විද්‍යා අංශයජීව විද්‍යාව5.5.3 - මිනිසාගේ බහිස්ස්‍රාවී පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍යය.

5.5.3 – මිනිසාගේ බහිස්ස්‍රාවී පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍යය.

පාඩමේ සටහන Download කරගන්න.

 

1.මානව මුත්‍ර වාහිනී පද්ධතිය සමන්විත වන කොටස් 4 ක් නම් කර ඒවායේ ප්‍රධාන කෘත්‍යයක් බැගින් සදහන් කරන්න.

    • වෘක්ක – ආඝ්‍රැතික තුල්‍යතාවය / අම්ල භෂ්ම තුල්‍යතාවය පවත්වාගැනීම/ අපද්‍රව්‍යය බැහැර කිරීමට මුත්‍ර නිපදවීම.
    • මුත්‍ර වාහිනිය – මුත්‍ර ලබාගෙන මුත්‍රාශයට යැවීම.
    • මුත්‍රාශය – තාවකාලිකව මුත්‍ර ගබඩාකිරීම.
    • මුත්‍ර මාර්ගය – මුත්‍රාශය තුල ගබඩා කර තිබු මුත්‍ර , දේහයෙන් පිටවීමට. මාර්ගයක් සැපයීම.

 

2. වෘක්කවල පිහිටීම කරුණු 4 ක් ඇසුරෙන් පැහැදිලි කරන්න.

    • අපර උදර බිත්තිය මත.
    • කශේරුවට දෙපසින්.
    • ප්‍රති උදරච්ඡදීයව හා.
    • මහා ප්‍රාචිරයට පහලින්. 

 

3. දකුණු වෘක්කය වම් වෘක්කයට වඩා පහලින් පිහිටීමට හේතුව කුමක්ද?

    • අක්මාව දේහයේ දකුණු පසින් පිහිටීම නිසා

 

4. වෘක්කයක දික්කඩක පවතින ප්‍රදේශ 3 මොනවද?

    • බාහිර තන්තුමය ප්‍රාවරය.
    • වෘක්ක බාහිකය.
    • අභ්‍යන්තර වෘක්ක මජ්ජාව. 

 

5. වෘක්ක බාහිකය කණිකාමය ස්වරුපයක් ගන්නේ ඇයි?

    • ගුච්ඡීකා පවතින නිසා. 

 

6. මජ්ජාව විලිඛිත ස්වභාවයක් ගන්නේ ඇයි?

    • වෘක්ක පිරමීඩවලින් සමන්විත බැවින්.

 

7. දේහයේ වඩාත් ඉහලින් පිහිටන්නේ වෘක්කිය ධමනියද? නැතහොත් වෘක්කිය ශිරාවද?

  • වෘක්කිය ධමනිය.

 

8. වෘක්කිය ධමනිය හා වෘක්කිය ශිරාව විවෘත වන ප්‍රධාන රුධිරවාහිනී නම් කරන්න.

    • වෘක්ක ධමනිය – මහා ධමනිය.
    • වෘක්කිය ශිරාව – අධර මහා ශිරාව. 

 

 

වෘක්ක ක්‍රියාකාරිත්වය කෙරෙහි හෝමෝනවල දායකත්වය.

9. වෘක්කවල ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන ප්‍රධාන හෝමෝන දෙකක් නම් කරන්න.

    • ADH
    • ඇල්ඩෝස්ටෙරෝන්. 

 

10. රුධිරයේ ආශ්‍රැතික පීඩනය වැඩි වූ විට හයිපොතැලමසයේ ආශ්‍රැතික ප්‍රතිග්‍රාහක උත්තේජනය වීමෙන් රුධිරයේ ආශ්‍රැතික පීඩනය සාමාන්‍ය අගයට පත් කරන ආකාරය කරුණු 2ක් මගින් විස්තර කරන්න.

    • පිපාසය ඇතිකර ජලය පානය මගින්.
    • අපර පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය මගින් ADH ශ්‍රාවය ඉහල නැංවීම මගින්. 

 

11. ADH වල ක්‍රියාව කුමක්ද?

    • වීදුර සංවලිත නාලිකා හා සංග්‍රාහක නාලිකා මගින් ජල ප්‍රතිශෝෂණය. 

 

12. ඇන්ජියෝටෙන්සින් මගින් රුධිර පීඩනය සාමාන්‍ය අගයට පත් කරන්නේ කෙසේද?

    • ධමනිකා සංකුචනය උත්තේජනය මගින්. 

 

13. ඇල්ඩොස්ටෙරෝන් ශ්‍රාවය වන්නේ කුමන ග්‍රන්ථියෙන්ද?

    • අධිවෘක්ක බාහිකය. 

 

14. ඇල්ඩෝස්ටෙරෝන් මගින් රුධිර පීඩනය සාමාන්‍ය අගයට පත් කරන්නේ කෙසේද?

    • විදුර නාලිකා වලින් Na+ හා H2O වැඩි ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය නිසා.

 

 

සමස්ථිතියේදී වෘක්ක වල කාර්යභාරය.

15. වෘක්ක මගින් නිපදවන හෝමෝනයක් නම් කර එහි කෘත්‍යයක් සඳහන් කරන්න.

    • එරිත්‍රෝපොයිටින් – රක්තාණු නිපදවීම උත්තේජනය. 

 

16. සමස්ථිතියේදී වෘක්කවල කෘත්‍ය 4ක් සඳහන් කරන්න.

    • ආඝ්‍රැති විධානය.
    • විෂ අපද්‍රව්‍යය දේහයෙන් බැහැර කිරීම.
    • රුධිරයේ pH යාමනය රුධිර පරිමාව හා පීඩනය පාලනය.
    • එරිත්‍රෝපොයිටින් හෝමෝනය ස්‍රාවය කිරීම. රිනින් එන්සයිමය නිපදවීම සහ ස්‍රාවය.   

 

 

මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය

17. මුත්‍ර සෑදීමේ ක්‍රියාවලියට අදාල ප්‍රධාන පියවර නම් කරන්න.

  • අතිපරිශ්‍රාවණය
  • වරණීය ප්‍රතිශෝෂණය
  • ශ්‍රාවය   

 

18. අතිපරිශ්‍රාවණය යන්න හඳුන්වන්න.

  • රුධිරය අධික පීඩනයක් යටතේ බ්‍රෝමන් ප්‍රාවරයේ කුහරය තුලට පෙරී යාමයි.

 

19. අතිපරිශ්‍රාවණය සිදු වන්නේ කෙසේද?

  • ගුච්ඡීකා රුධිර කේශනාලිකා සිදුරු සහිත වන අතර, බ්‍රෝමන් ප්‍රාවරයේ ඇතුළු ආස්තරණයේ සෛල බිත්තිය කුඩා ප්‍රමාණයේ අණු හා අයන වර්ග පෙරීමට විශේෂණය වී ඇත.
  • මෙම විශේෂණය වීම මගින් ජලය හා කුඩා ද්‍රාව්‍ය අණු වර්ගවලට රුධිර කේශනාලිකා බිත්ති හරහා බ්‍රෝමන් ප්‍රාවරය තුලට ගමන් කිරීමට ඉඩ සැලසයි.   

 

20. බ්‍රෝමන් ප්‍රාවරය තුලට ගමන් කල නොහැකි විශාල අණු නම් කරන්න.

  • රුධිර සෛල
  • පට්ටිකා
  • ප්ලාස්ම ප්‍රෝටීන   

 

21. බ්‍රෝමන් ප්‍රාවරය තුල ඇති ගුච්ඡීකා පෙරනයේ අන්තර්ගත දෑ සඳහන් කරන්න.

  • ලවණ
  • ඇමයිනෝ අම්ල
  • ග්ලූකෝස්
  • විටමින්
  • නයිට්‍රජනිය අපද්‍රව්‍ය
  • වෙනත් කුඩා අණු වර්ග   

 

22. ගුච්ඡීකා පෙරනයේ සංයුතිය රුධිර ප්ලස්මාවේ සංයුතියට සමානද?සමාන නොවේ නම් එහි අන්තර්ගත නොවන්නේ මොනවාද?

  • සමාන නොවේ
  • ප්ලාස්ම ප්‍රෝටීන, රුධිර සෛල, පට්ටිකා   

 

23. වරණීය ප්‍රතිශෝෂණය යන්න හඳුන්වන්න.

  • ප්‍රයෝජනවත් අණු වර්ග, අයන වර්ග හා ජලය ගුච්ඡීකා පෙරනයේ සිට යළිත් අන්තරාල තරලයටත්, එහි සිට නාලිකාවල රුධිර කේශනාලිකා ජාලයටත් නැවත ඇතුළු කර ගැනීමයි. 

 

24. ගුච්ඡීකා පෙරනයේ වැඩි කොටසක්ම ප්‍රතිශෝෂණය වන්නේ වෘක්කාණුවේ කුමන කොටසින්ද?

  • සංවලිත නාලිකා වලින්   

 

25. අයන වර්ග, ජලය හා වැදගත් පෝෂක මෙම කොටසේදී කුමන පරිවහන ක්‍රම මගින් ආරම්භක පෙරනයෙන් ප්‍රතිශෝෂණය කර ගනීද?

  • සක්‍රිය හෝ අක්‍රිය පරිවහන ක්‍රම මගින් 

 

26. ශ්‍රාවය යන්න හඳුවන්න.

  • ආගන්තුක ද්‍රව්‍ය හා දේහයට අවශ්‍ය නොවන අපද්‍රව්‍ය වැනි දෑ අන්තරාල තරලයේ හා පරිනාලාකාර කේශනාලිකා ජාලයේ සිට පෙරනයට ඇතුළු කිරීමේ ක්‍රියාවලියයි.   

 

27. ශ්‍රාවය අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වන්නේ ඇයි?

  • රුධිරය ගුච්ඡීකාව තුළ රැදී සිටින්නේ කෙටි කාල සීමාවක් වන බැවින් ඇතැම් ද්‍රව්‍ය මුළුමනින්ම පෙරීමට ලක් නොවීමයි   

 

28. පෙරනයට ශ්‍රාවය කරනු ලබන ද්‍රව්‍ය සඳහන් කරන්න.

  • NH3
  • H+
  • ක්‍රියැටිනයින්
  • ඖෂධ වර්ග (පෙනිසිලින්, ඇස්ප්‍රින් වැනි )
  • අතිරික්ත K+  

 

29. රුධිරයේ සාමාන්‍ය pH අගය පවත්වා ගැනීමට වැදගත් වන්නේ කුමන ශ්‍රාවී ද්‍රව්‍යන්ද?

  • NH3
  • H+

 

30. මුත්‍ර වල pH පවත්වාගැනීම සිදුවන්නේ කෙසේද?

  • NH3 , H+ සමග සම්බන්ධ වී NH+4 සෑදීම මගින්   

 

31. ශ්‍රාවය සිදු වන්නේ වෘක්කාණුවේ කුමන ස්ථානවලද?

  • අවිදුර හා විදුර සංවලිත නාලිකා වලදී   

 

32. ශ්‍රාවය සක්‍රියද අක්‍රියද යන්න රඳා පවතින්නේ කුමන සාධක මතද?

  • ද්‍රවය සහ/ හෝ ස්ථානය මත   

 

33. වරණීය ප්‍රතිශෝෂණයේදි අන්තරාල තරලයට සක්‍රියව පරිවහනය වන පෝෂක මොනවාද?

  • ඇමයිනෝ අම්ල
  • ග්ලූකෝස්   

 

34. එසේම අවිදුර සංවලිත නාලිකා ආස්තරණයේ ඇති සෛල මගින් සක්‍රියව අන්තරාල තරලයට ඇතුළු කර ගන්නා අයනය කුමක්ද?

  • Na+

 

35. ධන ආරෝපණ නාලිකාවෙන් පිට වීම සමග සිදු වන්නේ කුමක්ද?

  • Cl අක්‍රිය පරිවහනය මගින් ලබා ගැනීම.   

 

36. අවිදුර සංවලිත නාලිකාවේදී අක්‍රිය පරිවහනය මගින් ප්‍රතිශෝෂණය වන තවත් අයන නම් කරන්න.

  • K+
  • HCO3

 

37. HCO3 ප්‍රතිශෝෂණයේ වැදගත්කම සඳහන් කරන්න.

  • දේහ තරලවල pH තුල්‍යතාව පවත්වා ගැනීමට දායක වීම. 

 

38. අවිදුර සංවලිත නාලිකාවේදී වැඩිම ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය වන්නේ කුමක්ද? එය අක්‍රියව පරිවහනය වන ක්‍රමය සඳහන් කරන්න. එය එසේ සිදු වන්නේ ඇයි?

  • ජලය
  • ආඝ්‍රැතිය
  • පෙරනයේ සිට අන්තරාල තරලයට ද්‍රාව්‍ය ගමන් කිරීම නිසා.   

 

39. නාලිකාවේ ආස්තරණයේ ඇති සෛල මගින් සක්‍රිය පරිවහනයෙන් අක්‍රිය පරිවහනයෙන් නාලිකාවේ කුහරයට ශ්‍රාවය කරන අණු සදහන් කරන්න.

  • සක්‍රිය – H+
  • අක්‍රිය – NH3

 

40. NH+4 ගොඩ නංවන්නේ කෙසේද?

  • NH3 ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරමින් H+ සම්බන්ද කරගෙන NH4+ ගොඩ නංවයි. 

 

41. අක්මාවේදී පරිවෘත්තියට ලක් වූ සමහර ද්‍රව්‍යන් අවිදුර සංවලිත නාලිකාවේදී කුහරයතුලට සක්‍රියව ශ්‍රාවය කරයි. එලෙස අක්මාවේදී පරිවෘත්තියට ලක් වන ද්‍රව්‍ය සඳහන් කරන්න.

  • ඖෂධ වර්ග
  • විෂ ද්‍රව්‍ය  

 

42. අවිදුර සංවලිත නාලිකාවෙන් බැහැර වන තරලය වඩාත් සාන්ද්‍ර වන්නේ ඇයි?

  • ජලය ප්‍රතිශෝෂණය හා විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය වීම නිසා. 

 

43. පෙරනය හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුවට පැමිණි පසු පෙරනය වඩාත් සාන්ද්‍ර වන්නේ ඇයි?

  • ආඝ්‍රැතිය මගින් අක්‍රියව ජලය ප්‍රතිශෝෂණය සිදු වන නිසා.   

 

44. හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුවේදී ජලය ප්‍රතිශෝෂණය නොවන්නේ ඇයි?

  • ආරෝහණ බාහුව ජලයට අපාරගම්‍ය වීම.   

 

45. හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුවේදී ප්‍රතිශෝෂණය වන්නේ මොනවාද?

  • NaCl   

 

46. පෙරනය විදුර සංවලිත නාලිකාවෙන් ගමන් කරන විට වඩාත් තනුක වන්නේ ඇයි?

  • NaCl බැහැර වී ජලය බැහැර නොවීම නිසා. 

 

47. අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විදුර සංවලිත නාලිකාවේදී සක්‍රිය පරිවහනයෙන් ශ්‍රාවය හා සක්‍රිය පරිවහනයෙන් ප්‍රතිශෝෂණය වන ද්‍රව්‍ය පිළිවෙලින් සඳහන් කරන්න.

  • K+
  • NaCl    

 

48. pH යාමනයට විදුර සංවලිත නාලිකාව දායක වන්නේ කෙසේද?

  • පාලනය කරන ලද H+ ශ්‍රාවය හා HCO3 ප්‍රතිශෝෂණය සිදු කිරීම මගින්.   

 

49. විදුර සංවලිත නාලිකාවේදී ADH හෝමෝනයේ බලපෑම යටතේ අක්‍රියව ජලය ප්‍රතිශෝෂණයෙන් සිදු වන්නේ කුමක්ද?

  • සාන්ද්‍ර මුත්‍ර නිපදවයි.   

 

50. අධි වෘක්ක ග්‍රන්ථිවලින් නිපදවන ඇල්ඩස්ටෙරෝන් මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලියට දායක වන්නේ කෙසේද?

  • Na+ හා ජලය ප්‍රතිශෝෂණය වැඩි කිරීම.
  • K+ බහිස්ශ්‍රාවය වැඩි කිරීම. 

 

51. සංග්‍රාහක ප්‍රණාල වලදී ADHවල බලපෑම සදහන් කරන්න.

  • ජල ප්‍රතිශෝෂණය වැඩි කිරීමෙන් මුත්‍ර වඩාත් සාන්ද්‍ර වේ.   

 

52. ඇල්ඩස්ටෙරෝන් සංග්‍රාහක ප්‍රණාල මත සිදු කරන බලපෑම සඳහන් කරන්න.

  • එය Na+ වල සක්‍රිය ප්‍රතිශෝෂණය හා ජලයේ අක්‍රිය ප්‍රතිශෝෂණය උත්තේජනය කරවයි.   

 

53. යම් අවස්ථාවකදී යූරියා යම් ප්‍රමාණයක් අන්තරාල තරලයට විසරණය වීය හැකි වන්නේ ඇයි?

  • තරලයේ අධික යූරියා සාන්ද්‍රණයක් පැවතීම එයට හේතු වේ.   

 

54. තනුක මුත්‍ර නිපදවන්නේ කෙසේද?

  • ආශ්‍රතිය මගින් ජල ප්‍රතිශෝෂණයට ඉඩ නොතබමින් වෘක්ක මගින් සක්‍රියව ලවණ ප්‍රතිශෝෂණය සිදු වීමෙන් තනුක මුත්‍ර නිපදවයි.

Physiology of the Kidneys | Boundless Anatomy and Physiology

 

 

මානව මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ආබාධ

55. මානව මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ආබාධ මොනවාද?

    • මුත්‍රාශයේ හා වෘක්ක වල ගල් හට ගැනීම.
    • වෘක්ක අකර්මණ්‍ය වීම.
    • නිදන්ගත වකුගඩු රෝගය CKD
    • ශ්‍රීලංකාවේ හඳුනා නොගත් වකුගඩු රෝගය CKDu 

 

56. මුත්‍රා ගල් හෙවත් වෘක්කීය අශ්ම හටගන්නේ කෙසේද?

    • සාමාන්‍යයෙන් මුත්‍රාවල අඩංගු වන ඇතම් සංඝටක (ඔක්සලේට් හා පොස්පේට්) අවක්ෂේපනය වීමෙන්   

 

57. මුත්‍රා ගල් හට ගැනීමට හේතු සඳහන් කරන්න.

    • ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීමෙන් විජලන තත්ත්වයට පත්වීම.
    • මුත්‍රා වල ක්ෂාරීය බව වැඩිවීම.
    • මුත්‍රා වල pH වෙනස් වීම නිසා හටගන්නා ආසාදන
    • පරිවෘත්තිය තත්ත්ව
    • පවුල් ඉතිහාසය

 

58. මෙම තත්ත්වය වළක්වා ගත හැක්කේ කෙසේද?

    • ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමෙන් 

 

59. වෘක්ක අකර්මණ්‍ය වීමට/ නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමට බලපාන හේතු මොනවාද?

    • දියවැඩියාව
    • අධික රුධිර පීඩනය
    • පවුල් ඉතිහාසය
    • වියපත් වීම   

 

60. වෘක්ක අකර්මණ්‍ය වීමෙන් සිදුවන බලපෑම කුමක්ද?

    • අපද්‍රව්‍ය හා අතිරික්ත තරල රුධිරයේ ඒකරාශී වීම . 

 

61. නිදන්ගත වකුගඩු රෝගය (CKD)වැළදුණු විට සිදු වන්නේ කුමක්ද?

    • කාලයත් සමග ක්‍රමයෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අඩාල වෙමින් යෑම.

 

 

62. නිදන්ගත වකුගඩු රෝගය (CKD ) වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු දේ මොනවාද?

    • ලවණ හා මේදය අඩු අහාර ගැනීම.
    • ක්‍රමවත් ව්‍යායාම වල නිරත වීම.
    • දුම් පානය නොකිරීම.
    • වෘක්ක ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම.   

 

63. කාන්දු පෙරීම (Dialysis) යනු කුමක්ද?

    • වෘක්ක අකර්මණ්‍ය වූ රෝගීන්ගේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය,විෂ,අතිරික්ත ද්‍රව්‍ය හා තරල කෘත්‍රීමව රුධිරයෙන් ඉවත් කිරීම. 

 

64. ශ්‍රීලංකාවේ හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයට (CKDu) බලපාන සම්මත අවදානම් සාධක මොනවාද?

    • දියවැඩියාව
    • අධිරුධිර පීඩනය
    • ප්‍රවේණික ආබාධ
    • මුත්‍රා මාර්ග ආශ්‍රිත ගැටලු   

 

65. CKDu ඇතිවීමට බලපාන උපකල්පිත හේතු දක්වන්න.

    • ජලය හා ආහාර තුළින් As, Cd වැනි බැර ලෝහ/ලෝහාලෝහවලට නිරාවරණය වීම.
    • ආහාර පිළියෙල කිරීමට බාල තත්ත්වයෙන් යුක්ත උපකරණ භාවිතය
    • පානීය ජලයේ ඇති අධික ෆ්ලෝරයිඩ් ප්‍රමාණය
    • පලිබෝධ නාශක වලට නිරාවරණය වීම.
    • ප්‍රවේණික සාධක
    • මන්දපෝෂණය හා විජලනය   

 

66. CKDu වල ඇති භයානක තත්ත්වය පැහැදිලි කරන්න.

    • රෝගය ඇරඹීමත් සමගම රෝග ලක්ෂණ හට නොගෙන, රෝගියා ප්‍රතිකාර ගැනීමට යොමුවන විටදී,අප්‍රතිවර්ත්‍ය ලෙස වෘක්ක හානීවීමෙන්, රෝගයේ අවසාන අදියරට ළඟා වී තිබීම

Kidney Failure Infographic. Symptoms, Causes, Prevention And.. Royalty Free  Cliparts, Vectors, And Stock Illustration. Image 140359436. 

 

 
 
 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet