07.01 – මුදල්

හුවමාරුවේදී අතරමැදි මාධ්‍යක් ලෙස භාවිතා වන පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් මුදල් නම් වේ.

අතීතයේදී මුදල් නොමැතිව සිදු වූ සෘජු හුවමාරුව භාණ්ඩ හුවමාරුව නම් විය.භාණ්ඩ හුවමාරුවේදී පහත දුශ්කරතා වලට මුහුණ දීමට සිදු විය.

  • ද්වීක සමපාතයක් නොමැති වීම
  • වටිනාකම කොටස් කළ නොහැකි වීම.
  • ඇතැම් භාණ්ඩ කල් තබා ගත නොහැකි වීම.

එබැවින් භාණඩ හුවමාරුව වෙනුවට සෑම දෙනාම පිළිගන්නා පොදු මාධ්‍යක අවශ්‍යතාව පැනනැගිනි.එම හුවමාරු මාධ්‍ය මුදල් ලෙස හැදින්විය.

මුදලේ විකාශනය

  1. විවිධ ද්‍රව්‍ය මුදල් ලෙස භාවිතා කිරීම.
  2. ලෝහ වර්ග මුදල් ලෙස භාවිතා කිරීම.
  3. ලෝහ කාසි භාවිතා කිරීම.
  4. කාසි හා නෝට්ටු (ව්‍යවහාර මුදල්) භාවිතා කිරීම.
  5. බැංකු මුදල් භාවිතා කිරීම.
  6. විද්‍යුත් මුදල් භාවිතා කිරීම.

හොද මුදලක ලක්ෂණ

  • පොදු පිළිගැනීමක් තිබීම
  • කල් පැවැත්ම
  • අනුකරණය දුශ්කර වීම
  • පහසුවෙන් හදුනාගත හැකි වීම
  • කුඩා කොටස් වලට බෙදිය හැකි වීම
  • අගය නොවෙනස්ව පැවතීම

මුදලේ කාර්යයන්

  1. හුවමාරු / විනිමය මාධ්‍යක් ලෙස
  2. වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම
  3. වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම
  4. විලම්භීත ගෙවුම් මාධ්‍යක් වීම.

ඉහත 1 හා 2 ප්‍රාථමික කාර්යයන් ලෙසද , 3 හා 4 මුදලේ ව්‍යුත්පන්න කාර්යයන් ලෙසද හැදින්විය හැක.

මුදල් වර්ග

  1. ව්‍යවහාර මුදල්

මූල්‍ය අධිකාරියේ නියෝග මත නිකුත් කර ඇති කාසි හා නෝට්ටු මෙලෙස හදුන්වයි.

2. බැංකු මුදල්

වාණිජ බැංකු වල පවත්වාගෙන යනු ලබන ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම ශේෂ මෙලෙස හදුන්වයි.

3. ආසන්න මුදල්

ව්‍යවහාර මුදල් මෙන් 100% ක් යුක්ත නොවූ එහෙත් වටිනාකමේ සන්නිධියක කාර්යය ඉටුකරනු ලබන පහසුවෙන් මුදල් බවට පත්කළ හැකි වත්කම්ය.

උදා : ඉතුරුම් තැන්පතු

        භාණ්ඩාගාර බිල්පත්

        වාණිජ පත්‍රිකා

4.විද්‍යුත් මුදල්

තොරතුරු හා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වී ඇති දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුවලදී ගෙවීම් කිරීමට යොදා ගනු ලබන මුදල්ය.

උදා : හර කාඩ්පත් (Debit card)

ණය කාඩ්පත් (Credit card)

පෙරගෙවුම් කාඩ්පත් (Pre-paid card)

මෙම කාඩ්පත් සේවා පහසු කර ගැනීම සදහා පහත සඳහන් පහසුකම් යොදා ගනී.

  • ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM – Automated Teller Machine)
  • ස්වයංක්‍රීය තැන්පතු යන්ත්‍ර (ADM – Automated Deposit Machine)
  • චෙක්පත් තැන්පතු යන්ත්‍ර (CDM – Cheque Deposit Machine)
  • ටෙලි බැංකු පහසුකම්
  • අන්තර්ජාල බැංකු කටයුතු

විද්‍යුත් මුදල්

විද්‍යුත් ක්‍රමයකට නැතහොත් පරිගනක ජාලයක් හරහා හුවමාරුවන මුදල් විද්‍යුත් මුදල් ලෙස සැලකේ.

විද්‍යුත් මුදල් වර්ග,

  • ණයපත් – Credit cards
  • හරපත් – Debit cards
  • පෙරගෙවුම් කාඩ්පත් – Pre-paid cards
  • ස්මාර්ට් කාඩ්පත් – Smart cards
  • ක්ෂුද්‍රපත් – Microchips

01. ණයපත්

කිසියම් නිශ්චිත වටිනාකමක් දක්වා අනුමත වෙළද ආයතන වලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හැකිවන පරිදි වාණිජ බැංකුවක් හෝ බලයලත් ආයතනයක් විසින් නිකුත් කරන කාඩ්පත් විශේෂයකි.

Cey Bank Visa – Bank of Ceylon

People’s Visa – People’s Bank

Master Card – Sampath Bank

ගනුදෙනුකරුවන්ට වන වාසි :
  • ණයපත ලබා ගැනීම සදහා බැංකු ගිණුමක් අවශ්‍ය නොවීම
  • යම් කාලසීමාවක් දක්වා පොලී රහිත ණයක් වීම
  • අනුමත සීමාව තුල ATM මගින් මුදල් ලබා ගත හැකිවීම
  • වට්ටම හා ප්‍රසාද ලකුණු හිමි වීම
ගනුදෙනුකරුවන්ට වන අවාසි :
  • ණයපත් සදහා මුදල් ගෙවීමට ප්‍රමාද වීම නිසා ඉහළ පොලී මුදලක් ගෙවීමට සිදු වීම
  • සෑම අලෙවිසැලකම ගනුදෙනු සිදුකළ නොහැකි වීම
ව්‍යාපාරිකයාට වන වාසි :
  • ණයට විකුණුම් සදහා මුදල් ලැබීම ස්ථිර වීම
  • පිරිවැටුම වැඩි නිසා ලාභය ඉහළ යාම
  • නොමිලේ ප්‍රචාරණයක් ලැබීම
ව්‍යාපාරිකයාට වන අවාසි :
  • බැංකුවට කොමිස් මුදලක් ගෙවීමට සිදුවීම
  • විශේෂිත යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට සිදුවීම
ණයපතක මුහුනත දැක්වෙන තොරතුරු :
  • බැංකුවේ නම හා ලාංඡනය
  • ක්ෂුද්‍ර පත
  • ණයපත් අංකය
  • ණයපතේ සන්නම නම හා ලාංඡනය
  • වලංගු දිනය
  • හිමිකරුගේ නම
ණයපතක පිටුපස දක්වෙන තොරතුරු :
  • ආරක්ෂිත ලාංඡනය
  • අත්සන් පටිය
  • කාන්දම් පටිය
  • ආරක්ෂිත සංකේතය
  • බැංකුවේ නම හා කොන්දේසි
ණයපතකට සම්බන්දවන පාර්ශව
  1. ණයපත් හිමියා
  2. ණයපත නිකුත්කරන බැංකුව හෝ මූල්‍ය ආයතනය
  3. වෙළදසැල් හිමියා
  4. ණයපත් සංගමය

02.හරපත්

ගිණුම් හිමියෙකුට, තම ගිණුම් ශේෂය දක්වා වෙළදසැල් ගෙවීම් පියවීම් කිරීම සදහාත්, ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් මුදල් ආපසු ලබා ගැනීම සදහාත් බැංකුව විසින් නිකුත් කරනු ලබන ප්ලාස්ටික් කාඩ්පත් විශේෂයකි.

SET – Sampath Bank

PET – People’s Bank

Catsupper – Commercial Bank

ගනුදෙනුකරුවන්ට වන වාසි :
  • ගිණුමේ ඇති මුදල් භාවිතා කරන නිසා පොලියක් ගෙවීමට සිදු නොවීම
  • ගනුදෙනුව එම අවස්ථාවේදීම නිම වීම
  • ATM හරහා මුදල් ලබා ගත හැකි වීම
ගනුදෙනුකරුවන්ට වන අවාසි :
  • ගිණුමක් තිබීම අනිවාර්ය වීම
  • ගිණුමේ ඇති ශේෂය දක්වා පමණක් ගනුදෙනු කළ හැකි වීම

03.පෙරගෙවුම් කාඩ්පත්

කලින් මුදල් ගෙවා ලබාගත හැකි කාඩ්පත් විශේෂයකි.මුදල් හෝ චෙක්පත් වෙනුවට ආරක්ෂාකාරි මෙන්ම පහසු විද්‍යුත් ගෙවීමේ ක්‍රමයකි.බැංකු ගිණුම් නොමැති පුද්ගලයින්ට මෙම ක්‍රමය හරහා විද්‍යුත් ක්‍රමයට ගෙවීම් සිදුකල හැක.

දුරකතන කාඩ්පත්

Travel pass

04.Smart Card

මෙය Integrated Circuit Card එකකි.මෙහි මුදල් වටිනාකමක් සහිත chip අන්තර්ගතය.මෙය භාවිතා කර ගනුදෙනුවක් සිදුකල විට එම ගනුදෙනුවේ වටිනාකම හර වී ශේෂය අඩු වේ.ආදාල නිකුතු ආයතනය මගින් වරින්වර මුදල් ගබඩා කර ගත හැක.Smart Card මගින් ණයපතක, හරපතක, ATM කාඩ්පතක කාර්යයන්ද සිදුකළ හැකි අතර මෙය විද්‍යුත් මුදල් පසුම්බියක් ලෙස භාවිතා කළ හැක.

විද්‍යුත් මුදල් භාවිතයේ වාසි :
  • ගනුදෙනු කිරීමේ පිරිවැය අඩුවීම.
  • මුදලේ ආරක්ෂාව තහවුරු වීම
  • දවසේ පැය 24 පුරාම ගනුදුනු සිදුකල හැකි වීම
  • ගෙවීම් කටයුතු පහසු වීම
  • විදේශ ගනුදෙනු සදහා භාවිතා කළ හැකිවීම.
විද්‍යුත් මුදල් භාවිතයේ අවාසි :
  • පොලී, ප්‍රමාද ගාස්තු වැනි පිරිවැය දැරීමට සිදු වීම
  • වංචනික ක්‍රියා සිදුවීම
  • අනවශ්‍ය පාරිභෝජන රටාවකට හුරුවීම
  • තාක්ෂණික දෝශ නිසා ගනුදෙනුවලට බාදාසිදු වීම

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom