ව්‍යාපාර අධ්‍යනය14.02 - නිෂ්පාදන අනන්‍යතාවය

14.02 – නිෂ්පාදන අනන්‍යතාවය

 

නිෂ්පාදන අනන්‍යතාවය

නිෂ්පාදිතයන් සෙසු නිෂ්පාදිත වලින් වෙන්කොට හදුනා දක්වන සුවිශේෂිභාවය එහි අනන්‍යතාවය ලෙස හැඳින්වේ. නිෂ්පාදිතයක අනන්‍යතාවය තහවුරු වන ප්‍රධාන ආකාර 2කි.

    1. සන්නම
    2. ඇසුරුම

සන්නම

වෙළඳපොලේ තරඟකාරි නිෂ්පාදිත අතුරින් කිසියම් නිෂ්පාදිතයක් වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන පදයක් , ලාංජනයක් හො ඒවායේ සංකලනයක් සන්නමක් ලෙස හැඳින්වේ. සන්නමක ප්‍රධාන කොටස් 2 කි.

    1. සන්නම් නාමය

සන්නමක උච්ඡාරණය කළහැකි කොටස් සන්නම් නාමයයි.

    2. සන්නම් ලාංජනය

උච්චාරණය කළ නොහැකි සන්නමට අවේණික ලකුණයි.

හොඳ සන්නමක පැවතිය යුතු ගුණාංග

  • කෙටි හා සරල වීම.
  • උච්චාරණය , හඳුනාගැනීම හා මතක තබා ගැනීම පහසුවීම.
  • නිෂ්පාදිතයේ මූලික ගුණාංග හෙවත් ප්‍රයෝජ්‍යතාවය පිළිබඳ අදහසක් සන්නමෙන් නිරුපණය වීම.
  • තරඟකරුවන්ගේ සන්නම් වලට වඩා වෙනස් විය යුතු වීම.
  • කිසියම් සංස්කෘතියක් නියෝජනය වීම.
  • පහසුවෙන් වෙනත් භාෂාවකින් හැදින්විය හැකිවීම.

සන්නම් වර්ග

  • පෞද්ගලික සන්නම්
  • පවුල් සන්නම්
  • ජාතික සන්නම්
  • භාණ්ඩ සන්නම්
පෞද්ගලික සන්නම්

නිෂ්පාදිතයා විසින් සිය වෙළදුන්ට අලෙවි කළ පසුව වෙළඳුන් විසින් එම නිෂ්පාදිත සඳහා නිර්මාණය කරන්නා සන්නම පෞද්ගලික සන්නමයි.

උදා : අරලිය සහල්

නිපුන සහල්

ජාතික සන්නම්

නිෂ්පාදකයෙක් සිය නිෂ්පාදිත ස්වකීය සන්නම යටතේ ඕනෑම වෙළඳපොළකට ඉදිරිපත් කරයිනම් එය ජාතික සන්නමයි.

උදා : කොකාකෝලා

LG

පවුල් සන්නම

යම් නිෂ්පාදන ආයතනයක් තමන්ගේ සියලු නිෂ්පාදිත සඳහා එකම සන්නමක් භාවිතා කරන්නේ නම් එය පවුල් සන්නමයි. එනම් එකම සන්නමක් යටතෙ නිෂ්පාදිත පෙළක් ඉදිරිපත් කිරීමයි.

උදා : හරිස්චන්ද්‍ර

Prima

භාණ්ඩ සන්නම

යම් ආයතයනක් වෙළදපොළට ඉදිරිපත් කරන ඒ ඒ භාණ්ඩ වර්ග සඳහා වෙන් වෙන් සන්නම් භාවිතා කරන්නේනම් එය භාණ්ඩ සන්නමයි.

උදා : CBL ආයතනය

රිට්ස්බරි චොකලට්

මන්චි බිස්කට්

නිෂ්පාදිත සඳහා නිශ්චිත සන්නමක් භාවිතා කිරීමේ වාසි

ව්‍යාපාරිකයාට
    • අනෙකුත් තරඟකාරි සන්නම් වලින් තම සන්නම වෙන්කොට හඳුන්වා දිය හැකි වීම.
    • සන්නම් පක්ෂපාතිත්වය ලබා ගත හැකි වීම.
    • ඇණවුම් ලබා ගැනීමේදී පහසුවීම.
    • තරඟයට මුහුණ දීමට හැකි වීම.
    • ප්‍රවර්ධනය පහසුවීම.
    • පාර්භෝගික විශ්වාසය තහවුරු කළ හැකිවීම.
    • ව්‍යාපාරයට වටිනාකමක් නිර්මාණය වීම.
පාරිභෝගිකයාට
    • ව්‍යාජ භාණ්ඩවලින් වෙන්කර හඳුනා ගත හැකි වීම.
    • පැමිණිලි ඉදිරිපත් කිරීමට පහසු වීම.
    • තෝරා ගැනීම පහසුවීම හා වේගවත් විම.
    • වැඩි විශ්වාසයකින් යුතුව මිලදී ගැනීමට හැකි වීම.

සන්නම් පක්ෂපාතිත්වය

යම් කිසි සන්නමක් කෙරෙහි පාරිභෝගියා දක්වන ලැදියාව සන්නම් පක්ෂපාතිත්වය ලෙස සරලව හැඳන්විය හැකිය. නැතහොත් යම් සන්නමක් සහිත භාණ්ඩයක් නැවත මිලදී ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් අනුග්‍රහකයෙකු වශයෙන් කටයුතු කිරීමට පාරිභෝගිකයෙකු තුළ ඇති පෙළඹවීම සන්නම් පක්ෂපාතීත්වයයි. මෙහි මට්ටම් 3 කි.

    1. සන්නම හඳුනා ගැනීම – දුටු විට මිලදී ගැනීම
    2. සන්නම් වරණය – වෙළඳපොලේ පහසුවෙන් මිලදී ගත හැකි නම් පමණක් මිලදී ගැනීම. (විකල්ප ඇත.)
    3. සන්නම් නාමයෙන් භාණ්ඩ ඉල්ලා සිටීම – මෙය සන්නම සඳහා ඇති ඉහළම පක්ෂපාතිත්වයයි. සන්නම් නාමයෙන් නිෂ්පාදිත ඉල්ලා සිටී. ඒ සඳහා ඔහුට වෙන විකල්ප නැත.

සන්නමේ නෛතික ආරක්ෂාව

2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ යටතේ සන්නමක් ලියා පදිංචි කළ විට එයට නෛතික ආරක්ෂාව හිමිවේ. එවිට එය වෙළඳ ලකුණ ලෙස හැඳින්වේ. වෙළඳ ලකුණ හඳුනා ගැනීම සඳහා R හෝ TM යන ලකුණ භාවිතා කරයි.

ඇසුරුම්කරණය

ඇසුරුම්

භාණ්ඩයට ආරක්ෂාව ලබා දීම සඳහා යොදන දවටනය ඇසුරුම ලෙස හඳුන්වයි. ඇසුරුම සන්නම හෝ වෙළඳ ලකුණ සහිතව මුද්‍රණය කරන අතර එයට ආවේණික ලක්ෂණ (වර්ණ , හැඩ) යොදාගනි.

ඇසුරුම්කරණය

භාණ්ඩයක් සදහා දවටනයක් හෙවත් මතුපිට ආවරණයක් හෝ බහලුමක් නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කාර්යය ඇසුරුම්කරණය ලෙස හඳුන්වයි.

ඇසුරුම නිහඬ අලෙවිකරුවෙකි.

එසේ වන්නේ නිෂ්පාදිතය පිළිබඳ බොහෝ තොරතුරු ඇසුරුමෙහි අන්තර්ගත කරමින් එය අලෙවිරණය උපාංගයක් ලෙස භාවිතා කරන බැවිනි.

ඇසුරුම් මට්ටම්

  1. ප්‍රාථමික ඇසුරුම

භාණ්ඩයක ප්‍රථම සමීපව යොදන ඇසුරුමයි.

උදා : කිරිපිටි පැකට්ටුවක කිරිපිටි අඩංගු කර ඇති පොලිතින් දවටනය.

2. ද්විතියික මට්ටම

ප්‍රාථමික ඇසුරුමට පිටතින් යොදන ආරක්ෂිත ඇසුරුමයි.

උදා : කිරිපිටි ඇසුරුම් කර ඇති කාඩ්බෝඩ් පෙට්ටිය

3. ප්‍රාවහන ඇසුරුම

ප්‍රාථමික හා ද්විතියික ඇසුරුම් සහිත නිෂ්පාදිත තොගයක් ප්‍රවාහනය කිරීමේදි භාවිතා කරන විශාල බහලුවකි.

උදා : කිරිපිටි පෙට්ටි ගණනාවක් බහා ඇති විශාල කාඩ්බෝඩ් පෙට්ටි

 

ඇසුරුම් නිර්මාණය කිරීමේදි සලකා බලන කරුණු

නිෂ්පාදිතයේ ස්වභාවය
    • කැඩෙන බිදෙන සුඑ බව
    • දියරද ඝනද වග
    • නශ්‍ය සුඑ බව හෝ කල් පැවැත්ම.
ඇසුරුමෙන් නිෂ්පාදනයට ලැබෙන ප්‍රයෝජන
    • නිෂ්පාදනයට ආරක්ෂාවක් ලැබිම
    • නිෂ්පාදිතය හඳුනා ගැනීමට පහසු වීම
    • නිෂ්පාදිතය පිළිබඳ තොරතුරු සැපයීම
    • ආකර්ෂණීය පෙනුමක් ලබා දීම.
තාක්ෂණික යෝග්‍යතාවය
    • සෞඛ්‍ය ආරක්ෂිත බව
    • රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීම.
    • කල්තබා ගත හැකි වීම.
ඇසුරුම් අංග
    • දිග පළලලබර හා නිෂ්පදිතයේ හැඩය
වෙළෙන්දාට ඇති පහසුව
    • ගබඩාකරණයට
    • ප්‍රවාහනයට
    • ප්‍රදර්ශනයට
පිරිවැය
පාරිභෝගිකයාට ඇති පහසුව හා ප්‍රයෝජන
    • රැගෙන යාමට
    • තෝරා ගැනීමට
    • භාවිතයට
    • වෙනත් ප්‍රයෝජන සඳහා භාවිතයට
පරිසර හිතකාමි බව
    • ප්‍රතිවක්‍රීකරණය කළ හැකි බව
    • දිරාපත් වන බව

 

ලේබල්කරණය

ලේබලය

නිෂ්පාදිතය පිළිබඳ යම් යම් තොරතුරු දැක්වීම සඳහා ඇසුරුමේම කොටසක් ලෙස යොදා ගනු ලබන පත්‍රිකාවකි.

ලේබල්කරණය

නිෂ්පාදිත භාවිතයට හෝ පරිහරණයට අවශ්‍ය තොරතුරු ඇසුරුමේ දැක්වීම හෝ පාරිභෝගිකයා ආකර්ෂනය සඳහා ලේබලයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවයි.

ලේබලයක ඇතුලත් විය යුතු කරුණු

    • නිෂ්පාදිත සම්බන්ධ තොරතුරු (නිෂ්පාදකයාලරටලලියා පදිංචි අංකය)
    • නිෂ්පාදත දිනය හා කල් ඉකුත් වීමේ දිනය
    • මිල
    • බර
    • අඩංගු ද්‍රව්‍ය
    • ප්‍රමිති ලාංජනය

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom