No menu items!
02.වීජ ගණිතය02.12.සංකීර්ණ සංඛ්‍යා02.12.05 - විස්ථාරය ආශ්‍රිත පථ

02.12.05 – විස්ථාරය ආශ්‍රිත පථ

1.arg (z) =\begin{array}{l}\frac{\mathrm\pi}3\\\end{array} වන පරිදි z හි පථය සෙවීම.

  • මෙය arg (z-(0+0i)) = \begin{array}{l}\frac{\mathrm\pi}3\\\end{array} ලෙස සකසා ගන්න.
  • (0,0) ලක්ෂයෙන් ආරම්භ කර තාත්වික අක්ෂය සමග වාමාවර්තව \begin{array}{l}\frac{\mathrm\pi}3\\\end{array} කෝණයක් සාදන පරිදි z හි පථය පහත පරිදි නිර්මාණය කරයි.

2.arg (z) =\begin{array}{l}\frac{2\mathrm\pi}3\\\end{array} වන පරිදි z හි පථය සෙවීම.

  • මෙය arg (z-(0+0i)) =\begin{array}{l}\frac{2\mathrm\pi}3\\\end{array}ලෙස සකසා ගන්න.
  • (0,0) ලක්ෂයෙන් ආරම්භ කර තාත්වික අක්ෂය සමග වාමාවර්තව \begin{array}{l}\frac{2\mathrm\pi}3\\\end{array} කෝණයක් සාදන පරිදි z හි පථය පහත පරිදි නිර්මාණය කරයි.

3.arg (z) = –\begin{array}{l}\frac{\mathrm\pi}6\\\end{array}වන පරිදි z හි පථය සෙවීම.

  • මෙය arg (z-(0+0i)) =-\begin{array}{l}\frac{\mathrm\pi}6\\\end{array} ලෙස සකසා ගන්න.
  • ඍණ කෝණයක් නිසා තාත්වික අක්ෂය සමග \begin{array}{l}\frac{\mathrm\pi}6\\\end{array} ක කෝණයක් දක්ෂිණාවර්තව මනී.

4.arg (z-3) =\begin{array}{l}\frac{\mathrm\pi}4\\\end{array} වන පරිදි z හි පථය සෙවීම.

  • මෙය arg (z-(3+0i))=\begin{array}{l}\frac{\mathrm\pi}4\\\end{array} ලෙස සකසා ගන්න.
  • (3,0) ලක්ෂයෙන් ආරම්භ කර තාත්වික අක්ෂය සමග වාමාවර්තව \begin{array}{l}\frac{\mathrm\pi}4\\\end{array} කෝණයක් සාදන පරිදි z හි පථය පහත පරිදි නිර්මාණය කරයි.

5.arg (z+2) =\begin{array}{l}\frac{2\mathrm\pi}3\\\end{array} වන පරිදි z හි පථය සෙවීම.

  • මෙය arg (z-(-2+0i))=\begin{array}{l}\frac{2\mathrm\pi}3\\\end{array} ලෙස සකසා ගන්න.
  • (-2,0) ලක්ෂයෙන් ආරම්භ කර තාත්වික අක්ෂය සමග වාමාවර්තව \begin{array}{l}\frac{2\mathrm\pi}3\\\end{array} කෝණයක් සාදන පරිදි z හි පථය පහත පරිදි නිර්මාණය කරයි.

6.arg (z+4-3i) =\begin{array}{l}\frac{\mathrm\pi}6\\\end{array} වන පරිදි z හි පථය සෙවීම.

  •    මෙය arg (z-(-4+3i))=\begin{array}{l}\frac{\mathrm\pi}6\\\end{array} ලෙස සකසා ගන්න.
  •   (-4,3) ලක්ෂයෙන් ආරම්භ කර තාත්වික අක්ෂය සමග වාමාවර්තව \begin{array}{l}\frac{\mathrm\pi}6\\\end{array}  කෝණයක් සාදන පරිදි z හි පථය පහත පරිදි නිර්මාණය කරයි.

“Numbers constitute the only universal language.”
-Nathaneal West

විස්ථාරය ආශ්‍රිත පථයන්හි අසමානතා

 \begin{array}{l}0\leq\arg(\mathrm 1.Z)\leq\frac{\mathrm\pi}3\\\end{array}  z අඩංගු ප්‍රදේශය පාට කරන්න.

  •       arg(z) =0                      arg(z) =\begin{array}{l}\frac{\mathrm\pi}3\\\end{array} ලෙස ගන්න.
  •      දැන් z හි පථයන් වෙන වෙනම එකම ආගන්ඩ් තලයක් මත අඳින්න.
  •      අවස්ථා දෙකේදීම සමානතාවය සලකා ඇති නිසා z හි පථය තනි ඉරකින් අඳී.
  •           \begin{array}{l}\frac{\mathrm\pi}3\\\end{array}  ට වඩා අඩු හා 0 ට වඩා වැඩි නිසා ඒ අතර ප්‍රදේශය පාට කරන්න.   
\begin{array}{l}\frac{\mathrm 2.\pi}6\;<\;\arg(\mathrm Z)\;<\;\frac{\mathrm\pi}3\\\end{array}
  • arg(z) =\begin{array}{l}\frac{\mathrm\pi}6\\\end{array}                     arg(z) =\begin{array}{l}\frac{\mathrm\pi}3\\\end{array} ලෙස ගන්න.
  • දැන් z හි පථයන් වෙන වෙනම එකම ආගන්ඩ් තලයක් මත අඳින්න.
  • අවස්ථා දෙකේදීම සමානතාවය සලකා නැති නිසා z හි පථය කඩ ඉරකින් අඳී.
  •  \begin{array}{l}\frac{\mathrm\pi}3\\\end{array}  ට වඩා අඩු හා \begin{array}{l}\frac{\mathrm\pi}6\\\end{array}  ට වඩා වැඩි නිසා ඒ අතර ප්‍රදේශය පාට කරන්න.

\begin{array}{l}3.0\;<\;\arg(\mathrm Z\;-\;2\;+\;3\mathrm i)\;<\;\frac{\mathrm\pi}2\\\end{array}

  •    arg(z-2+3i) =0
    arg(z-2+3i) =\begin{array}{l}\frac{\mathrm\pi}2\\\end{array}  ලෙස ගන්න.
  • දැන් z හි පථයන් වෙන වෙනම එකම ආගන්ඩ් තලයක් මත අඳින්න.
  • පළමු අවස්ථාවේදී සමානතාවය සලකා නැති නිසා කඩ ඉරකින්ද දෙවන අවස්ථාවේදී සමානතාවය සලකා ඇති නිසා තනි ඉරකින්ද z හි පථය ඇඳීම සිදු කරයි.
  •  \begin{array}{l}\frac{\mathrm\pi}2\\\end{array} ට වඩා අඩු හා 0 ට වඩා වැඩි නිසා ඒ අතර ප්‍රදේශය පාට කරන්න.
\begin{array}{l}4.2\;\leq\mathrm{Im}(\mathrm Z)<4\\\end{array}
  • Im(z) =2                           Im(z)=4 ලෙස ගන්න.
  • Im(z) =2(මෙය ඛණ්ඩාංක තලයකදී y=2 රේඛාවට අනුරූප වේ.)

Im(z) =4(මෙය ඛණ්ඩාංක තලයකදී y=4 රේඛාවට අනුරූප වේ.)

  • දෙවන අවස්ථාවේදී සමානතාවය සලකා නැති නිසා කඩ ඉරකින්ද පළමු අවස්ථාවේදී සමානතාවය සලකා ඇති නිසා තනි ඉරකින්ද z හි පථය ඇඳීම සිදු කරයි.
\begin{array}{l}5.-3<\mathrm{Re}(\mathrm Z)\leq2\\\end{array}
  • Re(z) =-3                            Re(z) =2 ලෙස ගන්න.
  • Re(z) =-3 (මෙය ඛණ්ඩාංක තලයකදී x=-3 රේඛාවට අනුරූප වේ.)
  • Re(z) =2  (මෙය ඛණ්ඩාංක තලයකදී x=2 රේඛාවට අනුරූප වේ.)
  • පළමු අවස්ථාවේදී සමානතාවය සලකා නැති නිසා කඩ ඉරකින්ද දෙවන අවස්ථාවේදී සමානතාවය සලකා ඇති නිසා තනි ඉරකින්ද z හි පථය ඇඳීම සිදු කරයි.

දිය අගලකින් වට වුණු මාලිගාවක් තියෙනවා.මේ මාලිගාවට යන්න නම් අනිවාර්යෙන් දිය අගල තරණය කරන්නම වෙනවා.ඔබ ළඟ තියෙන්නේ අඩි 19 ක්දිග ලෑලි දෙකක් පමණයි කියලා හිතන්න.හැබැයි දිය අගලේ පළල අඩි 20ක් වෙනවා. අවාසනාවකට ඔබට ලෑලි එකට සවි කරන්න ක්‍රමයකුත් නැහැ. දැන් ඔබ දිය අගල තරණය කරලා මාලිගාවට යන්නේ කොහොමද?

අභ්‍යාස  –  

 1) z6 =1 සමීකරණයෙහි මූල x + iy ආකාරයෙන් ලබා ගන්න. මෙහි  x,y∈ℝසහ i2 = -1 වේ.zහා z යනු z6 = 1 සමීකරණයෙහි ප්‍රභින්න මූල දෙකක් නම්,|z1 – z2| සදහා ගත හැකි අගය 1,2 සහ  බව ආගන්ඩ් සටහන භාවිතයෙන් පෙන්වන්න.

2) z  යනු |z| =\sqrt3  වන පරිදි වූ ඕනෑම සංකීර්ණ සංඛ්‍යාවක් වන විට, ආගන්ඩ් සටහන භාවිතයෙන් ,

\;\;2-\sqrt3\;\leq\;\vert z+2\vert\leq2+\sqrt3\;\;\mathrm{බව}\;\mathrm ද\;-\frac{\mathrm\pi}3\leq arg(z+2)\;\;\leq\frac\pi3

බව ද  බව ද පෙන්වන්න.

1)

\begin{array}{l}\;z^6\;\;=\;1\;\\\Longrightarrow\;z^6\;–\;1\;=\;0\\\Longrightarrow\;(z^3\;–\;1)(z^3\;+\;1)\;=\;0\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;(5)\\\Longrightarrow(z\;-1)(\;z\;+\;1)(z^2\;+\;z\;+1)(\;z^2\;–\;z\;+1)\;=\;0\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;(10)\\\Longrightarrow z\;-\;1\;=\;0\;\;\mathrm{හෝ}\;\;z\;+\;1\;=\;0\;\;\mathrm{හෝ}\;\;z^2\;+\;z\;+1\;=\;0\;\;\mathrm{හෝ}\;\;z^2\;–\;z\;+1\;=0\\\Longrightarrow z\;=\;\pm1\;\;,\;\;z\;=-\frac12\pm\;\;i\frac{\;\sqrt3\;}2\;,\;\;z\;=\;\frac12\;\;\pm\;\;i\;\frac{\sqrt3}2\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;(15)\end{array}

මේ ආකාරයට z6 = 1 හි මූල හය ලැබේ.

මෙම එක් එක් මූලයෙහි මාපාංකය 1 වන අතර විස්ථාරය\frac{\mathrm\pi}2  හි ගුණාකාරයක් වේ.\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\boldsymbol(\mathbf{15}\boldsymbol)

මෙම මූල හය ආගන්ඩ් සටහනක රුපයේ දැක්වෙන පරිදි නිරූපණය කල හැකිය.

OA = OB = OC = OD =  OE = OF = 1 වේ.

මෙම A,B,C,D,E,F ලක්ෂ්‍ය හයම කේන්ද්‍රය O ද, අරය ඒකක 1 ද වන වෘත්තය මත පිහිටයි.   (10)

එවිට |z1 – z2| යනු එම ලක්ෂ්‍ය හය අතුරින් කිසියම් ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛා ඛණ්ඩයේ දිග වේ.

∴ |z1 – z2| = ඒකක 1 හෝ ඒකක 2 හෝ ඒකක \sqrt3  වේ.   \;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\boldsymbol(\mathbf{10}\boldsymbol)          

 (AB = 1, AD = 2, AC = \sqrt3 බැවින්)                               

\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;[75]

2)

|z| =\sqrt3 ⇒ OP = 3 (නියත) \;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\boldsymbol(\mathbf{5}\boldsymbol)

∴P ලක්ෂ්‍යය , කේන්ද්‍රය (0,0) ද අරය \sqrt3 ද වන  වෘත්තය මත පිහිටයි.\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\boldsymbol(\mathbf{5}\boldsymbol) 

\begin{array}{l}\vert\mathrm z+2\vert=\vert\mathrm z-(-2)\vert=\mathrm{PQ}\\\mathrm P\;\;\mathrm{විචලනය}\;\mathrm{වන}\;\mathrm{විට},\\\mathrm{QA}'\leq\mathrm{QP}\leq\mathrm{QA}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;(5)\\2-\sqrt3\leq\vert\mathrm z+2\vert\leq2+\sqrt3\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;(5)\\\mathrm{Arg}(\mathrm z+2)=\mathrm{Arg}(\mathrm z–(-2))\;=\mathrm\theta\\-\mathrm\beta\leq\mathrm\theta\leq\mathrm\beta\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;(5)\\\mathrm\beta=\sin^{-1}\left(\frac{\sqrt3}2\right)\;\mathrm{බැවින්}\;\mathrm\beta=\frac{\mathrm\pi}3\\\therefore-\frac{\mathrm\pi}3\leq\mathrm{Arg}(\mathrm z+2)\leq\frac{\mathrm\pi}3\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;(5)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\lbrack35\rbrack\end{array}
https://youtu.be/P8bmRcfa9u8
https://youtu.be/-M4S8w2jjW0
https://youtu.be/t-rASTB-6tM
https://youtu.be/UcGKcdW2fLA
https://youtu.be/oA7A38Ln-o0
https://youtu.be/KOQZwa9oeIY

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.