ව්‍යාපාර අධ්‍යනය18.03 - අලෙවි සැලැස්ම සම්බන්ධව වැදගත් කරුණු

18.03 – අලෙවි සැලැස්ම සම්බන්ධව වැදගත් කරුණු

අලෙවි සැලැස්ම සම්බන්ධව වැදගත් කරුණු

අලෙවිකරණ සැලැස්මක් වැදගත් වීමට හේතු
  1. වෙළඳපොලේ තරගකාරීත්වයට මුහුණ දිය හැකි බව පෙන්වා දීමට
  2. නිෂ්පාදිත සඳහා ප්‍රමාණවත් සහ වර්ධනය වන වෙළඳපොළක් ඇති බව පෙන්වා දීමට
කර්මාන්ත හා වෙළෙඳපොළ විශ්ලේෂණය

කර්මාන්තය හා වෙළෙඳපොළ විශ්ලේෂණයේ දී අදාළ කර්මාන්තය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කෙරේ. එනම් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය, විකුණුම් ලාභ, වර්ධන අනුපාත හා වෙනත් ප්‍රවණතා පිළිබඳව විශ්ලේෂණයක් කෙරේ.

ගැනුම්කරුවන් කවුද යන බව හා වෙළෙඳපොළ ප්‍රාදේශීය ද, ජාතිකද , අන්තර්ජාතික ද, යන බව මෙහිදී පෙන්වයි.

නිෂ්පාදිතය
  • නිෂ්පාදිතය එනම් භාණ්ඩය හෝ සේවාවයි
  • නිෂ්පාදිත මිශ්‍රය (දිග, පළල, ගැඹුර යනාදී විස්තර)
  • ඒ ඒ නිෂ්පාදිතයේ මෝස්තරය, ප්‍රමාණය, වර්ගය
  • නිෂ්පාදිතවල ප්‍රයෝජන
ඉලක්ක වෙළෙඳපොළ
  • ඉලක්ක වෙළෙඳපොළ හා එහි ඛන්ඩනවල සුවිශේෂී ලක්ෂණ
  • ඉලක්ක වෙළඳපොලේ මූලික ප්‍රවණතා හා අපේක්ෂිත වෙනස්කම්
  • ඉලක්ක වෙළෙඳ පොළට ළඟා වීමේ උපාය මාර්ග
තරගකාරීත්ව විශ්ලේෂණය
  • පවත්නා තරඟකාරීත්වයේ ස්වාභාවය
  • තරගකරුවන් හා ඔවුන්ගේ ශක්තීන්
  • තරගකාරීත්වයට මුහුණ දීමට තමා සතු ශක්තීන් හා දුර්වලතා
  • වෙළඳපොළට පිවිසීමට ඇති බාධා
අපේක්ෂිත අලෙවිය
  • ඉලක්ක වෙළඳපොලේ ප්‍රමාණය
  • අපේක්ෂිත වෙළෙඳපොළ වර්ධනය
තරගකරුවන්ගේ අලෙවි උපායමාර්ග පිළිබඳව දැක්විය යුතු කරුණු
  • තරඟකරුවන්ගේ මිල උපාය මාර්ග
  • බෙදාහැරිමේ උපායමාර්ග
  • ප්‍රවර්ධන උපායමාර්ග යනාදිය පිළිබද විස්තර
විකුණුම් පුරෝකථන
  • නිෂ්පාදිත වර්ගය,විකුණුම් ප්‍රමාණය, ඒකක මිල, වාර්ෂික ආදායම ආදී තොරතුරු ඇතුළත් වේ.
අලෙවි වියදම්

බෙදා හැරීමේ වියදම්, වට්ටම්, ප්‍රවර්ධන වියදම්, විකුනුම් කොමිස් අලෙවිය සඳහා යොදාගත් ස්ථාන වත්කම් ක්ෂය වීම් ආදී තොරතුරු ඇතුළත් විය යුතුයි.

මෙහෙයුම් සැලැස්ම සම්බන්ධව වැදගත් කරුණු

මෙහෙයුම් සැලැස්මක් යනු,

කිසියම් නිෂ්පාදනයන් බිහි කිරීමේ දී එම නිෂ්පාදනයට අදාළ ක්‍රියාපටිපාටි, නිෂ්පාදන පටිපාටි, නිෂ්පාදන ප්‍රමාණය, නිෂ්පාදන පිරිවැය, භාවිතා කරන ජාතික හා අන්තර්ජාතික ප්‍රමිති, නිෂ්පාදනය යන්ත්‍රෝපකරණ, කර්මාන්ත ශාලාව ස්ථානගත කිරීම යනාදී විස්තර ඇතුලත් කරන කොටස මෙහෙයුම් සැලැස්ම ලෙස හඳුන්වයි.

