විද්‍යා අංශයසංයුක්ත ගණිතය03.01.03 - ප්‍රයෝගික චලිත අවස්ථා සදහා චලිත ප්‍රස්ථාර නිර්මාණය කිරීම.

03.01.03 – ප්‍රයෝගික චලිත අවස්ථා සදහා චලිත ප්‍රස්ථාර නිර්මාණය කිරීම.

  • ප්‍රායෝගික චලිත අවස්ථා සදහා චලිත ප්‍රස්ථාර නිර්මාණයේදී A ලක්ෂය සහ ධන දිශාව අප විසින් නිර්ණය කල යුතුය.
    උදා :
  1. වස්තුවක් නිශ්චලතාවයෙන් චලිතය අරඹා සරල රේඛාවක් ඔස්සේ චලනය වේ. එය ඒකාකාර ත්වරණයෙන් චලනය වී පසුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඒකාකාර මන්දනයක් යටතේ නිශ්චලතාවයට  පත්වේ.
  • මෙහිදී චලිතය අරඹන දිශාව ධන දිශාව ලෙස සලකා ඇත.
  1. පොළව මත පිහිටන ලක්ෂ්‍යයක් A වන අතර A ට සිරස්ව ඉහලින් පිහිටන ලක්ෂ්‍යයක් B වේ. P වස්තුවක් A සිට ඉහලට යම් ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරයි. සුළු කාලයකට පසු Q වස්තුවක් B සිට නිශ්චලතාවයේ සිට මුදා හරී. වස්තු දෙක ගැටෙන අතර ගැටෙන මොහොතේ ඒවායේ ප්‍රවේග ප්‍රතිවිරුද්ධ දිශා ඔස්සේ එකම අගයක් ගනී.ගැටෙන මොහොත දක්වා චලිත ප්‍රස්තාර පහත පරිදි වේ.
  • මෙහිදී ඉහල දිශාව ධන ලෙස සලකා ඇත. ∴ P හි ප්‍රස්ථාරය කාල අක්ෂයෙන් ඉහලදිත් Q හි ප්‍රස්ථාරය කාල අක්ෂයෙන් පහලදිත් ඇද ඇත.
  • කිසිදු බාහිර බලයක් නොමැතිව නිදහසේ සිරස්ව ඉහල හෝ පහල යන වස්තු මත ක්‍රියාත්මක වනුයේ ගුරුත්වජ ත්වරණයයි.
  • එය සෑම විටම පොළව දෙසට වන නිසා ඉහත ගැටලුවේදී එය ඍණ දිශාවට ක්‍රියාත්මක වේ.
  • ∴ ප්‍රස්තාර දෙකෙහිම බෑවුම් ඍණ වේ.
  • එලෙසම ගුරුත්වජ ත්වරණය නියත ලෙස සලකන බැවින් බෑවුම ඒකාකාර වේ.  
  • වේග-කාල ප්‍රස්තාරය සැලකීමේදී වේගය අදිශයක් නිසා කාල අක්ෂයෙන් පහල අනුරේඛනය නොවෙයි.
  • මෙහිදී ප්‍රවේග- කාල ප්‍රස්තාරයේ කාල අක්ෂයෙන් පහල ඇති කොටස්වල දර්පණ ප්‍රතිබිම්බය වේග-කාල ප්‍රස්තාරයේ කාල අක්ෂයෙන් ඉහල අනුරේඛනය කරයි.
  1. A සිට u ප්‍රවේගයෙන් චලිත වෙමින් පවතින P රථය ඉදිරියේ ඇති මඩ වලක් දැක t= t1 හිදී ක්ෂණිකව තිරිංග යෙදීම නිසා ප්‍රවේගය v දක්වා අඩු වේ. v ඒකාකාර ප්‍රවේගයෙන් චලිතවී t කාලයකට පසු g මන්දනයෙන් B ලක්ෂයේදී නිසලතාවයට පැමිනේ. AB පරතරය d වේ.

\begin{array}{rcl}tan\alpha&=&g\\[4px]\mathrm{GHI}\;\mathrm{Δන්},\;tan\alpha&=&\frac v{\mathrm{GI}}\\[4px]\mathrm{GI}&=&\frac vg\\{\mathrm{OCDF}\;\mathrm ව.\mathrm ඵ.}&=&\;u\times t_1\\\mathrm{EFGH}\;\mathrm ව.\mathrm ඵ.&=&v\times t\\\mathrm{GHI}\;\mathrm ව.\mathrm ඵ.&=&\frac12\times v\times\mathrm{GI}=\frac12\frac{v^2}g\\[4px]\mathrm{AB}\;\mathrm{අතර}\;\mathrm{පරතරය}&=&\mathrm{OCDF}\;\mathrm ව.\mathrm ඵ.+\mathrm{EFGH}\;\mathrm ව.\mathrm ඵ.+\mathrm{GHI}\;\mathrm ව.\mathrm ඵ.\\d&=&ut_1+vt+\frac12\frac{v^2}g\end{array}

  1. පොළොවේ සිට P රොකට්ටුවක් g/4 ms-2 ත්වරණයකින් ඉහලට චලිත වේ. t කාලයකට පසු රොකට්ටුවෙන් Q මල්ලක් මුදා හරිනු ලබයි. එම Q මල්ල නැවත පොළොවේ ගැටෙන තුරු P හා Q හි චලිතය සදහා ප්‍රවේග-කාල ප්‍රස්ථාරයක් සලකමු.

\begin{array}{rcl}\tan\alpha&=&g\\[4px]tan\beta&=&\frac g4\\[4px]\mathrm{OAB}\;\mathrm\Delta\;\;\mathrm{න්}\;,\;\;\;\tan\beta&=&\frac ut\\[4px]\frac g4&=&\frac ut\\[4px]\mathrm{OAC}\;\mathrm ව.\mathrm ඵ.&=&\;\mathrm{CEF}\;\mathrm ව.\mathrm ඵ.\end{array}

  • 2020, 2019, 2018, 2016, 2015, 2014, 2013, 2012 යන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලදී ඉහත උදාහරණ වල පරිදි ප්‍රවේග-කාල වක්‍රය අනුරේඛනය කර අනුක්‍රමණය හා වර්ගඵල සදහා ප්‍රකාශන ලබා ගනිමින් ගැටලුව විසදීමට ඇත.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet