැකිවීම

ව්‍යාපාර සැලැස්මක් අවශ්‍ය වන්නේ ඇයි?

  • වඩා හොඳ තීරණ ගැනීමට.
  • ව්‍යපාරය අනාගතයේ කවර දිශාවකට කවර ස්ථානයකට ගමන් කරන්නේද යන්න පෙන්වා දීමට.
  • ආයෝජකයන් සේවකයන් සැපයුම්කරුවන් අද්දවා ගැනීමට.
  • ව්‍යාපාර කාර්යසාධනය ඇගයීම සඳහා.
  • ව්‍යාපාර බද්ධ කිරීමට සහ මිලදී ගැනීමට සම්පූර්ණ කිරීමට.
  • උපක්‍රමික කණ්ඩායම් වල සහාය ලබා ගැනීමට.
  • සම්පත් අවශ්‍යතාවය හඳුනා ගැනීමට හා නිසි පරිදි හසුරුවා ලීමට.
  • ආයෝජන අරමුදල් ලබාගැනීමට.

ව්‍යාපාර සැලැස්මක් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙන් වන අවාසි

  • ව්‍යාපාරයේ අනාගතය පුරෝකතනය කළ නොහැකි වීම.
  • නිවැරදි තීරණ ගැනීමට නොහැකි වීම
  • ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වීම.
  • වෙළෙඳපොළ ගනුදෙනු කරුවන් හා තරඟකරුවන් නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීම.
  • මූල්‍ය පාලනය අපහසු වීම.
  • මනා ලෙස කළමනාකරණය කිරීමට නොහැකිවීම.
  • අරමුදල් සපයා ගැනීමට අපහසු වීම.
  • සේවකයන් පාරිභෝගිකයන් වැනි පාර්ශව ආකර්ෂණය කර ගැනීමට අපහසු වීම.

ව්‍යාපාර සැලැස්ම කවර ව්‍යාපාර සඳහා ද?

  • නව ව්‍යාපාරයකට

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂිත පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් ව්‍යාපාර සැලැස්මක් සකස් කරනු ලබන්නේ උපකල්පන දත්තයන් මතය

  • පවත්නා ව්‍යාපාරයක් පුළුල් කිරීමට

ව්‍යාපාරයක් කෙරෙහි ගනුදෙනුකරුවන් ඇදී එන විට ව්‍යාපාරය පුළුල් කිරීමකින් තොරව ගණුදෙනුකරුවන්ගේ වුවමනාවන් සපුරා ලිය නොහැක ව්‍යාපාර පුළුල් කිරීම සැලැස්මකට අනුව කළ යුතුය

  • පවත්නා ව්‍යාපාරය වඩා හොඳින් කළමනාකරණය කිරීම සඳහා

පවත්නා ව්‍යාපාරයක් කළමණාකරණ අඩුපාඩු ඉවත් කර ගැනීමට හා කාර්යක්ෂමව හා ඵලදායිතාවය ඇතිකර ගැනීමටත් ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීම ප්‍රයෝජනවත්ය

  • වරලත් ව්‍යාපාරයක් හෝ අත්පත් කර ගන්නා ව්‍යාපාරයක් සඳහා

ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු

  • පැහැදිලි ඉම
  • ගනුදෙනුකරුවන්
  • ඉලක්ක
  • අවශ්‍ය මූල්‍ය සම්පත්

ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීමේදී තොරතුරු ලබා ගත හැකි ක්‍රම

  • පාරිභෝගිකයන් මගින්
  • තරගකරුවන් මගින්
  • සැපයුම්කරුවන් මගින්
  • රජය
  • කුඩා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථාන
  • මහබැංකු වාර්තා වැනි ලේඛන
  • ව්‍යවසායක සංගම්

ව්‍යාපාර සැලැස්මකින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන පාර්ශව

  • බැංකු ආයෝජකයන්
  • බැංකු ඇතුළු ණය සපයන මූල්‍ය ආයතන
  • සේවකයන්
  • සැපයුම් කරුවන්

ව්‍යාපාර සැලැස්මක් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  • දැකුම්කළු පිට කවරයකින් යුක්ත වීම
  • මුද්‍රණය කර හෝ පරිගණක යතුරුලියනය කර තිබීම
  • මනා ලෙස සංස්කරණය කොට තිබීම
  • හොඳ පටුනක් තිබීම
  • වැදගත් තොරතුරු ඉස්මතු කර දැක්වීම
  • උසස් තත්වයේ කඩදාසි භාවිතා කිරීම

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.