මෙහෙයුම් සැලැස්ම වැදගත් වීමට හේතු
  • ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව කල් තබා අවබෝධයක් ලබා ගත හැකි වීම
  • නිෂ්පාදිත ගුණත්වය ඉහළ නංවා ගත හැකි වීම
  • නිෂ්පාදන කාර්යයේ දී ඇතිවන අපතේ යෑම ප්‍රමාද වීම් අවම කරගත හැකි වීම
  • නිෂ්පාදන ඒකකයක පිරිවැය කල්තබා නිශ්චය කර ගත හැකි වීම
ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙහෙයුම් කාර්යන් හා වියදම්
  • පර්යේෂණ කටයුතු සිදු කිරීම හා සම්බන්ධ වියදම්
  • ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය
  • ප්‍රාග්ධන සම්පාදනය සඳහා දැරීමට සිදුවන පිරිවැය
  • අවශ්‍ය වන ජංගම නොවන වත්කම් අත්පත්කර ගැනීමේ දී දරන පිරිවැය

මානව සම්පත් සැලැස්ම

ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ඉටුකරගැනීම පිණිස අනාගත මානව සම්පත් අවශ්‍යතා නිශ්චය කිරීමත්, ඒ සඳහා අදාල වන පිරිවැය ඇස්තමේන්තු කොට සකසනු ලබන සැලැස්ම මානව සම්පත් සැලැස්ම ලෙස හැඳින්වේ.

මානව සම්පත් සැලසුමක් වැදගත් වීමට බලපාන හේතු
  • අනාගත සේවක අවශ්‍යතා පුරෝකථනය කළ හැකි වීම
  • මානව සම්පත වඩා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදා ගත හැකි වීම
  • හදිසි බඳවා ගැනීම සඳහා දැරීමට සිදුවිය හැකි පිරිවැය අවම කරගත හැකි වීම
  • ඉහල නිපුණතාවයකින් යුතු සේවකයන් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව සැලසීම
  • සේවකයන්ගේ පුහුණු හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට හැකිවීම
  • අනාගත සේවක අවශ්‍යතා කලින් හඳුනා ගැනීමෙන් ව්‍යාපාර කටයුතු අඩපණ වී යාම වළක්වා ගත හැකි වීම.
මානව සම්පත් සැලැස්මක ඇතුළත් විය යුතු කරුණු
  • ව්‍යවසායකයන්
  • කළමනාකරණ කුසලතා
  • සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම්
  • සංවිධාන සටහන
  • වාර්ෂික වියදම

මූල්‍ය සැලැස්ම පිළිබඳ වැදගත් කරුණු

ව්‍යාපාරයක සියලුම ඇස්තමේන්තුගත මූල්‍ය තොරතුරු ඇතුළත්වන කොටස මූල්‍ය සැලැස්ම ලෙස හැඳින්වේ.

මූල්‍ය සැලැස්ම සකස් කිරීමේ වැදගත්කම
  • ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය නිගමනය කිරීමට හා සම්පාදනය කර ගැනීමට
  • ව්‍යාපාරයේ අරමුදල් ආයෝජනය කිරීම පිළිබඳ තීරණ ගැනීමට
  • මුදල් ඌනතාවයක් ඇති විය හැකි කාලයේ හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට
  • මුදල් අතිරික්තයක් ඇති වන කාලය හඳුනා ගෙන ඒ මුදල් ඵලදායි කටයුතුවල යෙදවීම
මූල්‍ය සැලැස්මක ඇතුලත් විය යුතු කරුණු
  1. ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය
  2. ඇස්තමේන්තුගත ලාභ අලාභ
  3. ඇස්තමේන්තුගත මුදල
  4. ඇස්තමේන්තුගත මූල්‍ය තත්ව ප්‍රකාශය
  5. ණය ආපහු ගෙවීමේ සටහන
1. ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය

තෝරාගත් ව්‍යාපාර අදහසට අනුව ක්‍රියාත්මක කර පවත්වාගෙන යාමට බලාපොරොත්තු වුණ ව්‍යාපෘතිය සඳහා දැරීමට වන පිරිවැය ව්‍යාපෘති පිරිවැය ලෙස හැඳින්වේ.

එහි පහත කොටස් දැකිය හැකිය

  • මුළු ස්ථාවර පිරිවැය

ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය වන දිගුකාලීන පැවැත්මක් ඇති වත්කම් සඳහා දැරීමට වන පිරිවැයයි.

මෙම පිරිවැය යම් ධාරිතාව මට්ටමක් තුළ නිෂ්පාදන ප්‍රමාණය වෙනස් වීම සමග වෙනස් නොවේ.

  • මෙහෙයුම් පෙර වියදම

මෙහෙයුම් කටයුතු ඇරඹීමට පෙර අවශ්‍ය වියදම් වේ.

උදා- ඉඩම් සංවර්ධනය, විදුලිය, ජල පහසුකම් ලබා ගැනීම, බලපත්‍ර ලබා ගැනීම

  • මුළු කාරක ප්‍රාග්ධනය

එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වන අරමුදල් වීම

උදා- අමුද්‍රව්‍ය ලබා ගැනීමට

නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය දැරීමට

අලෙවි පොදුකාර්ය පිරිවැය දැරීමට

2. ඇස්තමේන්තු ආදායම් ප්‍රකාශනය

අපේක්ෂිත ආදායම්, අපේක්ෂිත විකුණුම් භාණ්ඩ වල පිරිවැය සහ අපේක්ෂිත මෙහෙයුම් වියදම් දැක්වෙන ලේඛනය ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය ලෙස හැඳින්වේ.

ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය පහත කරුණු ඇතුලත් වේ.

  • විකුණුම් ආදායම්
  • විකුණුම් පිරිවැය
  • දළ ලාභය
  • බදු පෙර ලාභය
  • බදු පසු ලාභය
3. ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

යම් අනාගත කාල පරිච්ඡේදයක් තුළ ව්‍යාපාරයට මුදල් ගලා යාමේ සහ ගලා යාම පිළිබඳ ඇස්තමේන්තුව ඇතුලත් කර පිළියෙල කරන ලේඛනයකි.

ඇස්තමේන්තුව මුදල් ප්‍රවාහ ප්‍රකාශයක නිශ්චිත කාල පරිච්ඡේදය තුළ මුදල් ගලා ඒම්, මුදල් ගලා යාම් හා කාල පරිච්ඡේදය අවසානයේ මුදල් ශේෂය ඇතුළත් වේ.

මුදල් ගලා ඒම්,

  • හිමිකරුවන් යෙදවූ ප්‍රාග්ධනය
  • සපයා ගත් ණය
  • ණයගැති ලැබීම්
  • අත්පිට විකුණුම්
  • වෙනත් ආදායම් ලැබීම්

මුදල් ගලා යාම්,

  • ජංගම වත්කම් මිලට ගැනීම
  • ජංගම නොවන වත්කම් මිලට ගැනීම
  • විදුලිය රක්ෂණ සන්නිවේදන වැටුප් ගෙවීම
  • ණය වාරික ගෙවීම
4. ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

යම් අනාගත කාලපරිච්ඡේදයක අවසාන දිනට ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය පෙන්නුම් කරන ලේඛනයකි.

ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක පහත දැක්වෙන කරුණු ඇතුළත් වේ.

  • ජංගම නොවන වත්කම්
  • ජංගම වත්කම්
  • ජංගම නොවන වගකීම්
  • ජංගම වගකීම්
5. ණය ආපහු ගෙවීමේ සටහන

ව්‍යාපාරය ලබාගත් ණය මුදල්, වාරික හා පොලිය ආපහු ගෙවන ආකාරය, කාලපරිච්ඡේදය ආරම්භයේ හා අවසානයේ ණය ශේෂය ආදී විස්තර ඊට ඇතුළත් විය යුතුය.

උදා- ණය හිමියෝ, ගෙවිය යුතු වියදම්, උපචිත බදු

ව්‍යාපෘති සාරාංශ

ඇස්තමේන්තුගත පිරිවැය, ආදායම් ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ණය ආපහු ගෙවීමේ සටහන, ඇස්තමේන්තුගත ශේෂ පත්‍රය යනාදියේ දැක්වෙන තොරතුරු සාරාංශගත ලේඛනය ව්‍යාපෘති සාරාංශය ලෙස හැඳින්වේ.

මූල්‍ය වාර්තා හා මූල්‍ය නොවන වාර්තා විශ්ලේෂණය

මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී මූල්‍ය මිනුම්දඬු භාවිතා කරයි,

  • සමච්ඡේද ලක්ෂය විග්‍රහය
  • අනුපාත විශ්ලේෂණය

මූල්‍ය නොවන වාර්තා විශ්ලේෂණයේදී මූල්‍ය නොවන මිනුම්දඬු භාවිතා කරයි,

  • අපේක්ෂිත ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය පවතීද යන්න සහ ඒවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය ලබාගත හැකි ද යන්න
  • අපේක්ෂිත ව්‍යාපාරය ක්‍රියාත්මක කළ හැකිද යන්න
  • සැලසුමට අනුව ව්‍යාපාරය ඇරැඹීමට හා පවත්වාගෙන යාමට හැකිවේ ද යන්න
  • අවශ්‍ය පරිසරය සූදානම් ද යන්න
  • නෛතික තත්වයන්ට අනුකූල වේ ද යන්න

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet