ව්‍යාපාර අධ්‍යනය18.02 - ව්‍යාපාර සැලැස්මක ඇතුළත් විය යුතු අංග

18.02 – ව්‍යාපාර සැලැස්මක ඇතුළත් විය යුතු අංග

ව්‍යාපාර සැලැස්මක ඇතුළත් විය යුතු අංග

  1. මුල් පිටුව
  2. විධායක සාරාංශය
  3. ව්‍යාපාර විස්තරය
  4. අලෙවිකරණ සැලැස්ම
  5. මෙහෙයුම් සැලැස්ම
  6. මානව සම්පත් සැලැස්ම
  7. මූල්‍ය සැලැස්ම
  8. ඇමුණුම

1.මුල් පිටුව

ව්‍යාපාරයකට අදාල හඳුනාගැනීමේ සංකේත ඇතුළත්ව ව්‍යාපාරයකට සුවිශේෂී අනන්‍යතාවය මුල් පිටුවෙන් ඉදිරිපත් කරේ.

ව්‍යාපාරය ලාංඡනය, ආදර්ශ පාඨ, උද්‍යෝග පාඨ යනාදිය ඇතුළත් කෙරෙනුයේ මුල් පිටුවේය. මීට අමතරව ව්‍යාපාරය ලිපිනය, දුරකථන අංකය, ෆැක්ස් අංකය, වෙබ් අඩවිය, ව්‍යාපාර සැලැස්ම පිළියෙල කළ දිනය යනාදීයද මුල් පිටුවේ ඇතුළත් කෙරේ. එමෙන්ම සැලැස්මේ අන්තර්ගතය හෝ වෙනත් තොරතුරක් පිළිබඳව විමසිය යුතු පුද්ගලයාගේ නම ද මෙහි බොහෝ විට ඇතුළත් කෙරේ.

2. විධායක සාරාංශය

ව්‍යාපාර සැලසුමක ඇතුලත් මූලික කරුණු සංක්ෂිප්ත කර දක්වන කොටස නැතහොත් ව්‍යාපාර සැලැස්ම ඉදිරිපත් කොට ඇති සමස්ත තොරතුරු පිළිබඳ සාරාංශයයි.

විධායක සාරාංශයක වැදගත්කම
  • සමස්ථ ව්‍යාපාර සැලැස්ම පිළිබඳ පෙරදැක්මක් ඇති කිරීම.
  • ව්‍යාපාර සැලැස්ම පිළිබඳව මග පෙන්වීමක් ලබාදීම
  • ව්‍යාපාර සැලැස්ම පිළිබඳව විශ්වාසයක් ඇති කිරීම
විධායක සාරාංශයක අඩංගු කරුණු
  • ව්‍යාපාරිකයන්ගේ නම හා ලිපිනය
  • ව්‍යාපාර ඉතිහාසය
  • තරඟ කිරීමට සිදුවෙන වෙළඳපොළ

3. ව්‍යාපාර විස්තරය

ව්‍යාපාරය කුමක්ද යන්න හා ව්‍යාපාරය සපයනු ලබන භාණ්ඩය හෝ සේවාව පිළිබඳ විස්තරත් එමගින් ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ එහි සුවිශේෂත්වය විස්තර කරන කොටසයි

එහි පහත සඳහන් තොරතුරු ඇතුළත් වේ
  • ව්‍යාපාරයේ නම හා ලිපිනය
  • ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ
  • ආදි කර්තෘවරුන්
  • සංවිධාන ව්‍යුහය
  • සංවිධාන ක්‍රමය
  • අධ්‍යක්ෂක මණ්ඩලය
  • භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තර

4. අලෙවිකරණ සැලසුම

ව්‍යාපාරය අලෙවිකරණ අරමුණු හා අලෙවිකරණ උපායමාර්ග පිළිබඳ විස්තර අලෙවිකරණ සැලැස්ම අන්තර්ගතවේ. කර්මාන්තය හා වෙළෙඳපොළ විශ්ලේෂණය, ඉලක්ක වෙළදපොල, තරගකාරිත්වය විශ්ලේෂණය, යෝජිත අලෙවිකරණ උපායමාර්ග, විකුණුම් පුරෝකථනයන් ආදී තොරතුරු සවිස්තරව ඉදිරිපත් කරන කොටසයි

5. මෙහෙයුම් සැලැස්ම

ගනුදෙනුකරුවන්ට ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවා සත්‍යවශයෙන්ම නිපදවන්නේ කෙසේද යන්න මෙහෙයුම් සැලැස්මෙන් විස්තර කෙරේ. මෙහෙයුම් සැලැස්මකට ආයතනයේ නිෂ්පාදන ක්‍රියාපටිපාටි, කර්මාන්ත ශාලාව ස්ථානගත කිරීම්, ක්ශය කරන යන්ත්‍රෝපකරණ, යොදා ගන්නා ජාතික හා අන්තර්ජාතික ප්‍රමිති, නිෂ්පාදන ප්‍රමාණය ආදී විස්තර ඇතුලත් කරයි .

6. මානව සම්පත් සැලැස්ම

අරමුණු හා පරමාර්ථ ඉටුකරගැනීම පිණිස අනාගත මානව සම්පත් අවශ්‍යතා පිළිබඳවත් එම අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය පිළිබඳව තොරතුරු ඇතුළත් කරන කොටසයි

7.මූල්‍ය සැලැස්ම

ව්‍යාපාර සියලුම ඇස්තමේන්තුගත මූල්‍ය තොරතුරු ඇතුළත් වන කොටසයි. මෙම කොටස සැලැස්මේ පහළ සීමාවට ඇතුළත් වේ

8.ඇමුණුම

ව්‍යාපාර සැලැස්මේ අන්තර්ගතය තහවුරු කිරීමට උපකාරීවන සහාය ලිපි ලේඛන, රූප සටහන්, ප්‍රස්තාර, වගු, අනුපාත, ප්‍රධාන කළමනාකරුවන්ගේ ජීව දත්ත, යන ආදී විස්තර දැක්වෙන අවසාන කොටසයි

ව්‍යාපාර සැලැස්මක අන්තර්ගතය

ඉහත සාකච්ඡා කළ පරිදි ව්‍යාපාර සැලැස්මක ඇතුළත් විය යුතු අංගයන් ඇතුලත් සමස්ත අන්තර්ගතය පහත පරිදි පෙන්නුම් කළ හැකිය.

1. මුල් පිටුව

  • ආයතනයේ නම
  • ලිපිනය
  • දුරකථන අංකය / වෙබ් අඩවිය / ඊමේල් ලිපිනය / ෆැක්ස් අංකය
  • ව්‍යාපාර ලාංඡනය
  • ආදර්ශ පාඨ
  • සැලැස්ම පිළියෙල කළ දිනය
  • පිටපත් කිහිපයක් සහිත නම් පිටපත් අංකය
  • වැඩි පුර තොරතුරු විමසිය යුතු පුද්ගලයන්ගේ නම් හා දුරකථන අංක

2. විධායක සාරාංශය

  • ව්‍යාපාරයේ ඉතිහාසය
  • ව්‍යාපාරිකයාගේ නම හා ලිපි යොමුව
  • ව්‍යාපාරයක දැක්ම, නිෂ්ඨාව, පරමාර්ථ හා අරමුණු
  • නිපදවනු ලබන භාණ්ඩය හෝ සේවාව
  • තරග කිරීමට සිදුවෙන වෙළෙඳපොළ
  • ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට හා තරගකාරී වාසි අත් කර ගැනීමට හේතු විය හැකි කරුණු
  • ලබා ගැනීමට අපේක්ෂිත ණය ප්‍රමාණය

3. ව්‍යාපාර විස්තරය

  • ව්‍යාපාරය නම හා ලිපිනය, වෙබ් අඩවිය, email
  • ව්‍යාපාරයෙන් මෙහෙවර පරමාර්ථ හා අරමුණු
  • ආදී කර්තෘවරුන්
  • සංවිධාන ව්‍යුහය
  • ව්‍යාපාර සංවිධාන ක්‍රමය
  • ධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳ විස්තරය
  • ව්‍යාපාරයේ ස්වාභාවය
  • ව්‍යාපාර ඉතිහාසය හා වර්තමාන තත්වය
  • සාර්ථකත්වයට හේතු

4. අලෙවිකරණ සැලැස්ම

  • කර්මාන්තය හා වෙළෙඳපොළ විශ්ලේෂණය
  • අලෙවි කිරීමට අපේක්ෂිත භාණ්ඩය හෝ සේවාව
  • ඉලක්ක වෙළෙඳපොළ
  • තරගකාරීත්වය විශ්ලේෂණය
  • අපේක්ෂිත අලෙවිය
  • තරගකරුවන්ගේ අලෙවි උපායමාර්ග
  • ව්‍යසායකයාගේ යෝජිත අලෙවි උපායමාර්ග
  • නිෂ්පාදිත උපායමාර්ග
  • මිල හා උපායමාර්ග
  • බෙදාහැරීමේ උපායමාර්ග
  • ප්‍රවර්ධන උපාය මාර්ග
  • වාර්ෂික විකුණුම් පුරෝකථනය

5. මෙහෙයුම් සැලැස්ම

  • ස්ථාවර වත්කම් අවශ්‍යතාවය
  • අමුද්‍රව්‍ය අවශ්‍යතාවය
  • නිෂ්පාදනය සේවක අවශ්‍යතා
  • කර්මාන්තශාලා පිරියත සැලැස්ම
  • නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය
  • අපද්‍රව්‍ය බැහැර කිරීම
  • සාමාජීය හා පාරිසරික බලපෑම
  • ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙහෙයුම් කාර්ය හා වියදම්

6. මානව සම්පත් සැලැස්ම

  • සංවිධාන සටහන
  • සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම්
  • මානව සම්පත් සඳහා වාර්ෂික වියදම්
  • හවුල් කරුවන් පිළිබඳ විස්තර
  • කළමනාකරණ කුසලතා

7. මූල්‍ය සැලැස්ම

  • ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය
  • පුරෝකතනය කළ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය
  • ණය ආපහු ගෙවීමේ සටහන
  • පුරෝකතනය කළ මූල්‍ය තත්ව ප්‍රකාශනය
  • පුරෝකතනය කළ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
  • ව්‍යාපෘති සාරාංශය

8. ඇමුණුම්

  • නිෂ්පාදන පිරියත
  • ආචාරධර්ම පද්ධති
  • ප්‍රධාන කළමනාකරුවන්ගේ ජීව දත්ත
  • ප්‍රස්තාර
  • ගවේෂණාත්මක තත්ත්ව
  • විමර්ශන ලිපි
  • අලෙවිකරණ අත්පත්‍රිකා

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet